ඔබ දන්නවනම් එක කදුළු බිදක්, හිතයටට වෙලා දුක් විදින තරම්…..


මේ ලියන්න යන ටික ලියන්නේ සමාජ වගකීම, ගුරු භූමිකාව වගේ දේවල් ඔලුවට ගහලා නෙවෙයි. නමුත් නොලියා බෑ මෙව්වා. දවසක මට මේක උනොත් මං මොකද්ද කරන්නේ කියලා හිතට දැනෙන බය විසින් මෙව්ව ලියන්නේ. අහම්බෙන් පොලීසියේ OIC මහත්තයා එන්න කියලා මං ගියේ ඉන්ටනෙට් ඩොංගල් එකේ තිබ්බ තාක්ෂණික අව්ලක් විසදන්න. මං මගේ වැඩේ කරං හිටියා. ටිකකින් ගෙනාවා ගෑනු අය දෙන්නෙකුයි එක පිරිමි කෙනෙකුයි පොලීසියට. පැමිණිල්ල අහලා බලනවා පොලීසියෙන්. මං ඉතිං අහගෙන හිටියා. අයියා මල්ලිගේ නෝනා එක්ක පැනලා ගිහිං. සල්ලි වගයක් ගන්න ආව ගමන අහුවෙලා අයියගේ නෝනට. දෙන්නම අවුරුදු 25ක වගේ අය වෙන්න ඇති කාන්තාවෝ. පිරිමියා ඊට වඩා ටිකක් වයස ඇති. කොහොමහරි පොලීසියෙන් අව්ල ලිහුවා. මං කල්පනා කලේ මොකද්ද මේ කුලප්පුව කියලා. ඊට පස්සේ ඊයේ පෙරේදා කොලඹට කිට්ටු පලාතක හිටපු පෙම් වතුන් යුවලක් දිවි නහ ගන්න ගගට පැනලා පෙම්වතා මිය ගිහිං පෙම්වතිය පීනලා දිවි බේරා ගැනීම. අනික අර යාපනේ පැත්තේ කාන්තාවක් මරලා දාලා තිබුනා ස්වාමියා විසින්. හේතුව අනියම් සම්භන්ධකමක් හෙලි වීම හරහා ගොඩ නැගුන කෝපය.

පාසල් වලදී ළමයින් කොපමණ කීවත් අපේ වචන මායිම් කරන්නේ නෑ. කොච්චර අවවාද දුන්නත් සතයකට මායිං කරන්නේ නැති අය ඕන තරං ඉන්නවා. කාට හරි කියන්න පුවවන් අපේ ගුරු කමේ ප්‍රශ්න තියෙනවා කියලා. මං ලිළිගන්නවා ඒක. නමුත් බොහෝ දුරට අපි අපේ උපරිම උත්සාහ ගන්නවා ළමයින්ට යහමග කියලා දෙන්න. අන්තර් ජාළය බලපුහම තේරෙනවා අපේ ගමේ ළමයි ගොඩක් හොදයි නගරයට සාපේක්ෂව. නමුත් නගරයේ ඔය විස ගමට විරණය වෙන්න වැඩිකල් යන එකක් නෑ කියලා හිතෙනවා. මෙ පහලින් තියෙන යු ටියුබ් ලින්ක් ටික බලමුද?

මේ තවත් එකක්.

අහිසක ළමයෙක් එල්ලිලා මැරුන මේ වසංගතේ නිසා. ඒත් අදටවත් මෙව්වට ප්‍රතිකර්ම අරං තියෙනවද?

මේ වගේ කොල්ලන්ට අවවාද හරියයි කියලා මං නං හිතන්නේ නෑ. මේවා නවත්තනින හැමදේටම වඩා කැපවීමක් , දැඩි අවශ්‍යතාවයක් තියෙන්න ඕන.

