පාසල වනාහි ළමයාගේ ජීවිතයේ වැදගත්ම ස්ථානයයි. ඔහුගේ පෞර්ෂ වෙනසක් වඩාත් සුබදායක එකක් බවට පත් කරගැනීම සඳහා අපි ළමයින්ව පාසල් යවමු. නමුත් අපේ රටේ පාසල්වල වාර්ථාවන සමහර සිද්ධි ගැන අධ්‍යනය කරනවිට අපට පැහැදිලිවන එක කරුණක් තිබේ. එනම් පාසලතුල ගන්නා ක්‍රියාමාර්ග ළමයා පෙන්වා වෙනත් අය වෙනුවෙන් ගැනීමයි. මෙය මෙසේ පැහැදිලිවන්නේ නැත. අපි උදාහරණ කිහිපයක්ගෙන බළමු.
බොහෝ පාසල්වල ළමයින්ට ඇති පහසුකමක් විශේෂයෙන් නැත. ඇත්තේ නම් ඒවාට දෙමාපියන් වෙනමම ගෙවා ඇත. නමුත් පාසල් වල පහසුකම් හා සේවා ගාස්තු අයවෙයි. ඒ එකකි. පාසලේ ශ්‍රමදාන, උත්සව, පිරිත්, බණ එකී මෙකී නොකී සියළුම දේ සවිධානය වන්නේ ළමයින් වෙනුවෙන් උවත් මේවාතුල ක්‍රියාත්මක වන සිරිස් කීපයක් සිටී. අන්න ඒ අයගැන අපිට පිටින් නොපෙනෙන කරුණු කීපයක් ඇත.
ඔවුන් එක පිරිසක්, කල්ලියක් බවට පත්වී ඇත. හේතුව අන් කවරක් වත් නොව තමා විසින් ගොඩනගා ගැනීමට අපෝසත් වූ ගුරු භූමිකාව හෝ ගුරු කම බලය නැමැති කරුණ වටා ඔතා ගැනීමයි. තනියෙන් බැරිකම වසා ගැනීමට වඩා ඒ වගේ සෙට් එකක් සිටීම වටී. ලොක්කාද එයටම එක් කරගත් පසු මරුය. මෙය ආයතනයකට ඉතාමත්ම අහිතකර තත්වයක් වන අතර විදුහල්පති යන තනතුර මෙවැනි වූ විටෙක තව තවත් ගැටළුව ඔඩු දුවයි. කෙනෙකු වැට්ටවීම සඳහා බලය කේන්ද්‍ර වූ කල්ලිවල ක්‍රියා සමත් වනවා ඇත. නැතිනම් එවැනි දේ ඇතිවන්නේ නැත. හේතුව මේවා ඇති වන්නේ මං කලිං කී අවශ්‍යතා නිසා වන නිසාය.
අපි කලිං කී කල්ලිය පාසලේ පාතාලය බඳු වෙයි. ඔවුන්ට අනුව ඔවුන්ට නතු නොවන ගුරුවරයකු මාරුකර යැවීමට පවා ඔවුන්ට පුළුවන් වෙයි. අඩු තරමින් කටින් හෝ පුළුවන් වෙයි. පොත් කියවා දැනුම පෙරදාතම කරා ගැනීම, දින සටහන්, වාර සටහන්, නිවාඩු වැනි කිසිම දේකට ෆෝමැට් එකක් අනවශ්‍ය වන අතර සමහර විට පාසල පටන් ගන්නේ පෙරවරු 8ත් පහු උනාට පසුය. ඔවුන් වෙනුවෙන් අත්සන් පොත විවෘත්ත වන අතර ගැටළු නැත. රාජකාරී නිවාඩු ඕන කරම්ය. ආයතන සංග්‍රහ ෆ්ලෙක්සිබල් වේ. අවශ්‍ය වන්නේ අර කණ්ඩායමේ පැත්තේ සිටීම පමණි.
දෙමාපියන් බහුතරයක් මෙම කණ්ඩායම ගැන දනී. නමුත් අපේ රටේ වඩාත්ම දූෂිත, පුරවැසියා නිසා , එසේ දූෂණ ගැන ප්‍රශ්න කරන්නේ ඉතාම අඩුවෙනි. ඒ නිසා ඔවුන්ගේ පැවැත්මට හානියක් නැත. බලයේ ඉන්නා දේශපාලන පක්ෂයට ආවැඩීම හෝ උත්සව පවත්වා ඔවුන්ට වේදිකා තනා දීම මගින් තමන්ගේ පිස්සුවිකාර සඳහා වන අනුග්‍රහය සූදානම් කරගත හැකිය. ණය, මාරුවීම්, පුහුණු වැඩසටහන් අඩුම තරමේ වෙනත් පාසලක උත්සවයකට ආරාධනා කර ලැබෙන ලිපියක් වත් ලැබෙන්නේ පෙරකී කණ්ඩායමේ නම් පමණි. ගොඩයා යුත්තේ අපේ සෙට් එකේ හෝ අපිට පක්ෂ මිනිහා පමණි.
