ළමයි ටියුෂන් යන්නේ ඇයි?


ළමයි ටියුෂන් යන්නේ ඇයි?ඉතිං ඔහොම අහපුවම කට්ටිය එක පාරටම කියන එක තමයි ඉස්කෝලෙ වැරැද්ද කියලා. සෘජුව හරි වක්රටව හරි ඇගිල්ල දික් වෙන්නෙ පාසල දිහාවට. ටියුෂන් ගැන කථා කරන කොට නිතර කියවෙන කථා ටිකක් තියෙනවා. ඒ ටික මමත් කියන්නම්.
ළමයින් ළමා කාලයේ කරන දේවල්, ළමා ජීවිතය,ගස් වැල් වලින් පනින්න, දිය ඇලි බලන්න, සත්තු එක්ක නටන්න,සොබා දහම විදින්න දෙන්න ඕන. ටියුෂන් නිසා ඒක නැතිවෙනවලු.මේක බාගෙට බොරුවක්. ළමයින්ට සෙල්ලම් කරන්න, සතුන් දකින්න ආකර්ෂණය වෙන්න අපේ රටේ කොහෙද එහෙම සුන්දරත්වයක් ඉතුරු? දෙහිවල යන්න ඕන සත්තු බලන්න. නුවර යන්න ඕන මල් බලන්න. අනුරාධපුරේ යන්න ඕන නටඹුන් බලන්න. දැන හෝ නොදැන අද නිර්මාණය වෙලා තියෙන තත්වය ඕකයි. ඕක නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම කවුද? සම්පූර්ණයෙන්ම (උ)(නූ)ගත් දෙමව්පියන් මේකට වගකියන්න ඕන. ඇයි මං එහෙම කියන්නේ? ස්වභාව සෞන්දර්ය අද අන්තිම දශමෙට ඉවරයි. පාසල් ටිකක් ජාතක කරලා.ඉතුරු ටික අවජාතක කරලා. ළමයි ටික නගර වලටම කොටුවෙලා. ගෙදර ආවත් පාඩම් පාඩම්. තමංගේ ළමයි වැඩියෙන් ඉගනගෙන තමංගේ තාප්පේ උසට ගහගෙන ආත්මාර්ථ කමින් ළමයි දක්ක දක්ක දෙමාපියන් කියනවා ළමයි ටියුෂන් යනවලු.
දෙමව්පියන් ගොඩාක් දකින හීනය ළමයා දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, වගේ ලොකු රස්සාවක් කරන එක මිසක් වෙන මුකුත් කරනවට නෙවෙයි. (හැමෝම අද මෙහෙමයි) කොළඹ ගත්තොත් අන්තිමටම දැං ඉවරයි පරිසරය. නුවර තමයි කාබන්ඩයොක්සයිඩ් වැඩිම නගරය. (දන්න තරමින්) ඉතිං ළමයි කොහොමද ළමයි වෙනස් මිනිස්සු වෙන්නෙ? දෙමව්පියන් තමංගේ හීන ළමයාගේ කරේ තියං යවන එක නවත්තන දාට මේක විසදෙනවා යම්තාක් දුරට.
පාසලේ උගන්වන්වන නැති නිසා???
මමත් පාසල් ගුරුවරයෙක්. ගුරුවරුන්ට ඉස්කෝලෙ කරන්න තියෙන්නෙ උගන්වන වැඩේ. ඒත් ඇයි ගුරුවරුන්ට ඊට වඩා එහා ගිය වැඩ ගොඩාක්  තියෙනවා. දින සටහන්, වාර සටහන්, ඇගයීම්, පාසල් පාදක ඇගයීම්, ගුරු කාර්ය දර්ශණ, ඔය ටිකක් විතරයි. කාලඡේදයක් විනාඩි 40ක් සතියකට ගත්තොත් 40*5 යි නැත්නම් 40*7 ගණන් හදන්න යන්නෙ නෑ. ඒත් හොයල බැලුවොතින් ගුරුවරු හිර වෙලා ඉන්න තරම හොයාගන්න පුළුවන්. ඒක ඇතුලෙත් වැඩ කරන ගුරුවරු ඇත්තටම උපරිමයෙන් වැඩ කරනවා. එතකොට ටියුෂන් යන්නෙම නැති ළමයි හොදට පාස් වෙන්නෙ.(රැකියාව හා සම්බන්ද නීති රීති නිසා ගුරුවරුන් ගැන අදහස් දැක්වීම මම මෙතනින් නතර කරනවා.හොද වගේම නරක සෑම තැනම සෑම දේටම පොදුයි කියල පිලිගන්නවා).

