ජාතික පාසලක ළමුන්ගේ විනය ගැටළුවකට ගුරුවරුන් විරෝධතාවයේ….


මෙම බ්ලොග් එක පටන් ගත්ත දා ඉදං මං කියන්නේ අනාගතේ ළගම දිනක ගුරුවරුන්ට පොලිස් බලතල දී පාසලට යවන්නට සිදුවන බවයි. කවදාත් විරෝධතා වලට ගුරුවරු යන්නේ අඩුවෙනි. නමුත් මෙහිදී ගොස් ඇත්තේ තමංගේම සිසුන්ට විරුද්ධවය. ප්‍රශ්නයක් ඇති බව දැන ගැනීමට බත් ප්‍රධාන ආහාරය වන කාටත් හැකිය. නමුත් ලංකාදීප කියනා ආකාරයට සිදුවී නැත්තේද එයයි.

කැමති නම් දැං පයබරවාට පිටකර බෙහෙත් බැදිය හැකිය. සටන් පාඨ මම දෙමි.

  • දේශපාලකයන් වග කිව යුතුය.( අවංකව මං කියමි. මෙවැනි දේට කිසිම දේශපාලකයෙක් උදව් කරන්නේ නැත. මන්ද පැහැදිලි අනාගත ප්‍රශ්නයක් මෙතන තිබේ. ඒක අපි සියලුදෙනාට පොදුය.)
  • ගුරුවරුම වග කිවයුතුය.(කරුණාකර මෙම බ්ලොග් අඩවියේ පැරණි ලිපි කියවන්න. ගුරුවරු ළමයින්ගේ විනය ප්‍රශ්න වලට මැදි වන්නේ නැත. අවසානයට තම අහිංසක දරු පවුල අනාත වන බැවිනි.)
  • සමාජය වග කිව යුතුය.(සමාජය සැදී ඇත්තේ අපි අපිගෙන්ම නිසා අපි අපිම වැරදි වෙයි.)
  • දෙමාපියන් වග කිව යුතුය. වරහන් අවශ්‍ය නැත. ඇත්තම කතාව එයයි. ළමයින්ගේ විනය හදන්න අද දෙමා පියන්ට ඕන කමක් නැත. තිබුනේ නම් මෙසේ නොවෙයි. මේ ගැනම මම කලිං ලිපියක ලීවෙමි. දැන්වත් තමංගේ ළමයි ගැන අම්මා,තාත්තා කොටිප්පරකොටි වතාවක් සිතිය යුතුය.
Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Advices, My own comments, News and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

14 Responses to ජාතික පාසලක ළමුන්ගේ විනය ගැටළුවකට ගුරුවරුන් විරෝධතාවයේ….

  1. තිසර says:

    ගුරුවරුම වග කිවයුතුය/දෙමාපියන් වග කිව යුතුය.

    මම තෝරා ගන්නෙ මෙන්න මේ කොටස් දෙක මුලින්ම දෙමාපියන් දෙවනුව ගුරුවරුන් මොකද ළමා මනස හැඩ ගැහෙන්නෙ මුලින්ම තමන්ගෙ ගෙදර වටපිටාව අනුව සහ දෙවනුව පාසලේ වටපිටාව අනුව තෙවනුව උපකාරක පංතිවල වට පිටාවත් බලපානව එතනත් ඉතින් ඉන්නෙ ගුරුවරු (ව්‍යාපාරික) නේ…..අම්මලා තාත්තලා වගකීමක් නැතිව පිස්සු කෙළින කොට ළමයිනුත් පිස්සු කෙළින එක අහන්න දෙයක්ද අද කාලෙ ගුරුවරුත් වැඩි ප්‍රමාණයක් තනිකර කෙළින්නෙ පිස්සු ඉතින් ළමයිනුත් එහෙම කරන එක අහන්න දෙයක්ද ? ඒව මේව කොහොම උනත් ඉහත කාරණය ගුරුවරුන්ගෙ කොන්ද පන නැති කමින් සිදුවූවක් බව මගේ මතයයි ළමයිට එරෙහි විරෝධ කරන්න යන්නෙ නැතුව ඒ ළමයිට එරෙහිව ගන්න පුළුවන් විනය ක්‍රියාමාර්ග කොතෙකුත් ඇද්ද… ළමා මනස තේරුම් කරගන්න බැරි ගුරුවරුන් සිටින කම්, ගැටලු නිරාකරණය කරගන්න බැරි ගුරුවරුන් සිටින කම්, කෙළින් තීරණගන්න බැරි පෞර්ශයක් නැති ගුරුවරුන් සිටින කම් මේ දේවල් දිගටම සිද්ද වේවි…

