රටටම උදේ පාන්දර ලැබෙන (නො)හොඳ ආදර්ශ……..


ඇත්ටම මේ දවස් වල ඉන්නේ ගොඩක් හිත් වේදනාවෙන්. ඇස් පනාපිට වෙන නරක දේට විරැද්ධව මුනුත්ම කරාගන්න බැරුවයි ඉන්නේ. නමුත් ඒ සීමාව ඇතුලේ ඉඳලා උනත් කරන්න පුළුවන් දේ කරන්නමයි කියලා හිත බල කරලා ඉල්ලනවා. මේ ඒ හැගීම විසින් ලියවන ආත්මයේ පතුලින්ම දුක් වෙන හැගීම් එලියට එන්නේ. ගුරුවරු විධියට අමාරුම තත්වයකටයි අපි අද මූණ දීල ඉන්නේ. ඒවා අතරින් ප්‍රධානයි ළමයින්ට දකින්න ලැබෙන දේවල් වලිං ළමයි ඉගෙන ගන්න දේ හා ඒ ආශ්‍රිතව උත්ගත වෙන පශ්චාත් ප්‍රශ්න. මේ යටින් තියෙන රූප ටික බලන්න.
මේ කාන්තාව උදෑසන රූපවාහිනී වැඩසටහනක කතා කරන කෙනෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේක කරන්නේ. උදේ පාන්දර මෙව්වා දකින පොඩි කෙල්ලන් මෙව්වා තමයි හරි කියලා තර්ක කරන කොට අපිට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.ඇත්තටම මෙව්වා වෙන්නේ රටේ සදාචාරය අමු අමුවේ කාල දාද්දී අපි බලන් ඉන්න නිසා. දැං රෙද්ද අතට අරං මාව දේශද්‍රෝහී ගොඩට දාන්න එපා. මෙ ගැහැණු මනුස්සයා විලි සංගියක් නැතුව මෙහෙම ඉන්නේ රජයේ වරදින් නෙවෙයි. මං හිතෙන්නේ එහෙමයි. මේකේ නිශ්පාදක වරයා ගාව තියෙන්න ඕන ලාංකීය සංස්කෘතියේ වටිනාකම නැති එකයි මෙතන ප්‍රශ්නේ. මෙහෙම දෙයක් වෙනව දැක්කම කට වගගෙන බකංනිලාගෙන ඉන්න අපේ මහා සංඝ රත්නය ගැනත් මට කනගාටුයි.

අපි ලෝකේ ඉදිරියට යන්න ඕන.ඕකේ තර්කයක් නෑ. නමුත් ඒ ගමනේ ලාංකීයන් කියන අපේ අනන්‍යතාවයත් තියෙන්න ඕන. දියුණුවෙලා ඉවර උනාට පස්සේ මේක ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වෙනවට අපි කව්රුත් කැමති වෙන එකක් නෑ. තුංමං හංදියක ඉදං කමිසය ගලවන්න කොල්ලෙක්ට පුළුවන්. කෙල්ලෙක්ට බෑ. නෑ පුළුවන් කියලා අවස්ථාව ඉල්ලන එක නෙවෙයි කාන්තා විමුක්තිය. උදේ පාන්දර පන්සිල් අරං ටී.වී එක ළගට ඇවිත් වාඩි උනාම මෙව්වා නං පේන්න තියෙන්නේ මේ ගමනේ තවත් දුර නං අපට යන්න බෑ අපේ කම රැකගෙන.
අනික තමයි පිරිත් නූල. බලන්න මේ අතේ ගැටගහලා තියෙන පිරිත් නූල් ගාන.
මේ කඹයක් වගේ නූල් ගොඩක් ගැට ගහං ඉන්නවා දැක්කම පිරිත් නූලකට තියෙන ගරුත්වය තියෙනවද? අනික මං දන්න පමණින් වරු තුනයි පිරිත් නූලේ බල තියෙන්නේ. මෙව්ව එල්ලගෙන අපේ පිරිත් නූල පැෂන් එකක් කරං තියෙනවා අපේ හාමුදුරුවන්ටත් පේන්නේ නැති එකනේ පුදුමේ. අහිංක මිනිස්සු දවස ජීවත් වෙන්න එලි උන වෙලේ ඉදං දුක් විඳින කොට ඒ මිනිස්සුන්ට නෑ ළමයි ගැන සොයන්න බලන්න වෙලාවක්. ඒ අල්ල පනල්ලේ ළමයින්ගේ ඔලුවට වැටෙන මේ සමයං උන්ගේ තියෙන දශම ගානක හොඳත් කාල දානවා. ගුරුවරු කොච්චරනං අසරද දෙයියනේ මෙව්ව මැද්දෙ හිර‍වෙලා.

