සියලුදෙනා කියවිය යුතු ලිපියක්..


ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල  වලින් එකක් වන ඔබගේ  උපාධි ප්‍රධානෝත්සවයට  සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු  අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ  කතා තුනක් මම  අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. කතා තුනක් විතරයි. පළවෙනි එක තිත් යා කිරීම පිළිබදවයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පලවෙනි මාස හයෙන් පස්සේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් විසි වුණා. ඇත්තටම විසි වෙලා යන්න කලින් මම තවත් මාස 18ක් විතර වැනී වැනී හිටියා. ඇයි මම විශ්වවිද්‍යාලයෙන් විසි වුණේ?

ඒක පටන් ගත්තෙත් මම උපදින්නටත් පෙර මගේ ඡීවවිද්‍යාත්මක අම්මා තරුණ කසාද නොබැදපු  උපාධිධාරි ශිෂ්‍යාවක් වුණා. ඉපදුනාට පස්සේ මා හදාගන්න දෙන්න ඇය තීරණය කළා. දිනකදී මාව හදාගන්නා අය උපාධිධාරීන් විය යුතු බව ඇය තීරණය කර තිබුණා.  ඉපදුනු වහාම මාව නීතීඥයන් යුවලකට හදා ගැනීමට දිමට සියළු දේ සූදානම් වී තිබුණා. නමුත් අවසාන වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ ගැහැණු ළමයෙක්. මා ඉපදුනු රාත්‍රියේ මෙන්න මෙවැනි දුරකථන ඇමතුමක් මා හදා ගත් දෙමාපියන්ට ලැබි තිබුණා. අනපේක්ෂිත විදිහට පිරිමි ළමයෙක් ලැබිලා තිබෙනවා. ඔබලාට ඔහුව ඕනද? දිනක මා විශ්වවිද්‍යාල යවන බවට දැඩි පොරොන්දුවකින් පසුව මගේ ඡීවවිද්‍යාත්මක අම්මා මාව හදාගන්න දීල තියෙනවා.

ඉතින් මං විශ්වවිද්‍යාලට ගියා. මගේ අධ්‍යාපනයට මධ්‍යම පාන්තික මගේ දෙමාපියන් ඔවුන් උපයන හැම සතයක්ම වැය කළා. විශ්වවිද්‍යාල ඡීවිතය මාස 06කට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. මේ ඡීවිතේ මං කරන්න අවශ්‍ය  දේ ගැන මට අදහසක් තිබුනේ නැහැ. ඒක හොයාගන්න විශ්වවිද්‍යාලයෙන් උදව්වක් ලැබෙන බව පෙනුනෙත් නැහැ. මගේ අහිංසක දෙමාපියන් ඡීවිතයේ උපයාගත් සල්ලි මා වෙනුවෙන් වැය කරමින් හිටියා. මගේ වැඩ මංම කරගන්නවා කියලා මංම විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඒ වෙලා‍වේ මං ගොඩාක් බය වුණා. නමුත් අද මං ආපස්සට බලද්දි මා ගත් තීරණවලින් හොදම එකක් වන බව මට දැනෙනවා. විශ්වවිද්‍යාල අයින් වූ පසුව මා කැමති දේශන වලට සහභාගී වීමටත් අකමැති දේශන සහභාගී නොවීමටත් මට හැකි වුණා.