අපිට රටේ නැති වැල් බයිලා කියකියා ඉන්න පුළුවන්. ඒත් දවසින් දවස මේ අගාදෙට යන්නේ හොදයි හොදයි කියලා අපේ පන්ඩිතයෝ අනුමත කරපු දේවල් තමයි. දැං ගොඩක් පරක්කුයි. ඒත් දැංවත් මේ වගේ දෙවල් වලට පියවරක් ගන්න අදාල අය අවංක වෙනවා නං හෙට අපි ආරක්ෂිත වෙයි. සංවර්ධනය වෙච්ච රටවල හැම දේම මෙහෙට හරියන්නේ නෑ. විශේෂයෙන් සමාජ ආරක්ෂණය ගැන ඔවුන් අපට වඩා මුදල් යොදවනවා. පුනරැස්ථාපනය වගේ දේට ලොකු මුදලක් වියදං කරනවා. මේවගේ දෙවල් හොදයි කියන අය ඩිංගක් ඇහැ අරලා බැලුවොත් මේ යන යෑමට කොහෙන් නවතීද කියලා හිතා ගන්න පුළුවන් වෙන්න ඕන.
මේ සියල්ල ඉස්සරහා මුනුත් කරාගන්න බැරුව අත්පය ගැට ගහලා දාපු විදියට ඉන්න එකෙන් හිතට දැනෙන දුක නම් කියලා නිම කරන්න බෑ.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Advices, සේවා, My own comments, Uncategorized, women and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

16 Responses to ඔබ දන්නවනම් එක කදුළු බිදක්, හිතයටට වෙලා දුක් විදින තරම්…..

  1. මේ වගේ කොල්ලන්ට අවවාද හරියයි කියලා මං නං හිතන්නේ නෑ./

    හැබැයි ඉහත වීඩියෝ දර්ශණයේදි කොල්ලන්ටම වැරදියි කියල අඟිල්ල දික් කරන්න බෑ මොකද කෙල්ල ඒකට අකමැත්ත පෙන්න්නෙ බොරුවට කියල පේනව කොහොම වුනත් දෙගොල්ලන්ගෙම වැරදි ඉස්කෝලෙ යන කාලෙම හිරි-ඔතප් බිඳුනම සමාජෙට බහින කොට ඉබේටම අහවල් දේවල් වලට වුණත් යොමු වෙන්න ලැජ්ජාවක්-බයක් නැති වෙනව ඉතින් එහෙම වුණාම තමයි ඉහතින් සඳහන් කරපු වගේ දේවල් ඇති වෙන්නෙ … සමහර විට ඉස්කෝලෙදි හෝ තමන් හැදෙන වැඩෙන සමාජ පරිසරය බෙහෙවින් මේකට බලපානව… අම්මලා තාත්තලාට ළමයි දිහා හැම වෙලේම ඇහැ ගහගෙන ඉන්න බෑ ඒ වගෙමයි ගුරුවරුන්ටත් බෑ ඉතින් ළමා මනස නිසි මාර්ගයට යොමු කරනව ඇරෙන්නෙ වෙන කරන්න දෙයකුත් නෑ … ඒත් ඒවා කොහෙ කරන්නද රූපවාහිනියෙත් යන්නෙ සම්පූර්ණයෙන්ම මනස්ගාත නේ ඉතින් ළමයි පොත පතට වඩා වැඩිපුර අශ්‍රය කරන්නෙ රූපවාහානිය ඒකෙන් වත් අඩුම ගානෙ මේ මනස්ගාත අයින් කරල ළමා මනසට ළමා කමට හරියන වැඩසටහන් හදනව නම් කිටවත් මතක් වෙන්නෙවත් නෑ නේ කුඩා ළමයි වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් පටන් ගන්න..

    • arunasir says:

      ගොඩක් කාලෙකින් තිසර මහත්තයා මුණ ගැහුනේ.පළමුවෙන්ම ස්තූතියි කමෙන්ට් එකට.
      ‍ඇත්ත. අපේ ළමා පරපුරට වැඩියෙන්ම වින කරන්නේ ඔය හූනියම් පෙට්ටිය තමයි. යොජනාව නම් මමත් ස්ථීර කරනවා. ඒත් ලාබයක් නැති නිසා ඕක කව්රුත් කරන එකක් නෑ.

  2. රටටම කෙලවෙලා තියෙන්න.
    බඩුම තමයි.

    සත්‍රීදූශකයො පර්ලිමේන්තු ගිහින් පට්ටම් ගනිද්දි මේ රටේ පොඩි උන්ට ඔන්දස්පොට් තමයි.
    දෑන්වත් මේ ක්‍රමයෙ හෑටි තේරුම්ගමු.

    • arunasir says:

      පළමුවෙන්ම ස්තූතියි කමෙන්ට් එකට.
      රෝග විනිච්වය හරි. දැං බෙහෙත් දෙන්න ඕන. අපි හැමොම දන්නවා තනි තනිව මේ සියලු දේ. රෝගය දැනගෙන, බෙහෙත් දැන ගෙන, බෙහෙත් නොදී ඉන්න එකම ජාතිය ලාංකීය අපි තමයි.

