සබද අපි කඳු නොවෙමු…..උනුන් පරයා නැගෙන…..


මේ දවස් වල පුදුම කලබලයක් තියෙන්නේ. 2010 සාමාන්‍යපෙළ කණ්ඩායමේ සම්මන්ත්‍රණ දැං පටන් අරං. ඉතිං ඉංග්‍රිසි විෂය අරං රට වටේම යන්න වෙලා. සමහර තැංවල ළමයි 450ක් විතර ඉන්නවා. ඒවගේ වෙලාවට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ. දඟම දඟ වයසේ කොලු පැටව් කෙලි පැටව් එක්ක ගෙවෙන ඒ පැය හය යුද්ධෙක අවසාන පැය කීපයට සමානයි. ගුරු ජීවිතේ හරිම සුන්දර දේ ඒක. එකෙක් තව එකෙකුට වෙනස් සියගානක් ළමයි අතරේ තියෙන ලොකුම අභියෝගය උන්ව පාළනය කර ගන්න එක. නමුත් මට කවදාවක් ලොකු ප්‍රශ්නයක් වෙලා නෑ මේක. ස්වභාවයෙන්ම ළමයි මගේ වචන අහනවා. දන්නේ නෑ ඇයි කියලා. අද ලියන්න ගත්තේ නම් මං ගැන නෙවේ.සෙටින්ද සීන් ඉවරයි.දැං කතාව.

මේපාර ළමයි ගාන වැඩිනිසා මල්ටිමීඩියා පාවිච්චි කරන්නම වෙනවා. හේතුව ශාලාවේ පස්සෙම ඉන්න පොඩිඋන්ට පේන්නේ නෑ නැත්තං. ඉතිං මං ඔක්කෝම ප්‍රසන්ටේෂන් හදාගෙන (දවස් දෙකක් විතර රෑ ඇහැරගෙන ඉදලා) අදාල පාසලට ගියා කියමුකෝ. මල්ටිමීඩියා ලෙසන් කරන්න නිකං බෑ. පරිගණකයක්,ප්‍රොජෙක්ටර් එකක්, තියෙන්නම එපැයි. ඉතිං ඔන්න ඒවත් කියලා ගෙන්න ගත්ත කියමුකෝ. ඊට පස්සේ මයික් එකක් නෑ. සාමාන්‍ය කොඩ් එකක් එක්ක තියෙන මයික් එකෙන් එක තැනකට ගැට ගහලා 450කට කතා කරන්න පුඵවන්ද? ඉතිං fm මයික් නෑ. පස්සේ කඩෙන් මං සල්ලි දීලා එකක් ගෙනත් වැඩේ පටන් ගත්තා. මෙතනදී අදාල තැන ඒ අවශ්‍ය දේවල් තියෙනවා ටක්කෙටම.නමුත් ගුරුවරුන් විසින්ම තවත් ගුරුවරයෙක් කරන වැඩේ හදවතින් උදව්වක් කරන්නේ නෑ. නැත්තං අපි ගිය ගමන් වැඩේ පටන් ගන්න පුළුවන් වෙන්න ඕන. ළමයින්ට දැනුනේ නෑ මං කරන්නේ මෙන තරං අමාරු රාජකාරියක්ද කියලා.උන් හිනා වෙවී කෑ ගහ ගහා ඉන්නවා.
ඊට පස්සේ ඔන්න එනවා fellow teachers ලා. මල්ලී පෙන් එකේ කොපි එකක් දාලා දීපන් මේකට. ඉතිං මං හදපු ප්‍රසන්ටේෂන් ටික දෙන්න ඕන හැමෝටම. මෙතනදී මට කිසිම ගැටළුවක් නෑ. නමුත් ඊට පස්සේ ඒ ගුරුවරයා කියපු දේ මාව හෙල්ලුවා.

