අලුත් අවුරුද්දක අලුත් පාසල් වාරයක් කියන්නේ ළමයින්ට අළුත් අත්දැකීමක්. ඉස්කෝලේ පටන් ගත්තම උදේට කට්ටිය එන්නේ සුදුම සුදු පාටින්. අළුත් සපත්තු, අලුත් පොත් බෑග්, අලුත් පොත්, පොලිතීන් කවර දාපු ලියන පොත් ගොඩක් ළමයින්ට තියෙනවා. අර පාසල් දාහේ ව්‍යාපෘතිය නිසා ලොකු ඉස්කෝලෙට දාන්න දතකාල බැරි උන ළමයි උදේට එක්කං එන අලුතින් දකින දෙමාපියෝ හැමදේම අලුත්. පංති වලට ගියාම හැම ළමයම හිනා වෙලා ලොකු පොත් මිටිය මේසේ උඩින් තියලා මං දිහා බලාගෙන අනේ අපිව කොහොම හරි හොද රස්සාවක් කරන්න පුවවන් තැනට උගන්නන්න සර් කියලා කියනවා වගේ මට දැනෙනවා. කොහෝම හරි ඔය විදියට අලුත් අවුරුද්දේ පලවෙනි පඩිය ගන්න දින කීපයක් තියලා හැම පංතියකටම යන්නේ හැමදේම අලුත් නම් ඒ හැඟීම ළමයින්ට ඒ විදියටම දරා ගන්න දෙන්න ඕන නිසා. ඒත් කරුමෙක මහත.
ළමයි මං කිව්ව නේද අර පොත් ටිකක් හදාගන්න කියලා?
ඹව් සර්
දැං වැඩේ හරිද?
හරි සර්
හරි පෙන්න්න මට, ගුරු දෙගුරු සම්භන්ධතා පොතයි, දවසකට එක ගානේ ඉංග්‍රීසි පිටපත් ලිවීම ලියන පොතයි, ඉංග්‍රීසි අමාරු වචන ලියන පොතයි, අත් අකුරු ලියන ඩබල් රූල් පොයි ගන්න.
පංතියේ නීති කීපයයි. පෙත් ගන්න විදියක් නැත්තං මට කිව යුතුයි. මට කියන්න බය නං ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට හෝ නායකයාට කිවහැකියි. වැඩ නොකිරීමට කිසිම සමාවක් මගෙන් නෑ.
කොහොමින් කොහොම හරි ඔක්කොමලා වැඩේ කරලා තිබුනා. නමුත් පිටිපස්සේ වාඩිවෙලා හිටපු අපේ කතා නායිකාව වැඩේ කරලා තිබුනේ නෑ. ආසන්න වශයෙන් පිටපත් ලිවීම් පහලොවක් තිබිය යුතු උනත් නෑ. විශ්වාස කරන්න මං වැඩක් කිව්වොත් ළමයි නොකර ඉන්නවා මං දැකලා නෑ. නමුත් ළමයෙක් දිහා බැලුවම මට බොහෝ දුරට කියන්න පුළුවන් මං පවරපු රාජකාරිය ඇයි මග ඇරිලා තියෙන්නේ කියලා.
මෙතනින් එහාට මං ලියන එක නොකියවා ඉන්න ඔබට පුළුවන්. මොකද ලොකේ මිනිස්සුන්ගේ දුක නොදැක අපිට ලැබිලා තියෙන දේන් සතුටුවෙලා ඉන්න කාට හෝ තියෙන අයිතියට මං ගරු කරනවා.
සන්ධ්‍යාගේ ඩෙස් එක ගාවට මං ගියාම මං දිහාම බලං හිටිය සන්ධ්‍යාගේ ඇස්වලට පොල් ගෙඩි වගේ කදුළු වලිං පිරුනා. ඔයා ගිය අවුරුද්දෙත් හත වසරේම නේද හිටියේ. මට කියා ගන්න පුළුවන් උනේ එච්චරයි. කෙල්ල හයියෙන්ම ඇඬුවා. අනික් ළමයින්ට පසුදින පිටපත් ලිවීම එවලේම ලියන්න බල කරපු මං සන්ධ්‍යාට පරිගණක විද්‍යාගාරයට එන්න කිව්වා.
ඇයි අඩන්නේ?
