මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී…ඒ නිසා පුතා මගේ බාප්පා…..


ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ රටින් එහේ ගිය එකෙක් සෙට් උනා ඇමරිකන් කාරයෙක් එක්ක. ටික වෙලාවකින් අපේ එකා කියනවා…

ඔයා දන්නවද අපේ දෙමාපියො කරපු වැඩක්. ගෙදරින් එලියට බැහැල නැති,මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක් බන්දල දුන්නා. ඒකි ආදරේ තියා මෙලෝ මල දානයක් දන්නේ නෑ. මේ මගුල මට දැං එපා වෙලා තියෙන්නේ………

එතකොට සුද්දා කියපි,
ඔහේ මගුලක් කතා කරනවා ලව් කරලා බදින එක ගැන. මං බැන්දේ අවුරුදුතුනක් ලව් කරලා මිනිහා මැරිච්ච ගෑනියෙක්. ටික කාලෙකට පස්සේ අපේ තාත්ත මේ ගෑනිගේ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නා කසාද බැන්දා.

දැං අපේ තාත්තා මගේ බෑනා. මං තාත්තාගේ මාම…තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා…මගේ ගෑනි මගේ ආච්චි….

ප්‍රශ්නේ තව වැඩිවුනා අපිට පුතෙක් ලැබුනම. මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී…ඒ නිසා පුතා මගේ බාප්පා…..

තත්වේ දරුණු උනේ අපේ තාත්තාගේ නෝනට දුවෙක් ලැබුනම. දැං මගේ තාත්තාගේ දුව මගේ නංගී. මගෙයි නෝනාගෙයි මිණිබිරී…..

තමුසෙට කියන්න හලෝ බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා……මගේම මුණුබුරා වෙලා…..උඹ මේ පවුල් ප්‍රශ්න කතා කරනවා…..

දඩාස් යනුවෙන් ශබ්දයක් ලංකාවේ මනුස්සයා වාඩි සිටි පසින් අසුනේ ලු.

අපේ එකාල දත කට මැදං ඉන්නේ ඇමරිකාවට යන්න. එංගලන්තෙට යන්න. යකෝ මොන අඩුපාඩුව තිබුනත් මේක තරං රත්තරං රටක් වෙන කොහේවත් නෑ. සංස්කෘතියක් කියන එකක වටිනාකම දැංවත් තේරුං අරං රටට ආදරේ කරණ පිරිසක් වෙලා මේක ගොඩගන්න තමං තමන්ට උදව් වෙයල්ලා.

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English.I met an English teacher who could inspire me to be a teacher one day. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Advices, My own comments, Smile and tagged , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

53 Responses to මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී…ඒ නිසා පුතා මගේ බාප්පා…..

  1. හෙළයා says:

    ” අපේ එකාල දත කට මැදං ඉන්නේ ඇමරිකාවට යන්න. එංගලන්තෙට යන්න. යකෝ මොන අඩුපාඩුව තිබුනත් මේක තරං රත්තරං රටක් වෙන කොහේවත් නෑ. සංස්කෘතියක් කියන එකක වටිනාකම දැංවත් තේරුං අරං රටට ආදරේ කරණ පිරිසක් වෙලා මේක ගොඩගන්න තමං තමන්ට උදව් වෙයල්ලා. ”

    රත්තරං කතාව

  2. Thilina Rukshan Edirisinghe says:

    Wow, Nice article.
    These days such persons like you, I really appreciate u.
    You opened SL minds.
    Keep up the nice work Aruna.

  3. ilandhariya says:

    මේ රට මගෙ රට මාඉපදුන රට

  4. reader says:

    “අපේ එකාල දත කට මැදං ඉන්නේ ඇමරිකාවට යන්න. එංගලන්තෙට යන්න. යකෝ මොන අඩුපාඩුව තිබුනත් මේක තරං රත්තරං රටක් වෙන කොහේවත් නෑ. සංස්කෘතියක් කියන එකක වටිනාකම දැංවත් තේරුං අරං රටට ආදරේ කරණ පිරිසක් වෙලා මේක ගොඩගන්න තමං තමන්ට උදව් වෙයල්ලා.”

    අනේ යකෝ රටයන්න බැරිනිසා තමුසෙ වගේ හාල්පාරුවන්ට රට රත්තරං, ඒ හින්න්දා මෙහෙටම (මේ කුජීත රටටම) වෙලා වේලි වේලි හිටපං හබැයි රට යන්න හදන එවුන්ට ඊරිසියා නොකර…

    • Malki says:

      @reader
      ඔබට පිලිතුරු දීම වැදගත් නොවුනත් ඉතාමත් කණගාටුවෙන් ..කියමි..
      ඇයි තවමත් ඔබ සිංහල භාෂාව භාවිතා කරන්නේ..??
      ඔබ ඉන්න විදේශීය රට කුමක්ද??
      පිටරටකට යෑම ඉතාමත් වැදගත් බව ඔබ සිතන බව පෙනේ..නමුදු කණගාටුවෙන් කියමි ඔබ සිතන ආකාරයට සිතන අය සිටිනා තාක්කල් ..අපේ රටට දෙවියන්ගේම පිහිටයි..
      රට කූජිත කරන්නේ ඔබවන් අය මිස අන් කවුරුත් නොවන බවද මතක තබාගන්න.
      ප. ලි.ඇත්තෙන්ම ඔබ ඔබටම ගැලපෙන නමක් යොදාගෙන තිබෙනවා නිකන්ම කියවන්නෙක් පමණයි ඔබ.. 🙂

  5. reader says:

    මේ රටට තියෙන ලොකුම හෙනේ තමුසෙල වාගෙ සංස්කෘතික හාල්පාරුවොයි උපාසක අම්මලයි තමයි.

    • arunasir says:

      reader හොදින් අහගනින් මේ ටික. අද ලෝකය කියන එක එක ගමක්. අපිට උඹ වදින පුදන ඇමරිකාවේ කියන තැනකට කතා තරන්න යන්නේ තත්පර කීපයක්. වෙනස් වෙනස් සංස්කෘතීන්, ඇදහිලි, විශ්වාස,ජන කන්ඩායම් ඉන්න නිසා මේකේ රටවල් කියන එව්වා එකිනෙකට වෙනස්. හැබැයි උඹලා වගේ වේස කොල්ලෝ කවදාවත් මේක තේරුං ගන්නේ නෑ. පොඩ්ඩක් හිතපං ලෝකෙම උන් ඇමරිකාවේ එංගලන්තේ වගේ උනොත් මොනා වෙයිද???? උඹ වගේ උන්ට නොතේරුනාට ලෝකේ ලංකාවට තියෙන ප්‍රධාන තැන ඔන්න ඕක. එතනින් තමයි විවිධත්වය රැකෙන්නේ. එතකොට තමයි ගිහිං බලන්න දෙයක් තියෙන්නේ.සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි. උඹට සල්ලි හොයන්න නං පුළුවන් වෙයි. ඒත් උඹට උඹව හොයා ගන්න කොට පරක්කු වැඩියි. එදාට උඹට අපි වගේ කට්ටිය ඕන වෙනවා හිටියොත් උඹෙ ළමයින්ට උගන්නන්න.