උඹ විතරයි මල්ලී බොක්කෙන් වැඩක් කරන්නේ. මං හොදට දන්නවා උඹ ගැන. අපි කොම්පියුටරේ දන්නේ නෑ මල්ලී. අනික් උන්ගෙන් උදව්වක් ඉල්ලුවම බොරු කියලා බේරෙනවා. ඒ අතිං උඹ දෙයියෙක්. අද මයික්  නෑලු නේද. ගනං ගන්න එපා බං. කරන් පලයං.

එහෙම කියලා එයා ගියා. මගේ ප්‍රශ්නය ඇයි අපි එකෙක් තව එකෙක්ව පරද්දන්න හදන්නේ. බොහෝවෙලාවට ගුරුවරු එකෙක් කව එකෙක් පාගෙන උඩ යන්න හදනවා. මං දන්නේ නෑ ඒ ඇයි කියලා. අපට වඩා අවුරුදු 10,15 උගන්නපු අය බොහෝ වෙලාවට මේ හැසිරීම දරනවා. මං දන්නේ නෑ ඒ ඇයි කියලා. සරළ හේතුවක් දෙන්න අමාරුයි මේකට.

අපි සියලුදෙනාගේ අවසාන ඉලක්කය ළමයි සියලු දෙනා විභාගය සමත් කරන එක. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම අපි කරනවා. නමුත් අපි, අපි මෙහෙම උනාම ඒක කරන්නේ කොහොමද?? මට අවුරුදු තුනක් ගෙවිලත් තාමත් උත්තර නෑ ඒ ප්‍රශ්නෙට.

මට මතක් වෙනවා විද්‍යාපීඨෙදී කෙල්ලක් ලියලා තිබුන කවියක්.
එකිනෙකා පරයා මහගිරිදඹේ නගින්න යන උන් කවදාවක් එහි නොනගිනු ඇත.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in About, Advices, My own comments, News and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

11 Responses to සබද අපි කඳු නොවෙමු…..උනුන් පරයා නැගෙන…..

  1. අමිල says:

    ඔය වගේ ම උනත් ඊට වෙනස් මුහුණුවරක ප්‍රශ්න කුමුදු පිංතු මහතාටත් තිබුණා. ඉතින් ලෝක ස්වභාවය ගැන සමබරව හිතමින් ඔබ යන ගමන ගැන මට නම් පුදුමත් හිතෙනවා. කොහොම උනත් ඔබ කරගෙන යනදේ ඉදිරියට කරගෙන යන්න ශක්තිය ​ධෛර්්‍යය ලැ​බේවා.
    මට දැන් ලජ්ජා හිතෙනවා අපි ශිෂ්‍යයින් කාලයේ කරපු සමහර දේවල් ගැන මේ සටහන දකිද්දී..

    • arunasir says:

      කොලු කම් ගැන දුක් වෙන්න එපා. ඇයි අපි ඉස්කෝලේ යන කාලේ කරපු දේවල් ගැන අපිත් දුක් වෙනවා. දගයන් හා දගකාරකම් ස්වාභාවිකයි. නමුත් නරකයන් හා නරක වැඩ කරදර වගේම හිත් තැවුල් ගේනවා.

