අපි වෙනස් විය යුතු ජාතියක් වෙමු


පසුගිය සතියේ දවසක රුහුණු සරසවියේ සිසුවෙක් මිය ගියා. ඇත්තම නම් මරාගෙන කියලා තමයි කියන්න වෙන්නේ. කරපු කෙනා ගැන නං මං කියන්න දන්නේ නැහැ. මං කියන්න යන්නේ ඒ ගැන නං නෙවෙයි. ඒක අපේ රටේ විශ්ව විද්‍යාල ජිවිතේ ගෙවන තරුණ තරුණියන්ගේ ඛේදවාචකයක්. නමුත් මං ටිකක් විවෘතව කතා කරන්න යන්නේ තවත් දේවල් ටිකක් ගැන.

ලංකාවේ ළමයෙක් ආවට ගියාට කැම්පස් යන්න බැහැ. කොච්චර කොහොම කීවත් අද මේ තියෙන තත්වය ඇතුලේ ළමයින්ට ගොඩක් දුක් මහන්සි වෙලා ඉගෙන ගන්න වෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින්ම පාස් වෙලා තමයි කැම්පස් යන්න පුළුවන්. දෙමාපියන් නොවිදිනා දුක් විදලා තමයි බොහෝ දුරට උගන්නන්නේ. මෙතනදී කැපවිම තියෙනවා නම් ළමයින්ට කැම්පස් යන එක අමාරු නෑ කියලා කියන්න මං ඉස්සර වෙන්නේ නෑ. මොකද කැප කිරීම් උපරිමයෙන් කලත් ළමයින්ට වාසනාවත් ටිකක් හරි තියෙන්න ඕන. A තුනක් තිබිලත් විද්‍යාපීඨයට වත් යන්න බැරි උන ළමයි ඉන්නවනේ. හැමදේටම පයින් ගහලා කාගෙන යන ළමයිත් නැතුව නොවෙයි. මේ කැම්පස් ගමන ළමයි ගෙදර ඉදං යන්න ලෑස්ති වෙද්දී රජය මොකද කරන්නේ.

එක වසරේ ඉදලා පාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේ. O/L ,  A/L  යනකං නිකං ඉගෙන ගන්නේ. උපන්දා ඉදලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දෙන්නේ. ප්‍රතිශක්තීකරණ එන්නත් වගේ දේවල් උනත් නොමිලේමයි රජයේ ඉස්පිරිතාලේ. A/L  කරලා කැම්පස් ගියාම ඒ අවුරුදු හතර තියෙන්නේ නිකං ඉගෙන ගෙන එළියට එන්න. ඇවිත් උපාධීධාරියෙක් වෙලා රජයට කෑ ගහනවා රස්සාවල් දීපල්ලා කියලා. මේක කොච්චර දුරට සාධාරණද?. අප මොකද කරලා තියෙන්නේ එතකොට. දැන් මාව කන්න හදන්න එපා. මං කිව්වේ ඇත්ත. ආසියාවේ රටවල් ගත්තම අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ තරම් සල්ලි නාස්ති වෙන්නේ නෑ වෙන රටවල. ඉන්දියාවේ ගුරුවරයෙක් එක්ක කතා කළා ළගදි. එයා කිව්වා 1500 ක් ළමයි ඉන්න ඉස්කොලේටම තියෙන්නේ එක පරිගණකයයිලු. අපේ රටේ දැං බොහොමයක් තැංවල ඉගෙන ගන්න පහසුකම් තියෙනවා. නමුත් දැං එන්න එන්න ඉගෙන ගන්න උනන්දුව අඩුවෙලා තියෙන්නේ.

කැම්පස් ගියහම වෙන්නේ මොකක්ද? දේශනවලට යන්නේ නෑ. 80% උසස් පෙළදි පාසල් යන්න ඕන. ව්‍යාපෘති කරන්න ඕන. නමුත් අද ළමයින් පාසල් මට්ටමේදීම ඉගෙන ගන්නේ කට්ටි පනින්න. කැම්පස් එකේදී බොහෝ දුරට කලිං අවුරුද්දේ නොට්, පැවරුම්, ව්‍යාපෘති කොපි කරලා අපසු දෙන එකක් තමයි වෙන්නේ. හැම තැනදිම නූනත් මෙව්වා ඇත්ත දේවල්. කොච්චර තරැණ ළමයි ඉන්නවද කැම්පස් නොගිය එක ගැන සතුටු වෙන මේ දවස් වල. මේවා අහුනොවෙන්න කරන්න පුළුවන් දේවල් තමයි කරන්නේ හරියට අලුත් පැකට්වල පරණ දේවල් දාලා දෙනවා වගේ. කටපාඩම් කරලා උපාධිය අරං එළියට එනවා. ඇවිත් රස්සාවල් දීපල්ලා කියා කෑගහනවා. නමුත් පාසලෙන් අතාරින්නේ දක්ෂ ළමයින් ටිකක්. කැම්පස් එක කියන තැනදී උන් වෙනස් වෙනවා.
රජයේ යුතුකමක් මහජන යටිතල පහසුකම්, රස්සා ,අධ්‍යාපනය වගේ දේවල් දෙන එක. අපි හිතන්නේ එහෙමයි. නමුත් අපි ජාතියක් විදියට අයිතිවාසිකම් ගන්න දැගලුවට යුතුකම්, වගකීම් වෙනුවට වගවීම කරනවද? ප්‍රතිපත්ති හදන්න ඕන කියා කෑ ගහන ගොඩක් අය කරන්නේ කියන එක විතරයි. නමුත් ඒ වෙනුවෙන් අප කැපවීම් කරනවද? අපි ගොඩක් වෙනස් විය යුතුයි.

ඉදිරි මාස දෙකකට රාජ්‍ය අංශයට පඩි ගෙවන්නේ නෑ. රට වෙනුවෙන් වැඩ කරන්න කියලා කිව්වොත් කරයිද? මං ගුරුවරයෙක් නිසා කියන්නේ. මං දන්න අය ගැන. දහම් පාසල් ගුරුවරු විතරක් ඒවී. අපි ළග තියෙන්නේ ගොඩක් ආත්මාර්ථකාමී හැගීම්. එකයි අද රට ගොඩක් ඍණ පැත්තට ගිහින් තියේන්නේ. රජය වැරදිකියා කියන පිරිසක් හා රජය හරි කියන පිරිසක් ඉන්නවා. කොච්චර අභාග්‍යයක්ද ගැතිකමේ තරම කියන්න බැ. තමගේම දරුවා මැරුනේ උගේ යාළුවෝ ගහලා කියන්න තරං අම්මලා නැවෙනවා නමුත් ඔයා තත්වය ඇති කරලා තියෙන්නේ කව්ද? දේශපාලඥයාද? අපිද?

අපිට දේශපානලය නැතුව කිසිම දෙයක් කතා කරන්න බැ. මොකද අපි එකට කොහෙන් හරි ඇදෙන නිසා. නමුත් ප්‍රජතන්ත්‍රවාදය අද අපි පාවිච්චී කරන්නේ මොකටද? කවුරු හරි ඡන්දේ ඉල්ලන කෙනෙක්ට වැඩ කරනවා. ඡන්දේ ඉවර වේලා ගියාට කන් කෙදිරි ගානවා දුවට පුතාට රස්සා ඉල්ලනවා. ඔන්න රාජ්‍ය සේවයට  බදවාගන්න හැටි. තමං සහ තමංගේ පවුල ගොඩ දාන්න බලනවා විතරයි. එකට දේශපාලඥයා අපි පාවිච්චී  කරනවා. වැලි හොරෙන් අදින්න, බේරේන්න, කසිප්පු, ගංජා පෙරන්න ඔය හැම එකම මේ තරං   දරුණු උනේ ඇයි? අපි මං සහ මගේ පවුල ගොඩදැමීම සහ රටට මොක උනත් කමක් නෑ කියලා හිතන සිතුවිල්ල.  අපට හිතුන නං සමාජය හොද වෙන්න ඕන කියලා කවදාවත් මේක මෙහෙම වෙන්නේ නැ.