Advertisements

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

20 Responses to රටටම උදේ පාන්දර ලැබෙන (නො)හොඳ ආදර්ශ……..

  1. Buwa says:

    ගැණු මනුස්සය ඉන්න විදිහ නම් චාටර් තමයි .. ඔය සංස්කෘතික පැත්තෙන් විතරක් නෙවෙයි , එතන ඇති ලස්සනකුත් නැහැ . සංස්කෘතිය ඕනිවට කරපින්නගෙන ඉදිරියට යමු කිව්වට හරි යන්නෙ නැ සර්. ගැණුන්ගෙ ඇඳුමෙ නෙවෙයි සංස්කෘතිය රකින්න ඕනි . ගැණු පිරිමි දෙගොල්ලන්ගෙම ආවේණික වටිනාකම්වල , ක්‍රියා පිලිවෙලවල් වල . කොටට ඇඳගෙන රූපවාහිනි වැඩසටහනක / චිත්‍රපටියක ඉන්න එක ගැටලුවක් නෙවෙයි සර්. ඒක තමයි එතන වටපිටාව ප්‍රශ්නෙ තියෙන්නේ ඒවගෙ තැනකට ගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සල් යන එකයි

    • arunasir says:

      එකග වෙන්න අමාරුයි.චිත්‍රපටය වෙනයි.රූපවාහිනිය කියන්නේ බාගෙට ඇදං ඉන්න තැනක් නෙවෙයි.ඒකත් උදේ පාන්දර. මම කියන්නේ මෙව්ව මෙහෙම වෙන එක වලක්ක ගන්න ක්‍රමයක් හැදෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය.නිදහස කියලා එකක් තියෙන්න ඕන කියන එක මං දන්නවා.ස්තූතියි මේ පැත්තේ ආවට.

  2. අමිල says:

    නිව්ස් තරඟයක්.

    එයාලා සාරිය වෙනුවට සාය අන්දනවා. මෙයාලා සාය වෙනුවට කලිසම අන්දනවා..
    එත​කොට එයාලා සාය කොට කරනවා.. මෙයාලා කලිසම ගලවලා යටසායක් විතරක් අන්දනවා
    එතකොට එයාලා සාය ගලවලාම දානවා.. මෙයාලා එතකොට යටම එකත් ගලවලාම දානවා.
    ……………………………………………………….

    මේවගේ කථාවක් කොහේ හරි කියෙව්වා මතකයි. රිද්ම අතිරේකයේ අගද කොහෙද? හැබෑට මේකෙන් හැබෑවටම හා ඍජුවම බැට කන්නේ ගුරුන් නේද කියලා මතක් වෙන්නේ දැනුයි.. ඒ අත් දැකීමත් ඔබතුමා මුහුණ දුන් ගැටලුවත් කියන්න පුලුවන්නම් හොඳයි.

    • arunasir says:

      ගොඩක් වෙන දේ එලිපිට කියන්න බෑ. ඒක ගැටළු ගොඩක් ඇහැරවන නිසා. ඒත් ළමයි පංතිවලට, ටියුෂන් වලට තෝරගන්න විලාසිතා දැක්කම හිතාගන්න පුළුවන් එයාල එව්ව හොයාගන්නේ කොහෙමෙද කියලා.

  3. tom and jerry says:

    Hik Hik

  4. kassa says:

    අතේ පච්චයක් ගහපු නිවේදකයෙන් උදේ වැඩසටහන්ක් කලා කියල හිතන්න. ඒක හරිද වැරදිද?(මේක උඩ පොස්ට් එකට අදාල නැත්නම් සමාවෙන්න )

    • arunasir says:

      වැරදියි.