කෙල්ල කතා කරන්න උත්සාහ කලත් වචන පිටවෙන්නේ නෑ.
හරි හරි දැං ඇති. (පුධාන ශිෂ්‍ය නායිකාවත්. OL . විභාගය ලියපු ඔෂාන් මනෝජ් කොලුවත් ලැබ් එකේ.
ෆේල් උනේ ඇයි?
මට මාස හතරක්ම ඉස්කෝලේ එන්න බැරි උනා සර්
ඇයි ඒ?
නංගී බලාගෙන ගෙදර ඉන්න උනා.
මාස හතරක්ම??
ඔව් සර්.
මං ආපහු ආවම මං හතේම ඉන්න උනා.
ඉතිං ඔයා වරදක් කරලානේ?
අපේ තාත්ත අම්මව දාලගියේ මං දෙක වසරෙදි. මං ඉස්කෝලේ ගොඩක් ආසයි. ඒ නිසා මං මෙහෙම කැඩී කැඩී ඉස්කෝලේ ආව. අපේ ගේ ගොඩක් දුරයි ඉස්කෝලේ ඉඳලා……..
(කෙල්ල කතාවක් කියවාගෙන යයි. ඒ අතර මං සපත්තු දෙක දිහා බැලුවා. මගේ හිතට ප්‍රශ්න කෝටියයි)
අලුත් සපත්තු අම්ම අරං දුන්නද?
නෑ වඅල් විෂන් එකෙන් බෑග් එකයි, සපත්තුයි දුන්නා. ( මේ පැත්තේ තියෙන ගොඩක් මිනිස්සුන්ට උදව් කරන NGO එකක්)
පොත් ටික?
පොත් ගත්තේ නෑ සර්. අම්ම අරං දෙනවා කිව්වා.
ඔය තියන පොතේ ලියන්න තිබුනනේ?
ටිකක් ලිව්ව සර්. අම්ම දමසම ගෙදර නෑ. මං ගෙදර ගිහිං නංගිලා දෙන්නගේ වැඩත් කරලා, රෙදි ටික හෝදලා, උයන්න ගන්නවා. පහුගිය ටිකේම ගෙදර ලාම්පු තෙල් තිබුනේ නෑ.
පාඩම් කරන්නේ ලාම්පුවෙන්ද?
ඹව්
අහල පහල කරන්ට් එක තියේද?
ගේ වටේම ගෙවල් වල ලයිට් තියෙනවා සර්
ලයිට් නෙවෙයි, කරන්ට් එක.
මේ ළමයට තාම අවු.12කි. අවු26ක් වෙලා ගෙදර කුස්සිය තියෙන තැනවත් නොදන් තවත් කෙල්ලක් මම දන්මි. මේ මොතේ ඇයට සහ ඇගේ මවට නම් කිවිසුම් යනවා ඇත.
මං ආපහු කතා කරන්න ගත්තා. හරි. අද ඉදං මං තාත්ත කියලා හිතන්න. ප්‍රශ්නයක් තියෙද් දී මට කියන්න. අම්මගෙන් හැමදේම ඉල්ලන්න එපා. ඔයා ගොඩක් හොඳ ළමයෙක්. සර් අද හවස මභේෂ් සර් එක්ක ගෙවල් පැත්තේ එන්නං.
එවලේම මං ඇයට සහ නංගිට අවශ්‍ය පොත් ටික අරං දුන්නා. තඩි චොකලට් දෙකකුත් අරං දීල ගෙදර යැව්වා.
අපිට අම්ම තාත්තා ඉඳලත් අපි පිස්සු නටනවා. ඒ නංගී ගෙදර වැඩත් කරනවලු. මං ඒ නංගී තරං ගෙදර වැඩ කරන්නේ නෑ. ඒත් හෙට ඉඳං අම්මට ටිකක් වැඩිපුර උදව් කරනවා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ.
ඒක නම් සහතික ඇත්ත. එහෙම කිව්ව ඔෂාන්.
දැං සර් මොකද කරන්න යන්නේ??? උන් දෙන්නම මගෙන් ඇහුවා.