අපේ ගෙදර කුණු ටික පාරට දැම්මම ගෙදර ගද ගහන්නේ නැ. ඒත් ගම, රට ගද ගහන එකට අණ්ඩුවට බනිනවා. අපි ඉන්න තාප්ප හතර ඇතුලේ අපි හොදින් හිටියා කියලා වැඩක් නැ. රට හොද වෙන්නේ මොනවා කලාමද කියලත් හිතන්න වෙනවා. අපි පොදු  අරමුණු, පොදු අපේක්ෂා යට යන්න අපි ශක්තිමත් නෑ.  කවදාවත් පොදු වැඩකට මිනිස්සු ටිකක් එකතු කරගන්න දැං ලේසියෙන් පුලුවන්ද? රට මේ තරමට අගාදෙට ගියේ අපි නිසාමයි වෙන කෙනෙක් නිසා නොවෙයි.දැං මිස්ට ක්ලීන් කෙනෙක් ඇවිත් මේක අරන් දාවි  කියා බලන් ඉදියම හරියාවිද? අපි තුල ආකල්පමය වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ඇති කරගන්න අපි කල් ගන්න තරමට මේ සුන්දර රට අසුන්දර විමේ තරම එහෙම පවති.

අප යුතුකම් ඉටු කරලා ආත්මාර්ථකාම් පටු අදහස් අත ඇරලා පොදු අරමුණු වෙනුවෙන් එකතුවන්න. කවදාද අන්න එදාට අපට පුළුවන් අපේ රට ගැන මිට වඩා ආඩමිබරෙන් කතා කරන්න. ඒ දවස දකින්න ඉවසිමෙන් සැලැස්මක් ඇතුව ඉදිරියට යන්න වෙනවා. සැලැස්ම වෙන මොකක්වත් නොවේ. බුදුන් දේශනා කල මැදුම් පිලිවෙත. අපිට රටක් විදියට ගොඩක් වටින එකක්. උත්සාහය අරං අපි වෙනස් උනෙත් රට වෙනස කරන එක පුංචි දෙයක්.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in About, Advices, සේවා, My own comments and tagged , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

47 Responses to අපි වෙනස් විය යුතු ජාතියක් වෙමු

  1. Niranjan says:

    “කටපාඩම් කරලා උපාධිය අරං එළියට එනවා.”
    – සැමවිටම මෙය නිවැරදි නැත. කටපාඩම් කරලා උපාධිය ගන්න හැමවිටම බෑ. එහෙමනම් ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ගැනීම පහසු විය යුතුය.
    ” කවුරු හරි ඡන්දේ ඉල්ලන කෙනෙක්ට වැඩ කරනවා. ඡන්දේ ඉවර වේලා ගියාට කන් කෙදිරි ගානවා දුවට පුතාට රස්සා ඉල්ලනවා. ඔන්න රාජ්‍ය සේවයට බදවාගන්න හැටි.”
    – රාජ්‍ය සේවයට බදවාගන්න එකම ක්‍රමය තරග විභාග හරහා. ඔයා කියන විදිහට බඳවා ගත්තේ ප්‍රේමදාස පාලන සමයට පෙරයි. ඒ පක්කලි කම් කළ තම ගෝලබාලයන්ට විනා උපාධිධාරීන්ට නොවේ.
    දැන් එහෙම නෑ. bulk එකට රස්සාවල් දෙන්නේ රජය කාලෙන් කාලෙට දෙන ඡන්ද පොරොන්දු ඉටු කිරීමටය. එවිට උපාධිධාරීන්ට දොස් තැබීම වැරදියි.

    • arunasir says:

      /*“කටපාඩම් කරලා උපාධිය අරං එළියට එනවා.”/*
      මමත් එසේ යැයි කියා අදහස් කර නැත.
      /*දැන් එහෙම නෑ. bulk එකට රස්සාවල් දෙන්නේ රජය කාලෙන් කාලෙට දෙන ඡන්ද පොරොන්දු ඉටු කිරීමටය/*
      රජය එතෙන්ට අදාල වන්නේ ඡන්ද පොරොන්දු නිසාමද??? හෘදය සාක්ෂියට අනුව හිතනවද???

    • Rakhitha says:

      “දැන් එහෙම නෑ. bulk එකට රස්සාවල් දෙන්නේ රජය කාලෙන් කාලෙට දෙන ඡන්ද පොරොන්දු ඉටු කිරීමටය. එවිට උපාධිධාරීන්ට දොස් තැබීම වැරදියි.”

      — Have you ever think why it has become a such an effective election promise.

      General attitude in most of us is that we are all Mr Clean. All the problems we experience are created by some other people. We are happy and proud Sri Lankans as long as we have some one or something to point fingers at.

      /Rakhitha

  2. Niranjan says:

    රජය එතෙන්ට අදාල වන්නේ ඡන්ද පොරොන්දු නිසාමද???
    ඔබේ ප්‍රශ්නය සාපේක්ෂයි. සාපේක්ෂ ප්‍රශ්නයකට හෘදය සාක්ෂියට අනුව උත්තර දීමට යාම නොගැලපෙන ක්‍රියාවක්.

  3. arunasir says:

    අනේ ඇත්තද? බොහොම හොදයි.වෙන වැඩ තියෙනවා අපටත්. වැඩකට නැති දේවල් වලට කර්ක කරලා වැඩක් නෑ.

    • අමිල says:

      සර්,
      අපට නිෂ්පාදනයක් වශයෙන් තේ,පොල් රබර් වලින් ගොඩ යන්නත් බෑ. ජාන වෙනස් කළ ධාන්‍ය තමා දැන් mass production ලෙස ලෝකයේ සිදුවන්නේ. (ඹබතුමා දන්නවා ඇති)
      ඉතින් දැනුම තමා අපට අපනයනය කළ හැක්කේ. මේකට Local උපාධියේ content එක වැඩි කළ යුතුයි. නමුත් එය සිදුවන්නේ නෑ. එසේ කිරීමට සිටින සුදුස්සන් බුද්ධි ගලනයට ලක්වෙනවා. ඒ මේ රටේ පවතින නුසුදුස්සාට තැන දීමේ ක්‍රියා වලියෙන්. (බො​හෝ උගතුන් ගෞරවය පිළිබද ඉතාමත් සංවේදීයි)
      බොහෝ අය විදෙස් ගත වන්නේ පඩිය නිසා නොව හිත් රිදීම් නිසාවෙනි.

      ලංකාව research and development area එකට යොදන ආයෝජනය ඉතාම මදි.
      ඉතින් degree එක එක තැන පල්වෙනවා. ඒකට වගකිවයුත්තේ කවුද? හරි හමන් degree එකක් නම් එහෙම පල් නොවෙන්න ඕනේ. එතකොට සමහරුන්ට Cima, Charted, CIM හෝ වෙනත් දේ වලට යොමුවෙන්න වෙනවා.. ඉතින් රජය එතැනදී වැරදියි. ශිෂ්‍ය ව්‍යාපාරය එතැනදී ඉදිරියට එයි. නමුත් මරණයක් මාකට්ක කිරීම තුලින් එය සි​දු නොවේ. එතනදී ඔවුන්ගේ දේශපාලන නිරුවත හෙලිවේ.

      කෙසේ වෙතත් අනාගතයේදීවත් අධ්‍යාපනයට හොද තැනක් මේ රටේ දී බලාපොරොත්තුවෙමු.

      ඹබට ජය.

  4. Grey says:

    කාලෙකට පස්සෙ අරුණ සර්ට මම යම්තාක් දුරකට එකග වෙනවා. නිදහස් අද්යාපනයෙන් ඉගෙන ගත්තු අපි ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලන එක වැරදියි. රස්සා දෙන්න කියලා කෑගහන උපාධිදාරින් මම දකින්නේ අදක්ශයන් ලෙසට. ඔතන තියෙන්නෙ මම දකින විදිහට තමන්ව මාර්කට් කරගන්න බැරිකම තමා ප්‍රධානවම. ඒකවත් හරියට කරගන්න බැරි උනාම සමහර ආයතන ඉතින් උසස් පෙල සමත් දක්ශයෙක්ට තැන දෙනවා උපාධිදාරි උගතට වඩා.
    ඊට පස්සේ ඉතින් වෙන්නේ රැකියා විරහිත උපාධිදාරියො වෙලා ලස්සන වචන ටිකක් කරකව කරකව ආණ්ඩුවට බැන බැන ඉන්න එක විතරයි.
    අනිත්දේ තමයි සරසවියක් කියන්නේ දැනුම නිශ්පාදනය කරන තැනක්. අපේ රටේ සරසවිවල ඔය කියනදේ කොපමන වෙනවද කියලා සොයා බැලීමත් මෙතනදි ගොඩක් වැදගත් වෙයි. නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හොයලා බලන්න අපේ සරසවි වලින් කොපමන රිසර්ච් පේපර්ස් එලියට දානවද කියලා වසරකට.