    • අමිල says:

      වැරදියි.
      ලේඛන කලාවේ අක්ෂර ​මෙන් රූපමය මාධ්‍යයේ ව්‍යාකරණය ​ගොඩනැගෙන්නේ codes කේත පදනම් කරගෙනයි. මෙම කේත සරල සිනමා / රූපවාහිනී නිර්මාණයේ සිට දැකිය හැකියි..
      මේ කේත මත තමයි ප්‍රේක්ෂකයා හෝ රසිකයා නිර්මාණය ග්‍රහණය කරගන්නේ. ​
      වෙළඳ දැන්වීමක් ගමු.
      ඇයි හැම තැනම logo, slogan ප්‍රදර්ශණය කරන්නේ… ? ඔවුන් වීශාල මුදලක් රූපවාහිනී දැන්වීමට යටකරන්නේ ඇයි? ප්‍රවෘත්ති කියවන මේසය උඩ “නැට්ටමෝල්” කෝප්පයක් තබන්නේ ඇයි?
      මේ සියල්ලටම පිලිතුර එකයි. එනම් විශාල ජනසංඝ්‍යාවක් මානසිකව පෙළඹවිය හැකි නිසා. එනම් තම අරමුණ දැනවිය හැකි නිසා. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙයට ග්‍රහනය වනවා. ඉඳහිට අරුණ සර් වැනි කෙනෙක් පෙන්වා දුන් විට පමණයි ඒ ගැන විමසීමක් කර බලන්නේ.

      ප්‍රශ්නයට.
      අතේ පච්චය සං​​ඛේතවත් කරන සංස්කෘතික කේතය නිසා නරඹන මිලියන ගණනක් ජනයා කෙරේ විවිධ විපර්යාස ඇතිවෙනවා. එය වැරදි මතයක් ගෙන එනවා. ඒ පච්චය අදාල පුද්ගලයාගේ අයිතියකට වඩා සම්පූර්ණ වැඩසටහනේ අංගයක් වෙනවා.
      තවදුරටත් ලංකාවේ සංස්කෘතිය කියා දෙයක් තිබෙනවා. මේහි විවිධ ලක්ෂණ අප ආරක්ෂා කර ගත යුතුයි. කංසා බොන්න සොඳා කියන දුක්ගන්නාරාල වෙසක් වැඩ සටහනක් ඉදිරිපත් කිරීමෙන් ඇතිවන්නේ මේ දෙක අතර වැඩි වෙනසක් නොමැති බව නේද?

      • arunasir says:

        අනිවාර්යෙන්ම. පොඩිඋන් ගෙදරයනගමන් ඉල්ලලන ජාති දෙමාපියන් දන්නවානේ. ඒවා එයාලගේ හිතට ආවේ කොහොමද? තරුණගෑනු ළමයි විලාසිතා තෝරණකොට එයාලට බලපාලා තියෙන්නේ මොනාද?
        අමිල මතු කරන ඔය ගංජා කතාවත් සම්පූර්ණ ඇත්තනේ. ගංජා හොදයි හෝ එක ගැන ධනාත්මකව කතා කරන කෙනා ආගමික වැඩසටහනක් කරද්දී එහි විශාල අනිසි බලපෑමක් එනවා.

        නමුත් සංකීර්ණ ආර්ථික ක්‍රියාවලියක් ඇතුලේ සමහර දේ වලක්වන්න බෑ. පාළනය කල හැකියි. ලංකාවේනම් කල යුතුයි. නැත්තං අනාගතේ ලංකාවෙ ඉපදෙන මිනිස්සු අපට සාප කරයි.

      • kassa says:

        ඔය කියන විදියට ඔය වැඩසටහන ඉදිරිපත්කරන නිවේදකයෝ යම් යම් සීමාවන් වලට යටත් වෙන්න ඕන. එතකොට ලංකාවේ “සම්මත මාධ්‍යවේදියා”ගේ පරාමිති මොන වාගේ එව්ව වෙන්ඩ ඕනද? මට මේක හරිම අපහැදිලියි.එතකොට පිරිමි නිවේදකයෝ කොටට කොන්ඩෙත් කපන්න ඕනෙද?