      උඹ වගේ රට ගිහිං සල්ලි හොයා ගත්ත උන් අද ඇති පදං.ඇයි උන් මාකෙට වතාවක් මේ රටේ සිංදු කියන අය එහෙට ගෙන්න ගන්නේ.හාමුදුරුවෝ ගෙන්නගෙන බණ අහන්නේ. ඒකට හේතුව තමයි කවදාවක් අපිට උන්වත් උන්ට අපිවත් හරි යන්නේ නැති එක. ඒ රටේ විඥානය එක්ක අපේ උන්ගේ විඥානයේ නොගැලපීම. අද ඇමරිකාවේ ගිහිං ආපු හිපියෝ ළංකාවේ සිංදු කියනවා. උඹලාට එව්වා හරියනවා. මෙහේ මිනිස්සු අහන්නේ නෑ. ඒත් අමරදේව මාස්ටර්ගේ රන් දහඩිය බිංදු බින්දු කියන සිංදුව අහපං. නිකංම ඒක අපට දැනෙනවා. උඹෙත් උප විඥානයේ තියෙන්නේ උඹ අද ඔය කියන හාල්පාරුවෝ කියන අපේ තියෙන දේවල්ම තමයි.

      පිටරට දේ මෙහේ පැළවෙන්නේ නෑ.බලපන් ෆයින්ස් ගස්. ගෙඩිය පිටින් මෙහෙ ගෙනාවා.දැං ඒක යට වෙන ගහක් පැළවෙන්නෙත් නෑ.පොළව කාන්තාර වෙනවා.ගස්ලබු වලට උන වැඩේ බලපං. ලස්සනට පාටට තියෙනවා විතරයි. අපේ රටේ තිබුන එව්වා වගේ රස නෑ. මිනිස්සු කන්නේ නෑ.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා. එවිවා උඹලට තේරෙන්නේ නෑ.

      මමත් පිළිගන්නවා මේ රටේ තරුණයන්ට රැකියා අඩුයි. දේශපාන ව්‍යුහයේ ප්‍රතිපත්තිමය තීරන ගැනීමේ ප්‍රශ්න තියේ. ඒත් එව්වා රට දාලයන්න තරං ප්‍රශ්න නෙවේ. ස්වයං රැකියා ඇත්වෙන්න තියෙනවා. සුද්දෝ දිහා බලාගෙන පළවෙනි පඩියෙන් ප්‍රාඩෝ එකයි සර්කිට් එකකුයි ගන්න පුළුවන් ජොබ් කරන්න තමයි හොයන්නේ. සල්ලි දෙනවා කිව්වොත් එහෙ ගිහිල්ලා සුද්දගේ පස්ස උනත් ලෙව කයි.මෙහෙ ගරු සරුව ඇතුව ස්වයං රුකියාවක් කරන්න කැමති නෑ.

      ගොවියගේ පුතා ගොවියෙක් වෙන්න කැමති නෑ. වඩුවගේ පුතා, ධීවරයගේ පුතා ඔය ඔක්කොමලට ඕන උඹ වගේ පිට රටට නියවන්න. ආකල්ප වෙනස් කරලා ඇස් ඇරලා බැලුවොත් තාමත් ලංකාව ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා.

      අපේ ගේ ඇතුලේ එකතුවෙන කුණුටික ශොපින් එකකට දාල මහ පාරට දැම්මම හරි කියලා උඹලා හිතනවා. රට ගද ගහන කොට රජේට බනිනවා. එහෙව් උඹලා ඇමරිකාවට වැඩියම පාරේ කුණු දාන්නේ නෑ. යන්න තියෙන පැත්තෙන්මයි යන්නේ. අල්ලස් දෙන්න හදන්නේ නෑ. ඉතිං ඔය ටික මෙහෙදිත් කරපල්ලකෝ.

      මං ගැන උඹ කිව්වා නේද රට යන්න බැරි නිසා කියලා. යකෝ මං යන්න හිතන්නේ වත් නැතුව උන් පිටරටවල් වලිං කරලා එනවද කියලා අහපු වෙලාවල් තිබුනා. ඒ රටවල ග්‍රාමීය ළමයින්ට ඉංග්‍රිසි උගන්න්න. ICT උගන්න්න. ඒත් අපි ගියේ නෑ. මතක තියාගනින්. අපි මේ රට දාලයන්නේ නෑ. අපේ අනාගත පරපුරට රටේ දේ ගැන කියලා දීල මෙහෙ පසටම යට වෙනවා මිසක්. මගෙන් ඉගෙන ගන්න ළමයින්ගේ අදහස් බලපන් මෙතනින් ගිහිං.
      01. පලමු කොටස
      02. දෙවන කොටස

      • Grey says:

        අරුණ සර් හරි කියනදේ 100% නිවැරදිනෑ. මම ලංකාවට ආදරෙයි. නමුත් මම ඉන්නේ එංගලන්තේ, මගේ රස්සාව නිසා. අපි මේහේ ඉදන් ලංකකාවේ සින්දු අහනවා. මෙහේ පන්සල් යනවා තමා. ඒ අපිට පුරුදු සන්ස්කෘතිය විදින්න, ආගම අදහන්න.
        මම මෙහේ ඉන්නෙ මුදල් නිසා තමයි. නමුත් එහෙමයි කියලා ඔයා කියන දේවල් වැරදියි. මට අමරදේවයන්ගේ සින්දු වගේම බාතිය, සන්තුශ් සිංදු අහන්නත්, ඒව රසවිදින්නත් පුලුවන්. ඒ වගේම තමා ඔය දෙන්නගේම මම කැමති නැති සින්දුත් තියෙනවා. ඒක මගේ රසවින්දනය. ඒක මම ලංකාවෙ ඉන්න කාලෙත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි.
        තමන් කැමති නෑ කියලා මිනිස්සුන්ට හිපියෝ කියන එක වැරදියි.
        ඔයාගේ තර්කවල මට නම් කිසිම තාර්කිකබවක් පේන්නේ නෑ. පාරේ මිනිස්සු කුනු දාන එකටයි, පිටරට ගස් ලංකාවේ වසන්ගත වෙලා තියෙනෑකටයි, එන්.ජි.ඕ වලට වැඩවලටයි පිටරට ඉන්න අපිට බැනලා වැඩක් නෑ මහත්තයෝ.
        ඒවට යන මිනිස්සුන්ගේ ආකල්ප තමා හොද. අපි සල්ලි දෙනවනම් සුද්දන්ගේ පස්ස ලෙවකන්න ලෑස්ති නෑ, මම මෙහේ ආවේත් මගේ ගරුත්වය තියන් ලංකවේ කරපු රැකියාව කරන්න ඉඩ නැති නිසා. මම අද ඒ රැකියාව මෙහේ කරන්නේ බොහොම සතුටින්.
        ඔබතුමාගේ ඉන්ග්‍රිසි උගන්වන එකයි, අයි.සි.ටි උගන්වන එකයි බොහොම හොදයි. ඉතාම අගය කරනවා. නමුත් විදේශ ඔබතුමා දරන ආකල්පයනම් (විදේශ සම්බන්දවා අගය කරන්නවත් පිලිගන්නවත් බෑ.

      • reader says:

        අරුණ, මම ගැන ගොඩක් දේවල් උපකල්පනය කරල ලියලතියෙන්නෙ. මුකුත් නොකිය ගියොත් හරි නෑනෙ.
        නැවතත් මම කියන්නෙ උඹ නිකංම නිකං සංස්කෘතික හාල්පාරුවෙක් ඇරෙන්න වෙනකවුරුවත් නෙමෙයි. කොහෙද මම කිවුවෙ මම වදින්නෙ පුදන්නෙ ඇමරිකානවට කියල මම කිවුවෙ රටයන අය හෝ ගිහින් ඉන්න අයට ඉරිසියා කරන්න එපා කියල. උඹ ඔය කියන මහා ලොකු සංස්කෘතියෙ තමයි තියෙන්නෙ ඔය කියන ඉරිසියාව, කුහකකම, මේ දේශය මෙච්චර අභාග්‍යසම්පන්න වෙලා තියෙන්නෙ ඔය කියන තුට්ටු දෙකේ සංස්කෘතියට පිංසිද්දවෙන්න තමයි. තමුසල වාගෙ එවුන් තමයි හිතන්නෙ රටයන එකාල තමයි ලොකුම බලු වැඩේ ලංකාවට කරන්නෙ කියල. එතකොට මෙහෙ ඉඳන් ඕන බලු මජර වැඩක් කරන එකා හොඳ, සිංහල සංස්කෘතියට අනුගත වෙච්ච මිනිහෙක්. රට ඉන්න එකා හිපියා.
        උඹ කියන්න ඔන නැහැ අපිට අමරදේවගෙ හරි නන්දා මාලිනීගෙ හරි සිංදු අහන්න. අපිට කැමති සිංදු අපි අහන්නම්. අපිට අමරදේවයන්ගෙ රන් දහඩිය බිංදු බින්දු වගේම Akon ගෙ Sexy Bitch උනත් රසවිඳින්න පුලුවන්. ඇයි උඹට ඒනිසා පශ්තාත් භාගය කහනවද?