මේකයි I Q  එක කියා එකක් තියෙනවනේ. ඕක හැමෝටම එකක් නෙවෙයි. ළමයි වර්ග ගොඩාක් ඉන්නවා. ඕකනේ වර්ගී කරමින් උඩින්ම ඉන්න, I Q   ගොඩාක් ඉහල ළමයි ගොඩ යනවා. නැති ළමයින්ට තමයි උගන්වන්නෙ. වෙන අමතර වෙනසක් අරං. නමුත් ආත්මාර්ථකාමී විදියට දෙමාපියන් කරන වාඩේනිසා ළමයි අතරමං වෙනවා.

අද වෙන්නෙ හැම ළමයටම ටියුෂන්ඔලුවට දාන දෙමව්පියන් විසින්. මං වගකීමෙන් කියන්නෙ. ළමයි ටියුෂන්  යන එකට දෙමාපියන් වගකියන්න ඕන. හොයලා බැලුවොතින්  ගෝඩාක්  ළමයි ඉන්නවා දෙමව්පියන්ගේ බේරීමට පංති යන. උසස් පෙළ තියෙන ඉස්කෝල වල ගුරුවරු මදිපාඩුකම් තියේ. අපිත් පාසල් ළමයි කාලේ ගියා. ඒත් දැං මේ පහවසර ළමයගේ ඉදලම මෙහෙම තරගෙට ළමයි දාන්නේ ඇයි?ගුරුවරුද?
ටියුෂන් පංති තියෙන්නෙ සතියකට දවසයි. පැය 2 ක් විතර. ඔතනදි විනය හදන්න බෑ. අපේ රටේ කොච්චර සිද්දි සිද්ද උනාද?සමහර පංති වලදි ළමයි පිහි ඇනුම් කෑව මතකද? විනය හදන්න  ඉස්කෝලෙ තමයි තැන. කාලයක් තිස්සෙ පිළිවෙලකට රටාවකට ඒක වෙන්නෙ. ටියුෂන් මාස්ටර් එතනින් නිදහස්. මොකද එයාගෙ කොටසක් ‍නෙවෙයි විනය හදන එක.පාසලේදි ඒක ක්‍රමවත්ව හැඩ ගැසීමක් සිද්ද වෙන්න ඕනමයි. කථාව හරි.