  3. ඔබතුමා හරි.
    ඵත් උදේ ඉදන් රෑ වෙනකන් කන්තෝරු වලට කම්හල් වලට හිරකරලා තියන මිනිස්සු
    අර තරු මේ තරු බබා බබලු වගේ මාදය මයාවල් වල අතරමන් කරලා ඉන්න ගෑහෑනුන්ට ත මුන්ගේ දරුමල්ලනව කපාගේන කෑවත් ගානක් තියෙයිද?
    මේ හීනෙන් නෑගිටෙන්න නම් ගොඩදෙනෙක්ට තමන්ගේ කෙනෙක්ටම දෙයන් වෙන්න ඔනේ.

    ඵ්හෙම හොද සමාජයක් හදන්න ඉඩ දෙයිද?
    මොකද තමුන්ගේ කුඩු ටික විකුනගන්න,ග0ජා ටික විකුනගන්න වෙන වේන අපරාද අපචාර වලට අනගත පරපුර ඈදගන්න පුලුවන් වෙන්නේ මේ සිස්ටම් ඵකේදි තමයි.

    කොහොමෞනත් අද රටේ ගොඩදෙනෙක්(ගුරුවරු,ආගමීක නායකයන් )පවා තමන්ගෙ පව්ද්ගලික වාසිය තාකා පවතින ක්‍රමයේ කෑත වහගෙන නොදක්කා වගේ ඉන්න කාලයක ඔබාතුමලා වගේ අය මේ කරන කාර්යය වටිනවා ගොඩක්.

  4. Ellegama says:

    Me wage godak lamaita api duwe pute kiyala kata karanne,et me lamai api gana hitanne guruwaru mokut danne nati babala kiyala.mekata rate nayakatwaya waga kiyanna one,mokada lankawe taram guruwaru adhiryamat (discourage) karana ratak me loke natuwa ati. itin mewata wiruddawa nagena guruwaru pagala dana samajayaka api inne,mewata wirudda wena gruwaru tamai godak welawata (human rights) nadu walata patalenne.a welawata guruwarunge patta ganna kawuruwat na. itin mehema wna eka pudumayak newei,eka nisa guruwarut dan dan dena de kala wena de balagena inna jatiyak wela tiynne, itin mata ara Sunil perera mahatayage song eka matak wenawa, “lankawe ohoma tamai I don’t know why”

  5. PDe says:

    Do you have any idea which school this is?

    • arunasir says:

      No really.But I do not care to fin point this as a problem of one particular school. This is only one evidence.Situation elsewhere differs from decimals.

  6. chanakalin says:

    අන්තිම වීඩියෝවනම් බලන්නත් අප්‍රිය මට්ටමේ එකක්. හැබැයි ඒ අය මේ ගෑණු ළමයව එදා දැකල එදාම ඔය දේ කරේ නෑනෙ. එක්කෙනෙක්ගෙ නමත් “නිලන්ත” කියල එයා කියනව. හොඳටම දන්න අයනෙ. අනිත් කාරණේ පාසල් ඇතුලෙ ෆොන් පාවිච්චි වෙනවනම් ඒ මොකටද කියල හොයල බලන්න ඕනෙ. (අත්‍යවශ්‍යම දෙයකට ගුරුවරයෙක් අතට දීල තියන ඒව නෙවේ. කලිසම ඇතුලෙ, මේස් ඇතුලෙ තියන ඒව) මේක ප්‍රසිද්ධ උනාම මේ ගෑණු ළමයට ඇතිවෙන හැඟීම මොකක්ද ?

    (ඒත් ඉතින් 9 වසරෙන් හනිමුන් ස්කූල් යුනිෆෝම් එකෙන් යන අය ඉන්න රටේ මේක මොකක්ද කියලත් හිතෙනව)

    • arunasir says:

      (ඒත් ඉතින් 9 වසරෙන් හනිමුන් ස්කූල් යුනිෆෝම් එකෙන් යන අය ඉන්න රටේ මේක මොකක්ද කියලත් හිතෙනව)

      අපිට මේ තත්ව වෙනස් කරන්න කරන්න පුවවන් දේවල් අපෙන් ආරම්භ කරමු. එතකොට අනාගතේ සුන්දර කර ගන්න පුළුවන් වෙයි.

  7. isurubmv says:

    mona unath sir me scole mewage dewal walata sampurnayenma viduhalpathi waga kiyanna ona mokada.mechchara deyak wenakam guruwaru dakalathna lamayek dakalath nane. mona unath mewa gana liyapueka pasal guruwarayek widiyata godak hodai mona unath ape scole aun hodai kiyala mata hithenawa. balamu lankawe pasal walata vinaya araksha karana widiya sir gen hari igena gannawada kiyala.