    • arunasir says:

      [said]ඒව මේව කොහොම උනත් ඉහත කාරණය ගුරුවරුන්ගෙ කොන්ද පන නැති කමින් සිදුවූවක් බව මගේ මතයයි ළමයිට එරෙහි විරෝධ කරන්න යන්නෙ නැතුව ඒ ළමයිට එරෙහිව ගන්න පුළුවන් විනය ක්‍රියාමාර්ග කොතෙකුත් ඇද්ද…[/said]
      මේකයි තිසර කොන්ද පණ තියෙනවා ගුරුවරුන්ට. ඔයා කතා කරන්නේ බහුතරය ගැන නම් එතනදි වඩාත්ම වැදගත් වෙන්නේ එහෙම උනේ ඇයි කියලා හිතන එක.

      දැංඇත්තටම ඔය කොල්ලොටිකට මොකද කරන්න ඕන….මට නං උනේ පත්තරේ යන්නේ ගුරුවරයෙක් පහරදී උසස්පෙළ සිසුන් රෝහල් ගත කරලා කියලයි. ඔලුව උස්සන් වැඩ කරන්න බැරි නම් ගෙදර ගිහිං ඇපල් විකුනලා ජීවත් වෙන එක සැපයි. හැබැයි ඊට පස්සේ මට නඩු කීයක් වැටෙයිද?????
      01. ළමා අයිතිවාසි කම් කඩ කිරීම නිසා
      02. මානව හිමිකම් කඩවීම නිසා
      03. ගුරු විනය කඩකිරීම නිසා

      ඔන්න ඕක නිසයි ගොඩක් ගුරුවරු අයින්වෙලා ඉන්නේ.රටක් විදියට අපි ප්‍රතිපත්තිමය,ආකල්පමය වෙනසකට එන්න ඕන ළමයි ටික හොදට හදා ගන්න අත්‍යාවශ්‍ය වෙන. අපේ රටේ නෙවෙන්නෙත් ඒ ටික.

  2. ilandhariya says:

    මෙවැනි වියසනයන් හමුවේ දෙශපාලනයා ගාවානොගැනීම පිලිබදව….ඉතුතිවන්තවෙමි……

    අද සිසු පරපුර …වනගතවෙමින් සිටිනබවට ඉගි පහලවෙමින් තිබේ….
    අපි පාසල් යායුත්තේ කුමකටද?…ගොස් කලයුත්තේ කුමක්ද?….මෙ පිලිබදව දරුවන් හට කියාදීම දෙමාපියන්සහ ගුරුවරුන්ගේ කාර්ය්‍යකි….අනාගත රට බරගන්න්නට සිටින..වර්තමාන සිසු පරපුරට කලයුතේ නිසි ආකාර මොලසෙදීමකි…..

    • arunasir says:

      ඉලංදාරියා අහලා තියෙනවද වැඩ නොකරණනිසා අස්කරපු ගුරුවරු එහෙම ගැන. නෑ නේද? අස් කරානම් කරලා තියෙන්නේ වැඩ කරන්න ගිහිල්ලා ගොඩක්.
      ගුරුවරුන්ට ඕවා මහ දේවල් නෙවේ. ප්‍රශ්නය අපගේ ආකල්ප. ස්තූතියි මේ පැත්තේ ආවට.

  3. Thilina Rukshan Edirisinghe says:

    Dear sir,
    One of the nicest web log I have seen so far regarding the effective education. Please accept my best wishes. I am doing Intel Teach Program around the island. I am just searching for some notes related to IPICT. That is how I found your school web and your blog.