  5. මම says:

    සර් එක්ක මම 100% එකඟයි….ඔය දෙවල් විතරක් නෙමේ තව ගොඩක් දේවල් තියනවා අපි ඇස් කන් වහගෙන අන්ධයො වගේ ඉන්න… පොඩි උන් ඔවට රැවටිලා එව අනුගමනය කරනව දකින කොට… මට පුද්ගලිකව මාර දුකයි…
    නමුත් සර් එකදෙයක් කියන්න ඕන… මේ විනශයට 60% ගුරුවරු වගකියන්න ඕන..මොකද ගුරුවරයා පන්තියෙදි ළමයට ජීවිතය කියා නොදීම මේකට එක හේතුවක්..එතකොට ගොඩක් ගුරුවරු කියයි විනාඩි 40 විශය කරුනු කරන්නවත් වෙලාව මදි කොට කොමද ජිවිතය උගන්නන්නෙ කියලා…
    හැම දෙනාටම අභියොග ප්‍රශ්න තියනවා ඒවට විසදුම් හොයාගන්න පුලුවන්.. හවස අතිරෙක පන්ති දාල වගේ… මම දන්න සර් කෙනෙක් ඉන්නවා එහම කරන වේයන්ගොඩ පැත්තෙ ඉස්කෝලෙක.. දෙමව්පියොන්ගෙන් ඒ සර්ට මාර පිලිගැනීමක් තියෙන්නෙ.. ඒව්වගෙම ලමයින්ගේ හිතත් හදනවා.. ප්‍රතිපල උනත් හොදයි..
    තව පැත්ත්තක් තමයි සිසු පරජාව කියන්නෙ සමාජයෙම උපකුලකයක්… අලියා මැරේනකොට නැට්ට කොහොමත් මැරෙනවානේ… මට ඕන ඒ මැරෙන සීග්‍රරතවය අඩු කරන්න
    මම හිතන්නෙ මෙ හොදම කාලය… අපි මේ වෙනුවෙන් එකතු වෙන්න ඔන… බ්ලොග් එකක් බලන්නෙ අපිට ඕන කුලකයෙන් ටික දෙනයි.. ඒ හින්දා අපි මේ අන්තර් ජාලයෙන් බාහිරව ඇත්ත ලෝකයේ මොනා හරි වැඩ පිලිවලක් පටන්ගන්න කාලය හරි… අපි එකතුවෙමු … අපිට මේ දේ කරන්න පුලුවන්..අක්මුල් බිදගත් පරපුරක් වෙනුවට සාරදර්ම පිරි සමාජයක් උදෙසා.. අපි නැගි හිටිමු…

    • arunasir says:

      ඔව්. මමත් එකගයි.
      ගුරුවරු ගොඩක් පෝසත් අය නෙවෙයි. ඉතිං සල්ලි හොයා ගන්න ඕන.ඒ තරගෙට වැටුන පිරිසකගෙන් ඔයා කිව්ව දේ වෙනව.නමුත් ජීවත් වෙන්න සල්ලි ගොඩාක් ඕන නෑ කියලා දන්න අය ටිකක් ඉන්නවා.
      අනික් අය ජීවිතේ අසතුටින් ජීවත් වෙන සහ අවාසනාවකට ගුරුවරු වෙච්චඅය. එයාල ළමයින්ගෙන් විතරක් නෙවෙයි තමංගෙන්ම පලි ගන්න අය. එයාලටත් අර කලිං අතපසුවීම හෝ නොසලකා හැරීම වෙනවා.
      ජීවිතය ළමයින්ට කියලා දෙන්න විනාඩි 40 ඕනවටත් වැඩියි. කියවන්න ළමයි හුරු කරන්න පුළුවන් නම් එව්ව සිම්පල්.
      /*අපි මේ වෙනුවෙන් එකතු වෙන්න ඔන… බ්ලොග් එකක් බලන්නෙ අපිට ඕන කුලකයෙන් ටික දෙනයි.. ඒ හින්දා අපි මේ අන්තර් ජාලයෙන් බාහිරව ඇත්ත ලෝකයේ මොනා හරි වැඩ පිලිවලක් පටන්ගන්න කාලය හරි… අපි එකතුවෙමු … අපිට මේ දේ කරන්න පුලුවන්..අක්මුල් බිදගත් පරපුරක් වෙනුවට සාරදර්ම පිරි සමාජයක් උදෙසා.. අපි නැගි හිටිමු…*/
      කොන්දේසි විරහිතව එකගයි.