  2. Bandula says:

    සර්,
    ලමයින්ට තරඟය (උනුන් පරයා නගින) උගන්නන අපි …….
    මම පොඩි කතන්දරයක් කියන්නම්.
    එකම පන්තියේ ඉගෙන ගන්නා යාළුවො (????) දෙන්නෙක් පාසලට එන්නේ එකම පාසල් වෑන් රථයේ. දිනක් වාහනයට පළමුවෙන් නගින ලමයට වෑන් එක මග හැරුණා. අම්ම අනිත් යාළුවාගේ අම්මාට දුරකතනයෙන් කථා කළා. මෙන්න සංවාදය.
    “……. , අනේ හරි වැඩේ උනේ. පුතාට වෑන් එක මිස් උණා. තවම ඔයාලගෙ ගේ ළඟට ආවේ නෑ නේද?”
    “ආනේ. ආ ඔව් ඔව් තව නෑ තව නෑ.”
    “අනේ මම කොහොම හරි පුතාව අරගෙන එන්නම්. වෑන් එක නවත්ත ගන්න. අද මහත්තයත් නෑ අනේ ගෙදර”
    “ආ.. හරි හරි. ඉක්මනට එන්න – පුතා ……… ට වෑන් එක මිස් වෙලා. එයාල මග එනවා. අංකල්ට කියන්න ටිකක් ඉන්න කියල”
    ” හරී” පුතා කිව්වා.
    ටික වෙලාවකින් අර අම්මයි පුතයි ආව. වෑන් එක නෑ. මෙන්න දෙවන සංවාදය.
    “කැත වැඩ කරන්න එපා ….. අනේ. ඔයා බෑ කිව්ව නම් මම වෙන විදිහක් බලනවානෙ පුතාව වෑන් එකට දාන්න. ඔයාල මහ කැත මිනිස්සු. ඊරිසියා කාරයො. යන් පුතා යන්න. ඔයා අඬන්න එපා එක දවසනෙ මග ඇරෙන්නෙ. තාත්ත හිටියනම් ඔයාව ‍ගෙනිහින් දානව. එපා මේ තිරිසන්නු එක්ක මීට පස්සෙ කතා කරන්නවත්”
    ” ආ… වෑන් එක ගිහින්ද? මම කිව්ව අනේ පුතාට. ඔයා කතා කරද්දි එයා ගේට්ටුව ගාව හිටියේ. එයා හා කියලත් කිව්වනෙ. අංකල් බෑ කිව්වද දන්නෙ නෑ. සොරි මෙයා”
    “ලමයිට කිය කියා ඉද්දි ඔයාට බලන්න තිබුණානෙ. කමක් නෑ අපි යන්නම්”
    “………….”
    “…………………………”
    “…………….. ………………………………”
    ඔහොම ඔහොම වැඩේ දුර දිග ගියා. ටිකක් මොලේ පාවිච්චි කරන තාත්ත කෙනෙක් මේ ගැන හොයල බැලුවා. පුතාගෙන් අල්ල ගත්ත වෙච්චි දේ.
    “මම එහෙම නොකලනම් මේ පාරත් පන්තියේ පළවෙනියා වෙන්නෙ එයා. ඒකයි මම එහෙම කළේ.”
    එදා වාර විභාගය තිබුණු දවසක්.
    උනුන් පරයා නැගෙන තරඟය උගන්නන සර්ලට උනුන් පරයා නගින තරඟයට මූන දීමට සිදු වීම දෛවයේ සරදමක්. (සමාවෙන්න)

    • arunasir says:

      මෙතන සදහන් උනේ ළමයින්ගේ පැත්තේ ගැටලුවක් නෙවෙයි. ඊට ඉහලින් ඉන්න ගුරුවරු අතර තියෙන සමහර ගති ගැන. අර කතාවේ අර බැන්න අම්ම ගැන නම් පව් හිතෙනවා. කපටි වැඩකට අහුවෙලා නිසා.

  3. Sanju says:

    නියම ස‍ර් ලා වත් ටීච ලා වත් කවදාවත් තරගය උගන්වනවා මම දැකලා නම් නෑ. නියම ගුරුවරු සැමදා උගන්වන්නේ තමන් ගේ ජීවන තරගය ජය ගන්නා අයුරු මිස එකිනෙකා පරයා ඉගෙන ගන්නා අයුරු නොවෙයි. නමුත් තමන්ගේ පටු වාසි තකා දරුවන් ගේ ජීවිත අපායවල් කරන ගුරුවරු ද නැතුවා නොවෙයි. මගේ අත්දැකීම් ඕනෙ තරම්. 11 වසරෙ ‍යොවුන් විය සොදුරු බව විදින දරුවො අපිට වඩා ඇත්තටම බුද්ධිමත්. එක දුවක් මගෙ ගාවට ඇවිල්ලා දවසක් කියනවා………. ” අනේ ටීච ……………. සර් අපිට හරියට බනිනවා. (මමත් ඒගොල්ලන්ට නොබැනපු කෙනෙක් නම් නෙමෙයි. ඉසේ කෙස් ගානට මගෙනුත් බැනුම් අහල තියෙනවා) අපි විභාගෙ කරලා මේ ඉස්කෝලෙන් යන්නේ කවද්ද කියලා ඇගිලි ගනිනව” කියලා. මම කිව්වා “ඇයි පුතේ එහෙම කියන්නෙ? ඔයාලා මට ආදරේ නැද්ද?”. ඒ කෙල්ලො දෙන්නගෙ උත්තරේට මගේ ඇස් වලින් කදුලු වැටුනා. “ටීච ගැන අපිට දුකයි ටීච. අපිට විතරක් නෙවෙයි ටීචලාටත් එයා එක්ක ඉන්න බෑ කියලා අපි දන්නවා. අපි ආයේ මේ ඉස්කෝලෙ පස් පාගන්නෑ. ඒත් ටීච ට තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ”

    අපිට වඩා ළමයි බුද්ධිමත්. ඔවුන් ව රවට්ටන්න හදන එක ගුරුවරයෙක් කරන ලොකු වැරැද්දක්. නමුත් බලන්න තරගය ට ලමයින් ව ඇදලා දාල තියෙනේ දෙමාපියන් ම නේද? කිසිම ගුරුවරයෙක් තමන් ගෙ පන්තියේ දරුවන් ට වෙනස් වෙනස් විදියට උගන්වන්නේ නෑ. හැම ගුරුවරයෙකුටම පන්තියේ ඉන්න 40 ම එක වගේ. ඒ මම හිතන හැටි. තමන්ට නමස්කාර කරන 40 දෙනෙකුට එකම විදියට ඔලුව අත ගාලා ආශිර්වාද කරන්න පුලුවන් ගුරුවරයෙකුට විතරමයි. මවක් පියෙක් තමන්ගේ දරුව ගැන හිතද්දි දරුවො 40ක් ගැන එකම විදියට හිතන්න පුලුවන් හිතක් තියෙන්නෙ ගුරු දෙවියෙකුට හෝ දේවතාවියකට පමණයි.

    ඒ මම දකින ගුරුවරයා. ඔබ අනේක විවිධ ගුරුවරු දැකලා ඇති. නමුත් සිහියට නගා ගන්න. ඒ ගුරුවරු අතර එක ගුරු දෙවියෙක් හෝ දේවතාවියක් ඔබ ට මුණ ගැහිලාම නැති ද?

    • arunasir says:

      ළමයි විෂයන් නමයක් සාමාන්‍යපෙළ පංතියේදී ඉගෙන ගන්නවා. ඉතිං දෙසැම්බර් කිට්ටු වෙනකොට ඒ ළමයින්ගේ දැනුම කොහොමත් ගුරුවරුන්ට අභියෝගයක් වෙනවා සමස්ථය ලෙස. උසස් පෙළදී තත්වය මීට උඩින් තියෙන්නේ. නමුත් ගුරුවරු එක් විෂයකට සීමා වී සිටීම තුළ ඒ විෂය ළමයාට වඩා පරිචයක් තියෙනවා. මට මතක් වෙනවා උත්තර පත්තර බලන කාලේට ජේ. කේ. පී. ආරියරත්න, මහාචාර්ය වරයා රසායන විද්‍යා ගුරුවරුන්ට දුන්නා යැයි කියන අවවාදයක්.

      ඔතන තමුන්ලට වඩා බුද්ධිමත් ළමයින්ගේ උත්තර පත්‍ර තියෙනවා. ඒ නිසා උපරිම උත්සාහයෙන් නිවැරදිව වැඩේ කරන්න කියලා.