        උඹ තව තකතීරු කතාවක් කිවුවා
        “ගස්ලබු වලට උන වැඩේ බලපං. ලස්සනට පාටට තියෙනවා විතරයි. අපේ රටේ තිබුන එව්වා වගේ රස නෑ. මිනිස්සු කන්නේ නෑ.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා. එවිවා උඹලට තේරෙන්නේ නෑ.”

        අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී…… හිඟා කෑම බැරිවුණු තැන ලගී ගයා මරගී. … කියල කිවුවෙ කුමර තුඟු මුනිදස් .

        උඹල වගෙ හැත්තක් ඉන්න තැන මරගී ගයා ලගින්න තමයි වෙන්නෙ.
        ගොවියගේ පුතා ගොවියෙක් වෙන්න කැමති නෑ. වඩුවගේ පුතා…
        ඔව් එතකොට රට එකම තැන තියෙයි හමදාටම.

        ලංකාවෙ හදන්න තිබ්බ දුම්රිය වත් ලකාවෙ හදන්න ඉද නොදුන්නෙ තොපි වගේ පොල්බූරුවො තමයි.

        මේ දේශයට අපිත් ආදරෙයි ඒත් අපි අපිට ඊට වඩා ආදරෙයි. අපි මේක කුජීත රටක් කියල කිවුවෙ උඹල වාගෙ හාල්පාරුවො සියදහස් ගනනක් මින්පෙරත් දැනුත් ඉදිරියටත් රට කුජීත කරපු කරන හා කරන්න නියමිත නිසා.

        කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරෙ හිතියහම අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන එකද අපේ මහා සංස්කෘතිය. sir Ivor Jennings කිව්ව වගේ මේක සංස්කෘතික කාන්තාරයක්.

        තමන්ගෙ හා තම රැකියාවෙ ගරුත්තවය ආරක්ශා කරගෙන මේක ඇතුලෙ කරන්න බැරිනම් කරන්නපුලුවන් තැනකට ගිහිල්ලකරන එකේ ඇති වරද මොකක්ද?

        අපි අමරිකාවට වඳින්නෙ පුදන්නෙ නෑ ඇමෙරිකාවවගේ මිනීමරු රටක් වෙනව දකින්න අපි කමති නෑ.

        මේකෙ කාටත් නැමෙන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ හැමෝටම එක වගේ ඉන්න පුලුවන්නම් එච්චරයි. බලපං ස්වීඩනය දිහා ජනාධිපතිත් යන්නෙ දුම්රියෙ පත්තරයක් බල බල තමංගෙ කාර්යාලයට . අන්න රටවල්.

        මම උඹට වෙච්ච දෙයක්ම උදාහරණයකට අරගෙන අහන්නම්(උඹ කියන දේ ඇත්ත යයි උපකල්පනය කොට). උඹේ ඉස්කෝලෙ ලම්යි ටිකට උනේ මොකක්ද Mother ஸ்ரீ ලංකා පාසල් සංවාද තරඟේදී. “බෙන්ස් ප්‍රාඩෝ වල යන, හැම් බේකන් කන, ලොකු තැන්වලට කත් අදින අම්මලා තාත්තලට දාව ඉපදුනේ නැති නිසා උන්ට වෙන අසාධාරණ කම් එමටයි.”
        හරිහමං සංස්කෘතියක් තියෙන රටක මේව වෙනවද? අඩුමගානෙ උඹ ඔච්චරට බනින ඇමරිකාවෙ ඔච්චරටම දක්ශයන්ට තැනක් නැතිවෙනවද?.

        උඹ කොහොම කිවුවත් මේහක තමයි අපේ (උඹලා විසින්) කුජීත (කරන ලද) සංස්කෘතිය.

      • arunasir says:

        [said]අරුණ, මම ගැන ගොඩක් දේවල් උපකල්පනය කරල ලියලතියෙන්නෙ. මුකුත් නොකිය ගියොත් හරි නෑනෙ.
        නැවතත් මම කියන්නෙ උඹ නිකංම නිකං සංස්කෘතික හාල්පාරුවෙක් ඇරෙන්න වෙනකවුරුවත් නෙමෙයි. කොහෙද මම කිවුවෙ මම වදින්නෙ පුදන්නෙ ඇමරිකානවට කියල මම කිවුවෙ රටයන අය හෝ ගිහින් ඉන්න අයට ඉරිසියා කරන්න එපා කියල. උඹ ඔය කියන මහා ලොකු සංස්කෘතියෙ තමයි තියෙන්නෙ ඔය කියන ඉරිසියාව, කුහකකම, මේ දේශය මෙච්චර අභාග්‍යසම්පන්න වෙලා තියෙන්නෙ ඔය කියන තුට්ටු දෙකේ සංස්කෘතියට පිංසිද්දවෙන්න තමයි. තමුසල වාගෙ එවුන් තමයි හිතන්නෙ රටයන එකාල තමයි ලොකුම බලු වැඩේ ලංකාවට කරන්නෙ කියල. එතකොට මෙහෙ ඉඳන් ඕන බලු මජර වැඩක් කරන එකා හොඳ, සිංහල සංස්කෘතියට අනුගත වෙච්ච මිනිහෙක්. රට ඉන්න එකා හිපියා.[/said]

        අනේ සමා වෙයං කියවන්නෝ මං දවසක්ම අන්තර්ජාලයෙන් වැලකිලා හිටියේ. ඉස්කෝලේ සිල් සමාදන් උනා ළමයි ඹක්කොම.ඉස්සර වෙලාම මතක තියා ගන්නව කියවන්නා සංස්කෘතියට පිංසිද්ධවෙන්න තමයි තමුං ඉස්කෝලේ ගිහිං ඉගෙන ගත්තේ. ලොකුමහත් වෙලත් තවම දෙමාපියන්ගේ උදව් පදව් තියෙන්නේ.(මං විශ්වාස කරනවා කවුරු හරි තමුංව වදන්න ඇති කියලා. මොක උනත් වෙන්න නං ඇත්තේ සුද්දගේ වචන‍යෙන්ම කිව්වොතින් ටොයිලට් එකක.එහෙම කට්ටියට ඔය අමාරුව තියෙනවා). සිංහල සංස්කෘතිය ඇතුලේ තමයි තියෙන්නේ ළමයි අවුරුදු 17,18 සමහර වෙලාවට ගැහැණු ළමයෙක් නම් ජීවිත කාලෙම බලාකියා ගන්නේ දෙමාපියන්.එතකොට ආයමත් කියන්න වෙන්නේ ඒ සංස්කෘතියම ඇතුලේ ලොකුමහත් වෙලා ගරහන්න එපා.දෙමාපියන් මෙහේ ලිවින් ටුගෙදර් නෑ. අම්මා අරක්කු බොන්නේ නෑ.ළමයි කූඩ වල දාලා කර් එකේ දොර වහලා දාල අම්මා බියුටි පාලර් එකේ තපින්නේ නෑ.එතකොට ළමයි අවුරුදු දහය දොලහ වෙනකොටම ශිල්ප දක්වන්නේ නෑ.තමං ගෑනියෙක් කියලා මහා ලොකු කමින් නිසි වයසට නාපු තරුණියෝ කලර්ස් පෙන්න්නේ නෑ. තව ලියනවා නං ගොඩක් ලීවැකි. ඒත් දතකට මැදගෙන,සැදී පෑදී තිසර කිව්වා වගේ ලොලි පොප් හොයන් යන්න ඉන්න තමුන්ට මෙව්වා තේරෙණ එකක් නෑ.

