මේක දිග කථාවක්. නොලිය බෑ. වෙලාවත් මදි ඒ මදිවට. ඔන්න කථාව. අපිට ජපාන පාසලකින් ආරාධනාවක් ලැබුනා පාඩම් හුවමාරුවක් කරන්න. මේක කරන්න කලිං මං දැනගෙන හිටියා වීඩියෝ කන්ෆරන්ස් සෙල්ලමක් නෙවෙයි කියලා මේ අපි ගාව තියෙන ගාටන අන්තර්ජාල සම්භන්ධතාවයත් එක්ක. කොහොම හරි ඔන්න දැං විදුලි තැපෑලෙන් පාඩම් සටහන් ඒ කියන්නේ ජොයින්ට් ලෙසන් ප්ලෑන් හුවමාරු උනා.
ඊට පස්සේ තමයි ටෙස්ටිං ගත්තේ. මෙතනදී අපි ගොඩක් අලුත් අත්දැකීම් ලැබුවා. ඒ පාසලට ඔවුන්ගේම සර්වර් තිබුනා. ඔවුන්ටම වෙන් උන අන්තර්ජාල සම්භන්ධතා තිබුනා. හෑම අංශයකටම වෙනම ගුරුවරු හිටියා. අපේ පැත්තෙන් හැම වෙලේම මමම සම්භන්ධවෙනකොට ඒ පැත්තෙන් එක එක ගුරුවරු තමයි සම්භන්ධ උනේ. කොහොම හරි අපි ටෙස්ටිං කලා.එදා ටෙස්ටිං ඉවර වෙලා මට ලැබුන මේල් එක තමයි මේ.
Dear Mr. Aruna Chaminda
I appreciate today’s test communication.
I was surprised at your technology.
You have wonderful IT technology.
I send the manual of English of V2 conference, and explanation.I am looking forward to the exchange on June 17.The video conference room to be used is KMC3 of V2 conference. A program of June 17.
The schedule on Friday, June 17 from Sri Lanka time 11:00 a.m. start on Friday, June 17 from Japan Standard Time 2:30 p.m. Start If possible, I will want to carry out test communication by V2 next week.
Please let me know time with your sufficient convenience.
Thank you very much today.
ඊට පස්සේ ජපාන රූපවාහිනී නාලිකාවක් මගින් අපේ වැඩ සටහන ජපානය පුරා සජීවිව විකාශය කලා.ඒ ගෙවුන විනාඩි 40 අපිට දැනුනේම නෑ.තාක්ෂණය එක්ක අපි ගොඩක් පොර බැදුවා. කොහොම හරි පාඩම ඉවර කලාම ආපු මේල් එක මේ.
Dear Mr.Aruna
We enjoyed the exchange lesson on Friday last week.
It was the first exchange lesson.
There were some troubles.
However, it was a great success.
We appreciate your cooperation from the bottom of the heart.
Especially your student’s dance was wonderful.
The staff of a television station was also surprised.
He introduces the dance on television.
අවසානෙට අපිව සජීවීව ජපානයේ පෙන්නුවා කිව්වම නම් සතුටු හිතුනා.ඒ වෙලාවේ ගත්ත ජායා රූප මට ජපානෙන් ලැබුන ටික තමයි මේ දාල තියෙන්නේ.



මෙය ලංකාවේ පාසලක් පළමුවෙන් කල අවස්ථාව ලෙසයි ජපානයෙන් මට කිව්වේ. මාස තුනකට වරක් මෙහෙම එක පාඩමක් කරන්නත් අපි එකග උනා. මේ අවස්ථාව සම්භන්ධීකරනය කරපු දකුණුපලාත් පුධාන අමාත්‍යාංශ කාර්යාලයේ සජීවනී පොන්නම්පෙරුම මහත්මියත් මේ වෙලාවේ සිහි කරන්න කැමතියි. කොහොම හෝ වේවා මෙවැනි දේ ලංකාවේ රෑපවාහිනීවල ප්‍රවෘත්ති තියන්න වත් පුළුවන් තත්වෙට අද දියුණුවෙලා නෑ. ඉතිං පාසලක් වෙච්ච අපිට මොන ටෙලිකාස්ට්ද නේද??? ජපානයෙන්, ඒ පාසලේ ගුරුවරුන්ගෙන්, ළමයින්ගෙන්, මම, අපේ ළමයි ගොඩක් දේ ඉගෙන ගත්තා.
