කෙල්ලයි මමයි, මගේ පුංචි කාලේයි…..


නිවාඩු මාසෙත් ඉස්කොලේ හිටියේ. අළුතෙන් 12 වසරට ICT පන්ති ටික කරනවා මේ දවස්වල. නිදහස් වේලාවක් නම් නැති තරම්. පුංචි කාලේ මම ගොඩක් ආදරයෙන් හිටපු කෙල්ල මතක් උනා. මම පුංචි කාලේ ගොඩක්ම ආදරේ කලේ කිරි අම්මටයි සීයටයි. අපේ සීයා සොභාදහමට ගොඩක් ආදරේ කෙනෙක්. කිරි අම්මත් එහෙමයි. පුංචි කාලේ මම සතුන්ට ගොඩක් ආදරෙයි. සීයා ගාව හරක් පට්ටි දෙකක් තිබුණා. එළ හරක් පට්ටියේ හිටපු කෙල්ලට අපි හැමෝම ආදරෙන් හිටියා. කෙල්ලට නම තිබ්බේ කවුද කියල නම් මට හරියට මතක නැහැ. අනෙකුත් එළදෙනන් හා කෙල්ල අතර ලොකු වෙනස් තිබුණා.කෙල්ල පුංචි ළමයින්ට හැබෑවටම ආදරේ කළා. පාසල් නිවාඩු කාලයේ අපි ගමට ආවත් කෙල්ලට අපිව හොදට මතක තිබුණා. අපේ පවුලේ බාල පරම්පරාව 12 දෙනෙක් විතර හිටියා. සීයා කෙල්ලව දුන්නේ ලොකු අම්මට. ලොකු අම්මා කෙල්ලව ආදරයෙන් බලා ගත්තා. නිවාඩුවට ගෙදර ගියපුවහම සරුංගල් යවන්න අපි ඉස්සර පුරුදු වෙලා හිටියා.වෙල් යායට දුවන අපි ඉස්සරවෙලාම සරුංගලය උඩු හුලගට යවනවා මොන දාංගැටයක් හරි දමලා. පස්සේ කාගේ හරි කොටුවකින් වෑවර කඩං කනවා සරුංගලය ගහක ගැට ගහලා. මම සීයාට කියලා කෙල්ලගේ කරට නගිනවා ඒ දවස් වල කොහොම හරි. කෙල්ල කාවදාවත් මාව වට්ටලා නැහැ. මුළු වෙල්යාය පුරාම කෙල්ල අපිව කරේ තියන් ඇවිදිනවා. ඉපනැල්ලට කෙල්ලගේ කකුල් තුවාල උනත් කෙල්ල කවදාවත් අපිව රිද්දන්නෙ නෑ.
මට මතකයි එක නිවාඩුවකට කලිං අම්මා අපිව ගමේ බයවන්න බෑ කිව්වා.  පස්සේ ලොකු අම්මා අම්මට කියලා තිබුනා  නංගී කොල්ලවයි කෙල්ලවයි එවපං මේ පාර කෙල්ල පැටව් ගහලා ඉන්නේ. ළමයි ඔක්කොම ඉන්නවා කියලා. කෙල්ලගේ පිහිටෙන් ඒ නිවාඩුවත් ගත්තේ අපි. කෙල්ලට පැටියෙක් ලැබිලා තිබුනා ඒ නිවාඩුවට මං ගමේ යනකොට. කෙල්ල රත්තිට හරිම ආදරෙයි. කෙල්ලගේ ලොකු විශේෂත්වයක් තිබුණා. කෙල්ල රත්තිට වගේම අපිටත් කිරි දුන්නා. අද ඉන්න ළමයින්ට අපි වින්ද මේ කිසිම දෙයක් නෑනේ දෙයියනේ??? මට මතකයි ලොකු අම්මගේ ලොකු දූ (අද ටීචර් කෙනෙක් ) බුරුල කට තියලා කිරි බ්ව්වා. කෙල්ල කවදාවත් පයින් ගැහුවෙ නෑ.පවුලෙ හිටපු ළමයි ගොඩක් කෙල්ලන්ගෙ කිරි බීලා තමයි හැදුනෙ.ඒ අතින් බලන කොට කෙල්ල අපි හැමෝගෙම කිරි අම්මා. වය‍සින් වැඩෙද්දිම නිවාඩු කාලෙට ගමේ යන එක අඩු උනා. නමුත් ගමට ලියන හැම ලිවුමකම කෙල්ලගෙ රත්තිගෙ විස්තර විස්තර අහන්න මම අමතක කළේ නෑ.