        [said]උඹ කියන්න ඔන නැහැ අපිට අමරදේවගෙ හරි නන්දා මාලිනීගෙ හරි සිංදු අහන්න. අපිට කැමති සිංදු අපි අහන්නම්. අපිට අමරදේවයන්ගෙ රන් දහඩිය බිංදු බින්දු වගේම Akon ගෙ Sexy Bitch උනත් රසවිඳින්න පුලුවන්. ඇයිඋඹට ඒනිසා පශ්තාත්භාගය කහනවද ?[/said]

        ඒක අපි දන්නවා.උඩ පේලියේ අමරදේව කියන උඹ පහලින් පේලියේ අමරදේවයන් කියනවා.Sexy Bitch රසවිදින්න පුළුවන් කියලා උම්බෑ කියන්න එපා. දැනටමත් කට්ටිය දන්නවා තමුං කව්ද කියලා. සද්ද දාලා ඒක කන්ෆර්ම් කරන එකයි වෙන්නේ.

        යකෝ වේදිකාවේදීම එක අවුරුදු පහලවක කෙල්ලක් අත ඇරපු නැති,ශිල්ප දක්වන එක සිංදු කියනවා කියන, කියන එකාටත් නෙකත්රෙන, එකම විදියට දෙපාරක් කියන්න කිව්වොතින් බැරි සින්දු විදින බංකොලොත් කමින් ගොඩ එන්න බිකිනි ඇන්ටිලා බුදු පිලිම වල නග්ගන මගුල් බල්න පුළුවන් සහ එව්වා විදින්න පුළුවන් කරුම මරගාත මේ රටේ තියාගෙන ඉන්නෙත් අපේ සංස්කෘතියෙ එන අනුන්ගේ මතය ඉවසන ගුනය නිසා. ඒකට වත් සන්තෝෂ වෙයං.වෘෂභ රජ්ජ්රුවො.

        [said]උඹ තව තකතීරු කතාවක් කිවුවා
        “ගස්ලබු වලට උන වැඩේ බලපං. ලස්සනට පාටට තියෙනවා විතරයි. අපේ රටේ තිබුන එව්වා වගේ රස නෑ. මිනිස්සු කන්නේ නෑ.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා. එවිවා උඹලට තේරෙන්නේ නෑ.”

        අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී…… හිඟා කෑම බැරිවුණු තැන ලගී ගයා මරගී. … කියල කිවුවෙ කුමර තුඟු මුනිදස් .

        උඹල වගෙ හැත්තක් ඉන්න තැන මරගී ගයා ලගින්න තමයි වෙන්නෙ.
        ගොවියගේ පුතා ගොවියෙක් වෙන්න කැමති නෑ. වඩුවගේ පුතා…
        ඔව් එතකොට රට එකම තැන තියෙයි හමදාටම.

        ලංකාවෙ හදන්න තිබ්බ දුම්රිය වත් ලකාවෙ හදන්න ඉද නොදුන්නෙ තොපි වගේ පොල්බූරුවො තමයි.[/said]

        තකතීරු කතා කියන්නේ මමද දැං.යකෝ හැතැම්මෙකට අගල් එකක බැස්මක් තියෙන්න ඇලවේලි කැපුවා අපේ සිංහල වීරයෝ. කවදාවත් පරිසරයට විනාශයක් වෙන දේවල් කලේ නෑ.තමුං කඩේයන සුද්දගේ තාක්ෂණයට හදපු වික්ටෝරියා අන්න තව අවුරුදු කීයදෝලු තියෙන්නේ.දැනටමත් ලීක්ලු.බතලේගොඩ, මහඉලුපුපල්ලම, හිගුරක්ගොඩ, කුණ්ඩසාලේ හදපු බීජ වර්ග අපේ පොළවට හැමදාම හරි ගියා. අද අපේ කුඹුරු ටික 5000 වාරයකට වඩා වපුරලා කපා ගත්තා. පසට කිසි හෙනයක් තිබ්බේ නෑ. ඒත් කියවන්නේ උඹේ සුද්දා හොයා ගත්ත අලුත් ( කියලා උඹ කියවන) පොහොර නිසා පහුගිය ටිකේ උනේ මොකද්ද. ගොනෝ මුණිදාසයන් කිව්‍වා තමයි. ඒත් ඒක සිහිබුද්ධියෙන් අහපන්. මැට්ටෙක් වගේ පැනගෙන යන්න එපා. අලුත් දේ මෙහෙට හරියන්න ඕන. කල් පවතින්නේ නැත්තං, මොන ඇටේ අලුතින් හොයා ගත්තත් වැඩක් නෑ.පරිසර හිතකාමී දෙවල් දහයක් කියපං සුද්දා හොයා ගත්ත??? ඊට පස්සේ තප්පුලාපන්.

        [said]මේ දේශයට අපිත් ආදරෙයි ඒත් අපි අපිට ඊට වඩා ආදරෙයි. අපි මේක කුජීත රටක් කියල කිවුවෙ උඹල වාගෙ හාල්පාරුවො සියදහස් ගනනක් මින්පෙරත් දැනුත් ඉදිරියටත් රට කුජීත කරපු කරන හා කරන්න නියමිත නිසා.

        කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරෙ හිතියහම අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන එකද අපේ මහා සංස්කෘතිය. sir Ivor Jennings කිව්ව වගේ මේක සංස්කෘතික කාන්තාරයක්.

        තමන්ගෙ හා තම රැකියාවෙ ගරුත්තවය ආරක්ශා කරගෙන මේක ඇතුලෙ කරන්න බැරිනම් කරන්නපුලුවන් තැනකට ගිහිල්ලකරන එකේ ඇති වරද මොකක්ද?

        අපි අමරිකාවට වඳින්නෙ පුදන්නෙ නෑ ඇමෙරිකාවවගේ මිනීමරු රටක් වෙනව දකින්න අපි කමති නෑ.[/said]

        අනේද කියන්නේ.අපට තේරෙනවා ලියන දෙවල් වලිං රෙද්ද පල්ලේ බේරෙන පුලං දේශප්‍රේමය. අපි නිසා තමයි පුලන්නෝ රටේ ඉදිරි ගමන අද දැක්මකින් හැඩ වෙලා තියෙන්නේ. කියව කියවා ඉන්නේ නැතුව අපි අපේ දැක්ම අපේ හදවත බදු වසර 2500කටත් එහා සංස්කෘතිය අපේ දරුවන්ට බාරදීල උන්ව ඉදිරියට ගන්න, රටට වැඩදායක ව්‍යාපෘති කරමින්ම ඉදිරියට යන්නේ.