    Rukhan Edirisinghe
    rukshan.edirisinghe@gmail.com

    • තිසර says:

      IPICT කියන්නෙත් ඔය INTEL එකෙත් කරන පාඨමාලාවට තරමක් දුරට සමානව යන එකක් හැබැයි වෙනස තියෙන්නෙ IPICT එකේ ගුරුවරයා විසින් තමන් වෙනුවෙන් හෝ තවත් ගුරුවරයකු වෙනුවෙන් Lesson Plan එකක් හදනව.ඒක හදන්න ඕන International Pedagogical aspects සහ ICT Skills මිශ්‍රකිරීම මඟින් ඉන්ටෙල් පාඨමාලාවට වඩා ටිකක් සංකීර්ණයි විශයන් 8ක් ඔස්සේ පාඨමාලා කාලය තුල Lesson Plan හදන්න ඕන.

      01) Let’s Find something on the web (internet)
      02) Type a Text (word processing)
      03) Where are you now? (email,chat,blog)
      04) It does its own calculation (spreadsheet)
      05) Information on the Web (Presentation)
      06) In Columns? (Publisher)
      07) Get it out on the web (Web Design – Web Expression )
      08) School Innovation (project)

      Thisara- IPICT Facilitator.

  4. තිසර says:

    ළමයිට එරෙහිව ගන්න පුළුවන් විනය ක්‍රියාමාර්ග කියල මම අදහස් කරේ ඔලුව පැලෙන්න පහර දෙන එක නෙවෙයි ළමා මනස තේරුම් අරගෙන මනෝ විද්‍යාත්මකව මේ වගේ දේවල් වලට උත්තර හොයන්න බැරිද? දන්නවනේ ළමා පරිවාසය කියන්නෙ මොකද්ද කියල දරුණු අපරාධ කාරයින් වත් මෙල්ල කරන්න හැකි නම් නම්‍යශීලී මනසක් තියන ළමයෙක්ව මෙල්ල කරන්න පුළුවන් වෙනත් ක්‍රම නෑ කියල ද අරුණ සර් කියන්නෙ? එවැනි ක්‍රම ගොඩක් ගුරුවරු දන්නෙ නෑ දැන් විද්‍ය පීඨවලින් දකින්න අහන්න ලැබෙන්නෙත් හොර කම් මැර කම් ඉතින් එහෙව් උන් එළියට බැහැල ඉස්කෝල වලට ගියාම ගුරු ගෞරවය පිරිහෙන එක අහන්න දෙයක්ද? ගොඩක් අයට ඉගෙන ගත්තට මොලේ පාවිච්චි කරන්න දන්නෙ නෑ මොකද එතෙන්ට යන්නෙ වචන ටිකක් කට පාඩම් කරල නිසා …..

    මගේ පාසලේ (හාලිඇල ජාතික පාසල-බදුල්ල) ඉස්සර හිටියා “යකා” කියල සර් කෙනෙක් ඇත්ත නම ධර්මසිරි රාජපක්ෂ අන්න නියම ගුරුවරු දැනටත් එතුමා දැක්කම අපි සයිලන්ට් හැබැයි අපිට කවදාවත් ගහල නෑ අපිත් හරිම කැමතියි ‍ඔය වගේ හැමෝම ඉන්නව නම් මම කියන්නෙ ලොක්කන් අවශ්‍යවෙන එකක් නෑ ළමයිගෙ විනය හදන්න

    • arunasir says:

      මමත් එකගයි තිසර ඔයා එක්ක. නමුත් ප්‍රායොගිකව බීලා ගෙවල් වලට ගල් ගහන ක්‍රමයක් ළමයි අනුගමනය කරන කොට එයාල මෙල්ල කරන්න මනෝවිදයාවේ කොතනින්ද අල්ල ගන්නේ??? ඒ ළමයින්ට ඒ මැර කමට ගැලපෙන උත්තරේ දෙන්න ඕන. පොලිසියට අල්ලා දුන්නා නම් ඔයාම කියයි ගුරු වරුන්ට කොන්ද නෑ කියලා.