    • arunasir says:

      /*ඊට පස්සේ ඉතින් වෙන්නේ රැකියා විරහිත උපාධිදාරියො වෙලා ලස්සන වචන ටිකක් කරකව කරකව ආණ්ඩුවට බැන බැන ඉන්න එක විතරයි./*

      ලස්සන කියමන

  5. Niranjan says:

    @ Aruna sir:
    අපටත් වැඩ තියෙනවා. හිතන්නේ නිකන් ඉන්නවා කියලද? හෘදය සාක්ෂිය හා සාපේක්ෂබව කියන්නේ අන්ත දෙකක් කියන එක හාස්‍යයට කාරණයක් නෙවේ. ඉන් ඔබේ දැනුම මට්ටම ප්‍රකාශ වෙනවා. ඒක නිසා ඔයා කියන විදිහටම කතා කිරීම තේරුමක් නෑ වගේ.
    @ Grey:
    “අනිත්දේ තමයි සරසවියක් කියන්නේ දැනුම නිශ්පාදනය කරන තැනක්. අපේ රටේ සරසවිවල ඔය කියනදේ කොපමන වෙනවද කියලා සොයා බැලීමත් මෙතනදි ගොඩක් වැදගත් වෙයි. නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හොයලා බලන්න අපේ සරසවි වලින් කොපමන රිසර්ච් පේපර්ස් එලියට දානවද කියලා වසරකට.”
    – ඔයා නොදන්නවා වුණාට සෑම වසරකම Annual Symposium එකේදී ගොඩක් ආචාර්යවරු තමන්ගේ researches එළි දක්වනවා. ඊට අමතරව subject related centers වල පවත්වන විවිධ panel discussions වලදී ද research papers එළි දක්වනවා. මමත් පෞද්ගලිකව එවැනි panel discussions වලට සහභාගි වෙලා තියෙන නිසා කියන්නේ; මෙතනදී මම කතා කරන්නේ Arts Subjects ගැන පමණයි. ඔයා නියෝජනය කරන Science Subjects ගැන නම් මම දන්නේ නෑ.

    “මාර්කට් කර ගන්න බැරි අදක්ෂයින්” කියන්නේ science, maths related subjects uniහි කරලා එළියට ඇවිල්ලා තම සෙසු සගයන් හා සමානව විකිණෙන්න බැරි අය උපාධිධාරීන්. Arts subjects ගැන එහෙම ප්‍රස්තූතයක් ගොඩ නගන්න න්‍යායාත්මකව බෑ.

  6. Grey says:

    ඔය කියන සිම්පොසියම් වලට මමත් රිසර්ච් පේපර් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාතිකව ලංකාව නියෝජනය කරලත් තියෙනවා. මම කොහෙවත් කිව්වේ නෑ අපි රිසර්ච් කරන්නේ නෑ කියලා, මම කියන්නේ කරන රිසර්ච් සාපේක්ශව අඩුයි කියන එක. අනික තමා ඔය රිසර්ච් කරත් ඒවා පොතටම සීමාවෙනවා, ප්‍රායොගිකව යොදාගන්නේ නෑ. මොරටුවේනම් කිහිපයක් ප්‍රායොගිකව යෙදවෙනවා. ඒකයි මම කියන්නේ දැනුම් නිශ්පාදනයේ ප්‍රශ්න තියෙනවා කියලා.

    ඔය මොන නියාය දැම්මත් ප්‍රායොගිකව එලියේ තියෙන ප්‍රශ්නේ ගැනයි මම කියන්නේ. මොනවා කරත් මාර්කට් කරන්න බැරිනම් ඉතින් දෙයියන්ගේ පිහිටම තමා. කලා විශයන් කරන්නේ රස්සාවන් බලාපොරොත්තුවෙන් නෙවෙයි නම් ඒක එයාලගේ තීරනයක්. එහෙනම් ඉතින් ඊට පස්සේ ආන්ඩුවට කෑගහන්නත් ඕනේ නෑ.

    දන්නේ නැති නිසා අහන්නේ,
    ඔබතුමා හිතන විදිහට කලා විශයන් කරන්නේ රස්සාවලට නෙවෙයිනම් මොනවටද?
    ඒ වගේම ඔය කොන්ටෙක්ස්ට් එකේ කලා උපාධිදාරියෙක් ආර්තිකව නඩත්තු වෙන්නේ කොහොමද?

  7. Niranjan says:

    “…කලා විශයන් කරන්නේ රස්සාවලට නෙවෙයිනම් මොනවටද?”
    – මෙහි පහත දක්වා ඇති urlහි තියෙන බ්ලොග් පෝස්ට් එකේ ප්‍රවීන් ඉන්ද්‍රනාමට මා ලියා ඇති replies කියවා බලන්න. ඒවායේ මගේ අදහස පැහැදිලිව දක්වා තියෙනවා.
    http://niraarts.blogspot.com/2010/07/answer-to-so-called-aruna-sir.html
    “…ඒ වගේම ඔය කොන්ටෙක්ස්ට් එකේ කලා උපාධිදාරියෙක් ආර්තිකව නඩත්තු වෙන්නේ කොහොමද?”
    – ඒ සඳහා නිපුණතා ප්‍රගුණ කළ යුතුය. මෙම නිපුණතා උපාධිය සමග ප්‍රගුණ කළ හැකි ඒවා වේ. (මේකයි කියා නිපුණතාව ලඝු කොට කිව නොහැකියී.) ලංකාවේ නොවන්නේද මෙයයි.

    • arunasir says:

      ඔබතුමා ඔය කරන්නේ ලස්සන වචන වලිං කරන හරඹයක් විනා වෙන යමක් නෙවෙයි. ප්‍රායෝගික නැත්තං කිසිම දේකින් වැඩක් නෑ. මොරටුව ගැන මෙතන සදහන් වෙනවා. මමත් සාක්කියි ඒකට. ලංකාවේ පාසල්1100 කට වඩා වැඩි ගනනක් අන්තර්ජාල පහසුකම් දීල ඒවගේ නඩත්තු කරනගමන් සරළ හැම දෙනාටම වැටහෙන (පොත්වල ලොකු වචන දාල බේරෙන්නේ නැතුව) පාසල් ජාලය කරන් යනවා ඔවුන්. ප්‍රශංසනීයයි.

      අලුතින් පාසල් වලට ආ ඔබ නියෝජනය කරන උපාධිධාරීන් අඩුම තරමේ සිංහල භාෂා දිනයට වේදිකාව සරස ගන්න හෝ නොහැකි අය ඉන්නවා. විශේෂ ගනයේ උපාධි තියෙන අයත් ගැනත් දන්නවා.මෙතන මේවා ලියන්න බෑ.
      ප්‍රායෝගික නැත්තං කිසිම දේකින් අද තියෙන සමාජෙට වැඩක් නෑ. අහිංසක දෙමාපියන්ගෙන් නඩත්තු වෙවී මැරෙන කම් පොත් බදාගෙන විභාග ලිය ලියා ඉන්නවට වඩා ගෙදර ගොටුකොල පාත්තියක් හදං ඒව මිටි බැදං පොළට ගිහිං විකුනං එන සා පෙළත් වැටිච්ච කොලුපැටියා රටක් වටිනවා.

    • Grey says:

      උපාධිය කරන්නේ රස්සාවක් බලාගෙන නෙවෙයි නම් වෙන්න ඕනේ ලිප්ටන් වටරවුමේ ඉන්න එක නෙවෙයි මගෙ හිතේ. කලා උපධියෙන් නිපුනතා වර්ධනය නොවෙන බව නම් සහතික ඇත්ත.
      ඔබ දරන මතය ඔබගේ බ්ලොග් එකෙන් බොහොම පැහැදිලි වෙනවා. කරගෙන යන්න…බොහොම හොදයි…තමන්ව හරියට මාර්කට් කරගන්න පුලුවන්වෙලා විශ්වවිද්යාල ආචාර්ය කමක් ලැබුනොත් හොදයි… එහෙම නැත්නම් ඉතින්…

  8. Taboo Subjects says:

    විශ්ව විද්‍යාල ආචාර්යවරයකු හැටියට මට කියන්නට ඇත්තේ අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය යනු අධිකව මුදල් වැයවන, එහෙත් රටට මේ වැයවන මුදලට කිසිසේත් සරිලන සේවයක් නොසපයන මෝඩ එක්ස්පෙරිමන්ට් එකක් (an extremely costly and stupid experiment that never justifies the investment) බවය. මම විශ්වවිද්‍යාල තුළදීත් පිටදීත් බුද්ධිමතුන් ද මෝඩයින්ද හමුවී ඇත්තෙමි. ඒ අනුව කිව හැක්කේ කෙනකුගේ උගත්කමට බුද්ධියට හෝ හැකියාවන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතර සම්බන්ධය අවම බවයි. සමහර විශ්වවිද්‍යාල උපාධිධරයන්ට වඩා O/L ළමයිනුත් බුද්ධිමත්ය. ප්‍රසිද්ධියේ කියන්නට ලජ්ජා වුනත් මේ ඇත්තය.