        ඔය පුලන ඇමරිකාවේ ඉතිහාසය අවුරුදු 500ක් වත් නෑ තාම මගේ හිතේ. ඉතිං තාම තේරුං අරං නෑ නිදහස සහ වල් බූරු නිදහස අතර වෙනස. එහෙ පාරවල් වල තරුණ අය ශිල්ප දැක්වූවට පුලෝ එහෙම වෙන්නේ නෑ.තමුංගේම නංගී එහෙමත් නැත්තං අක්කා කොල්ලෙක් එක්ක ශිල්ප දක්වනවා ප්‍රසිද්ධියේ උඹේ ඇහැටම දැක්කොත් මොනා වෙයිද?????( මෝස්ට් ප්‍රොබර්බ්ලි උඹ නං ටෝර්ච් එකක් අල්ලගෙන ඉදීවි.) ස්තූති කරපන් අපේ සංස්කෘතිය තවමත් පුලන්නංවත් ආරක්ෂා කරගෙන ඉන්න නිසා. 2500 වසරක් පැරණි අපේ දේ ගැන පර සුද්දෙක් කියපු දේවල් අහන්න අපට දෙයියංගේ හාල් කැවුනා කියලා හිතනවද තමං පුලෝ.අහපන් අපේ අනගාරික ධර්ම පාලතුමා කිව්ව දේවල්.

        මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

        ඊයෙ පෙරේද අශෝභන විදියට හැසිරුනු අය කියලා පොලීසියෙන් ඇල්ලුවේ ඔන්න ඔය කිව්වා වගේ ඇටි කෙහෙල් කාපු වගේ සෙට් එකක්. ඇත්ත කතාව දැන දැනම, ඒකෙන් වෙන හානිය දැන දැනම උගුරට හොරා බෙහෙත් කන්න එපා පුලෝ.

        [said]මේකෙ කාටත් නැමෙන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ හැමෝටම එක වගේ ඉන්න පුලුවන්නම් එච්චරයි. බලපං ස්වීඩනය දිහා ජනාධිපතිත් යන්නෙ දුම්රියෙ පත්තරයක් බල බල තමංගෙ කාර්යාලයට . අන්න රටවල්.

        මම උඹට වෙච්ච දෙයක්ම උදාහරණයකට අරගෙන අහන්නම්(උඹ කියන දේ ඇත්ත යයි උපකල්පනය කොට). උඹේ ඉස්කෝලෙ ලම්යි ටිකට උනේ මොකක්ද Mother ஸ்ரீ ලංකා පාසල් සංවාද තරඟේදී. “බෙන්ස් ප්‍රාඩෝ වල යන, හැම් බේකන් කන, ලොකු තැන්වලට කත් අදින අම්මලා තාත්තලට දාව ඉපදුනේ නැති නිසා උන්ට වෙන අසාධාරණ කම් එමටයි.”
        හරිහමං සංස්කෘතියක් තියෙන රටක මේව වෙනවද? අඩුමගානෙ උඹ ඔච්චරට බනින ඇමරිකාවෙ ඔච්චරටම දක්ශයන්ට තැනක් නැතිවෙනවද?.

        උඹ කොහොම කිවුවත් මේහක තමයි අපේ (උඹලා විසින්) කුජීත (කරන ලද) සංස්කෘතිය.[/said]

        අපේ රටේ දේශපාලන තීන්දු තීරණ ගන්න එකේ දුර්වලතා තිනෙවා කියලා මං කිව්වා මුලිං.

        ඒක හදන්න තමයි අපි අපේ දරුවෝ හරියට හදන්න.ඇමරිකාවේ දේවල් මට අමුතුවෙන් ලියන්න ඕන නෑ. ගූගල් වල සර්ච් එකක් දැම්ම නම් කාටත් බලා ගන්න පුළුවන්.ළමයින්ට අසාධරණකම් උනා. ඉතින් ඒක රටම එපා වෙන්න තරං ප්‍රශ්නයක්ද???
        අවසානෙට නං නෙවෙයි මට කියන්න තියෙන්නේ උඹලා වගේ පරදේශවලට ගැති, පුලන්නෝ ඉන්න එකම තමයි උන්ගේ දිනුම. මොකද උන් දන්නවා උන් ආරක්ෂිත වෙනවා කටු කන උන් ටිකක් ඉස්සරහයින් දැම්මම.උන්ගේ රටේ ලේ හැලෙනවට අකමැති උන් පිට රටවල ලේ ගංගා ගලවවනවා. මහ ලොකුවට කට ගුහුවට හැම තාඛ්ෂණයම දාගෙන පුවවන් උනාද බින් ලාඩන් අල්ල ගන්න. නිකම්ම නිකං පතල් ඉංජිනේරුවෙක්ව අල්ල ගන්න බැරි රටක් බං.අපේ කොල්ලෝ බෑ බෑ කිව්ව ප්‍රභාත් මැරුව.අපෙන් ඉගෙන ගෙනවත් උ(ඹලා)න් හැදෙනව නං එකක්.

      • reader says:

        කියන්න තිබුන දේ වලින් සැලකිය යුතු ප්රමාණයක් Grey මහත්මයා විසින් කියා තිබුනා. අඩුපාඩුව මම පිරෙවුවා.

  6. Pingback: ඇමරිකාවට වඩා ලංකාව හොද මොකද « කොලූගේ ලියමන් . Kolu's Blog

  7. Aruna Indrajith Balasooriya says:

    AIB: say:
    යටත්විජිත මානසික මට්ටමෙන් ඉන්න එවුන් තවවිම ඉන්නව
    ගනන් ගන්න දෙයක්නෑ ,Sir

  8. A.I.B says:

    යටත්විජිත මනසික මට්ටමෙන් මිදෙන්න බෑරිඋන් තවම ඉන්නව ඒහින්ද ඔව ගනන් ගන්න ඩෙයක්නෑහෑ

  9. nirahankaari says:

    hmmmmmm… reader sahodharayata ane ithin anukampa karanwa ara wena monawa karananda.. eka winadiyakata hari me ratin pita una kenekta age danenawa. salli thiyana sanskruthiyen antha asarana higana thathweta watichcha ratawal gana katha karala wadak na.. thamange daruwage issaraha amma ada niruwathin awwa thapinawa.. e rate sanskruthiya eka.. dukai.. godak dukai me wage aya me lanakwe inna eka gana.. meya lanakawen pita innawa nan godak sathutu wenna puluwan..

  10. Rakhitha says:

    Different cultures are different. I don’t think that judging one cultures based on value system of another is the right thing to do. If you really look at some of the things in our culture based on a different value system or based on a rational point of view you will find things that is not very nice. I prefer not to give examples.

    • arunasir says:

      Why don’t you give your examples???? come on????

      • Rukshan says:

        May be he has some nice ones. haa haa haa. I am also curiously waiting what are his examples. cos we can give tons of our culture values right.

      • Grey says:

        There you go with examples.
        please read:
        http://www.vincentchow.net/2004/western-asian-culture-comparison

        Hope Rakhitha wan’t mind me repling for him.

      • arunasir says:

        ඹබතුමා ඔහොමද තර්ක කරන්න යන්නේ. ලියපු කෙනෙක් නැති මිනිස්සු අතරමං කරලා ඇඩ් වල ක්ලික් කරවන සයිට් එකක ආටිකල් එකක් දුන්නම හරිද???? අනික ඒකේ තියෙන හැටියට ඒක ලියලා තියෙන්නෙත් ආසියාවේම හැදිලා යුරෝපය සරණං ගඡ්ඡාමි කියන කෙනෙක්. ඔන්න ඕක තමයි ඔය සංස්කෘතියේ පිළිවෙල. කව්රුහරි මොනාහරි කිව්වොත් ඒක හරි. විවාරයක් නෑ.මම උදාහරණ දෙන්නද???
        හොයාගෙන කියවන්න සූරිය ගුණසේකර මහත්තයා ලියපු සංවර්ධනයේ මායාව කියන පොත.