මෑත උන සිද්ධි ගමු. කොළඹ ඉස්කෝලෙක ගුරුවරයෙක් හිරගත උනා.වරද ළමයෙක්ට ගැසීමලු. ගාල්ලෙ, නුවර පැත්තෙ මෙහෙමම සිද්ද උනා. දැන් ඊලගට පොලීසිය ළමා අයිතිවාසිකම්,  මූලික මිනිස් අයිතිවාසිකම්,  ඔන්න ඇත්ත කථාව. අද ගොඩාක් ළමයි ඉන්නවා මේ සමාජ ක්‍රමය නිසා මනස වෙනස් උන. ඉවසීම අඩු ළමයි බහුතරයක් ඉන්නවා. විනය හදන එක අද ගොඩාක් ගුරුවරුන් අත් ඇරලා දාල තියෙන්නෙ ප්‍රධානම හේතුව යමක් කලොත් ගුරුවරයා හිර වෙනවා. ඒ අහිංසක කම ‍බේරගන්න කවුරුත් නෑ. ඊට පස්සෙ සමස්ථයක් ලෙස අපේ මූළු සමාජයේම විනය පිරිහිලා තියෙද්දි පාසල එතනින් වෙනස් වෙන්නෙ නෑ. විනය හදන්න පුළුවන් පාසලෙන් විතරයි. (මේ ලිපිය ලියන කොට ආව දුරකථන ඇමතුමක්.මේ දැං. අම්පාර පැත්තේ ඉස්කොලයක්. ජංගම දුරකථනයක් හම්බවෙලා 11 වසරෙ ළමයෙක් ලග තිබිලා. ඒකේ තිබිල වීඩියෝ වගයක්.පරිගණක ගුරුවරයා වන මගේ මිතුරා මේකේ තියෙන දේවල් නි.විදුහල්පතිට ‍තුමාගේ අන පරිදි පරීක්ෂා කරලා. ඒකේ තිබිලා තියෙනවා වැඩිහිටියන්ට වත් නුසුදුසු දේවල්.(11 වසරෙ ළමයෙක් ලග) හෙට දෙමාපියන් එක්ක එන්න කියලා.ළමයා ළමයාගේ අයියා ක්ෂණිකව පාසලට කැදවලා. (එකකට වඩා දුරකථන තිබිලා තියෙන්න එපායැ) අයියා ගුරුවරැන්ට තර්ජනය කරලා දුරකතනය ඉල්ලලා. මගේ මිතුරා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලාම තර්ජනයේ උපරිමයට ඇවිත් බහින් බස් වෙලා. මට දුරකථන ඇමතුම ආවේ උපදෙසක් ගන්න.ගුරුවරුන්ට පොලීස් බල තල දෙන්න වෙන තැනට ප්‍රශ්නය දුරදිග යන්න කලින් දෙමව්පියන් උනන්දු උනොත්ප්‍රශ්නය විසදාගත හැකියි.

අද ලකුණු දෙකක් මදි උනත් උසස් පෙළින් ඒ ළමයාගෙ ඉරණම විසදෙනවා. ඇත්ත ඕක. ඒක නිසා තරගය ඇති වෙලා තියෙන්නෙ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් කථා කලොත් ඉහලම ලකුණු ගත්තොත් විතරක් තමයි එතෙර වෙන්න පුළුවන්. මෙතන තියෙන්නෙ ඇත්ත ඒ තරගෙට මූන දෙන්න වැඩියෙන් ඉගෙන ගන්න දගලන එක මිසක් ඉස්කෝලෙ උගන්වන්නෙ නැති එක නම් ‍නෙවෙයි. ඒකයි ඇත්ත.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in About, Advices, My own comments, News, Uncategorized and tagged , , , , , , , , , , , . Bookmark the permalink.

8 Responses to ළමයි ටියුෂන් යන්නේ ඇයි?

  1. පාඨකයා says:

    ඔබ වැනි, තමන්ගේ යුතුකම, වගකීම, රාජකාරිය නියමාකාරයෙන් ඉටු කරන ගුරුවරුන්ට සාපේක්ෂව ඔබ කියන කතාව සත්‍යයක්. එකඟයි. නමුත්, ටියුෂන් පංති පවත්වාගෙන යන රජයේ ගුරුවරුන් අනන්තවත් සිටිනවා නොවේද? තමන්ගේ ටියුෂන් පංතියට නොඑන ළමුන්ට, පාසලේදී නොයෙකුත් කෙණෙහිලිකම් කරන ගුරුවරුන් සිටිනවා නොවේද? දෙමාපියන් ටියුෂන් ගුරුවරයා ගැන වැඩි විශ්වාසයක් තැබීමේ ‘අවාසනාව’ ට, පාස‍ලේ ගුරුවරුන් ද වගකිව යුතුයි. ඔබ වැනි ගුරුවරුන් ගැන ඉතාමත් කළතුරකින් අසන්නට, දකින්නට ලැබෙන වටපිටාවක, තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ළබාදීමට ටියුෂන් ගුරුවරුන්ගේ සරණ යෑම වරදක්ද? (මා මෙහි කතා කලේ විලාසිතාවට ටියුෂන් යෑම ගැන නොවේ)

    • arunasir says:

      අපේ රටේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව තමයි පාඪකයා, කරන්න තියෙන දේ නෙවෙයි කරන්නේ.ඔය කියන විදියට ගුරුවරැන්ගෙන් අකටයුතුකම් වෙනවා නම් පාසල් සංවර්ධන සමිති මොකටද?කලාප කාර්යාල,පලාත් අ.අමාත්‍යාංශ මොටද?????පැමිණිලි කරන්න පුවවන්.අද මේ ආයතන ගොඩාක් සක්‍රියයි.අද වෙනකං කී දෙනෙක් කරලා තියෙනවද??එයාල හිස් අතින් ද ගියේ???ගුරුවරයාට විරුද්දව ක්‍රියා මාර්ග ගත්තේ නැද්ද??