පිටි කිරි වලට මම පුංචි කාලේ ඉදලම කැමති නෑ.කෙල්ලගෙ කිරි බොන්න හුගක් ආසයි. නමුත් ගාල්ලෙ ආවම එළකිරි බොන්න විදියක් තිබුනෙ නෑ. මම ඉස්කෝලෙ එකොලහ වසරෙ ඉන්න කොටනිවාඩු කාලෙ ගමේ යන්න බැරි වුනා. මට මතකයි එක දවසක ලොකු අම්මා කෝල් කරලා කියපු පණිවිඩයක්. ළමයි එක්ක සෙල්ලම් කර කර හිටපු කෙල්ල ළමයි රැල පස්සෙන් දුවද්දි ඇළේ කැඩුණු කොන්ක්‍රීට් ලෑල්ලක කකුල වැටීම නිසා ඇළට ඇද වැටී බෙල්ල කැඩිල මැරිල තිබුනා. තකහනියෙන් මමත් නංගීත් කැටුව ගමේ ගියා මතකයි.

මේ සියළු දේ මතක් උනේ තාත්තා කෙනෙක් ඊයෙ පෙරේදා කිරි බෝතලයක් ගෙනත් දුන්නා. ඒක බීවාම මට මතක් උනේ එදා කෙල්ලගෙන්  බීව කිරි රසමයි. අපි එදා පුංචි කාලෙ හරිම නිදහසේ ස්වාභාවික දේ කාලා බීලා හැදුනා. ඒත් අද ළමයින්ට මේ කිසි දෙයක් නෑ. නරකම තත්වය ගංවල වෙල් ඉපනැල්ලෙ සෙල්ලම් කරන ළමයි අපි පුංචි කාලෙ වගේ සතුන් සමග ආදරයෙන් කරුණාවෙන් කටයුතු නොකිරීමයි. පිටි කිරි කියා විස බොන අපිට පිරිසිදු කිරි ලබා දෙන කෙල්ල වැනි තිරිසන් සතුන්ට අපි  කොතරම් ආදරය කළ යුතුද?

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in About, Advices, සේවා, My own comments, Smile and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

9 Responses to කෙල්ලයි මමයි, මගේ පුංචි කාලේයි…..

  1. milan says:

    apitat hitiya oyawage wessiyak.api uta kiwwe wessi amma kiyala.ut hariyata oya wage tama.kawadawat apita aninnawat hadala ne.apita hari adarey.mamay nangiy malliy uta thurul wela nidiyagena innawa.

    sthuthiy e matakaya awadi kalata.

  2. Pingback: මගේ පුංචි මිතුරා | My Little Friend « Taboo Subjects

  3. palaamalla says:

    ඒ සුන්දර අතීතය අද ළමයින්ට නැහ. ඒ තියා උන්ට කාටූන් එකක් බලන්න වත් කොහෙද වෙලාවක්. උන් හැල්මෙ දුවනවා රේස්.

    මටත් අතීතය මතක් උනා.

  4. Deepthi Jayatunge says:

    I had a cow when I was living in Maharagama. Many people wanted me to sell the cow and they felt it was not nice to waste my time on a small cow. I never did. I was looked up as a worng guy. ( When I used to go and buy Punnakku in my Pajero people looked as if there was some thing wrong.I used to say or its for us to eat as food prices are gone up.

    I have left many thing back in Sri lanka houses relations – but at nights I only remember and miss the small black cow ( given to me by mr Kingsly Jayasinghe of Vajirarama Dahampasala).

  5. RanDil says:

    ඔය වගේ ලස්සන අතීතයක් නම් නැහැ අපිට. ඒත් අපේ අම්මලාගේ කාලේ ඒ වගේ තිබිලා තියෙනවා. ඉස්සර ගම් වල ගෙවල් වල අනිවාර්යෙයන් එක හරකෙක් හරි ඉන්නවානේ. අපෙ අම්මලාගේ ගෙදර ගොඩාක් හරක් ඉඳලා තියෙනවා. වරක් එක පැටියෙක් අඩු වයසින් ඉපදිලා. එළු පැටියෙක් වගෙයිලු. සීතල පලාතනේ. රෑට අපේ අම්මා එයාව අරං තුරුල් කරන් නිදි කරනවාලු.
    ඔය වගේ විවිධ කථා වරින් වර කියලා තියෙනවා අපේ අම්මා. ඔහොම හිටපු හරක් රැළෙන් අන්තිමට අපිට මතක කලේ ඉතිරිවෙලා හිටියේ එක්කෙනායි. එයා පොහොරි. එයා නං අපි තුන්දෙනාට ඉරිසියා කලා කියලා තමයි අපි හිතන්නේ. ඒ කාලේ වෙද්දිත් එයා වයසයි. දතුත් හැලිලා. නිවාඩුවට ගියහම අම්මා එයාව නාවනවා. තණකොල කපලා දෙනවා. අම්මායි දුවයි වගේ හරි හුරතලේ ඉතිං. හැබැයි අපි ලඟට ගියොත් පුහ්………..පුහ්………… ගානවා. කො‍හොම හරි දවසක් ලොකු නංගි එයාව අත ගගා ඉඳලා, ඒ වෙලාවේ වහපු මැස්සෙකුට නංගී අත උස්සලා ගහලා. පොහොරි හිතලා ඒ එයාට අරියාදුවක් කලා කියලා. නංගිව පෙරලුවා. අහකට දුවලා ආපහු නංගී දිහාට එන්න යද්දීම අම්මා මහ හයියෙන් කෑ ගැහුවා පොහොරි කියලා. ඒපාර නොසෙල්වී බලා ගෙන හිටියා.

    එයා නං මැරුණේ වයසට ගිහින්. මේ කථාව කියවලා ඒ අතීතයට ගියා. ස්තුතියි අරුණ සර්.

    (අපේ ගෙදර කෙල්ල කියලා තව කෙනෙක් හිටියා. එයා නං බැල්ලක්)

  6. manik says:

    මේ කතාව කියවලා මටත් පුංචි කතාවක් මතක් උනා, ඒ උනාට මෙතන ලියන්න දිග වැඩි නිසා ඉක්මනට ඒක මගෙ බ්ලොග් එකේ කුරුටුගාල මේ පැත්තට ආවා comment එකක් දාන්න.
    අපේ ගෙදරටත් ඔයවගේම පුංචි කෙල්ලෙක් ලැබුණා. කෙල්ලෙක් කිව්වට මේයා නම් තාම සිඟිත්තියක්. තාම සතිගානයි වයස.
    http://paalumakennataliyanakatha.blogspot.com/2010/08/blog-post_26.html

    අද කාලේ ළමයින්ට සොබාදහමත් එක්ක ජීවත්වෙන්න, සොබාදහම අත් විඳින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් මගේ වයසේ අනික් ළමයින්ට වඩා මට ඒ අවස්තාව ලැබුනේ මගේ සීයා නිසා. ඊටත් වඩා මගේ සීයා හොඳ ගොවි මහත්තයෙක් නිසා කියලයි මට හිතෙන්නේ.
    ඔබේ ලිපිය මගේ මතකය අළුත් කලා.
    ස්තූතියි.
    ඒ දවස් තමයි මගේ ජීවිතයේ සුන්දරම කාලය.

  7. i pol says:

    Thank U Machan…….

  8. අදයි පෝස්ට් එක කියෙව්වේ. මේ වගේ අතීතක් මටත් තිබුනා. ගම්මාන වල තියෙන ගෙවල් වල මිනිස්සුන්ට වඩා ඉන්නේ සත්තු. අපේ සීයා නං කියන්නේ ගම්මාන වල මිනිස්සු අඩු හින්දා බල්ලො පුසෝ හරක් තමාලු ළමයි වගේ ආච්චිලා සීයලාගේ පාලුව මකන්නේ!

  9. මමනම් ඉතින් හැමදාම ගමේ.. ඒත් දැන් කලින් වගේ නෙවෙයි.. ගම වෙනස්.. වෛරය, ක්‍රෝධය වගේ දේවල් ගමටත් ඇවිත්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s