      • Grey says:

        බොරු කියන්න එපා…ගුරුතුමෙක් උනාම ඔය වගේ බොරු කියන්නේ නැතුව ඉන්නඔනේ.ඔය සයිට් එක ඇඩ් ක්ලික් කරන එකක් නෙවෙයි. ලියල තියෙන්නේ ආචාර්ය උපාධිය හදාරන සිසුවෙක්.
        ඔබතුමාගේ හර පද්දතියට අනුව උනත් එතන හොදයි නරක්යි දෙකම තියෙනවා. කොහේ ගච්චාමි උනත් මගේ හිතට එකගව ඒ ලියලා තියෙන එක ඇත්ත. කාගෙවත් වැරදි දකිනවා නෙවෙයි. හර පද්දති දෙකක වෙනස පෙන්නුවේ. ඒක මැදහත් සිතින් කියෙව්වේ නැති එකට මට කරන්න දෙයක් නෑ.
        මම පවුද්ගලික මට්ටමින් දන්න සුරිය ගුනසෙකර මහතාගේ ඔය පොත මම කියෙව්වේ සාමන්ය පෙල පන්තිවලදි.
        දන් මනුස්සයට වෙලා තියෙන්නේ මොකක්ද….රාවන ගැන හොයනවා..ඉතිහාසය තුලම ජීවත් වෙනවා..අපේ ගුවන් යාන තාක්ශනය හොයනවා. එක අතකින් ඔබතුමා වගේ තමා, හැබැයි තාම එතුමා සන්වාදයක් කරන්න තර්ක කරන්න ඩක්ශයි.. ඔබතුමා වගේ හැගීමට වහල් නෑ.
        ඔවා හොයන එක නෙවෙයි වැඩේ, හොයන එකේ වරදක් නෑ. නමුත් කතාවක් කියනවා නම් හරි හමන් සාක්කි ඕනේ. ඔබතුමා ඔය ලෙවෙල් එකේ පොත් කියනවා කියන්නේ හරියට ජාතික රුපවාහිනියේ නිවුස් විතරක් බලනවා වගේ, සිරස නිව්සුත් බලන්න. ඒකට පොඩ්ඩක් ඔය ‘Economist, ”wall street journel’ වගේ ඒව කියෙව්වා කියලා පවු නෑ. අදහස් දෙකම ගන්න. සසදන්න… රටට හරියට විදිහට ඔය අදහස් දෙකම හැඩගස්වගන්න.

  11. Rukshan says:

    When it comes to culture there are no other examples I can see other than Sri Lanka. If some one try to compare a country like USA, better to think twice.

  12. Rakhitha says:

    Thanks for replying behalf of me. The reason why I did not want to give examples is they are real examples about people I personally know. If I put those in a comment those people and people who know me and them a will also know as I am commenting with my real identity.

    Thats not right, Right? At least it’s not right in my book.

    Hope you can understand.
    /Rakhitha

    • arunasir says:

      That means you highlight an isolated few people whom you are familiar with. With all due respect can you tell me how we apply it to whole one Arya sinhala Bhuddhist culture????? Nothing is totally white or Black.You are pointing few black peaches and complain Whole thing is black. read again the story we read @ primary classes.How blinds described an Elephant.

      • Rakhitha says:

        Not exactly. They are expected norms in our culture.

        Here is a very over generalized example not directly related to few people:

        Some time back (not that long ago) girls would be married based on their parents decision and have children when they are as young as 15 may be even younger. Of course this do not happen now. But it was perfectly ok with our values at least at that time. Of course cultures have evolved from there as both culture and value system are not static.

        In another value system this is called forced child marriage and child molestation.

        If you want modern day stuff ask your sister, daughter, girl friend, or even your female students (since you are a teacher) about their ‘experiences’ when using public transport.

        That may be against our value system but that still happen isn’t it. And do you think that what is given in your original post (which is simply something some one wrote to be a email joke) is the expected norm or dignified in a western value system?. Don’t call me a hipi who is glorify western culture. But I really don’t have to give real examples when the base for our discussion is simply a very old chain mail which finds its way in to our inboxes once in every few years. For a change this time its translated in to Sinhala.

        /Rakhitha

  13. arunasir says:

    Well well now, sexual harassment in side a bus is an offense and there is a punishment accordingly. But better investigate what had made this mentality in men??? how we have changed our dressing habits specially women. have you ever heard a girl who fully dressed up in a Saree .I mean full sinhala Dress has been harassed?????

    • Rakhitha says:

      Of course! Girls who dress up decently get harassed too including those who ware Saree or the kandian dress. Being harassed is not a fult of the victim.
      Oh! let me guess, It’s only those people who try to live by western culture harass girls or get harassed. Wow! Ok! I am done here!

      • GaSe says:

        Machan Raka,
        No point of arguing with this guy.
        First of all he think Saree is sinhala dress, Saree came here from south india and its not a Sinhala dress.
        For arguments sake lets agree that person wears a saree and travel in a bus, will it be a magical weapon to stop all the jacksons.
        Either you never travel in a bus or afraid to accept the truth.
        Anyways in olden days all our ladies were topless, do they get harrassed? even in households?
        Decency in dressing as you describe is originated from post Kandyan era. (I agree with Greys comments on this regard, on other article)
        It’s not the dress which provoke people, their filthy mentality which is corrupted due to sheer sexual desparation.
        I don’t want to glorify western culture, but what you think as sinhala buddist culture is NOT sinhala buddist culture.

      • arunasir says:

        /First of all he think Saree is sinhala dress, Saree came here from south india and its not a Sinhala dress./
        I mentioned Arya Buddhist Sinhala culture.” can you tall me what “Arya” stands for???
        /I don’t want to glorify western culture,/
        Then it is ok.That was the argument.

      • arunasir says:

        /Of course! Girls who dress up decently get harassed too including those who ware Saree or the kandian dress./
        May be coz the influence of foreign culture now a days exceeds the threshold.Why dont you agree that the mentalities have been changed rapidly with this open economy invented by the west and it expanded here.No point of Arguving with out self. We influenced by the other cultures. That has made this situation.

        /Oh! let me guess, It’s only those people who try to live by western culture harass girls or get harassed. Wow! Ok! I am done here!/ I did not mean to say so??? But of course Rakhitha, I too know that there are less comfortable situations here. Some one can criticize. But will it do any good to our Nation or our country.

    • Ruk says:

      I totally agree with Rakitha. You can’t judge another culture based on your culture’s value system. Furthermore, I think Aruna brought up a good point. A point which people who scream about ‘culture’ always bring up. The way women dress. So is it your opinion that women can’t dress what they want? I thought Sri Lanka is a democratic country. What is wrong with a girl dressing up in cloths she feels good and comfortable in? And for your information, I have witnessed girls clad in sarees being harassed in buses. It is not the dress, it is the mindset of the men. In a country where holding hands in public places is a punishable offence in court while drug lords who break in to national TV stations and wreck havoc go scot free, I am not surprised we have an abundance of such perverts.

      I currently live in UK and I see a stark contrast as to how women get treated in our so called age old buddhist culture and the so called ‘hippie’ ( to use a term of your own) of the west. Here, nobody gives a damn even if a girl walks down in her bikinis. While in SL, as I said earlier, even a girl clad in a saree cannot walk 10 yards without being subject to verbal harassment.

      I’ll tell you a little story, sometime back a girl who was known to me went to SL for holidays. That’s the first time she went home after being in UK for 1 year. Upon coming back she was telling me the details of her journey. She said when she landed in SL, since she was tired and sleepy, she wasn’t still feeling she was in SL. Not even when she saw her mother and hugged her, she came to realise that when she was about to get in to the vehicle when both she and her mother were subjected to pervert jokes by the taxi drives at the airport. That’s the reality of our society. That girl who didn’t get a single pervert remark on the streets of London (she is a very attractive girl BTW!) in a whole year, was at the receiving end of such harassment within 15 minutes of landing on her mother land. The land which has a history of more than 2500 years and a so called discipline instilled by Buddhism. I am not taking a lone story and generalising it, anyone who has been living in SL knows that this is the situation.