මගේ හිතේ ඒ ළමයගේ ගෙදරටත් අයේෂිකාලට වගේම විදුලිය ළබා දෙන්න ඕන කියලා හිතුනා. ඉතිං හවස් වෙලා ඉස්කෝලේම හවස් වරුවේ පංතියකුත් කරලා මං ගියා මහේෂ් මහත්තයි, අපේ වයරින් අයියා (ආදරේට කියන්නේ YK කියලා) ඒ ළමයාගේ ගෙදර. ගේ දැක්කම මට පුදුම දුකක් දැනුනා. වාව ගන්න බැරි දුක හිතේ තද කරං අපි සන්ධ්‍යාගේ අම්ම එක්ක කතා තලා.
දරුවගේ තාත්තා මාව දාල ගිය වෙන ගෑනියක් එක්ක. එතකොට පොඩි දරුවට මාස දෙකයි. මං බඩත් එක්ක මේ වතුවල වැඩ කලා. කොහොම හරි නොකා නොබී මේ ගේ කෑල්ල හදා ගත්තා. ලොකු දරුව තමයි හයිය. එයා තමයි සර් ගෙදර වැඩටික ඔකොම කරන්නේ. පහුගිය දවස් වල පොඩි දරුව අසනීප වෙලා කරාපිටියෙත් ගියා. වෙච්ච ණය නිසා මං දිගටම වැඩ කරන්න උනා. ඒ නිසා මේ කෙල්ලට ඉස්කෝලේ යන්න බැරුව ගියා සර්. සර් අරුණ සර් වෙන්න ඇති. නිතරම මෙයා කියනවා ගෙදර ඇවිත්.
මේ තමයි ඒ ගේ දැං තත්වය. ඉතිං සමහර වෙලාවට හිතට එන දේවල් කියන්න බෑ. මං ගොඩක් දේවල් හිතට ආවත් එව්ව ඒ වෙලාවේ කිව්වේ නෑ. කෙල්ලට පාඩම් කරන්න චිමිනි ලාම්පුවක් අරං දෙන්න කියලා අතට රු.300ක් දුන්න මං මහේෂ් සර්රුයි, වයි කේ අයියාත් එක්කයි එන්න ආව. ඒත් ආවේ හිතේ තියෙන දේවල් කියන්නේ නැතුව.
මට ක්ෂණිකව පොත් ටිකක් ලාම්පුවක් අරං දෙන්න පුළුවන් උනාට ගොඩක් ලොකු දේවල් කරන්න බෑ. ගෙයක් හදනවා වගේ. අපේ 12 වසරේ ළමයි ටික එයාලගේ ශ්‍රමය දෙන්න සූදානම්. ඉතිං අපි දැනට අපිට පුළුවන් හරියට හිතලා නතර උනා. ඒත් තාත්තා නැති මේ අසරණ ළමයින්ට උලා කාලා හරි, ආරක්ෂාවක් ඇතුව දොරක් වහගෙන ඉන්න හිටින්න තැනක් හදල දෙන එක ගැන හීනයක් හීතේ පැලපදියං උනා.












මචං, අපි කොහොමද මේ ප්‍රස්නෙ විසදන්න දායක වෙන්නෙ?
අපි එකතු වෙලා කතා කරලා යමක් කරමු. මං දැනට පොඩි ගේ පොඩ්ඩක් හදන්න යන වියදම හදලා දෙන්න කියලා කෙනෙක්ට කිව්වා.වයා ඒක හදලා දුන්න ගමන් අපි ඊලඟ පියවරට යමු.
අපි මොනාහරි කරමු බැරි වෙන එකක් නෑ ඔය ප්‍රස්නෙට උත්තර හොයන්න……
අපි මේක හැමෝටම කියමු.FB එකෙන්. මේල් වලිං කියමු.
මේ සඳහා සුළුහෝ දායකත්වයක් ලබා දෙන්න හැකිවේවි
‘මාරයා ‘ ලින්ක් එක එව්වෙ, කතා බහ කරලා උදව්වක් දෙන්න විදියක් බලන්නං
හොඳ වැඩක් අරුණ සර්. ඔය වගේ සත් කාර්යයකට දාායක වෙන්න කැමති බොහෝ දෙනෙක් මෙතනත් ඉන්නවා. ඒ අයත් දැනුවත් කරමු.
අරුණ සර්,
මේ ලිපිය කියවලා ඉවර වෙච්ච ගමන් හිත කඩාගෙන වැටුනා. අපි බලමු මොනවද අපිට මේකට කරන්න පුළුවන් කියලා.