ඒ ඡීවිතේ සුන්දර එකක් වුනේ නැහැ. මටම කියා නේවාසික කාමරයක් තිබුනෙත් නැහැ. යාළුවෙකුගේ කාමරේ බිම තමයි නිදා ගත්තේ. පරණ කොකා කෝලා බෝතල් එකක් සත 5කට එකතු කරලා දීලා තමයි කෑම කන්න සල්ලි හොයා ගත්තේ. හැම ඉරිදම හැතැම්ම 07ක් දුර පයින් ඇවිදලා හරේ ක්‍රිෂ්ණා කෝවිලට ගිහින් තමයි හොද ආහාර වේලක් ගන්නේ. මම ගොඩාක්  කැමැත්තෙන් මේක කලා. මේ දවස්වල මා දුටු දේවල් , මා කළ දේවල් මගේ කුතුහලය, මා සතුව තිබූ සහඡ බුද්ධිය පසුකාලීනව මගේ ඡීවිතයේ අමිල දේවල් බවට පත්වුණා. මම ඔබට උදාහරණයක් දෙන්නම්. රීඩ් විශ්වවිද්‍යාලය ලස්සනට අත් අකුරු ලිවිමේ කලාව ඒ දිනවල හොදින්ම ඉගැන්නුවා. සමහර විට ලෝකෙ මේ සම්බන්දව හොදම විශ්වවිද්‍යාලය රීඩ් වෙන්නත් ඉඩ තිබුණා. කැම්පස් එකපුරා අලවා තිබූ පෝස්ටර්, හැම ලාච්චුවකම ලේබලය ලස්සනට අත් අකුරු වලින් ලියලා තිබුණා. මම ඉවත් වි සිටි නිසා සාමාන්‍යල  විදිහට දේශන ශාලාවට යන්න මට සිද්දවෙලා තිබුනේ නැහැ. අත් අකුරු  පන්තියකට යන්න මම තීරණය කළා. විවිධ වූ අකුරු වර්ග ගැන, අකුරු අතර තිබිය යුතු පරතරය ගැන, අත් අකුරු ලස්සන වෙන්නේ කොහොමද යන්න ගැන මම ඉගෙන ගත්තා. ඒක හරිම ලස්සන ඓතිහාසික, කලාත්මක සියුම් ක්‍රමයක් වුණා. විද්‍යාවට හසුකර ගැන්මට අපහසු වූ මෙය මගේ සිත් ඇද බැද ගත්තා.

නමුත් මගේ ඡීවිතේ ප්‍රායෝගිකව මම මෙය පාවිච්චි කලේ නැහැ. නමුත් වසර 10 කට පසු අපි මැෂින්ටොෂ් පරිගණකය සැලසුම් කරන විට මේ හැමදේම මට ආයේ මතක් වුණා. ඒ ලස්සන අත් අකුරු ලිවීමේ කලාව මැක් පරිගණකයේ එසේම තිබුණා. ලෝකේ ලස්සනම අකුරු සහිත පරිගණකය මැක් වුණා. එදා මා විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලාව හදාරා නොතිබුණානම්  මැක් පරිගණකයයේ ලස්සන යතුරු ලියන ක්‍රමයක් නොමැති වීමට ඉඩ තිබුණා. වින්ඩෝව්ස් මැක් වලින් කොපි කරපු නිසා ලෝකයේ කිසිම පරිගණකයක එය නොතිබීමට ඉඩ තිබුණා. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් නොවූවානම් අහම්බෙන් දුටු අත් අකුරු පන්තියට සහභාගී නූනානම් පුද්ගලික පරිගණක අද තියෙන තරම් ලස්සනට යතුරු ලේඛනය නොකිරීමට ඉඩ තිබුණා. මා විශ්වවිද්‍යාලයේ  සිටියදී අනාගතය දෙස බලාගෙන තිත් යා කිරිම නොහැක්කක්  වුනත් අවුරුදු 10 කට පසුව අතිතය දෙස බලාගෙන මට ඒක කරන්න පුළුවන් උනා.

ඔබට මට පැවසීමට ඇත්තේ ඉදිරිය බලාගෙන තිත් යාකළ නොහැකියි. ඔබට එය කල හැක්කේ ආපසු බලමින්මයි. එම නිසා  මේ තිත් කෙදිනක හෝ ඔබේ ඡීවිතයේදී  සම්බන්ධ වන බව ඔබ විශ්වාස කල යුතුයි. කිසියම්ම  හෝ දෙයක් ඔබ දැඩිව විශ්වාස කළ යුතුයි. ඔබගේ  ආත්මවිශ්වාසය, ධෛර්ය, කර්මය මොකක් වුනත් කමක් නැහැ. මෙලෙස සිතීම මගින් මා ඡීවිතයේ කවදාවත්  නොවැටී සිටියා හා මගේ ඡීවිතයේ සියලු වෙනස්කම්  උනත් මං එහෙමම ඉන්න පුවවන් උනා.

මගේ දෙවැනි කතාව ආදරය හා නැතිවීම පිළිබදවයි.