      දෙමාපියන් ඔතනදීත් ආත්මාර්ථ කාමීයි.තමංගේ ළමයාගේ ගැටවව විතරයි ගැටළුව.පාසලේ පොදු දේවල් ගැටලු නෙවෙයි.
      [said]දෙමාපියන් ටියුෂන් ගුරුවරයා ගැන වැඩි විශ්වාසයක් තැබීමේ ‘අවාසනාව’ ට, පාස‍ලේ ගුරුවරුන් ද වගකිව යුතුයි.[/said]
      පාඪකයා ටියුෂන් ගුරුවරයවවත් ඔය දෙමාපියන්ට විස්වාස නෑ.අවාසනාවට සල්ලි ගොඩක් උපයන්න පුළුවන් කරුමාන්තයක් වෙලා නිසා ගුරුවරු ඕක කරනවා.නමුත් දෙමාපියන් හරියට ක්‍රියාත්මක වෙනවා නං ඔය ප්‍රශ්න නෑ.අද වෙනකං ගුරු ජීවිතේ මං ඉගෙන ගත්තලොකුම පාඩම පාසල කෙරෙහි දෙමාපියන් දක්වන ආකල්පය.ගෙදර ළමයි වට කරං කරන්නේ ගුරුවරුන්ට දෙහි කපන එක.ඉතිං ගහේ කටු උල් කරන්න ඕනද??ඇඹිලිපිටියේ ඉස්කෝලෙක විදුහල් පතිටත් ගැහුවා ඊයේ පෙරේද???දැක්කනේ පත්තරේ??ඇත්ත ඕකයි.මමය මගේය.දේමාපියන් අද හිතන්නේ එහෙමයි.ස්තූතියි අදහස් වලට.

  2. KAS says:

    කතාව සම්පූර්ණයෙන් ඇත්ත. දෙමව්පියන්ගෙන් බහුතරය හිතන්නෙ ටියුෂන් නොගිහින් විභාග සමත් වෙන්න බැහැ කියලා. මේක සම්පූර්ණයෙන්ම බොරුවක්.

    අපි පාසල් යන කාලෙ පාසලේ ගුරුවරු හොදින් ඉගැන්නුවා. අපිට එපා වෙනකම්ම ඉගැන්නුවා. උසස් පෙළදී නම් අපි උගන්නනවා වැඩි කමට බොරු කියලා පීරියට් කට් කරපු අවස්ථාවනුත් තිබුනා. මම නම් හිතන්නේ අතලොස්සක් හැරෙන්න දැන් වුනත් පාසල් ගුරුවරු හොදින් උගන්වනවා. අනිත් එක නවතම ඉගැන්වීමේ ක්‍රම, සටහන්, මගපෙන්වීම් වගේ දේවල් ගැන හොදින්ම දන්නේ පාසල් ගුරුවරු. අමාත්‍යාංශය මගින් මේ සදහා බොහෝ අවස්ථාවල වැඩමුලු පවත්වනවා. ඉතින් කොහොමද පාසල් ගුරුවරු හොද නෑ කියන්නේ. මේක තනිකරම ටියුෂන් ගුරුවරුන්ගේ කපටි කමත්, දෙමව්පියන්ගේ නොදැනුවත්කමත් නිසා වුන දෙයක්.