යම් සැලැස්මක් තියෙනවනම් කියන්න. අපිට හැකි උපරිමයෙන් උපකාර කරන්න බලමු.
–දුමී.
මේ වගේ අසරන පව්ලකට උදව් කරන්වා කියන්නේ බොහොම පින් වෑඩක්,අපිත් සහයෝගය දෙන්නම් අපිටත් මේ ගෑන දන්වන්න….
මේ බ්ලොග් එකට ආපු පලවෙනි වතාව. ලොකු දේවල් කරන්න බැරි වුනත්, ඉදිරියට කරන දේකදී පුළුවන් උපරිම සහයෝගය දෙන්නම්.
apith denuwath karanna me pin weda walata.any help ekak dennam meyala wenuwen
ඉලන්දාරියාට උදව්වෙන්න එකතු වෙච්ච අපිට මේකත් බැරි නෑ. හැමෝම පුළුවන් විදිහට උදව් කරයි.
apenuth monawa hari udauwak onanam kiyanna…..
කරන්න පුලුවන් ෙදයක් අපි කරමු. ඉදිරි වැඩපිලිෙවල ගැන ෙම් හරහ දැනුම් ෙදන්න.
ඇත්තටම හොඳ යහපත් අදහසක්…! සූභ පතනවා ඉදිරි වැඩ ටික හරියාකාරව කරගෙන ඒ ළමයින්ට ආරක්ෂිතව ඉන්න තැනක් හදාදෙන්න පුළුවන් වෙන්න කියලා…
අනිවාරයෙන්ම අපි දැනෙන දෙයක් කරමු. ඇත්තටම අපි දුර පලාත්වල ගම් හරහා වැටිල තියෙන අලුතින් කාපට් දාපු පාරවල් වලින් යනකොට අපිට පේන්නෙ පාර අයිනෙ තියෙන සංවර්ධනේ විතරයි. නමුත් ගම ඇතුලට ගියාම තමයි ඇත්ත තත්වෙ පේන්නෙ. මමත් දැන් සේවය කරන්නෙ ඒ වගේ ගමක නිසා ඒ වෙනස මම හොඳටම අත් විඳිනවා. තාමත් රබර් සෙරෙප්පු දෙකක් වත් , සුදු පාට නිල ඇඳුමක් වත් නැතුව පාසැල් යන ලමයි මම ඉන්න ගමේ ඉන්නවා. අපි පුලුවන් විදියට මේ ලමයින්ට දෙයක් කරන්න බලමු. මේ තමයි අපේ රටේ අනාගතය.
මමත් දැං අවුරුදු පහකට ඉතා කිට්ටු කාලයක් මේ ගමේ ඉන්නවා. මෙහේ තත්වයත් ඕකම තමයි.
අනිවා මගෙනුත් උදව්
කමෙන්ට් කරපු සියලුම දෙනාට ස්තූති. අපි තනි වෙලා නෑ කියලා දැනෙනවා. මෙන්න මේ දේවල් අපට අවශ්‍යයි. අපි හදන්නේ අඩි 18ක් දිග අඩි 12 පළළ කාමරයි පොඩි සාලෙකුයි තියෙන ගෙයක් හදන්න.
වැලි කියුබ් 1
බ්ලොග් ගල් 600
සිමෙන්ති කොට්ට 10
දහයේ කම්බි 10
ගල් කියුබ් බාගයයි
අටේ සීට් 12
යටලී රියන් 12 ඒවා 3
අඩි අට හමාරේ පරාල 6
2×2 පොලු අඩි 120
මේසන් අත්තම් 5
ගෝල අත්තම් 5
යකඩ ඇන කිලෝ එකයි
උළු අහු 03 ජනේල 02 දොර පියං ජනෙල් පියං ග්‍රීල් වලට
වයරින්
වඩු අත්තං 4
මෙන්න මේවා තමයි අපේ අවශ්‍ය තා දැනට.
godak hoda wadak .puluwan udawwak karanawa.anwashya dewalata mudal nasthikarana kaleka karana loku pinkamak meka
අදමයි මේ බ්ලොග් එකට ආවේ.. ඒ ආවෙත් ගෝල්ඩ් ෆිෂ් ගේ ලින්ක් එකක් හරහා,…
කතාව කියෙව්වහම ඇත්තටම දුක හිතුනා. පුලුවන් විදිහකට උදව්වක් කරන්නම්.. මට ඔබේ ඊ මේල් ගිනුමෙන් ඊ මේල් පනිවිඩයක් එවන්න පුලුවන්නම් අපේ දායකත්වය දක්වන ආකාරය සාකච්ඡා කරනන් පුලුවන්. wajirasomarathne@yahoo.com
උදව්වක් දෙන්නම් මචන් පුළුවන් හැටියට .