      පොතේ තියෙන හැමදේම හැම වෙලේම හරි නෑ තිසර. ප්‍රායොගික නැත්තං කිසිම දේකින් වැඩක් නෑ. මං කියන්නේ මනෝ විද්‍යාවෙන් වැඩක් නෑ කියලා නෙවෙයි. නමුත් එච්චර දරුණු ළමයින්ට ඔයාම කල්පනා කරන්න මොනවගේ දෙයක්ද කරන්න ඕන කියලා.

      මෙතනදී අදාල අය පිළිගන්නේවත් නැත්තං ප්‍රශ්නයක් තියෙයි කියලා මනෝවිදයාව ඉස්සර වෙලා එතෙන්ට ඇප්ලයි වෙන්න ඕන නේද? ඔයා හරි. කරන්න ගියාම හරියන්නේ නෑ හැබැයි.

  5. lankanhero says:

    මුළු රටේම අවනීතිය රජ කරන අවස්ථාවක පාසල් දරුවන් ගෙන් හා ගුරුවරුන්ගෙන් පමණක් වෙනසක් බලාපොරොත්තු විය හැකිද? අනෙක් අතට ගුරුවරු කෙරෙහි ඇති සිසුන්ගේ ගෞරවය නැති වීමට හේතුවී ඇත්තේ ගුරු වේශයෙන් පෙනී සිටින ගුරු හොරුන් ගේ හැසිරීමයි.. එවන් තත්වයක් තුල පාසල් සිසුන් පිට සම්පූර්ණ වරද පැටවීමට තැත් කිරීම අර්ථ විරහිතය.. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තිබේ, අධ්‍යාපන පරිපාලන සේවයෙන් 70%ක් ම සුදුසු කම් නැති දේශපාලන පත්වීම් වන විට සිසු විනය ගැන කවර කතාද???

    • arunasir says:

      අපේ රටේ හැම වරදක්ම රජයට පටවලා බලං ඉන්න පුරුද්දටත් නැවතීමේ තිතක් තිබ්බා නං හොදයි. කී දෙනෙක් ඇතිද දේශපාළනෙන් උගන්න්න ආපු. මේක සරළවම අපේ ප්‍රශ්නයක්. කිසිම දේශපාලඥයෙක් මේ වගේ නරක ළමයින් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.

      • lankanhero says:

        මා දන්නා තරමින් නම් නරක ළමයින් යයි වර්ගයක් නැත.. එහෙම වර්ගයක් ඉන්නවා නම් ඒ නරක් වීමට වග කිව යුත්තේ කවුද?? දෙවනුව පරිපාලනය කරන්නේ නුසුදුස්සන් නම් ඒ ගැන දොස් කිව යුත්තේ රාජ්‍යට නොවේද?? සාමාන්‍ය පෙළවත් හරියට සමත් නැති, පුහුණුවක් නැති, දේශපාලන ආධාර කරුවන්ට විපත් ගුරු (ඔවුන් ඇත්තටම සිසුන්ට විපතකි) නමින් ගුරු පත්වීම් දුන්නේ දේශපාලන අධිකාරිය නොවේද?? සිසුන්ට වැරදි පටවන ගුරුවරුන් කීදෙනෙක් තමන්ගේ රස්සාව හරියට කරනවද?? ඔවුන් තම රස්සාව කරනවා නම් 50% සිසුන් සාමාන්‍ය පෙළ අසමත් වන්නේ කෙසේද??

  6. arunasir says:

    Good question.I am searching the answer for last three years. yes for certain extent teachers are responsible. but our attitudes has to be changed. of course there are bad students. what do you recommend for teachers to do school boys who drink beer inside the classroom. nothing is 100% black or white. All of us must contribute more or less to avoid this kind of incidents. School is a one component from whole society. So first we want a big move from society. but it seems nobody want to act.But surely they talk.

  7. අමිල says:

    (කරුණාකර මෙම බ්ලොග් අඩවියේ පැරණි ලිපි කියවන්න.)
    ඒ ලිපිවලට පුලුවන්නම් ලින්ක එකත් එකතු කරන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s