අපිට මෙතනදි තවත් එක ගැටළුවක් තියෙනවා. ඒ තමයි අපේ අන්තර්ජාල සම්භන්ධතාවය දැං හොදටම ප්‍රමාණවත් මදි. මේක සීඩීඑම්ඒ එකක්. අපට අවශ්‍ය වෙලා තියෙනවා මෙන්න මේ ඩිවයිස් එක. ඒක තමයි Huawei D100 router එක.
ඒකෙන් අපිට පුවවන් HSDPA ඩොංගල් එකක් මගින් අපේ LAN එකේ ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩිකර ගන්න. දැනට පනහක් හැටක් වෙන බ්ලොග් ලියන ළමයි බ්ලොගින් නොකර ඉන්න පුධාන හේතුව තමයි හම්බවෙන පොඩි වෙලාව ඇතුලේ අන්තර්ජාලය මන්දගාමීව තිබීම. මේක ටිකක් මිලයි. දැනට ඩයලොග් සමාගම මේක කරනවා.
Advertisement










Interesting post!
How are you using the CDMA connection to share the internet connection?
About the HSDPA router you are looking for
I noticed that this Sundays Sunday Times carried an advertisement for a HSDPA router which was only 7000+ rupees. I don’t really remember the model (I am posting from office and the paper is at home) may be that can work.
I think what you will ultimately need is a way to connect a dongle to rest of the network. Have you tried sharing the internet connection of a single computer (internet connection sharing). True you will need to have that running all the time but until you get a router. All you need is to have the dongle connected to one computer and you need to have a DHCP server software running in that comp. (basically DHCP must instruct all other computers to use your comp with internet connection to be set as default gateway. And you also need to configure DNS server addresses.) I once tried this with a bunch of laptops. Basically you can turn any computer in to a router with right software which you can easily find freely on the web. Only problem is electricity wise running a computer is costly than running a router in the long run.
Thanks for the information.I will look in to this.
සර් ගෙ සතුට මටත් දැනෙනවා.
ජය වේවා
ඔයාලගෙ පාසල ගැන ගොඩක් සතුටුයි.. මේ අවුරුද්ද අවසානෙ මගෙ පාසල් ගමනත් අවසන් වෙනව.. අපේ පාසලට IT ගුරුවරයෙක්ගෙ අඩුපාඩුව තිබුනත් මමත් යාලුවො කීපදෙනෙකුත් එකතු වෙලා අපේ IT Club එක හොද මට්ටමකට ගෙනාව… අපිට මේ වගේ දෙයක් කරන්න බැරිවුනත් ඔයාලගෙ මේ දේවල් ගැන මම සතුටුවෙනව. අපිත් දුෂ්කර පාසලක්. අපිටත් අන්තර්ජාල පහසුකම් තිබුනෙ නැ..
මටත් පුදුමයි සර් CDMA කනෙක්ෂන් එකකින් Video Conference එකක් කලා කියනඑක ගැන. ඒත් පාසල් වලට ADSL සබඳතාවය ලබාගන්න පුලුවන් නේද ??
මම හිතන්නෙ සර්ලා මේ කරල තියන දේ ලංකාවටම ආදර්ෂයක්. මේවගේ දේවල් තවතවත් ඉදිරියට කරන්න සර්ලට ශක්තිය ධෛර්ය ලැබේවා…
/ගීත් නුවන් – ශිෂ්‍යයෙක්.
ගීත් ඇත්තටම ජපාන තාක්ෂණය පුදුම සහගතයි. නමුත් අපිට තියෙනවා HSDPA connection එකකුත්. ඒකත් wcdma වලින් කනෙක්ට් වෙලා තමයි කලේ.දැං පුශ්නේ බ්ලොග් කරන්න CDMA එක මදි එක.
අපේ HSDPA කනෙක්ෂන් එක අරං දුන්නේ තුසිත කියලා මහත්තයෙක්. දැං අපිට ඕන අර රව්ටරේ වගේ එකක්.