හොද වැඩක්.
උදව්වක් කලේ නැත්නම් ජීවිත කාලෙටම දැනෙන අඩුවක්.
හිතවත් අරුණ ඔබේ මේ සම්බන්ධ දෙවැනි ලිපියට යෑමේ අපහසුවක් තියෙනවා… සම්පූර්ණ බ්ලොග් එකම බලද්දී එය දර්ශනය උනත් වෙනම පෝස්ට් එකක් හැටියට බලන්න ගියාම පේජ් එක පෙන්නන්නේ නැහැ.. පොඩ්ඩක් ඒ ගැන බලන්න…
හොද වැඩක්…. අපි පුළුවන් දෙයක් කරමු….
matat puluwan yamak karanna,0718401778 katakaranna.
අපිත් පුලුවන් උදව්වක් කරන්න බලන් ඉන්නවා…
මමත් උදවු කරන්න සූදානම් මයෙ උපරිමෙන්….
මමත් සල්ලි හොයාගෙන ඉගෙන ගන්න කෙනෙක්…ඒ වුනාට මටත් යමක් කරන්න පුලුවන් මයෙ ප්‍රමාණෙන්…..
මයෙ මේල් එක යට තියෙ… පුලුවන් නම් රිප්ලයි එකක් දාන්ට මේල් එකට…
mathakawasthuwa@gmail.com
Pingback: සන්ධ්‍යා නිරෝෂනීලාගේ අලුත් ගෙදර. | තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).
අන්තර්ජාලය හරියාකාරව ප්‍රයෝජයනට ගන්නවා කියන්නේ මෙන්න මේකටයි අරුණ.
හරිම සතුටුයි ඔයාගේ මේ වැඩේ ගැන . .
සුලුවෙන් හරි මේ වැඩේට දායක වෙන්න ලැබුනු එක ගැනත් සතුටුයි . . .
ස්තූතියි දුකා අයියා.ලඟින් ඉන්නවනේ අපි මේ වැඩේ ඉවරයක් දකින කල්??
අනිවාර්යෙන් ඔව් . . ..
ඔය තියෙන ලිස්ට් එකේ බඩු ටික එක පාර හාර්ඩ් වෙයාර් එකකින් ගත්තොත් ලේසියි නේද ? මේකට COLLECTION ACCOUNT එකක් දාල තියෙනවද ?
Reply me, express.xnet@gmail.com
අපිත් කැමතියි උදව් කරන්න. bank account 1k තියෙනවානම් reply කරන්න. pathirana.wpv@gmail.com
අරුණ, මේ ගැන හැකි නම් දුරකතනයෙන් කතා කරගමුද? මේක සිදු වීමට නියමිත කාලය වගේ? දෙවෙනි පාරට එන්න පාර අමතක නැ.
ළමයි දෙන්නගෙ පිංතුරේ නොදා හිටි යනම් කියලා හිතෙනව. (මම වැරදිද මන්දා) :-/
මම තාම ඉගෙනගන්න එකෙක් ඒත් කරන්න පුළුවන් උදව්වක් තියේ නම් කියන්න සහයෝගය දෙන්නම් උපරිමයෙන්…..මාත් හිටියේ වරිච්චි බිත්ති තිබුනු ගෙදරක මට තේරෙනවා මේ ලමයි විඳින දුක
සමාවෙන්න ඕන…පහුගිය දවස් වල මගේ බ්ලොග් කියවිල්ල ටිකක් සීමාසහිත වෙලා තිබුන නිසා මේක මට මග හැරුනා..මූණු පොතේ තිබුන පොටෝ ටික දැකලා තමයි අද මේ පැත්තට එන්න පාර හොයා ගත්තෙ…ඉතිරි ටිකත් කියවන්න ඕන..හැකි ඕනම උදව්වක් කරන්න සූදානම්..ඔබට නියම ගුරුපියෙක්..මගේ ආචාරය..