මම ගොඩාක් වාසනාවන්ත වුණා.තරුණ කාලේදීම මා කැමති දේ කිරීමට මට ලැබුණා. ඇපල් පරිගණක සමාගම මට  අවුරුදු  20 දී මගේ දෙමාපියන්ට අයත් ගරාජයේ මං පටන් ගත්තා. අපි මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 10කින් ගරාජයේ  වැඩකළ දෙදෙනාගෙන් පටන් ගත් සමාගම  4000 ක් දෙනා වැඩ කරන ඩොලර් බිලියන 2 ක් වටින කොම්පැණියක් බවට පත් වුණා. අපගේ පළමු නිර්මාණය මැකින්ටොෂ් අවුරුද්දකට කළින් නිකුත් වෙද්දී මට අවුරුදු 30 වුණා පමණයි. ඉන්පසු මාව අස්කළා. මා විසින්ම පටන්ගත් කම්පැණියෙන් මාව අස්කරන්නේ  කොහොමද? ඇපල් පරිගණක ව්‍යාපාරය  වර්ධනය වන විට දක්ෂයි කියා මා විශ්වාස කළ අයකු කම්පැණිය පවත්වාගෙන යෑම සදහා මා කුලියට ගත්තා. පළමුවැනි වසරක කාලයකදී විතර හැමදේම හොදින් සිදුවුණා. අනාගතය ගැන අපගේ දැක්මන් එකිනෙකට වෙනස් වීමට  පටන්ගත්දා පටන් අපි විරසක වුණා. අධ්‍යක්ෂක මණ්ඩලය ඔහුගේ පාර්ෂවය ගත් පසු මා ඉවත් වුණා. ප්‍රසිද්ධියේ ඉවත් වුණා. වැඩිහිටියකු ලෙස මගේ ජීවිතයේ හොදම කාලය ගෙවී ගොස් තිබුණා.

මාස  කිහිපයක් යන තුරු කරන්නේ කුමක්දැයි කියා මා ඇත්තටම දැන සිටියේ නෑ. ව්‍යවසායකයන් මා නිසා අපහසුතාවයට  පත්වුණු බව මට දැනුණා. මට ලැබුණු යෂ්ඨිය මා බිම දමා ඇතැයි මට හිතුණා. අප සමග සම්බන්ධ වූ අය මුණගැසී මා ඔවුන්ගෙන් සමාව ගත්තා. ප්‍රසිද්ධියේ අසාර්ථක වීම නිසා ගෙවල් දොරවල්  හැරදමා යන්න හිතුණා. නමුත් යමක් මගේ ජීවිතයේ සෙමින් ආලෝකමත් කරමින් තිබුණා. මම කරන දේට මම තවමත් ආදරයෙන් සිටියා. ඇපල් පරිගණක සමාගමෙන් මා අස්කිරීම  මගේ ප්‍රියතම විෂය කෙරෙහි බලපෑමක් ඇති කළේ  නෑ. මාව ප්‍රතික්ෂේප වී තිබුණා. නමුත් මා තවමත් ආදරයෙන් සිටියා. ඉතිං මං අලුතින්ම පටන් ගන්න තීරණය කළා.

එදා මට තේරුණේ නෑ. ඒත් ඇපල් පරිගණක සමාගමෙන් මාව අස්කිරීම මට සිද්ධ වුණු  හොදම දේ කියා මට අද හිතෙනවා. සාර්ථක වී සිටීමේ බර නව ආරම්භකයකුගේ සැහැල්ලු බවින් පිරවී තිබුණා. හැමදේම ගැනම අඩුවෙන් විශ්වාසය තිබුණා. මේ මානසිකත්වය මගේ ජීව්තයේ වඩාත්ම නිර්මාණාත්මක කාලය වෙත තල්ලු කළා.
මීළග වර්ෂ පහේදී මං අලුත් කොම්පැණි දෙකක් ආරම්භ කළා. එකක් NeXT අනෙක Pixar. මං ආදරේ කරන්න පටන් ගත්තා කෙනෙක්ට. මගේ බිරිද වෙන්න සුදුසු. Pixar ලෝකයේ පළවෙනි පරිගණක සජීවිකරණ චිත්‍රපටය Toy Story නිපදවන්න සුදානම් උනා. දැන් ලෝකයේ  සාර්ථකම පරිගණක සජීවීකරණ චිත්‍රාගාරය වන්නේ එයයි. දෛවයේ සරදමකින් පසුව ඇපල් පරිගණක සමාගම විසින් NeXT සමාගම මිළදී ගැනීමත් සමග මා නැවතත් ඇපල් පරිගණක  සමාගම සමග එක් වුණා. අපි NeXT වලින් දියුණු කළ තාක්ෂණය අද ඇපල් පරිගණක වල හදවත බදුයි. මේ හැමදේමත් එක්ක මම සාර්ථක පවුල් ජීවිතයකට උරුමකම් කිව්වා.