    – Taboo

    • කඩවර says:

      මෙය බොහෝ දුරට මෝඩ ප්‍රශ්නයක් විය හැක… 🙂 විශ්ව විද්‍යාල යනු මෝඩ එක්ස්පරිමන්ට් එකකි. එය ඇත්ත විය හැක. එසේනම් ටැබූ තවදුරටත් විශ්ව විද්‍යාල ආචාර්යවරයකු හැටියට කරන්නේ ඒ මෝඩ ක්‍රියාවලියට ආධාර දීමක් නොවේද… එය ටැබූගේ දර්ශණයට එකඟද…
      වරදවා වටහා නොගන්න… මම විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූවෙක් නොවේ…

      • arunasir says:

        බොහෝකල් සිදුවන හරි හෝ හොදයි කියා සම්මත නමුත් වැරදි හා නරක දේවල් එක් සැනයකින් හෝ එක් පුද්ගලයකු වෙනස් වීම මගින් සිදු වන්නේ නැත. එය සම්පූර්ණ සමාජය වෙනස් වීම මගින් කල යුතුය. ටැබූ කලේ එය යැයි මම සිතමි.

      • කඩවර says:

        අරුණ සර් බොහෝම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීමට.තනි පුද්ගලයකු වෙනස් වීමෙන් මුල් බැසගත් වැරදි දේවල් වෙනස් කල නොහැකි බව ඇත්ත. ඒත් සම්පූර්ණ සමාජය එකවර වෙනස් වනවා යන්න තාර්කික නැහැ නේද.
        ඇත්තටම මා බලාපොරොත්තු වූයේ ටැබූ සමාජයේ වැරදි දකින යථාර්තවාදියකු වෙලත් ඔහු විසින්ම නිරුවත් කරන සමාජයේම ඔහුත් තවත් එක් චරිතයක් විතරමද එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් තියෙනවාද යන්න පැහැදිලි කර ගැනීමටයි.

      • arunasir says:

        දැන් මං දන්න දේ මේක. හැමෝම දන්නවා ඔන්න ඔය කාරණාව. තනි පුද්ගලයකු වෙනස් වීමෙන් මුල් බැසගත් වැරදි දේවල් වෙනස් කල නොහැකි බව. මං කලිං කිව්ව වගේ පද්දතියක කොටසක් වෙලා ඉදං ඒක වෙනස් කරන්න හඩ නගන එකවත් නොකරන කී දෙදෙනෙක් ඉන්නවද? ලෝකේ අලුත් වෙන්නේ අලුතින් හිතන පුද්ගලයින් නිසායැයි මං හිතන්නේ. හැමදාම ඉහල ඉන්න කෙනා කියන දේ කරන සමාජයක් අලුත් වෙන්නේ නෑ. ඔබ මතු කල කාරණයේදී ටැබූ අපිට වඩා ගොඩක් ගොඩාක්ම ඉදිරියෙන් ඉන්නවා. මෙතනදී අඩුවැඩියෙන් අපි හැමෝම කරන්නේ ටැබූල දකින තාර්කික සමාජය ගොඩ නගන්න වලිකන එක.නමුත් ඒක සිද්ධ වෙන්නේ තම තම නැණ පමණින් බිම් මට්ටමේ දී. ලියන එක කියවන අපි එකේ කොටස් කාරයෝ වෙනවා. නමුත් සමාජය වෙනස් වීම දාම ප්‍රතික්‍රියාවක් කියා කිව්වොත් ඒකට වැඩිම කාලයක් ගතවෙන්නේ මිනිස්සු වෙනස් වන පියවරට. ඒක සිදු වෙන්නේ ඉතාමත්ම සෙමින්. ඉතිං එතකොට අපට හිතෙනවා වෙනස් වෙන්න කියලා බල කරන පුද්ගලයා වැරදි කරන ගමන් අපි හදන්න එනවද කියලා. ඇත්ත ඇත්තටම ඒක නෙවෙයි.

  9. Niranjan says:

    @ Grey :

    “උපාධිය කරන්නේ රස්සාවක් බලාගෙන නෙවෙයි නම් වෙන්න ඕනේ ලිප්ටන් වටරවුමේ ඉන්න එක නෙවෙයි මගෙ හිතේ…”
    – That decision up to you.
    “…කලා උපධියෙන් නිපුනතා වර්ධනය නොවෙන බව නම් සහතික ඇත්ත.”
    – මේක නිකන් ශාස්ත්‍ර උපාධියට අපහාස කිරීමක් වගේනේ. යෝජනා කරන්න කැමතියි ; සොයා බලන්න “පරමාදර්ශී Arts උපාධිය” යනු කුමක්ද කියා.
    “…විශ්වවිද්යාල ආචාර්ය කමක් ලැබුනොත් හොදයි… එහෙම නැත්නම් ඉතින්…”
    – මම නම් එදා බලාපොරොත්තු වුණෙත් නෑ; අද බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ලැබුණොත් කර ගෙන යන එක වෙනම දෙයක්. ( ලොකු බලාපොරොත්තු මගේ නෑ. )
    නැතත් ගැටලුවක් නෑ.

    @ arunasir :

    “…ලංකාවේ පාසල්1100 කට වඩා වැඩි ගනනක් අන්තර්ජාල පහසුකම් දීල ඒවගේ නඩත්තු කරනගමන් සරළ හැම දෙනාටම වැටහෙන (පොත්වල ලොකු වචන දාල බේරෙන්නේ නැතුව) පාසල් ජාලය කරන් යනවා ඔවුන්…”
    – ‘හැම දෙනාටම වැටහෙන විදිහට’ school net එකේ technical side එක එයාලා කියලා දෙනවද?
    “…අලුතින් පාසල් වලට ආ ඔබ නියෝජනය කරන උපාධිධාරීන් අඩුම තරමේ සිංහල භාෂා දිනයට වේදිකාව සරස ගන්න හෝ නොහැකි අය ඉන්නවා…”
    – Sri Lankan Arts degree does not teach to interior decoration. Though we can’t expect Arts degree holders act like interior decorators. ඇයි සිංහල භාෂා දිනය අමුතු දිනයක් ද? අනික් දින වෙනත් භාෂා වලට යොදලද? හැමදාම සිංහලෙන් නම් කතා කරන්නේ එක දිනයක් පමණක් පාසල් වල සැමරීම මෝඩ අදහසක් බව තමයි මගේ නම් අදහස.
    “…දෙමාපියන්ගෙන් නඩත්තු වෙවී මැරෙන කම් පොත් බදාගෙන විභාග ලිය ලියා ඉන්නවට වඩා ගෙදර ගොටුකොල පාත්තියක් හදං ඒව මිටි බැදං පොළට ගිහිං විකුනං එන සා පෙළත් වැටිච්ච කොලුපැටියා රටක් වටිනවා…”
    – That is up to you. මේක හරියට නරියා මිදි තිත්තයි කියූ කතාවට සමාන කතාවක්…

  10. Grey says:

    “…කලා උපධියෙන් නිපුනතා වර්ධනය නොවෙන බව නම් සහතික ඇත්ත.”
    – මේක නිකන් ශාස්ත්‍ර උපාධියට අපහාස කිරීමක් වගේනේ.

    That is up to you….

  11. Niranjan says:

    @ Grey :
    “…කලා උපධියෙන් නිපුනතා වර්ධනය නොවෙන බව නම් සහතික ඇත්ත.”
    – මේක නිකන් ශාස්ත්‍ර උපාධියට අපහාස කිරීමක් වගේනේ.