මේ සියල්ල මෙසේ වෙද්දී ළමයා කාටවත් මතක නැත. ඔහුව සෘජු හෝ වක්‍ර හිංසනයට, බියට පත් කර පාලනය තමං අතට ගැනීමට පමණක් මෙම පිරිස උත්සාහ කරයි. අපේ රටේ ස්වාධීනව හිතන්න ළමයිට උගන්නන්නේ නැත. සමහර විට කලිං කී පිරිසට කේලම් කියන ළමයා කොපමණ විනය විරෝධී උවත්, කොතෙක් පාසලේ අකටයුතුකම් කලත් ප්‍රශ්න නොවෙයි. පාසලේ උගන්නන්නේ පොදුවේ අපේ රටේ බොහෝ ගුරුවරුන්යැයි කියාගන්නා පිරිස් වලට ගුරුකම වෘත්තියක් නොව රැකියාවකි. තමන් විශ්‍රාම යනතුරු මොනබයිලයක් හරි ගසා ඇදගෙන යෑම පමණක් සෑහෙයි.
විධිමත් පාසලලේ පාලනය අවුරුවමින් මේ පිරිස වැඩෙයි. පිළිලයක් මෙන් වැඩෙයි. පාසල ඉදිරියට යන්නට නොහැකි වෙන අතර එහි පැවැත්ම පවා අනතුරේ වැටේ. එහෙත් කවදාවත් එය ප්‍රශ්න කරන්නට කෙනෙක් නැත. හේතුව කල් යත්ම සියළුදෙනා අර පිරිස තුළට පැමිණ ඇති නිසාය.
ස්වාධීන ගුරුවරයකුගේ අභියෝගය වන්නේ කිසිම පිරිසකට යටත් නොවී සිටීමට හැකිවීම තුළ ය. පිරිස නොසලකා සිටීමට හැකි වීම තුළ ය. අහිංසක සිසු දරු දැරියන්ගේ අනාගතය මත පදනම් වූ කණ්ඩායම ගොඩ නැගීමට හැකි වීම තුළ ය.
එය පහසු කටයුත්තක් නම් නොවේ. පෞර්ෂය අවශ්‍ය වනුයේ ද එවැනි අපහසු කටයුතු කිරීමට ය. පාසලකට පමණක් නොව රටට ද මේ කාරණය අදාළ ය. අපි හැමෝම රෝගය දැනගෙන සිටින්නෝ වෙමු. රෝග ලක්ෂණ වලට බෙහෙත් ගනිමින් කවුරුන්හෝ අපිව ආශ්චර්යකරා රැගෙන යන තාක් රෝගයට බෙහෙත් නොකර බලං ඉමු.
අවසාන වශයෙන් මට මං ගැනත් වචනයක් කීමට ඇත. ඒ මගේ සිසු දරු දැරියන් වෙනුවෙනි. කොපමණ බාධක ආවත්, කොච්චර කරදර, අපවාද, නින්දා විඳින්නට උවත් තමං තමංට අයිති බව සිහි තබාගෙන තමංගේ අනාගතය රටේ අනාගතය බව සිහි තබාගෙන ඉදිරියටම යන්න.
Advertisements
අපි අළුත් නිවසකට ගියෙමු.
වසර පහක් වූ ගුරු ජීවිතේ අන්තර් ජාලය සමඟ කල කී දෑ බොහෝයි. නමුත් කවදාවත් ඒ සියල්ල අහිමි වේ යැයි නොසිතූ නිසා පුද්ගලිකව වෙබ් අඩවියක් පවත්වා ගැනීම කෙරෙහි අවධානයක් තිබුනේ නෑ. ඕත තවදුරටත් වලංගු නොවන තත්ව උද්ගත වූ නිසා මං අළුත් ලිපිනයකට ගියා. මේක මගේම තැන නිසා මෙතනින් එහාට වගකීම් මම මටම වෙයි කියා හිතනවා.
විද්‍යුත් තැපෑලෙන් මගේ ලිපි ඉල්ලා තිබුන අය 50ක් පමණ සිටියා. මට ඔවුන්ව පමණක් මගේ අළුත් සයිට් එකට පෙරසේම ඊමේල් එකක් ලැබෙන විදියට ගෙනියන්න බැරි උනා. ඒ නිසා සමාවෙලා අළුත් අඩවියේ අවශ්‍ය අය නැවත තමංගේ ඊමේල් ලිපිනය යොදන්න කියලා මං ඉල්ලා සිටිනවා.
යකඩ තලන්න තලන්න මුවහත් වෙනවා කියලා කියනවා. ගොඩක් වැඩ මේ දවස් වල තිරේ පිටුපසින් සිදුවන නිසා බලා පොරොත්තුවේ ආලෝකය ඇසේ තියං සියළු දෙනාටම සුභ වෙසක් මංග්‍යයක් කියලා කියන ගමන් මං අළුත් නවා තැනට ගොඩවෙන්නම්.
http://www.arunasir.com
Share this:
Like this: