දරුවන්ට අවශ්‍ය සැබෑ ආදරය ලැබෙනවාද???


අපි පංති කාමරයට යන්නේ දාහක් දේවල් හිතේ තියාගෙන. නමුත් පංති කාමරය තුලදී ඒක පිරිලා ඉන්න ළමයි සියළු දෙනා එක සමාන නෑ. ගුරුවරයෙක් වෙන්න පුහුණු වෙද්දී දෙන පැවරුම් අතර නිවුන් දරු දෙන්නෙක්ගේ රුචි අරුචි කම් කරන්න දෙන අසයින්මන්ට් එකට මං ගොඩක් කැමතියි. මොකද ඒක ඒ තරමටම ඇස් අරවනවා වැහිලා තියෙන අයගේ. මං අයිතිවන කුලකයේ පාසල් වල ළමයි පොහොසත් පවුල් වල ළමයි නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ පොසත් ළමයින්ට ප්‍රශ්න නෑ කියලා. නමුත් මේ අහිංසක ළමයි ජීවිතේ පුරම බැට කනවා..අද ඒ වගේ දරා ගන්නම අමාරු කරුණක් මං ලියනවා..ඒ දැං වෙන කරන්න දෙයක් නැති නිසා…

girl-fight-at-school

මං දන්න ළමයෙක් නකං මාසයක් විතර ඇතුළත සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා..කතාව කලිං සාන්ත දාන්තයි..පස්සේ සැරපරුශයි..කලිං පිලිවෙලයි..පස්සේ අපිළිවෙලයි..කොහොම හරි ළමයි දෙන්නෙක් එක්ක විතර රණ්ඩු වෙන්නත් ගත්තා..පස්සේ එක දවසක් එයාගේ හොඳම යාළුවා කිව්වා සර් ටිකක් කතා කරන්න කියලා…මම එන්න කියලා කතා කලා..පාසලට ඇතුල්වන තැන. ළමයි ගොඩක් යනව එනව එතනින්..කුඹුක්ගස් හෙවනේ ඇගේ යාළුවත් එක්ක අපි කතාව පටන් ගත්තා..අත් දැකීම් ඇති ගුරුවරයෙක් නිසා දැං හැම වෙලේම පාලක පරීක්ෂණයක් එක්කමයි යන්නේ…

මම – හ්ම් මොකෝ අව්ල?

ඈ- එහෙම නෑ..සර්ට පේන හැටි..

මම – එහෙමෙයි..

යාළුවා- කියපං බං..මේකේ සර් විතරයි ඉන්නේ අපේ දෙයක් අහන..

මම – අනේ මේ..මට මුරුංගා අතු වැඩක් නෑ..

ඇය- අනේ සර් අපේ තාත්තා කියනවා අපි තාත්තගේ නෙවේළු. අම්ම එක්ක නිතර රණ්ඩු වෙනව සර්. මට දැං එපා වෙලා තියෙන්නේ සර්. දෙන්නම නවත්තන්නේ නෑ සර්..හවසට හැමදාම රණ්ඩු..තාත්ත තාමත් ජොබ් එකට යනවා..ඒත් සර් අපිට සත පහක දෙයක් දෙන්නේ නෑ…අම්ම දළු කඩලා මාවයි මල්ලියි නංගියි බලා ගන්නේ..තාත්තා අම්මාට වෙන කෙනෙක් ඉන්නවා කියලා රණ්ඩු වෙන්නේ..අම්ම එහෙම නෑ සර්..ඉස්සරම දවස්වල තාත්තා මට ගොඩක් ආදරෙයි සර්..ඒත් දැං මම අම්මගේ පැත්තේ නිසා තාත්තා කියනවා අපි දෙන්නම මට ඒ වචන සර් එක්ක කියන්න බෑ සර්..(කෙල්ල හොඳටම අඬයි)

යාළුවා- පව් සර් මේකි..අපේ ගෙදරත් මෙහෙමයි සර්..අපේ මහ එකත් බීගෙන ඇවිත් රණ්ඩු වෙනවා..ඉස්සර මං නං ඇඬුවා සර් ..දැං අඬන්නේ නෑ..

මම- මොකද කරන්නේ??

යාළුවා- තාත්තා කියන කුණු හරප වල පුරුශ ලිංග පදේම මමත් හතර වසරේ ඉඳලා දන්නවා සර්..මමත් බනිනවා..

ඇය- පොලිසි ගිහිං පැමිණිල්ල දැම්මාම අම්මටයි මටයි පොලිසියෙන් සැලකුවේ තාත්තවගේමයි සර්..උන්ට කිසිම පපුවේ තෙත් ගතියත් නෑ..දැං ප්‍රශ්නේ තියෙන්නේ උසාවියේ…උසාවියෙදි තමයි තාත්ත කිව්වේ අපි තාත්තගේ නෙවෙයි කියලා..නඩත්තු නඩුවක් ද මොකද්ද කිව්වා සර්..මට මොනාකරන්නද තේරෙන්නේ නෑ සර්..ඉස්කෝලේ වැඩ වලිං හැමදාම බැනුම් සර්..ගමේ ගුරුවරුත් සමහර විට දන්නවා ඇති අම්මගෙයි තාත්තාගෙයි ප්‍රශ්නය..මට දැං ඉස්කෝලේ එන්නත් එපා වෙලා..

මම- තාත්තාගේ නම්බර් එක දෙන්නකෝ මං කතා කරන්නං??

ඇය- බුදු හාමුදුරුවෝ කිව්වත් අපේ තාත්තා වෙනස් කරන්න බෑ සර්..

මම- අපිව කාව හරි රිද්දනවා නං…එයාලා කරන දේවල් නිසා රිද්ද ගන්න එපා..එක පාරක් ඇඬුවාට පස්සේ ආය අඬන්න තියා ගන්න එපා..අම්ම අප්ප උනත් ඒක ඇත්තයි..ඔයා අම්මට උදව් කරලා පාඩුවේ ඉන්න..අම්මයි තාත්තයි අතරට යන්න එපා..ඔයාලා එන්න කලිං උඹ නැති උනොත් මං මැරෙනවා කියලා බැඳපු අයනේ ඔය අද මරා ගන්නේ..ඒ නිසා පුතා පාඩුවේ ඉගෙන ගන්න වැඩ කරන්න..ලබන අව්රුද්දේ සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙන්නකෝ..මං උදව් කරන්නම්..

යාළුවාට- මේ වැඩිහිටි අයවගේ රණ්ඩු වෙන්න එපා..එහෙම උනාම තමයි ජීවිතේ එපා වෙන්නේ..විශේෂයෙන් තාත්තට එහෙම බනින්න එපා…හරිද??

ඉහලිං තියෙන්නේ සංෂිප්ත සටහනක් විතරයි. කෙල්ලෝ දෙන්නම පිටත් කලා පුළුවන් විදියට දන්න ජාතියෙන් හිත හදලා.. පාසල් වල උපදේශනය කියලා බෝඩ් ගහලා තියෙනවා මං දැකලා තියෙනවා එව්වගෙන් වෙන්නේ මොනාද දන්නේ නෑ..අපිට වඩා සේවය වැඩි ගුරුවරුන් මේ ප්‍රශ්න දිහා බලනවා තියා ළමයින්ට එහෙම අවුල් තියෙනවාද කියලාවත් බලන්නේ නෑ..අඩුගානේ මං දැකලා නෑ. දැං අර තනි ගැහැණියක් දුක් විදලා මේ ළමයි හඳනවා. පාසල් වලිං සල්ලි ඉල්ලලා අරක කරන්න මේක කරන්න, අර ශ්‍රමදානෙට එන්න , මේ ශ්‍රමදානෙට එන්න, අම්ම තාත්තා අනිවාර්යෙන් එක්ක එන්න කීවම මේ ළමයි කොතෙක් අසරණ වෙනව ඇතිද???

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

නැවතත් ලියන්න පටන් ගතිමි…


දැනට වසර කිහිපයක් ගතවී ඇති ඔබගේ සහ මගේ සංවාදය නතර කර දැමීමට සිදුවිය. ඒ නානාප්‍රකාර දේ නිසාය. නමුත් දැං ආපසු ලියන්නට සිත් විය. ඒ වෙනකක් නිසා නොව අපේ රටේ මේ ක්‍රමය කිසිදා නැති වන්නක් නොවන නිසාය. අඩුම තරමේ මේවා ලියා තැබීම වටින්නේ යැයි සිතමි. මන්ද දිනකදී කාට හෝ ප්‍රයෝජනජනයක් විය හැකි බැවිනි. ඉදිරියේදී තාක්ෂණික පැති කීපයක් සහ පරිගණක හා සම්භන්ධ ලිපි කීපයක් ලිවීමට අදහස් කරමි. නමුත් කාලය තිබෙන ආකාරයට ලියාගෙන යමි.

ආණ්ඩු මාරුවී ඇත. නමුත් ක්‍රමයනම් තවමත් එහෙමය. වෙනස් වෙන පාටක් නැත. අලුතින් දැක්කේ පාසල් වල මුදල් එකතු කිරීම තහනම් යැයි විහිළුවක් පමණි. මුදල් හදල් නම් යහමින් තාමත් එකතු වෙන බවක් පෙනෙන්නට ඇති අතර අහිංසක දෙමාපියන් සහ දරුවන් පව් කියා පමණක් කීමට ඇත.