    That is up to you….
    ——————-
    ඔයාට ඉහත දේ ජෝක් එකක් වගේ පෙන්නේ ඔයාගේ අඩු දැනුම නිසා ( නැත්නම් තේරුම්ගන්න අකැමති තක්කඩිකම නිසා ) ඔයා පිළිගත්තත් නැතත්.
    මම කිව්වේ ඔයා වර්ණනා කරන ධනවාදී වෙළඳපලට ගැලපෙන නිපුණතා මිසක් වෙන දෙයක් නෙවේ. සරල උදාහරණයකින් කිව්වොත් මා අධ්‍යයනය කළ ජාත්‍යන්තර නීතිය, විදේශ ප්‍රතිපත්ති විෂයයන් ඔයාට බෑ. දාර්ශනික පැහැදිලි කිරීම් ඔයාට බෑ. දේශපාලනික විශ්ලේෂණයන් ඔයාට බෑ.
    ශාස්ත්‍ර උපාධිධාරියෙක් වශයෙන් මට ඒක තියෙනවා.
    ඉන් නිපුණතා මා සතුව නොමැති බව කියවෙන් නෑ. ඒ නිපුණතා වලට අභියෝග කළ නොහැකියි.

    ඒක නිසා උපාධි වලට වහෙන් ඔරෝ අපහාස කරන එක තුප්පහි තක්කඩිකමක්. ( ඔයා හිතාමතාම, දැනුවත්වයි ඉහත ප්‍රකාශය කළේ )

  12. Grey says:

    හික් හික්.. මම මොන ප්‍රකාශේ කරත් ඒක ගැන හිතාමතා දැනුවත්වතමා කරන්නේ.

    හැබැයි මම කිව්වේ that’s up to you කියලා. ඉතින් ඔයා හදවතට එකගව හිතන් ඉන්නදේ මත පදනම් කරගෙන තමා ඔයා මට උත්තර දීලා තියෙන්නේ. නැතුව මම කියපුදේ පදනම් කරගෙන නෙවෙයිනේ. හික් හික්….

    මගේ දැනුමගැනයි, මට බැරි පුලුවන් ඒවා ගැනයි ඔබට හොදට වැටහිලා වගේ.. අනේ වාසනාවන් කොමෙන්ට් දෙක තුනකින් ඔච්චර විශිශ්ට නිගමනවලට එන්න, ඔබතුමා අතිදක්ශයෙක්නේ…

    අනික මේ යස අගේට සිංහලෙන් කියන්න පුලුවන් වැකි ඉන්ග්‍රිසියන් ලියවෙන්නේ ඇයි හිටිගමන්? සිංහලෙන් ලියන ගමන් මැදින් ඉන්ග්‍රිසිය දාන්න අමතර මහන්සියකුත් වෙන්න ඕනේ නිසා ලේසියනම් වෙන්න බෑ.
    ඔබතුමා ඉන්ගිරිසිය දන්න බව පෙන්වන්නද? ඊට පස්සේ ඒකේ තේරුම ආයේ සිංහලෙනුත් ලියන්නේ ඇයි? මට හිතෙන්නේ මේක කියවන අය ඉන්ගිරිසි නොදන්න නිසා වෙන්න ඇති.. ඉතින් එතකොට අර මුලින්ම සිංහලෙන් ලියන්න පුලුවන් කම තිබෙද්දි ඇයි ඉන්ගිරිසිය?
    මට වැටහෙන්නේ නෑ. මගේ හිතේ ඒකත් අර මට බැරි ගොඩට එන එකක් වෙන්න ඇති.
    සිරාවටම නොදන්න නිසා අහන්නේ…

  13. arunasir says:

    – ‘හැම දෙනාටම වැටහෙන විදිහට’ school net එකේ technical side එක එයාලා කියලා දෙනවද?
    ඔව්. මුනුත් ප්‍රශ්නයක් තියෙනවද? හැබැයි මමත් දේශන වලදී වැටී වැටී පැහැදිලි කලක් අලුතින් ආපු උපාධිගුරුවරු අනේ සර් ම සෙටප් එක දාල දීල යන්න කියපු වෙලාවල් අනන්තයි.

    – Sri Lankan Arts degree does not teach to interior decoration. Though we can’t expect Arts degree holders act like interior decorators.

    සබුද්ධික මිනිස්සුන්ට පුළුවන් තමං එක තැනක ඉගෙන ගත්තු දැනුම වෙනත් තැනකට ගැලපෙන විදියට නිර්මාණාත්මකව යොදා ගන්න. interior decoration කියන වචනය ඔතනට ගැලපෙන්නේ නෑ. සරලව අකුරු කීපයක් කපා ගන්න. පොල්තෙල් පහනක් ලෑත්ති කරා ගන්න තියෙන්නේ. දැං ඔතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඕක උගන්න්නේ නැත්තං බලං ඉදලා හරි කරනවා ඉස්කෝලේ ළමයි හෝ ඒ කාලේ. කැම්පස් ගිහිං ආවට පස්සේ බැරි ඇයි??? සරළවම නිපුණතා කියන එව්ව නැතිකම,

    Head,Hand,Heart කියන තැං තුනම අධ්‍යාපනය ලැබූ අයකුගේ සංවර්ධනය විය යුතුයි. නැත්තං ඔබතුමා වගේ තප්පුලනවා ඇරෙන්න වෙන වැඩක් නැති වෙනවා. ප්‍රොයෝගික නැත්තං කිසිම දේකින් වැඩක් නෑ.

    /*ඇයි සිංහල භාෂා දිනය අමුතු දිනයක් ද? අනික් දින වෙනත් භාෂා වලට යොදලද? හැමදාම සිංහලෙන් නම් කතා කරන්නේ එක දිනයක් පමණක් පාසල් වල සැමරීම මෝඩ අදහසක් බව තමයි මගේ නම් අදහස./*

    හරිම smart නේ ඔබතුමා. ඕක අපේ රටේ සිංහල විෂය භාර ආචාර්ය වරුන්ටම කියන්න පුළුවන්නේ. ඔබතුමා අපට වැඩිය එතෙන්ට කිට්ටු ඇතිනේ. එහෙමනම් ඔබ විශ්ව විද්‍යාලයේ කලා උළෙලක් කරන්නේ ඇයි??සාහිත්‍ය උත්සවය ඇයි?
    ඔව්ව මොන කතා වගේද දන්නවද අල්ලගත්ත කක්කුට්ටා කාලා නිකං ඉන්නේ නැතුව හූ කියන නරිය වගේ කතා. ඒ කතාවේ නරිය ගොවියගෙන් මැරුං කතවා. මේ කතාවේ ඔබතුමාලා නිසා මිනිස්සු විශ්ව විද්‍යාල වලට යොදන සල්ලි නාස්ති කරනවාම තමයි කියලා කන්ෆර්ම් කර ගන්නවා හැම තැනම එහෙම නූනත්.

  14. myself says:

    ජාත්‍යන්තර නීතිය, විදේශ ප්‍රතිපත්ති විෂයයන් ඔයාට බෑ. දාර්ශනික පැහැදිලි කිරීම් ඔයාට බෑ. දේශපාලනික විශ්ලේෂණයන් ඔයාට බෑ.

    menna mewa yam tharamakata hoo dana gaththama…
    pahath nipuna thawayan athi wenawa..
    minissunwa kade yaweme hakiyawa..
    carrot kaweeme hakiyawa..
    loke pura athi okkoma tharka idiripath kara.., siyaluma prashna walata wisadum godaak thiyana bawa penawa.. wisadumak nodime hakiyawa..

  15. Taboo Subjects says:

    //ජාත්‍යන්තර නීතිය, විදේශ ප්‍රතිපත්ති විෂයයන් ඔයාට බෑ. දාර්ශනික පැහැදිලි කිරීම් ඔයාට බෑ. දේශපාලනික විශ්ලේෂණයන් ඔයාට බෑ.//

    මම ඉහත කිසිම විෂයයක් O/L වලින් ඔබ්බට සම්ප්‍රදායික මාර්ගයේ උගෙන නැත්තෙමි. මා කළේ විද්‍යා විෂයයන්ය.

    එහෙත් ඉහත විෂයයන් බැරිද පුළුවන්ද යන්න ප්‍රායෝගිකව ඔප්පු කර ඇත්තෙමි.

    මේ එක විෂයයක් වත් ඉගෙන ගන්නට විශ්ව විද්‍යාල වලට යායුතු නොවේ. පුස්තකාල, ඉන්ටර්නෙට්, පොත් කියා දේවල් ඇත්තේ ඒකටය.

    උගතුන් ඉන්නේ විශ්ව විද්‍යාලයන්හි පමණය, උගතුන් බිහිවන්නේ විශ්වවිද්‍යාලවලින් පමණය සිතන්නා අපේ සමාජය ගැන මළපොතේ අකුරක් වත් නොදන්නෙකි.