      I love my country, and I am proud of it. But that’s no reason to boast about a culture that does not exist and to demean other cultures. Every poya day we hear monks preaching about our values, discipline etc tec. But what discipline? I have seen old people being screamed at and being pushed out of buses because they were ‘too slow’ to get off. In this country, when an elderly person gets on to the bus, the driver waits till they go and sit down. That’s a value. That’s the discipline. You walk to a zebra crossing in this country and the vehicles will stop even before you step on to it. That’s discipline. I guess our ‘great society’ has a few things to learn from these ‘hippies’.

      Last but not least, we may have a difference of opinions, but I commend you on your work to uplift the education of the rural children. Keep up the good work.

      • arunasir says:

        /I totally agree with Rakitha. You can’t judge another culture based on your culture’s value system./
        ok.I will do so.

    • arunasir says:

      Thank you very very much Rukhan. I Know there are enough people who still love our county and its pride.Thank you once again. I do not believe people like reader,Ruk or GaSe bother to read these things.

      • Rakhitha says:

        Even though I was hoping not to comment here again I was compelled to comment after this comment by you. Hopefully this will be my last comment so I’ll write everything I have in mind.

        The work you are doing with your student is great. I have lot of respect for you as a teacher. After all I am who I am because of my teachers.

        The whole argument I have with you is comparing two cultures or values system is not practical. Specially, if you do that based on stats or specific ends of value system which is not the expected norm of the culture. And you are also looking at things in a very narrow point of view. And you justify lots of bad things happen here using the same excuses that are commonly being used in our culture to play down its dark side. When we look at a culture we need to look at the whole thing, not a part of it. Otherwise you end up with four blind philosophers and elephant situation.

        Stats get affected by the culture. For example let’s get Rape stats since it was mentioned. Now if you compare rapes per capita, SL is six times better than US. Ok now let’s take a more detailed look at it. Now in US 28% of reported rapes are done by husbands. Now in SL also if a man have intercourse with his wife without her consent, that is Rape (correct me if I am wrong). But do you think that this will be reported and end up in stats as much as it does in US. And why? It’s our culture.

        Then we have the whole reporting issue. What is the probability of rape getting reported in US and SL? In US, the Rape victim can get on with her life after reporting. Society will help her to recover from her horrible experience. If the rape is kept secret the victim will have to deal with it on her own. Can same be told about rape victims in our culture? In our culture you better keep it secret if you want a life.
        So the stats do not tell the whole story.

        You are trying to criticize cultures based on a very narrow point of view. And then you criticize the people who do not agree with you with the same narrow view. That is not right.

        Way you make assumptions about other people is gross and narrow minded. I know some of these people who are commenting here personally and you are dead wrong about their pride about SL or their love for this country and culture.

        In every culture there are good things and bad things. There are liberal ends and conservative ends. And in every culture there are good things and bad things. Culture is not something that you can mark as a dot in a scale. It’s something that spread over a large spectrum. You should be able to see good, bad and what’s in between in every culture.

        Every Culture is different. Our culture affects our thinking and our collective thinking affects the culture. When we judge another culture we use our thinking which is shaped based on our culture as the base line. Then it is not really an objective judgment.

        We Sri Lankans including those who call Hipis do have our culture in their blood and in our thinking. But that does not means we should call everything else evil. Idea is that we should be able to take the good things from every ware.

        Most of us will continue to train our future generation to follow the same culture. But that is not necessarily because everything else is bad. But mostly because we and people we live our lives with are more comfortable with it.

        There will be places where culture followed by force for the sake of carrying the culture to the future. But most probably the people who are subjected to that treatment will not be happy about it. Because, it takes away one of the key component of a Buddhist culture. Freedom!

      • GaSe says:

        Arya is a sanscrit word and the meaning is ‘high birth or caste’ This is closely related to the Hitlers concept on Aryan. If you want more details please refer wikipedia (http://en.wikipedia.org/wiki/Arya) As I mentioned earlier please do some research and talk if you are not clear about some facts.
        As Rakhitha said I also highly respect you not only because of you are a teacher but also what you have done to that rural school in Batuwangala. Not many people can do that.
        But some of your ideas towards other people and cultures are wrong.
        For example again now you are going on the wrong track. btw FYI I read both articles. And you are too narrow minded to see we don’t read those things. I never said everything is good in western culture and it’s bad in SL. No.no…you are sadly mistaken. Only diffrent is you are not ready to accept there are good things in western culture.
        Our value system is very much diffrent to western system.
        For example about that rape discussion: Just see, nearly 1/3 cases are from wives saying husband raped them. Is it common to see such thing in SL. Of course no. Is it because our men donot do that type of things, or is it because it’s not consider as a rape in sri lankan mindset. I don’t know….I’m a sinlge guy…But common sense give me nice answer to that.

        Fundamentally I don’t agree with you on Aryan culture which I believe discrimination to other races and cultures.
        Secondly I highly value the buddihist life style. It values freedom which as far as I can see you are not ready to accept. And it says don’t blindly accept anything because someone said so. (Kaalama suthra) Which you really need to get into practise.
        When it comes sinhala culture there is very thin line to distingush it from buddhist culture in very old days. But with time it changed. Now sinhala culture is a mixture of buddhist, christian, indian cultures. This start happening on very days King Pandukaabhaya unite yaksha, naaga and indian decendants and start sinhala race. (Vijaya is not the first Sinhala King, he is a indian or as you mention aryan.)
        Rukshan says european students doesn’t respect teachers. It’s like this, in our culture teacher figure is a giant image in our minds. we respect them. But in western mindset which believes everyone is more or less equal, teacher is just another person. So obviously you can’t expect the respect levels as in sri lanka. But once again this is totally based on value systems of two diffrent cultures.
        Of course Rukshan, Aruna Sir:
        I consider overroll. That is why I can say that there are bad things in our culture as well as good things. same as in western culture.
        All I have to say is just open your minds little bit, compare things as open minded person.

    • Passer by says:

      Wake up:
      http://www.dailymirror.lk/index.php/news/5081-underage-foreigner-raped.html

      You take one example from abackward part of US and generalized it to the whole US. In SL culture we had “eka geyi kema”, I guess you can come up with weird relationships based on that too.

      Do you really know everything that’s happening in backward villages of Sri Lanka too. If someone find one weird relationship like that and generalized it to whole Sri lanka how would you feel?

  14. Rukshan says:

    It’s just a one stat I mentioned. Normally I don’t have much time to write. But I’m sure there are many things has to be consider
    Like lets get a child for example
    In Sri-Lanka they respect teachers, parents brothers and sisters.
    But most of European Students…..Everyone know right.

    Don’t give one or two examples and say “………..you are also looking at things in a very narrow point of view.”
    Just take overall.

    • arunasir says:

      I never have mentioned that 100% every thing is black or white.. I accepted that there are certain short comings.But as a whole one process Sri lanka and its Culture is appreciated all over the globe. People fin point at some isolated cases and try to show off European culture is the best. But every one knows that we have we have more than 2500 years of history. Politics have made some changes. But politics depend on International relations.These days we see it clearly. so conspiracies, are there to destroy our culture, Our unity etc.

      Every one here commented are thanked coz I believe that we can learn form every one. And specially i would like to amend one thing that i am narrow minded.It is wrong.I believe in every matter there is some what good thing for us to consider.that during all three years of my ICT project here we dealt with foreign people. I have helped lot of our students through scholarship programmes. Here when it up to culture i saw lot of Sri Lankan argue be half of other cultural values.Finally they say that there are good things as well as bad things.So i would like to say we have more good values and less bad.But Europeans have less goods and more bad.

      I here blog as a teacher and students read this. So i wanted to provoke people so they come up with natural pure words. so i can use some in the classroom when taking about mother Sri lanka and all events. I have named this blog as Young teachers thoughts. Hope if one has a doubt it can clear now regarding my view point about globe.