  8. Sanju says:

    අයියා මම ටීචින් වලට ආව මුල් දවස්වල කිව්ව වගේම සමහර අසනීප පද්ධතිය විසින්ම සනීප කරනවා. එතකොට අනික් ගුරුවරු වගේ ම අපිටත් පුළුවන් ඇහැ කන වහගෙන මේවා දිහා බලාගෙන ඉන්න. ඒත් මොන හේතුවක් නිසා හරි අපිට තාමත් මේවා දිහා එහෙම බලාගෙන ඉන්න බැරි අමාරුව තියෙනවා. මීට වඩා හොද සෙල්ලම් කිහිපයක්ම මම පහුගිය කාලෙ දැක්ක හැබැයි ඉතින් වගකිවයුතු අය ඒවා යට ගහන්නේ තමන්ගෙ පාසලේ කීර්ති නාමය රැක ගන්න කියලා. තමන්ගේ පාසලේ වගේම තමන්ගෙ නොහැකියාවත් වහ ගැනීම මිට අයිතියි. අන්තිම විඩියෝව දැක්කම නම් බඩ පපුව දාලා ගියා. අර කෙල්ල මේ වීඩියෝව දැක්කම මොනවා කරයිද? මේ ළමයි මේ මොනවද කරන්නෙ? මේ ඇත්තටම ළමයි ද? මේගොල්ලන්ටද අපි උගන්නන්නෙ? ඇත්තටම අපි මොනවද උගන්නන්නෙ?? මට නම් හිතෙන්නෙ මේ ළමයින්ට විෂය බාහිර ක්‍රියාකාරකම් 3ක් වත් අනිවාර්ය කරලා එහෙම දිශාවකටවත් යොමු කරවන්න වෙයි. තමන්ගෙ ක්‍රියාකරි මොලේ ශරීරය එහෙම දේකටවත් යොමු වෙන්නෙ නැත්නම් ළමයි මෙහෙම දේවල් වලට යොමු වෙනව කියලයි මටනම් හිතෙන්නේ.

    ගුරුවරුන් ගැන අපි කතා නොකර ඉමු. නැත්නම් දැනටමත් මම ලියලා තියෙන දේවල් වලට මගේ වැඩ තහනම් කරන්න ඕනි ඒ තරම් නරා වලක් මේ ගුරුකම නම්. රස්සාවට ආදරේ නිසා ඉන්නව මිසක්……!!!

    • chanakalin says:

      එහෙම කියන්න එපා. ගුරුකම කියන්නෙ ලෝකෙ තියන උතුම්ම රස්සාවක්. ඊටත් වඩා සේවයක්. මට උනත් කාටවත් කියල විසඳගන්න බැරිඋන ප්‍රශ්න තිබිල තියනව. ඒ වගේ වෙලාවට මට උදව් වෙලා තියෙන්නෙ මගෙ ගුරුවරු. මේ වගේ අසමජ්ජාති උන් වැඩිම ඉන්නෙ 1%ටත් අඩු පිරිසක්. ඒ වගේ අය නිසා කවදාවත් මේ වටිනා රස්සාව අතාරින්න එපා.

    • arunasir says:

      අර කෙල්ල මේ වීඩියෝව දැක්කම මොනවා කරයිද? මේ ළමයි මේ මොනවද කරන්නෙ? මේ ඇත්තටම ළමයි ද? මේගොල්ලන්ටද අපි උගන්නන්නෙ? ඇත්තටම අපි මොනවද උගන්නන්නෙ??

      මටත් ඔය ටික ඔහොමම හිතුන. මං ඉන්න තැන ඔහොම දේවල් වෙන්නෙත් නෑ. වෙන්න දෙන්නෙත් නෑ. එච්චරයි මට කරන්න පුළුවන්.
      ගුරුකම නරා වලක් නම් නෙමෙයි නංගියෝ. අපේ උන් තමයි එහෙම කරලා තියෙන්නේ. අලුතින් එන ඔයාලා වගේ දාහක් තරුණ ගුරුවරු වැඩ නොකර හෝ කර ගන්න බැරුව ඉන්නේ ඔන්න ඔය ටයිප් එකේ අය නිසා. කෙසේ හෝ වේවා අපි කරන දේ ආශාවෙන් කරමු. හොද දේට ලැබෙන හොද ප්‍රතිචාරය කවදාහරි ලැබෙනවා.

  9. නිර්නාමික says:

    වචන නෑ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s