    – Taboo

  16. Niranjan says:

    @ Grey:
    නෑ ඔයා කිව්වේ That is up to you…. කියලා…. හික්ස්….
    “…ඔබතුමා ඉන්ගිරිසිය දන්න බව පෙන්වන්නද?…”
    – අපෝ නෑ. ඕනෙනම් හින්දි භාෂාවෙනුත් ( දෙමළනුත් තරමක් දුරට ) ලියන්න පුලුවන්.
    “…මට වැටහෙන්නේ නෑ. මගේ හිතේ ඒකත් අර මට බැරි ගොඩට එන එකක් වෙන්න ඇති.
    සිරාවටම නොදන්න නිසා අහන්නේ…”
    – හික්… හික්… That is up to you…. (as you said.)

    @ Aruna sir:
    “…මුනුත් ප්‍රශ්නයක් තියෙනවද?…”
    – අපෝ නෑ. නිකන් අහන්නේ ඔයාලගෙ ඉස්කෝලෙට කොච්චර විතර speed එකක් එනවද?
    “…ඕක උගන්න්නේ නැත්තං බලං ඉදලා හරි කරනවා ඉස්කෝලේ ළමයි හෝ ඒ කාලේ. කැම්පස් ගිහිං ආවට පස්සේ බැරි ඇයි???…”
    – කොපි කරන එක වැරදි නිසා.
    “…සරළවම නිපුණතා කියන එව්ව නැතිකම,”
    – කොපි කිරීමේ නිපුණතාවය… හික්ස්
    “…එහෙමනම් ඔබ විශ්ව විද්‍යාලයේ කලා උළෙලක් කරන්නේ ඇයි??සාහිත්‍ය උත්සවය ඇයි?…”
    – ඒක මෙහෙමයි. එක් ශිෂ්‍ය සංවිධනයකින් තමා අපේ පීඨයේ කලා උළෙල කරන්නේ. ඒ කලා උළෙල කියන එක ඒගොල්ලන්ගේ එකක්; එයාලාම නිර්මාණ කියල එකක් ඉදිරිපත් කරනවා; එගොල්ලොම විනිශ්චය කරනවා; එගොල්ලොම තෑගි දී ගන්නවා. junior batch එකෙන් ගොඩ යනවා. ඒ වගේ ව්‍යාපෘතියක්. සරලව ඒක එයාලගේ වැඩක්.
    අනික හැම වර්ෂයකදිම ඕක පවත්වන්නේ නැති බවකුත් තියෙනවා. ඒ වගේම අනික් පීඨ වලින් active participation එකක් ද ඕකට නෑ. Arts faculty එකේ බොහෝ ශිෂ්‍යයන්ද ඒකට නෑ.
    සාහිත්‍ය උත්සවය කියලා එකක්නම් අහලා නෑ.

  17. Niranjan says:

    @ Taboo:
    “මම ඉහත කිසිම විෂයයක් O/L වලින් ඔබ්බට…”
    – ලංකාවේ O/L වල (local curriculum) ඔය කිසිදු විෂයක් උගන්වන්නේ නැත; ඉගැන්වූවේද නැත. ඔයා කළේ London O/L ද?
    “…මා කළේ විද්‍යා විෂයයන්ය.”
    – දනිමි. කැළණිය සරසවියේ staff එකේ බවටද විස්වාසයක් පවතී.
    “එහෙත් ඉහත විෂයයන් බැරිද පුළුවන්ද යන්න ප්‍රායෝගිකව ඔප්පු කර ඇත්තෙමි.”
    – කොහෙද?
    “…මේ එක විෂයයක් වත් ඉගෙන ගන්නට විශ්ව විද්‍යාල වලට යායුතු නොවේ. පුස්තකාල, ඉන්ටර්නෙට්, පොත් කියා දේවල් ඇත්තේ ඒකටය.
    – පුස්තකාල, ඉන්ටර්නෙට්, පොත් කියා දේවල් ඇති බව නම් සත්‍යයි. එනම් පුස්තකාල ඇත පොත් නැත. internet ඇත direct accessing නැත (Wikipedia නොවේ). පොත් ඇත facts නැත.
    මා මේ කීවේ සාමාන්‍ය වෙළඳපොලේ, සාමාන්‍ය පුස්තකාලයේ ඇති තත්ත්වයයි. විෂයේ ප්‍රවීණයකුගෙන් එකී විෂය හදාරනවා වගේ නොවේ ඔබ කියනා විදියට කරන එක. එහෙම කරන්න නම් academic library එකක්ම පරිශීලනය කළ යුතුයි. හැමෝටම academic libraries use කරන්න දෙන්නේ නැති විත්තියත් දන්නවනේ. academic libraries use කරන්න පුලුවන් නම් subject එක ඉගෙන ගැනීම අසීරු නෑ. හැමෝටම එහෙම බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. උදා. කොළඹ කෞතුකාගාර පුස්තකාලය use කරන්න පුලුවන් නම් ඉතිහාස විෂයේ blank spots හඳුනා ගන්න පුලුවන්.
    පොඩි දෙයක්, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳව ලියවුණු කෘතීන් කිහිපයක් (annotated bibliography) කියන්න පුලුවන්ද? සරලව ලංකා විදේශ ප්‍රතිපත්තියේ ජාතික අභිලාශ මොනවද(Wikipedia අදහස් නෙවේ)?
    “උගතුන් ඉන්නේ විශ්ව විද්‍යාලයන්හි පමණය,උගතුන් බිහිවන්නේ විශ්වවිද්‍යාලවලින් පමණය…”
    – මෙහෙම ප්‍රස්තුතයක් මම කිසිම තැනක කියලා නෑ. ඔයා හිතෙන් මවා ගත්ත නිගමනයක් ඔය කියන්නේ. විශ්ව විද්‍යාල වලට පිටතින්ද උගතුන් සමාජගත වන බව මම දනිමි.
    “…අපේ සමාජය ගැන මළපොතේ අකුරක් වත් නොදන්නෙකි. ..”
    – හික්ස්..

  18. Grey says:

    මම ඔබතුමාගේ බාසා දැනීම ගැන අහුවේ නෑ. මම කිව්වේ that’s කියලා…ඒක that is කියන එකට සමානයි මම දන්න ඉන්ගිරිසියේ නම්..ඔයාගේ එකේ වෙනස්ද නැත්ද කියලා මම දන්නේ නෑ.
    අපි ඔයවගේ කතා කිව්වේ දෙකේ පංතියෙදි. ජාත්‍යන්තර නීතිය, විදේශ ප්‍රතිපත්ති, දාර්ශනික පැහැදිලි කිරීම්, දේශපාලනික විශ්ලේෂණයන්වලදිත් ඔහොම වෙන්න ඇති නේද තර්ක කරන්නේ?

    ඉතින් මට හිතාගන්න කියන නිසා මම මෙහෙම හිතාගන්නම්. ඔහොම එක බාසාවකින් ලියලා අනිත් බාසවෙනුත් ඒක ලියන්නේ ගොඩක් වෙලාවට හීනමානෙන් පෙලෙන අය…එහෙම නැත්නම් සිංහලෙන් ලියන එක මදි පුන්චි කමක් කියලා හිතන අය.

    “…ඕක උගන්න්නේ නැත්තං බලං ඉදලා හරි කරනවා ඉස්කෝලේ ළමයි හෝ ඒ කාලේ. කැම්පස් ගිහිං ආවට පස්සේ බැරි ඇයි???…”
    – කොපි කරන එක වැරදි නිසා.
    කොපි කරන එක හැමවිටම වැරදිද?
    එහෙම නම් අද දකුණු අප්‍රිකාවේ ඒඩ්ස් වලට බෙහෙත් නිශ්පාදනයේ ඉදන් අපේ ත්‍රිපිටකය එහෙම නැත්නම් ඔබතුමාල හදාරල තියෙන ප්‍රජාතන්ත්‍රවාදයත් නෑනේ.
    ප්‍රායොගික දේවල් තියෙනවා බලන් ඉදලා ඉගෙන ගන්න ඔනේ…tacit knowledge කියන්නේ ඒවට.
    අපේ අම්ම ආච්චි උයනවා බලන් ඉදලා උයන්න ඉගෙන ගත්තේ…අද නංගි අම්ම උයනවා බලන් ඉදල උයනවා.
    පුහුනුකරුවා බැට් එක අල්ලන විදිහ බලන් ඉදලා, බෝල දාන විදිහ බලන් ඉදලා තමා මුලින්ම ගොඩක් ළමයි ක්‍රිකට් පුරුදුවෙන්නේ. මාවන් අතපත්තුවගේ තාක්ශනයෙන් පිරිපුන් අය බිහිවුනේ එහෙම පුරුදුවෙලා තමයි කියලා ආනන්දෙන්ම බිහිවෙච්චි කෙනෙක් වෙච්චි ඔබ නොදන්න එක ගොඩක් කනගාටුදායකයි.