මට ගෝඩාක්ම විශ්වාසයි මාව ඇපල් පරිගණක සමාගමෙන් අස් නොකළා නම් ඉහත කිසිවක් සිදු නොවීමට ඉඩ ‍තිබුණා. ඒක හරිම අමිහිරි ඖෂධ පරීක්ෂා කිරීමක් වැනියි. නමුත් ලෙඩා සුවවීමට ඒක අත්‍යාවශ්‍ය නම් වෙන කිරීමට කිසි දෙයක් නෑ.

සමහර වෙලාවල් වලට ජීවිතය ඔබේ ඔලුවලට ගඩොලකින් ගසනවා. තමංකෙරේ විශ්වාසය නැතිකරගන්න එපා. මම විශ්වාස කරනවා මට මොන විනාශය උනත් මාව ඉදිරියට ගෙනාවේ මං කරන දේට මං ආදරේ කළ නිසා කියලා. ඔබ වඩාත්ම කැමැත්තෙන් ආදරයෙන් කරන දේ ඔබම සොයාගත යුතුයි. 100% තෘප්තිමත් වීමට නම් ඔබ වඩාත්ම කැමති දේ හොයා ගන්න වෙනවා. නවත්තන්න එපා. තව හොයන්න. ඔබට එය ලැබුණු පසු ඔබගේ හදවතට එය දැනේවි. හරියට හොද බැදීමක් වගේ කාලයක් එක්ක එය හොදින් හොදම වේවි. ඉතින් දිගටම හොයන්න. ඔබට හම්බවෙනකං.  නතර වෙන්න එපා.

මගේ තුන්වෙනි කතාන්දරය මරණය ගැනයි.

අවුරුදු  17 දී මට එක කියමනක් කියවන්න ලැබුන මතකයි. “අද ඔබගේ ජීවිතය අවසාන දිනය කියා ඔබ හිතුවොත් එක් දිනක ඔබ අනිවාර්යෙන් නිවැරදි විය හැකියි”. මේ කියමන මා වෙත විශාල බලපෑමක් කළා. එදා ඉදං පසුගිය අවුරුදු 33 දීම මං හැමදාම උදේට කන්නාඩිය ඉස්සර හට ගිහිං මගෙන්ම ඇහුවා, අද මගේ ජීවිතයේ අවසාන දවස නං, මං අද කරන්න යන දේවල් කරන්න ඕනද කියලා. දින කිහිපයක්ම  උත්තර  “නෑ”  කියන කොට මම යමක්වෙනස් කරන්න තියෙනවා කියා මම හිතුවා. මම දිනක මං මැරෙනවා කියා හිතුවා. ඒක ජීවිතයේ මට ලැබුණ වටිනාම දේ කියා මට අද හිතෙනවා. ඒ නිසාම ජීවිතයේ ගොඩාක් ලොකු තෝරා ගැනීම් කරන්න මට පුලුවන් වුනේ. මොකද කියනවා නම් සියලුම දේ, හැම බාහිර  බලාපොරොත්තුවක්ම,  හැම ආඩම්බරකමක්ම,  හැම බයක්ම, හැම නින්දාවක්ම, අපහසයක්ම,  හැම අසාර්ථක කමක්ම,  මරණය අභියසදී වැදගත් කමක් නැති දේවල් වෙනවා. සත්‍ය  වශයෙන්ම  වැදගත් වන්නේ යමක්ද එය පමණයි ඉතිරි වෙන්නේ. දිනක ඔබ මැරෙනවා කියා හිතන සිතුවිල්ල තමයි  ඔබට යමක් නැති වෙනවා කියා හිතන සිතුවිල්ලට තියෙන හොදම බෙහෙත . ඔබ දැනටමත්  නිරුවත්. ඔබගේ හදවත පිළි නොපැදීමට කිසිම හේතුවක් තවත් ඉතිරි වී නෑ.
අවුරුද්දකට කළිං මට අග්න්‍යාශයේ පිලිකාවක් තියෙනවා කියා  වෛද්‍යවරු නිගමනය කලා. අග්න්‍යාශය කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. මට උදේ 7.30 එක ස්කෑන් පරීක්ෂාවක් කළා.  මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙනවා පැහැදිලිව පෙනුනා. පිලිකාව  කියන එක ගැන මං දැනගෙන හිටියෙවත් නෑ.‍  වෛද්‍ය වරුන්ගේ  මතය උනේ ඒක මාරාන්තික  පිළිකාවක්  බවත් මාස 03,06 කට වඩා  කාලයක් මට ජීවත් විය  නොහැකි බවත්. මගේ වෛද්‍යවරැ කිව්වා  ගෙදර ගිහිං  මගේ සම්භන්ධ කම්  පිලිවෙලට  හදා ගන්න.  ගෙදර ගිහිං විවේක  ගන්න කියා. වෛද්‍ය භාෂාවෙන්  මැරෙන්න ලෑස්ති වෙන්න කියන්නේ එහෙමයි. ඒකේ තේරුම ඉදිරි අවුරුදු දහය ඇතුලත මං මගේ ළමයින්ට කියන්න ඕන දේ මාස තුනෙන් කියන්න ඕන කියලා. එහෙම නැත්තං හැමෝටම ගුඩ්බායි කියන්න කියලා.

මම ඒ ලෙඩේ එක්ක දවසක්ම ජීවත් උනා. පසුව නැවත හවස මා විශේෂ පරීක්ෂාවක් කලා. මගේ අග්න්‍යාශයේ සෛල කීපයක් ගෙන ඒවා අන්වීක්ෂයෙන් පරීක්ෂා කරමින් තිබුනා. මම බාගෙට මැරිලයි හිටියේ. එතන හිටපු මගේ නෝනා පස්සේ මට කිව්වා ඒ ගත්තු සෛල අන්වීක්ෂයෙන් බලලා දෙස්තරලා ඇඩුවා කියලා. මොකද මට තිබිලා කියෙන්නේ ඉතාමත්ම කලාතුරකින් හමු වන අග්න්‍යාශ පිළිකාවක්. ඒක ශල්‍යකර්මයකින් සුව කල හැකියි. මම ඒක කලා. දැං 100%ක්ම සනීපයි.
මරණය සමීපයටම මා ගිය පළමු අවස්ථාව මෙයයි. තවත් දශක කීපයකට එය එසේ නොවනු ඇතැයි මම සිතනවා. මේක උනාට පස්සේ මට ඔබට වඩාත් විශ්වාසයෙන් මෙහෙම කියන්න පුවවන්. මරණය කියන්නේ සත්‍ය වශයෙන්ම බුද්ධි විෂයක කරුණක්.

කිසිම කෙනෙක්ට මැරෙන්න ඕන නෑ. දිවියලොකේ යන්න ඉන්න අයටවත් එහෙ යන්න මැරෙන්න කැමති නෑ.අපි හැමදෙනාම බෙදා හදා ගන්න නැවතුම් පළ තමයි මරණය. කාටවත් ඉන් ගැලවීමක් ලැබී නෑ. ඒක එ‍සේම  විය  යුතුයි.   මොකද ජීවිතේ  හොදම සොයා ගැනීම  මරණය නිසා.  මරණය  තමා ජීවිතයේ වෙනස්  කරන නියෝජිතයා. පරණ දේ  ඉවර කරල අලුත්  දේකට  පාර කපන එක මින් සිද්ධ  වෙනවා. අද ඔබ අලුත්. නමුත් තව ටික  කාලෙකින්,  අද  ඉදං  බොහෝ දුර නොවේ, ඔබ පරණ වෙනවා ක්‍රමයෙන්. සහ ඉවත් වෙන්න වෙනවා.  කතාව  නාට්‍යයමය  නම්  මට   කනගාටුයි. නමුත්  ඇත්ත ඒකයි.

ඔබට ඇති කාලය සීමිතයි. වෙන කාගෙවත් ජීවිත ජීවත් වෙන්න ගිහිං ඔබ ඒ කාලය විනාශ කර ගන්න එපා. අනෙක් මිනිසුන් ගන්නා තීරණ අනුව වැඩකරන්න ගිහිං  ජීවිතයට කොටු වෙන්න එපා. ඔබගේම හදින් හැගෙන හඬ අනෙක් මිනිසුන්ගේ හඬින් යටපත් වෙන්න දෙන්න එපා. වඩාත්ම වැදගත් දේ ඔබගේ හදවත පිළි පැදීමටත්, සහජ බුද්ධිය පාවිච්චි කිරීමටත්, ධෛර්ය තියා ගන්න. ඔබට වෙන්න ඕන කවුද කියා ඔවුන් දැනටමත් දන්නවා. අනිත් හැමදේම වැදගත් කමක් නෑ.

මගේ තරුණ කාලේ අද්විතීය පොතක් තිබුණා. මගේ පරම්පරාවේ  බයිබලය උනේ ‍‍මේ “The whole Earth Catalog” කියන පොත.  මේක කරපු  Stewart Brand කියන කෙනා කවි වලින් මේ පොත සැරසුවා. මේ 1960 දශකයේදී පරිගණක එන්න ඉස්සර වෙලා. මේකේ සියලුම දේ අතින් නිමකර තිබුණා. මේක හරියට අද Google වගේ. Google නැතිව තිබුණ අවුරුදු 35 ට පෙර මේ පොත නැවුම් අදහස් පිරුණූ, දෝරගලා යන තාක්ෂණයන්ගෙන් සමන්විත උසස් කෘතියක් උනා.
මේ පොතට අදාළ පාඨමාලාව ඉවර වෙනකොට ඔහුගේ මේ පොතේ අවසාන සංස්කරණ ඉදිරිපත් කලා. ඒ 1970 ගණන්වල මැද. මං ඔබගේ වයසෙ ඉන්න කොට. පොතේ පිටුපස කවරයේ පිංතූරයක් තිබුනා. අරුණෝදය දැක්වෙන ගමේ පාරක්. ඔබ අවදියන් නම් අදින් ඇරඹෙන ඔබගේ අනාගතයත් මෙන්න මෙ වගේ තැනක්. මේ පිංතූරයට යටින් එක කියමනක් තිබුණා. ඒක තමයි බඩගින්නෙ ඉන්න, මෝඩවෙලා ඉන්න, ( Stay hungry,Stay foolish) කියා. මම හැමදාම මගේ ජීවිතේ එහෙම කලා. අද උපාධිය ලබන ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ. ඒ නිසා මට ඔබටත් කියන්නෙ බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න. ( Stay hungry,Stay foolish)
ස්තුතිය.

ස්ටැන්ෆ්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධාන උත්සවයකදී ඇපල් පරිගණක සමාගමෙ සහ පික්සාර් පරිගණක සජීවී කරණ කලාගාරයේ ප්‍රධාන  විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් මහතා විසින් කරන ලද දේශනයේ සිංහල පරිවර්ථනය තමයි උඩින් තියෙන්නේ.
ගොඩාක් මහන්සි වෙලා මේක කලේ. වැඩ දාහක් එක්ක. ස්ටීව් ජොබ්ස් මහතාගේ කතාව ඒ ආකාරයෙන්ම සිංහලයට නැගීමට අපහසු උනත් බොහෝ උත්සාහ කර මං ඒ කාර්යය උපරිමෙයෙන් සිදු කලා. ඉතිරි සියලුම දේ කමෙන්ට් වලදි කතා කරමු.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Advices, සේවා, My own comments, News and tagged , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

46 Responses to සියලුදෙනා කියවිය යුතු ලිපියක්..

  1. හෙළයා says:

    විඩියෝ එක බැලුවා. ඒකත් ඔබේ සයිට් එකෙන්ම ලින්ක් එක අරන්. වීඩියෝ එක බාගෙන තියාගත්තා. හැමදාම බලන්න පුළුවන්.
    මේ පරිවර්ථනය කිරීමත් ඉතාම අපූරැවට කරලා තියෙනවා.
    මේවගේ වටිනාකම කියන්න වචන මා සතුව නොමැති වුනත් ඔබට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා පමණක් කියන්නම්….

  2. චානු says:

    ඇත්තටම වටින ලිපියක්. අපිට ගන්න ආදර්ශ ගොඩයි.

  3. වටිනා ලිපියක්. ස්තුතියි 🙂

    • @චානු, කනිෂ්ක ස්තූතියි.යමක් ජීවිතේට එකතු වෙනවා වගේ මට දැනුනා මමත් මුලින්ම දේශනය අහපුවෙලාවේ.ඒකමයි මහන්සි අරං පරිවර්ථනය කලේ.

  4. ඔබේ මහන්සියෙන් කාට හරි සෙතක් උනා කියල ඔබට සැනසෙන්න පුලුවන්,ඇත්තටම මට එය හරි වැදගත්.රැකගෙන ලග තියා ගන්න වටින ලිපියක්.නැවතත් ඔබට බොහොම ස්තුතියි.

  5. මම says:

    Tks a lot mama me post eka print out ekak gatta…. godak watinawa,,,

  6. පියරු බබා says:

    J.K Rowling’s Harvard commencement speech is even better:

  7. tharindu says:

    ඔය දේවල් නම් මට් ඉස්සරහට ගොඩක් වැදගත් වෙන බව පේනවා. ස්තූතියි.