    පහ වසරෙ ශිෂ්‍යත්වයට ළමයි මරවන හැටි දැක්කහම දුක හිතෙනවා. අපි පොඩි කාලෙනම් ශිෂ්‍යත්වය ගැන උනන්දුවක් තිබුනෙම නැහැ. පාසලේ වුනත් ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ. නිවාඩු දවස් වලට පාසලේම ගුරුවරු පන්ති කීපයක් පැවැත්වුවා විතරයි. ඒකටත් අපි ගියේ තරගයකට නෙවෙයි.

    විනය ගැනත් කතා කරලා වැඩක් නැහැ. අපිනම් ගුරුවරුන්ගෙන් ගුටි කාපු තරම් අමතක වෙන්නෙ නැහැ. ඒත් කවදාවත් ගුරුවරුන් එක්ක වෛර බැදගත්තෙවත් ගෙදර ගිහිල්ල දෙමව්පියන්ට කියලා ප්‍රශ්න ඇති කළේ වත් නැහැ. ඒ දේවල් වලින් යමක් ඉගෙන ගත්තා විතරයි.

    අමානුෂික විදිහට ළමයාට පහරදීම නොවෙයි ඒත් යම් තරමක දඩුවම් ක්‍රමයක් තිබිය යුතුමයි කියලයි මම හිතන්නේ.

    • arunasir says:

      පහේ විහාගේ දෙමාපියන්ගේ විභාගයක්.සාමාන්‍යපෙළ ගුරුවරුන්ගේ විභාගයක්.උසස පෙළ තමයි ළමයාගේ විභාගය.ගුරු වරයෙක් විදියට මං දකින දේ ඒක.නමුත් අද ඒ තත්වය විකෘති කරලා තියෙන්නේ දෙමාපියන්.
      මං ඉස්කෝලේ කාලෙත් උගන්නනවා වැඩ් කමට කෙමෙස්ට්‍රි,ෆිසික්ස් කට් කලා.ගුටි කාපු තරං අනන්තයි.දවසක් මගේ අත පලාගෙන ‍සර් ගහපු කෝට්ටේ තිබුන කීරක් ගියා.අම්මලා බෙහෙත් දැම්මා.මට කියලා දුන්නා සර්ට කේන්ති යන්න ඇති කියලා.අද මට තේරෙනවා 40 ක් ඉන්න පංතියක කෑ ගහනකොට ගුරුවරයට දැනෙන දේ.කිසිම ගුරුවරයෙක් කේන්ති පිරිමහන්න ගහන්නේ නෑ.කරන්නේ ළමයට හොදක්.ඒකනේ KAS අදත් අපි සර්ලව දැක්කම සර් අපට ආදරේ.ස්තූතියි අදහස් ලීවට.

  3. ඔබ වැනි ගුරුවරයෙක් බිලොග් අවතාශයට එක්වීම අඟේ කරමි. වැඩිදුර සටහනක් පසුව ලියමි… අද තමයි මේ ලියමන් දකින්න ලැබුනේ

    ෴ ඔබට ජය ෴

    • arunasir says:

      ලෝකය වෙනස් තැනක් කිරීමට ඔබට,මට,අපට හැකි බව මම විස්වාශ කරනවා.අවුරුදු තුනක් ගුරුවරකු වශයෙන් ගෙවා දමා ඉගෙනගත් දෑ බොහෝමයි.සියල්ල සෙමින් ලියන්නම්.ස්තුතියි.

  4. kumudupinto says:

    ඔබ වගෙ ඍජු ව අදහස් පළ කරන අය කීයෙන් කී දෙනාද අප අතර ඉන්නෙ ?

    • arunasir says:

      අපි හරි පරාධීනයි සර්.අපේ කල්පනාව ආත්මාර්ථ කාමී කමින් පිරිල.ගුරු වරු වැඩ කලේ නෑ කියලා රස්සාව නැති උන තැං අපි දැකලා නෑනේ.වැඩ කරන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ.මටත් ඒවගේ එව්වා ගොඩාක් තියෙනවා කියනවා නං.Don’t wait until every thing is just right.It will never be perfect.There will always be challenges,obstacles and less than perfect conditions.So what.Get started now.With each step you take, you will grow stronger and stronger, more and more skilled, more and more self confident and of course more and more successful.හැම උදේකම මං වැඩ පටන් ගන්නේ ඕක කියවලා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s