ජපානෙ වගේ තාක්ෂණයක් අපිට ලැබෙන එකක් නම් නෑ… ඒත් සර් සර්ලට පුලුවන් නේද විදුහල්පති හරහා ADSL කනෙක්ෂන් එකක් ලබාගන්න (සර්ලගෙ ප්‍රදේශයට ADSL සිග්නල් ලැබෙනවනම්. මම දන්න විදියට මේකට exchange එකේ ඉදල පාසල ලගට දුර බලපානව. සැතපුම් 4ක් දුරට ඉතාම හොද වේගයක් ලැබෙනව) ඒ නැතත් ඔයාලගෙ අදහසේ විදියට ඉහල දක්වල තියන රවුටරෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවි… පාසල් සංවර්ධන සමිතියෙන්, දෙමාපියන්ගෙන්, අදිශිෂ්‍යයන්ගෙන් පොඩි සහයෝගයක් බලාපොරොත්තුවෙන්න බැරිද ??
අපි ඉන්නේ ගාල්ල නගරයේ ඉදං 65km දුරින්. ADSL මෙහෙට නෑ.එන්නත් තව කාලයක් යයි. මෙහෙ තේ ෆැක්ටරි තියෙන නිසා ඩයලොග් එක දීලා තියෙනවා 3G සිග්නල්. ඔච්චරයි අපිට සතුටුවෙන්න පුළුවන් දේකට තියෙන්නේ.
දවසකට රු.400 හොයාගන්න තේ වතුවල වැඩ කරන මිනිස්සු එක්ක පාසල් සංවර්ධන සමීති කරං නං යනවා. ආදී ශිෂ්‍යයෝ කියලා ජාතියක් ඉන්නේ ලොකු නමගිය පාසල් වල විතරයි. ඇත්ත තත්වය ඕකයි.
එහෙනම් ඉතින් සර්ලට කරන්න තියෙන්නෙ අරවගේ රවුටරයක් හරි, ඉහල කමෙන්ට් එකක R කියල තියන එක ගැන පොඩ්ඩක් හොයල බලන්න..
වරින් වර ඇවිත් තිබුනත් යමක් සටහන් කරන්නෙ නම් අද තමයි… අපුමාණ සන්තෝෂයි… ඒත් මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ…
ස්කෝලේ ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා.මන්ද අපි ඉස්සර ගොඩාක් දුක්වින්දා. ඉස්සර අපි link එක click කරලා පැය ගනන් බලා හිටියා. අපේ පාසල දියුණු කරන්න ගොඩාක් දෙවල් කලා. උදේ ඉදන් රෑ වෙනකමි අපි site හැදුවා. රෑට නිදා ගත්තේ lab එකේ. ඒ කාලේ අපි site upload වෙන්න දිලා අපි නිදා ගෙන උදේ නැගිටින කොට තමයි site එක upload උනේ. ඉතිං ඒ වගේ ගොඩාක් අපි දුක් වින්දා. අපිට කිසිම දේශ පාලුවෙක් උදවි කලේ නෑ .අපි multimedia projector එකක් ගන්න ගොඩාක් දුක් වින්දා.ඒ අහල පහල පාසල් වලට අපි ගිහින් IT උගන්වන්න. දැන් අපිට ඒක ලැබිලා. ඒ ගැන තියෙන සතුට කියා ගන්න බෑ. අපේ ජිවිතයේ ගොඩාක් දේවල් අපිට අරැණ සර් උගැන්නුවා. අද මේ තත්වයට පත් කරන්නට එතුමා විශාල වෙහෙසක් දැරැවා. ඒවායේ ප්‍රතිඵල අද දැක ගැනීමට හැකිවීම අප කල පිනක් යැයි මට හැගේ. මෙවන් ගුරැවරැ කවදා අයේ ලමුන්ට මුන ගැසේද යන වග සැකයකි. මන්ද අද ගුරැවරැ බහුතරයක් පඩියට යටවී ඇති නිසාය. ඒ නිසා මෙවන් ගුරැවරැන්ට වැදිය යුත්තේ මල් තියා නොවෙද. අරැණ ගුරැ පියාණනි,ඔබට ආවඩා අයුබොහෝ වේවා”!.
Thanks Aruna for allowing this opportunity to the children of your school. I am happy I selected the right school for this program. My JAICA program coordinator also wrote to me. they are very happy to see the improvement of this program. Hope it will have a great success int he future by connecting our children tot he world. it is really nice as I know that the resources in that Japanese school is very very high and you did it with those limited resources. Wish you all the best.
Sajeewani Ponnamperuma
In Charge of IT section
Chief Ministry-Southern Province