  8. Hasitha says:

    ඇත්තටම මමත් මේ එක බැලුවා. සැබෑ මිනිසෙක්ගේ කතාවක්. ඒ වගේ කතාවක් පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදා ගත්ත ඔබත් සැබෑ මිනිසෙක්මයි 🙂

  9. madhushikakaushalya says:

    ගොඩක් වටින ලිපියක් සර්.හොද ආදර්ශ ගොඩක් තියෙනවා.

  10. indraj says:

    වටිනා ලිපියක් බොහොම ස්තූතියි .
    බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න. ( Stay hungry,Stay foolish ) කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?

    • arunasir says:

      මම හිතන්නේ බඩ ගින්නේ ඉන්නකොට කන්න ලැබෙන ඔන දෙයක් අපි කනවා.දැනුමත් ඒ වගේ. අපි දැන ගන්න නම් දැනුම හොයන්නේ ඒකට විශ්ව විද්‍යාල, උසස් පාසල් වැඩක් නෑ.ඉතිං බඩ ගින්නේ ඉන්න කියන එකේ සරලම අර්ථය දැනුම පිපාසයෙන් ඉන්න කියන එක.
      මොඩ වෙලා ඉන්න කියන්නේ ඇයි??? අපි ගමු ගහක තියෙන ගෙඩියක්. ඒක පැහුනොත් ඉක්මනටම ඉදිල කුණුවෙලා යනවා.ඒත් ඒක දළුයි නම් ගහේම ඉන්න පුවවන් ගොඩක් කල්. අපි ඉගෙන ගන්නේ ගොඩාක් අපි අතින් වෙන වැරදි වලින්. වැරදි කරන්නේ මොඩයෝ කියලයි (මෝඩ)සමාජය හිතන්නේ.ඉතිං මෝඩ කට්ටිය අලුත් දෙවල් කරලා ඉගෙන ගන්නවා සිද්දවෙන වැරදි වලින්. ඉතිං සරලවම මොඩ වෙන්න කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න, අලුතින් හිතන්න කම්වැලි වෙන්න එපා කියන එක. මට හිතෙන්නේ එහෙම අදහසක්.

  11. තිසර says:

    වටිනා පුද්ගලයෙකුගෙ වටිනා අදහසක්! ස්තුතිය.

  12. මේක කරේ 2008 ද, 2005 ද???
    මොකද එකේ වීඩීයෝ එක තියෙන්නෙ 2005 කරපු එකක්, මේ ලිපියෙ සඳහන් වෙන්නෙ 2008.6.12 කියල.
    මොනව උනත් බොහොම වටිනා ලිපියක්

  13. ඇත්තෙන්ම විශිෂ්ඨ ලිපියක්. මව් භාෂාවෙන්ම අපිත් එක්ක බෙදා ගත්තාට තුති!
    අහන්න හිටිය ප්‍රශ්න ඔක්කටම කලින් පිලිතුරු ලැබිල තියෙනවා.

  14. samarasinghe says:

    මගෙන් ඔබට තුති මල් මිටක් අරුණ සර්. ඔබ කරල තියෙන්නෙ බොහොම අගනා වැඩක්.

  15. kumudupinto says:

    කාලෙකට පස්සෙ අදයි මේ පැත්තෙ ආවෙ. ඉතාමත්ම විශිෂ්ඨ ලිපියක්. මගේ බ්ලොග් එකේ මේ ලිපියට ලින්ක් එකක් දාන්නයි හිතාගෙන ඉන්නෙ.

  16. Pingback: ගුරු කම ය විශිෂ්ඨ – ගුරු කම ය සුන්දර | තම තම නැණ පමණින්

  17. Dakshina says:

    thanx machan. great article.

  18. ගොඩාක් ස්තූතියි සිංහලින් ලිවීමට, මන්ද අපි වැඩිපුරම භාවිතා කරන භාෂාවකින් කියවූවම හෝ අඇසුවහම ඇගට දැනෙනව වැඩියි.

  19. කීපසැරයක් බලපු වීඩියෝ එකක්.. මේ කතාව පරිවර්තනය කරලා කට්ටිය අතරට යැවීම අගය කොට සලකනවා..

    ජය!

  20. Dila says:

    a great article based on great speech, thanks for Sinhalese translation

  21. Raj Anthony says:

    හිතට, සිතට දැනෙන යමක් කියෙව්වා, කියලා හිතුණා. ඔබට ස්තුතියි.