    “සිංහලෙන් නම් කතා කරන්නේ එක දිනයක් පමණක් පාසල් වල සැමරීම මෝඩ අදහසක් බව තමයි මගේ නම් අදහස.”
    තමන්ගේ දැනුම් මට්ටම බොහොම පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා මේකෙන්ම. ඔයවගේ දේකදි එව කරන අයගේ සංවිධාන ශක්තිය වැඩිවෙනවා, කලමනාකරනය පුරුදුවෙනවා, නායකත්වය වර්ධනය වෙනවා, අනිත් අය සමග හොදට මුසු වෙන්න හොදට අදහස් ප්‍රකාශ කරන්න, අන් අයගේ මත ඉවසන්න පුරුදුවෙනවා. ඔයවගේ ප්‍රායොගික දේවල් වැඩක්නෑ කියල නිකන් ඉන්න නිසා තමා ගොඩක් අයට අද ලිප්ටන් වටරවුම උරුම වෙලා තියෙන්නේ.

  19. Taboo Subjects says:

    //සරලව ලංකා විදේශ ප්‍රතිපත්තියේ ජාතික අභිලාශ මොනවද?//

    හි හි හි හි, ඔන්න ජෝක් එකට හිනා වුනා.

  20. Niranjan says:

    @ Grey:
    ඇයි ඔයාමනේ ඒක ලියුවේ. දැන් ලැජ්ජ හිතුණද? හි. හික්…
    “අපි ඔයවගේ කතා කිව්වේ දෙකේ පංතියෙදි. ..
    – පංතියේ හිටියේ ගිය අවුරුද්දෙ ද? හික්ස්…
    “…ඔහොම වෙන්න ඇති නේද තර්ක කරන්නේ?”
    – ඔයා කලින් කියූ දෙයක් මම පහත ආකරයට වෙනස්කම් සහිතව උපුටා දක්වන්නම්.
    …හදවතට එකගව හිතන් ඉන්නදේ මත පදනම් කරගෙන තමා ප්‍රශ්නය නගන්නේ. නැතුව මම කියපුදේ පදනම් කරගෙන නෙවෙයිනේ. හික් හික්….
    “ඔහොම එක බාසාවකින් ලියලා අනිත් බාසවෙනුත් ඒක ලියන්නේ ගොඩක් වෙලාවට හීනමානෙන් පෙලෙන අය…’
    – ඇයි ඔයත් ඔහොම බ්ලොග් අවකාශයේ comments ලියනවා නේ. ඔයා කියන විදිහට ඔයත් හීනමානෙන් පෙලෙනවා???. හික්ස්….
    “…ඉදන් අපේ ත්‍රිපිටකය…නෑනේ.
    – ඈහ් ! ත්‍රිපිටකයත් කොපි කරපු එකක්ද? අම්මට සිරි.
    “…හදාරල තියෙන ප්‍රජාතන්ත්‍රවාදයත්…”
    – හදාරනවයි කොපි කරනවයි කියන්නේ දෙකක් නේද? හික්ස්…
    “…tacit knowledge කියන්නේ ඒවට.”
    – tacit knowledge = coping නියම සමීකරණය. හික් හික්
    “…අද නංගි අම්ම උයනවා බලන් ඉදල උයනවා.”
    – නංගිගේ කෑම අම්මගේ කෑමට වඩා රස ඒක හින්ද වෙන්න ඇති. ම්.ම්..ම්…හි
    “…එහෙම පුරුදුවෙලා තමයි කියලා ආනන්දෙන්ම බිහිවෙච්චි කෙනෙක් වෙච්චි…”
    – ඒක තමා ඉස්කෝලෙ කොපි කරන්න උගන්වනවයි කියන්නෙ… doesn’t matter whether it is Ananda or Royal, whatever; all are same.
    “…ඔයවගේ දේකදි එව කරන අයගේ සංවිධාන ශක්තිය වැඩිවෙනවා, කලමනාකරනය පුරුදුවෙනවා, නායකත්වය වර්ධනය වෙනවා,…අන් අයගේ මත ඉවසන්න පුරුදුවෙනවා…”
    – අතුරු ප්‍රශ්නයක්>> ඇයි එහෙනම් ජ’පුරෙ, කැළණියේ, පේරා යන uni වල අන්තරේ ජෙප්පන්ට නිපුණතා නෑ, මත ඉවසන් නෑ කියලා බනින්නේ? ම්.ම්..ම්.. හි හි de-constructed.
    “…ඔයවගේ ප්‍රායොගික දේවල් වැඩක්නෑ කියල නිකන් ඉන්න නිසා තමා ගොඩක් අයට අද ලිප්ටන් වටරවුම උරුම වෙලා තියෙන්නේ.”
    – දවසේ අදහස

    මේ ඇයි ඔයා දැන් අනික් අයට දාපු comments වලට උත්තර දෙන්නේ? මතු කරන්න තර්කයක් නැද්ද? හි හි තව ටික වෙලාවක් යනකොට ඔයා අරුණ සර්ගේ සංස්කෘතික හර පද්ධතිවාදයත් හරියි කියයි! හික් හික්
    විටකදි රස විටකදි වස වෙන එක කෙසේ වෙතත්; විටකදි වස විටකදි රස වෙන බව නම් පේනවා… හික්ස්

    @ Taboo:
    “හි හි හි හි, ඔන්න ජෝක් එකට හිනා වුනා.”
    – me too. lol

    • arunasir says:

      /*- අපෝ නෑ. නිකන් අහන්නේ ඔයාලගෙ ඉස්කෝලෙට කොච්චර විතර speed එකක් එනවද?/*
      අනේ මට පුදුම ඔබතුමාගේ දැනුම් සම්භාරයට පොඩි දේවල් මිස් වෙන්නේ කොහොමද කියලා? speed එකට කැම්පස් එක සම්භන්දයි නම් ඒ අය ඒක ගොඩක් කල් කරලා. පාසල් බොහෝමයකට දීල තියෙන්නේ SLT CDMA broadband කියන තාක්ෂණක්‍රවේදයෙන් ( දන්නා තරමින් තාමත් සාමාන්‍ය ජනතාවට මේ පහසුකම ලබා නොදේ) අන්තර් ජාල සබදතා SLT එකෙන්. spped එකට වග කියන්න ඔන ලිනක් එක දුන්න කෙනා මිසක් පැත්තක ඉන්න වෙන කෙනෙක් නෙවේ. ඕකට කැම්පස් එකේ කොළුපැටව් මක් කරන්නද??? අහපු නිසා කියන්නේ මට 15KB/s වේගයක් තියෙනවා. හැබැයි බලලා මල්ලෙන් පැන්නා නේද?? මේලොවේ දේකට වැඩක් නැති ශාස්ත්‍රවේදී උනාම උනු කැවුම් වගේ රැකියා ලැබෙන විද්‍යාවේදීන් ගැන කහටක් දැනෙනව නේද?

      ඇත්තටම දෙයක් බලාගෙන කිරීම කොපි කිරීමක් වෙන්න පුළුවන්. නමුත් එතන ඉගෙන ගැනීමකුත් සිද්ද වෙනව. මම අදහස් කලේ අන්න ඒ ඉගෙනුම ගැන. අනික එහෙනම් ඔබ ලබපු අධ්‍යාපනයත් කාව හරි කොපි කිරීමක් වෙනවනේ වක්‍රව. මෙතනදී සරලවම ඔබ උගුරට හොරා බෙහෙත් කනවා. තමංගේ බැරි කම වචන වලින් වහ ගන්න බව පේනවා.

      කොපි කිරීමේ නිපුනතාවය පැත්තකින් තියමුකෝ??? එතකොට සරළවම ඔබ ලබපු අධ්‍යාපනයෙන් ලබන නිපුනතාවය මොකද්ද කෙස් පැලෙන්න බොරු තර්ක නොකර???

      අනික පාසලේ සිංහල දිනය සමරන එක ගැන Grey මහත්තයා කිව්ව දේවල් ඇත්ත. ඒක ශාස්ත්‍රීය දැනුමෙන් හෙබි (මන්ද)බුද්ධි මතුන්ට නොතේරුනාට ලොව පුරා සිද්ධ වෙන කාරණයක්.

      /*“…ඔයවගේ ප්‍රායොගික දේවල් වැඩක්නෑ කියල නිකන් ඉන්න නිසා තමා ගොඩක් අයට අද ලිප්ටන් වටරවුම උරුම වෙලා තියෙන්නේ.”/*
      රත්තරං අදහසක් කියලයි මට කියන්න තියෙන්නේ. නිපුනතාවයකින් සපිරි (3H සංකල්පය) පිරිස් වලට කවදාවත් බෝඩ් උස්සන් ඉන්න වෙන්නේ නෑ. ෆයිනල්ස් ලියන්න කලිං රැකියා ලැබෙනවා.

      /*- ඒක මෙහෙමයි. එක් ශිෂ්‍ය සංවිධනයකින් තමා අපේ පීඨයේ කලා උළෙල කරන්නේ. ඒ කලා උළෙල කියන එක ඒගොල්ලන්ගේ එකක්; එයාලාම නිර්මාණ කියල එකක් ඉදිරිපත් කරනවා; එගොල්ලොම විනිශ්චය කරනවා; එගොල්ලොම තෑගි දී ගන්නවා. junior batch එකෙන් ගොඩ යනවා. ඒ වගේ ව්‍යාපෘතියක්. සරලව ඒක එයාලගේ වැඩක්.
      අනික හැම වර්ෂයකදිම ඕක පවත්වන්නේ නැති බවකුත් තියෙනවා. ඒ වගේම අනික් පීඨ වලින් active participation එකක් ද ඕකට නෑ. Arts faculty එකේ බොහෝ ශිෂ්‍යයන්ද ඒකට නෑ.
      සාහිත්‍ය උත්සවය කියලා එකක්නම් අහලා නෑ./*

      කුලපති, උපකුල පතිල ඉස්සරහා පුටු වල ඉන්නේ මොකටද එතකොට??? විශ්ව විද්‍යාලයෙන් මුදල් ලැබෙන්නේ නැද්ද ඒවට????

  21. arunasir says:

    @ taboo
    දැනට අව්රුදු තුනකට කලිං මේ පිටිසර ගමට ඇවිත් පරිගණක ඉංග්‍රීසි උගන්න්න ගත්ත. බ්ලොග් ගැන දැන ගත්තේ ඹබ තුමාගේ බ්ලොග් එකෙන්. ඔබතුමා ලියනදේවල් මම ගොඩක් කියවනවා. අද ඔබතුමා කමෙන්ට් කරලා තියෙනවා දකිද්දී අවුරුදු තුනකට කලිං හිතට දැනුන අභියෝග අපි යම්තරමකට හෝ ජය අරං කියලා හිතෙනවා. රජයේ සේවකයෙක් ලෙසත්, පාසැල් ගුරුවරයෙක් ලෙසත් නීති රීති වලට බැදී පවතිද්දීත් අපගේ වපසරියතුල අපි ලියනවා. ස්තූති වන්ත වෙනවා අදහස් දැක්වීම ගැන මගේ බ්ලොග් අඩවියේ.

  22. Taboo Subjects says:

    @අරුණ,

    ඔබ යන ගමන ගැන දුර සිට බලා සිටිමි.

    මේ සමාජය අතිශයින් තරගකාරීය. තමන්ට ළඟා වන්නට බැරිවූ ඉලක්ක වෙත අනෙකුන් ළඟා වෙද්දී අපේ සමාජයේ සාමාන්‍ය සිරිත තමන් වෙනස් වීම නොව අනුන්ට ඉරිසියා කිරීමය. ‘ගමේ බයියා’, ගමේ බයියා ලෙස තියා ගත් විට අපේ නගරයේ මධ්‍යම පාංතික මහත්වරුන්ට කරදරයක් නැත. ගමේ බයියා තමන්ට පමණක් උරුම යැයි ඔවුන් සිතා සිටින අඩවිවල පය තබන්නට එන විට ඔවුන්ගේ ඇස් වල කටු ඇනෙන්ට පටන් ගනී. ගමේ බයියා එතැනට එන්නට පළමු නියපොත්තෙන්ම කඩා දමන්නට දරණ උත්සාහය පසුපස ඇති රහස එයයි.

    මානිවත්ත අභික්ඛම්ම – නොනැවත ඉදිරියට යන්න. මේ නගරයේ මහත්වරුන්ට දිය හැකි හොඳම පිළිතුර එයයි.

    – Taboo

  23. Grey says:

    First of all sorry to write this in English, it’s Friday evening and I have more important things to do than explain stuff to you. So for the sake of saving my precious time which I’m going to spend with a beautiful lady I have to use English.
    Your earlier comment was nothing but blabbering. So I took only the parts which at least make some sense.
    And just FYI I don’t use English and Sinhala to write the same thing. I never write one sentence in English and translate it back to Sinhala. Quote one single place where I did that and I withdraw all my comments.
    Thripitaka was passed down from generation to generation, which can be categorised as coping in your context. Same goes to democracy where Greeks invented and then copied across all over the world. (Yes, with modifications but base concept remains same) So in that context if you haven’t given anything new to democracy you just copied the knowledge which exists earlier.
    And Aruna Sir and I may disagree on many things but that doesn’t mean that I have to disagree on everything he said. Same applies for Taboo as well. We are all differing in our way of thinking but we are humble and open-minded enough to accept and respect other people’s ideas. Unfortunately some people are not open for discussions based on facts.
    Finally problem with Jeppas:
    This is actually a good question. Most Jeppas are good organizers and good leaders. They got the talent and skills to become influential figures. Just like Wimal Weerawansa. (Just think what is wrong with that man) So why are they in front of Lipton Circus? Because they are lacking other skills. Since they spend most of time outside they don’t have necessary education knowledge compared to other people. Since their leadership skills were not properly sharpened they don’t know the limits and inherently aggressive. They don’t understand the difference between a company and non-profit organization. We don’t do charities as private firms. We always try to find the best person to suit our necessary criteria.
    So enjoy your weekend guys. I’ll be back on Monday (and reply in Sinhala) and if you have little free time during weekend read little bit more about explicit and tacit knowledge.

  24. CR says:

    නිකම් අහන්නෙ…ඔබ තුමා ඔබ තුමාටම සර් කියාගන්නෙ ඇයි?

    • arunasir says:

      උදාහරණයක් දෙනවද????

      • CR says:

        ඇයි ඔය profile එකේම තියන්නෙ Arunasir කියලා.

      • arunasir says:

        හැමෝම මට කියන්නේ එහෙම. මං නං කැමකි Mr.Aruna කියනවා නං. ඒක ඒ විදියටම දාල තියෙනවා. ඒකේ මුකුත් ගැටලුවක් තියෙනවද කියලා නං තේරුමක් නෑ.

  25. CR says:

    ඇයි ඔය profile එකේම තියන්නෙ Arunasir කියලා. එහෙම නේද?

  26. අමිල says:

    /*
    arunasir says:
    September 13, 2010 at 7:54 am

    උදාහරණයක් දෙනවද????
    */
    ඇඟිල්ල දික්කර සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බලා සිටින්නෝද ඇත.

    • පද්දා says:

      ඒ හැම දේටම දික් කොරන ඇගිල්ලෙ රග බලන්න කියල හිතෙන්නෙ නැත්ද බොලවු?

  27. Pingback: කූල්-ටූර් ඉංගිරිසිය හා ගමේ බයියාගේ ඉංගිරිසිය | Cultured English and Godayatik English « Taboo Subjects

  28. Very detailed info. I am very happy to I found this entry.. 🙂

  29. kwl says:

    Grey යනු රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන නොගත් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු ආයතනයක (SLIIT at Malabe) ඉගෙන ගත් අයෙකි. ඔහු ගැන ඔහු විසින්ම හෙළි කරන කරුණු මෙම urlඑකේ දක්වා ඇති කමෙන්ටුවෙන් දැන ගත හැකිය.
    http://mage-katha.blogspot.com/2010/11/blog-post_18.html
    එහෙයින් ඔහු රාජ්‍ය විශ්ව විද්‍යාල සම්බන්දයෙන් ඉහත කියන කරුණු ඔහුගේ උත්පත්තියේ වූ ගැටලුවක් මිස වෙන යමක් නොවන බව තතු දන්නෝ දනිති.

    සමාවෙන්න හිත රිදුණා නම්…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s