මගේ ගුරුජීවිතේ දෙවන පාසලට මං දැං පැමිණ සිටිමි. පළමුවෙන් මාදුටු සමහර දේවල් වෙනස් මුත් තවත් සමහර දේ එසේමය.කීමට ඇති දේ බොහෝ උනත් හිමින් හිමින් ලියන්නෙමි. අපි හැදූ ජලවිදුලි බලාගාර දැන් නැත. ඇත්තම කථාව නැති වෙන්න යවලාය. ඒ දවස් වල වටේ හිටිය අයගෙන් දැං ඇත්තේ කිහිප දෙනෙකි. අපිව පාවිච්චි කල අය අද හොඳින්ම පැහැදිලි වෙයි. දැං මට 34කි. කුඩාකළ සිට තනිව වැඩුණු මා බොහෝ දේ මාගේම වූ සුවිශේෂ ආකාරයකට කරමි. නමුත් බොහෝ විට කරන හොඳ සියල්ල නරක අතට හැරෙන වාර නම් අනන්ත වේ.

ජීවිතයේ නැවත නැවත අත්දකින එක සත්‍යක් ඇත එනම් තමංගේ රැකියාව සදහා පාසල මිස පාසල සදහා නැත්නම් ළමුන් වෙනුවෙන් පාසල් නැති වෙමින් පවතී. බොහෝ දුරට මම තමයි කෙනා වීම හැර වෙන යමක් සොයා ගන්නට නැත. සමහර අවස්ථාවලදී අපටද දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමට සිදු වේ. ඒ වෙන දෙයක් කිරීම ආන්තරීය වීමට ඇති හැකියාවයි. සහ ජීවිතයේ යම් යම් අවස්ථාවල හිතට අවංකව දැනෙන දේ කියා ගන්නත් බැරුව කීවොත් ඉන්න හිටින්න නැති වෙන තත්ව වලදී මොනවා නම් අපි කරන්නද?

arunasir

නිදහස ලබා අවුරුදු 60කටත් වඩා ගෙවීඇති තැන ලංකාවේ පාසලක කොරිඩෝවේ සිටගත් මගේ ෆොටෝ එකක්.

ගුරුජීවිතේ මුල් වසර අටකම කාලයේ මුදල් පසුපස නොගියෙමි. කලිං සේවය කල පාසල වෙනුවෙන් මා කල වෙබ් අඩවිය දැං එහි නැත. හේතුව මං නොදන්නා අතර ඒ වෙබ් අඩවිය වරෙක විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවා අගය කල එකකි. අද කනගාටුවෙන් හෝ මමද ටියුෂන් ගුරුවරයෙකු වෙමින් සිටිමි. ටියුෂන් ගුරුවරයෙකු වෙන්න මා කිසිම කැමැත්තක් තිබුන කෙනෙකු නොවන බව මාව දන්නා හැමෝම දනී. නමුත් උන්මන්තකයින්ට තනතුරුබාර දී උන් මුළු රටක් කද්දී අපිට කරන්නට ඇත්තේ ජීවත් වීමයි. මේ මොහොතේ මා ජීවත් වීම සඳහා වෙර දරමින් සිටිමි. ඉතිං අපි කථා කරමු. සෑම සතියකම එන්න බලන්නම්.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 10 Comments

Mrs. Nishanthi Gunasekara farewells to Aruna Sir, Mahesh Sir and Thishara Mis.


අවුරුදු හය හමාරක් හිටපු පාසලට යන්න උනා උපහාර උලෙලකට. නිශාන්ති සහෝදරිය සහ සුදත් සහෝදරයාගේ උත්සාහය ඵල දැරීමක්. එදා පාසලේ විදුහල්පති වරිය නොසිටියත් වෙනත් ගුරුවරුන් නොසිටියත් නිශාන්ති සහෝදරිය සහ සුදත් සහෝදරයාගේ ආදරය අපිට දැනුනා. තනතුරු වලින් නියෝජ්‍ය විදුහල්පති සහ ජේෂ්ඨ ඉංග්‍රීසි විෂය ආචාර්ය වරිය වන ඔවුන් අපට උපහාර උත්සවයක් සංවිධානය කිරීම හදවතටම දැනුනා. ගුරුකම සුන්දරයි. මේ වේදනා සියල්ල ජරා දේශපානය විසින් පත්කර ඇති දෙකයි පනහේ විදුහල්පතිවරු නිසා උවත් උන්ට කවදාවත් මේ මොහොත අපෙන් උදුරා ගන්න බෑ.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

How to Clear the CMOS – Reset the BIOS & Why


Posted in Uncategorized | Leave a comment