      • GaSe says:

        Noone argue about your work in ICT.
        No one (include me, Rakhitha, Grey and Ruk) never mentioned western culture is all bad. all the time what we state was there are good things in western cultures and critisize one culture based on other culture is wrong.
        I’m happy finally for the first time you wrote agree at least there is some good in western culture.
        Quantity is purely based on value system you try to compare against. Westerner may see the same thing in totally diffrent angle.
        Best thing would be get what is best for us from everywhere possible. Suddas culture is not bad after all.
        good to hear that you go to classromm with these blog entries. But please don’t force your way of thinking into young minds saying this is bad..instead guide them start discussion with them this is how GaSe argue, this is how Rukshan argue…so how you going to argue..what are your thoughts on this regard.
        Open their minds to cross cultures..
        (if you already doing this, kudos to you)
        About politics and history:
        Yes..we have 2500 year old history, egyptians have 6000 years, english people got around 1500. americans got several centuries. We are proud of our history just like any other nation. But our problem is we keep on saying we have great culture and live in that glorious 2500 old history. we don’t think about future, or at least current situation.
        Politics and conspiracies were there throughout the history. not only in sri lanka. All the things you mention are part of our sri lankan culture. None of them are mutually exclusive.

  15. Ruk says:

    I guess Raka and Gase have summed up the situation pretty well. Let me finish with a word from an economics lecture on statistics. ” There are three kinds of lies: Lies, Damned lies and Statistics!!!”

    • arunasir says:

      But when you forward stats it does not?????? Only when we show it does.
      කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගන්න කතා ඔව්වා.

  16. Aruna, I invite you to come out of the box. As a start you can read a post like this http://muditha05.wordpress.com/2010/07/01/is-reading-makes-man-perfect. If you want to live all your life in a box, that is your choice, I thought it is nice to invite you out of it.

    • arunasir says:

      මුතු බෙල්ලන් විසි කරනව,
      ගොළු බෙල්ලගෙ මුතු හොයනව,
      සඳුන් හරය ගිනි තියනව,
      උරුලෑවන් ගෙන ඉඹිනව,

      අනේ කාලේ වනේ වාසේ……….

      • ගද්‍යයට පද්‍යයකින් පිලිතුරු දීමෙ ඔබෙ හැකියාව අගය කරමි. මට එවන් හැකියාවන් නැති නිසා නිහඩ වෙමි. කෙසේ වතුදු, ඔබෙ රාමුව අනාගතයේදි තවතවත් පුලුල් වෙනු ඇතැයි පතමි.

      • arunasir says:

        I wish if I too can wish what you wish for me.

  17. SAas says:

    Ane me iskole mahaththayage baasawa nam ratak watinawa.

  18. mahaveera says:

    අනේ සෑර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ උතුම් රටේ බුද්දිමත් ජනතාව පාරේ යන්කොට (පයින් හරි වහානෙක හරි ) පිස්සු කෙලින්නෙ ඇයි? අනිත් රටවල් වලත් එහෙම කොරන හින්දද, නැත්නම් අපේ රටේ තියෙන පාරවල් වලින් වැඩි හරියක් පර සුද්දො හදලා තියෙන හින්දද?

  19. අමිල says:

    අදමයි නිකං කියෙව්වේ.. මම මල් ටිකක් අරගෙන සර්ට දෙන්න එනවා..

  20. අරුණ මහත්මයා ලිපියේ අන්තිමට රතුපාටින් සඳහන් කර ඇති පාඨය මම අනුමත කරනවා, අපිට සාපේක්ෂව. ඒ කියන්නේ අපි හැදුනු වැඩුනු පරිසරය සංස්කෘතිය අනුව අපිට හිතෙනවා ඒක හරි, අපේ රට තරම් වෙන කොහෙවත් හොඳ නෑ කියලා. (නමුත් බටහිර හැදුනු වැඩුනු කෙනෙකුටත් තමන්ගේ රට ගැන මේ දේ ම හිතෙන්න පුලුවනි)

    දෙවෙනි කරුණ, මම හිතන්නෙ නෑ ලංකාවෙ ඉපදිලා පිටරට යන කවුරුත් ඒ යන්නෙ බටහිර සංස්කෘතිය වන්දනාමාන කරන නිසා කියලා. කවුරුත් පිටරට යන්නෙ සල්ලි හම්බුකරන්න. ලංකාවෙදී උගත්කමට සරිලන වැටුපක් ලබන්න හැමෝම වාසනාවන්ත නෑ නේ. ඒ නිසා ජීවන අරගලයට මුහුන දෙන්න මේ රට දාලා යන අය ගැන අහිතක් හිතන්න හොඳ නෑ. හැබැයි සමහර උදවිය එහේ ගියාට පස්සේ හැසිරෙන්නේ තමන් ඉපදුනෙත් ඒ රටේ වගේ. අන්න ඒවා නං කැත වැඩ. තමන්ගෙ මූලය තියෙන්නෙ කොහේද කියලා මතක තියාගන්න තමුන්ට කොන්දක් තියෙන්න ඕනේ.

    තුන්වෙනි කාරණාව, අරුණ මහත්මයා අර reader කියන කෙනාට ඉතා ආවේගශීලීව දීපු උත්තර වල ගැබ් වෙනවා මෙහෙම අරුතක්. ඒ තමයි සුද්දා සොයාගත්තු, අපි සුද්දාගෙන් අරගත්තු හැම දෙයක්ම අහිතකරයි, නැත්තං හොඳ නෑ, අපේ දේවල් ‘විතරයි‘ උතුම් වගේ අදහසක්. මේක නං එච්චර නිවැරදියි කියන්න බෑ. අද අපි පාවිච්චි කරන කොයිතරම් නම් දේවල් සුද්දගෙන් ආපුවද? ඒ හැමදෙයක්ම නරක දේවල්ම නෙමෙයි නේද? කොටින්ම ඔබතුමා මේ බ්ලොග් එක ලියන්නෙත් සුද්දා හොයාගත්තු අන්තර්ජාලය නිසානේ.

    සුද්දගේ රටවල් වල ම්ලෙච්ඡයො හිටපු කාලේ අපේ රටේ දියුණු සංස්කෘතියක්, දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ බව ඇත්ත. දුටුගැමුණු රජතුමා මෙහේ අහස උසට දාගැබ් හදනකොට බ්‍රිතාන්‍ය, අමෙරිකානු දූපත් වල හිටියෙ ඉතා අඩු ජීවන මට්ටමක හිටි මිනිස්සු. නමුත් මොකද උනේ? අපි හිටි තැනිනුත් පහලට වැටුනා. ඒ මිනිස්සු ඉහල නැග්ගා. සමහරු ඕකට දෙන හේතුව තමා අපිව සුද්දා යටත් කරගත්ත නිසා අපිට නැගෙන්න බැරිඋනා කියලා. මම නං ඒකට එකඟ නෑ. අපි ඒ කාලේ තිබ්බ දියුණු තත්වයේ හැටියට අපිට පුලුවන් වෙන්න තිබුනා මේ ආසියාවම යටත් කරගන්න.

    මට තේරුණ විදියට නං අපෙ රටට වරදින්න හේතුව අපේ මිනිස්සු අතර සහජයෙන්ම තියෙන එකිනෙකා කපාගන්න ගතිය. අපේ මිනිහෙක් අලුත් දෙයක් හැදුවත් ඒක එතනින්ම යට යන්නෙ මේ හේතුව නිසයි. අර මනුස්සයට අත දෙන්න කවුරුත් නෑ. අපේ රට එදා විජාතිකයින් අතට පත්වුනෙත් පාලන පෙලැන්තියෙ හිටපු මිනිස්සු රජ්ජුරුවො එක්ක තිබුන තරහවල් පිරිමහන්න රජ්ජුරුවොන්ව කපලා දාන්න විජාතිකයන්ට යටින් උදවු කරපු නිසා.

Leave a comment