      ඉස්සර මගේ රසායන විද්‍යා ගුරුවරයා නිතර ඔය කතාව කියනවා.

    • නැහැ. මම ඔබේ අදහසට 100% එකඟ වෙන්නෙ නැහැ. ගුරුවරු කියන්නෙත් මේ සමාජයේම කොටසක්. හැම ගුරුවරයෙක්ම එක හා සමාන නැහැ. ඒකෙන් මම අදහස් කරන්නෙ ගුරු කුලකය ඇතුලෙ ගුරුවරු වගේම ගුරු හොරුත් ඉන්නවා කියන එක. ඔබ දකින්නෙ ඔබේ කෝණයෙන් නිසා ඔබ අනුමාන කරනවා හැමෝම ඒ වගේ කියන එක.
      එහෙම උනත් ඔබ, අරුණ වැනි ගුරුවරුන් සිටීම ගැන සතුටක් ඇති වෙනවා.

  4. Taboo Subjects says:

    තරගය හොඳය. එක අවස්ථාවක් සඳහා සියයක් දෙනා බලාපොරොත්තු තියා ගන්නා අපේ වැනි සමාජයක තරගය ස්වාභාවිකය. එතැන තරගයක් නැතිනම් කොතැන හෝ වැරදීමක් ඇත. තරගයට බිය නොවන්න. ඉරිසියාව ස්වාභාවිකය. ඉරිසියාව පරිණාමයේදී අපට හිමිවූ විශිෂ්ඨ ගුණාංගයකි. (සත්තු ඉරිසියා නොකරති.) ඉරිසියාව හොඳ අතට යොදවන්න.

    බ්‍රිතාන්‍යයේ විපක්ෂය වන කම්කරු පක්ෂ නායකත්වයට ඊයේ එඩ් මිලිබෑන්ඩ් පත්වූයේ ඔහුගේ සොහොයුරා වන ඩේවිඩ් මිලිබෑන්ඩ් ඉතාම තියුණු තරගයකින් පරදවමිනි. එම තියුණු තරගය ඔවුන්ගේ සහෝදරත්වයට බාධවක් වූයේ නැත.

    • arunasir says:

      එකග වෙනවා. ඒත් මෙතන තරඝයකට උඩින් ගිය වල කැපීමක් තියෙනවා. ඕක මතක් කර දීමයි ඕන උනේ.

  5. Want to write this in Sinhala but I am very busy and it takes forever for me to type in Sinhala. So please bear with me.

    I have sat in tuition classes with may be 2000 other students (at least I felt like that). I think the retention levels (of what’s being taught) of students are very low in mass scale classes. So do these 450 student workshops help?

    If the class sizes could be kept small, then all these technical difficulties will disappear too. Then the problem is are there enough good teachers? From what you have written that is not even a question. People who says that they don’t know computer in the 21st century should be fired (well at least I feel that much angry about it). I have never ever taken a computer class in my whole life. I think I manage alright.

    I agree with you – සබඳ අපි කඳු නොවෙමු. I have tone of similar experiences like this. but I disagree with the “එකිනෙකා පරයා මහගිරිදඹේ නගින්න යන උන් කවදාවක් එහි නොනගිනු ඇත” because some of them do climb to the top. They always will end up like “කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ”

    Keep up the good work. If you like I would like to help. Will be back in SL from January. At least that is a plan.

    • arunasir says:

      Actually this is not a class.This is a seminar.Here i am not suppose to comment on the method coz it comes from the ministry. This is a seminar.so we do believe to give certain information other than teaching.As an Example,
      How they provide marks for certain kid of Questions,
      How to score full marks for a Formal letter,
      Mistakes and the marks they lost and how to keep them ETC.

      So basically this is a good effort.At least students who do not have English teachers in their schools can be informed the essentials.

      Back to your argue, Yes i too believe there is an issue of student assessing with such large number of students. But if the child is ready him self he can learn.But the problem here is majority just enjoy the seminar by certain annoying things With out learning.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s