  22. අමිල says:

    ස්තුතියි. ඉතාම වටිනා ලිපියක් .. (Stay foolish ,Stay Hungry);

  23. RanDil says:

    අරුණ සර්, පිංතු සර්ගේ ලිපි දෙස අවලෝකනය කරද්දී අහම්බෙන් මෙතැනට වැටුනා. මට මේක මග හැරුනේ කොහොමද මන්දා. හරිම වටින ලිපියක්.
    ස්තුතියි ඔබට දහස් වාරයක්.

    [අර මග ඇරුණු කාරණාව මට අමතක වෙලා නැහැ. පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකයි. සමා වෙන්න]

  24. Thilina says:

    බොහොම වැදගත් ලිපියක්. ජිවිතයට අලුත් දෙයක් හා ‍ධෛර්යයක් ලැබුනා. පරිවර්ථනය ද විශිෂ්ඨයි. බොහොම පින්.

  25. GNS says:

    Stay Hungry, Stay Foolish!!

  26. ගොඩාක් වටිනා ලිපියක්.. ගොඩක් දේවල් ඉගනගන්න ලැබුන. කෙතරම් වැඩ තිබනත් මෙය පරිවර්ථනය කර අපත් සමඟ බෙදා ගත් ඔබට බෙහෙවින් ස්තූතී !

  27. indik says:

    ගොඩක් වටින ලිපියක්…

  28. ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු කොච්චර බැන්නත්, මේ කතාව කියවනකොට ඒ පුද්ගලයා ගැන කොච්චර ගෞරවයක් ඇතිවෙනවද…

    • arunasir says:

      මට නං හිතෙන්නේ බනින්නේ නම් කුහක කමට. මේ මනුස්සයා අතලොස්සක් වන මිනිස්සු අතර ඉපදෙන අතිවිශිෂ්ඨ කෙනෙක්. එයාගේ ආදායම දිහා බලලා අපට ඒ ආදායම නැති නිසා කෑ ගහන එක තමයි වෙලා තියෙන්නේ. ඇපල් තාක්ෂණය තමයි අද ලෝකේ පුපිරිමපරිගණක තාක්ෂණය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ඉවසන්න බැරි ඔන්න ඕවයි.

  29. PraZaD says:

    බොහොම වටිනා ලිපියක්……
    ස්තූතියි අරුණ සර්……

  30. ෂහ්. මේක සෑහෙන්න වටින ලිපියක්.

  31. ශ්‍යාමන් says:

    මේක හරිම ලස්සන ලිපියක්. මටත් කියවීමට අවස්ථාවක් දීම ගැණ ගොඩක්ම ස්තුතියි

  32. හරිම වටින ලිපියක් . .. . ඔබතුමා ලොකු දෙයක් කලේ ඔබේ උත්සාහය සහ මහන්සිය අපතේ නොගිය බව ඉඳුරාම කිව හැකියි . ..

  33. Kosala says:

    what a interesting story. I never ever thought that Steve Jobs was such a person.. A person has that much courage is unpredictable.. But thuth was that. There are many things to learn.. Thanks lot, you did a great job by translating this lecture… Thanks again..

  34. blog gadol says:

    විශිෂ්ඨ ලිපියක්! ඔබට බොහෝම ස්තුතියි!!!

  35. Nuwan says:

    බොහොම වටින ලිපියක්. ගන්න ආදර්ශ බොහෝයි… ජීවිතය ගැන තව පාරක් අලුතින් හිතන්න ඕනෙ…
    තවත් මෙවැනි ලිපි ලියන්න. ඔබට බොහොමත්ම ස්තුතියි…

  36. Found your internet site via yahoo the other day and absolutely like it. Keep up the fantastic work.

  37. gayani dilrukshi says:

    actually it is a good life story.i like it so much and thank you so much to translate to sinhala.

  38. dinusha says:

    excellent.thanks a lot for giving us such a knowledge.I understood how to work in the world and I know that no body can hike without encouragement.

  39. Iresha says:

    Actually I have never heard about Steew.However I knew lots of thing about him.We can get encouragement,when we are disguested about our life or when we lose our future hopes.Thank you so much sir.YOU ARE GREAT.

  40. මම says:

    Now i write this comment nearly after six month of fist reading…. i bookmark this link in my browser and read this Article as much as i can with my busy schedule….. i feel of coz its effecting me… thank you aruna sir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s