  6. මම says:

    මම හිතනවා සර් මගේ mail Address දන්නවා කියලා… පුලුවන්නම් mail එකක් එවන්න අපි කතා කරමු.

  7. Beyond Limit says:

    ගෑනුන්ගේ කකුල් වලට ගුරුතුමා ඇයි ඔය තරම් බය. ඔය ආකල්ප නිසා තමයි අපි හැමදාම පස්සට යන්නේ. ගෑනුන්ගේ කකුල් පෙන්නපුවාම රට ඉදිරියට යනවා කියල නෙවෙයි මම කියන්නේ. ඒත් රටක දියුණුවට මේ වගේ දේවල් නිසා අනවශ්‍ය බාධා ඇති වෙනවා.

    • arunasir says:

      /*ඒත් රටක දියුණුවට මේ වගේ දේවල් නිසා අනවශ්‍ය බාධා ඇති වෙනවා./*
      තව ටිකක් පැහැදිලිව කිව්වොත්?????

  8. බටුවංගල says:

    Why dont you propose your school to give proper sex education to young students? Then they will not get paniced by seeing whatever in between knees and neck of a female body. Beside I dont see anything bad in her dress. Unless this program is intended for children, you cannot blame the program because there are other categories of viewers except children. And, if this is wrong as you say, whether the telecasted time is morning or noon or evening or night does not make any difference. Give wisdom to your children Mr. Aruna not oldfashioned attitudes. I live in the most developed Asian country where the school girls wear the shortest possible skirts. Teenagers read adult magazines which are openly on sale at grocery stores like we read novels at Gunasena. But, believe me, no one makes no unnecessary jokes to girls like guys in Sri Lanka do. No one stares at girls legs (or whatever) no matter what they dress. I believe it is because they are not frustrated with blocked natural feelings as well as the society is educated highly enough to understand one’s rights and responsibilities. You can’t stop what others wear Aruna sir but you can make yourself disciplined.

  9. බටුවංගල says:

    Further, you have made your children just one click away from the world using ICT. You can restrict the sites they browse at your ICT lab. But outside your lab??? You can shout at TV programs in Sri Lanka just because you see about 4 inches above the knee of the female commentator and the strings tied on the male commentators hand (BTW, how do you confirm they are “pirith nool”? For me, they are just strings worn as a fashion). But…..But…..But…and But….how are you going to restrict the content on WWW? They are not just showing a bit of their legs..they just DON’T WEAR. Can you stop them by shouting as you do at this TV program? Thats why they need wisdom and proper sex education my friend..give it to them rather than trying to stop other’s actions.

  10. arunasir says:

    Thank you for commenting twice. First of all i am not ready to engage in something the environment does not support me. Social Protection,rehabilitation, are some words that does not apply for our society.But still we have some thing called duty. So i try my self best to do what is practical and by means of it word necessary. So there are lessons on Science book.I teach them using that book.My government allow me to do only that.Beyond limit with taboos i don’t try.
    I have not restricted my students from www. But i have never noticed any one try to surf things you mentioned.
    To tell you i know more things than you have mentioned.
    In so called developed countries parents abandon children to live their own after 18 or so.In some bars Mother dances on a desk with out a dress while people enjoy at their desks. Husbands rape their Wives.
    We do not need to be a colony of US or UK. we have to protect our cultural values while we help to develop this island.we are rich enough.We should not destroy ourselves.

  11. බටුවංගල says:

    1. //First of all i am not ready to engage in something the environment does not support me// – Understandable and accepted

    2. //But i have never noticed any one try to surf things you mentioned// – I said there is no point of shouting at local TV programs when “far beyond stuff” is available just one click away. Whether they actually watch or not is not important.

    3. //To tell you i know more things than you have mentioned// – I don’t think so. You seems just ready to listen to only dark sides of foreign cultures (just to prove your ideology) . You will realize if you happened to get first hand experiences. And, have you ever surveyed how many rapes are taking place in Sri Lankan villages?? How many husbands hit their wives everynight?? Don`t our parents abandon children or rather infants?? The problem is with data my friend..not all incidents get reported. If they get reported, you won`t talk like this.

    4. //We do not need to be a colony of US or UK// – I was talking about Japan. The long term cultural friend of Sri Lanka (as said by medias and monks very often)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s