හොදින් අහගනිල්ලා මේ ටික…..


මගේ ලිපියකට ප්‍රතිචාරයක් ඇවිත් තිබුණා.ඒකට මගේ ප්‍රතිචාරය පොස්ට් එකක් විදියටම දාන්න හිතුවා.යටින් තියෙන්නේ මගේ ප්‍රතිචාරය. බලමුකෝ කියවන අයගේ ප්‍රතිචාරය.

reader හොදින් අහගනින් මේ ටික. අද ලෝකය කියන එක එක ගමක්. අපිට උඹ වදින පුදන ඇමරිකාවේ කියන තැනකට කතා තරන්න යන්නේ තත්පර කීපයක්. වෙනස් වෙනස් සංස්කෘතීන්, ඇදහිලි, විශ්වාස,ජන කන්ඩායම් ඉන්න නිසා මේකේ රටවල් කියන එව්වා එකිනෙකට වෙනස්. හැබැයි උඹලා වගේ වේස කොල්ලෝ කවදාවත් මේක තේරුං ගන්නේ නෑ. පොඩ්ඩක් හිතපං ලෝකෙම උන් ඇමරිකාවේ එංගලන්තේ වගේ උනොත් මොනා වෙයිද???? උඹ වගේ උන්ට නොතේරුනාට ලෝකේ ලංකාවට තියෙන ප්‍රධාන තැන ඔන්න ඕක. එතනින් තමයි විවිධත්වය රැකෙන්නේ. එතකොට තමයි  ගිහිං බලන්න දෙයක් තියෙන්නේ.සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි. උඹට සල්ලි හොයන්න නං පුළුවන් වෙයි. ඒත් උඹට උඹව හොයා ගන්න කොට පරක්කු වැඩියි. එදාට උඹට අපි වගේ කට්ටිය ඕන වෙනවා හිටියොත් උඹෙ ළමයින්ට උගන්නන්න.

උඹ වගේ රට ගිහිං සල්ලි හොයා ගත්ත උන් අද ඇති පදං.ඇයි උන් මාකෙට වතාවක් මේ රටේ සිංදු කියන අය එහෙට ගෙන්න ගන්නේ.හාමුදුරුවෝ ගෙන්නගෙන බණ අහන්නේ. ඒකට හේතුව තමයි කවදාවක් අපිට උන්වත් උන්ට අපිවත් හරි යන්නේ නැති එක. ඒ රටේ විඥානය එක්ක අපේ උන්ගේ විඥානයේ නොගැලපීම. අද ඇමරිකාවේ ගිහිං ආපු හිපියෝ ළංකාවේ සිංදු කියනවා. උඹලාට එව්වා හරියනවා. මෙහේ මිනිස්සු අහන්නේ නෑ. ඒත් අමරදේව මාස්ටර්ගේ රන් දහඩිය බිංදු බින්දු කියන සිංදුව අහපං. නිකංම ඒක අපට දැනෙනවා. උඹෙත් උප විඥානයේ තියෙන්නේ උඹ අද ඔය කියන හාල්පාරුවෝ කියන අපේ තියෙන දේවල්ම තමයි.

පිටරට දේ මෙහේ පැළවෙන්නේ නෑ.බලපන් ෆයින්ස් ගස්. ගෙඩිය පිටින් මෙහෙ ගෙනාවා.දැං ඒක යට වෙන ගහක් පැළවෙන්නෙත් නෑ.පොළව කාන්තාර වෙනවා.ගස්ලබු වලට උන වැඩේ බලපං. ලස්සනට පාටට තියෙනවා විතරයි. අපේ රටේ තිබුන එව්වා වගේ රස නෑ. මිනිස්සු කන්නේ නෑ.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා. එවිවා උඹලට තේරෙන්නේ නෑ.

මමත් පිළිගන්නවා මේ රටේ තරුණයන්ට රැකියා අඩුයි. දේශපාන ව්‍යුහයේ ප්‍රතිපත්තිමය තීරන ගැනීමේ ප්‍රශ්න තියේ. ඒත් එව්වා රට දාලයන්න තරං ප්‍රශ්න නෙවේ. ස්වයං රැකියා ඇත්වෙන්න තියෙනවා. සුද්දෝ දිහා බලාගෙන පළවෙනි පඩියෙන් ප්‍රාඩෝ එකයි සර්කිට් එකකුයි ගන්න පුළුවන් ජොබ් කරන්න තමයි හොයන්නේ. සල්ලි දෙනවා කිව්වොත් එහෙ ගිහිල්ලා සුද්දගේ පස්ස උනත් ලෙව කයි.මෙහෙ ගරු සරුව ඇතුව ස්වයං රුකියාවක් කරන්න කැමති නෑ.

ගොවියගේ පුතා ගොවියෙක් වෙන්න කැමති නෑ. වඩුවගේ පුතා, ධීවරයගේ පුතා ඔය ඔක්කොමලට ඕන උඹ වගේ පිට රටට නියවන්න. ආකල්ප වෙනස් කරලා ඇස් ඇරලා බැලුවොත් තාමත් ලංකාව ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා.

අපේ ගේ ඇතුලේ එකතුවෙන කුණුටික ශොපින් එකකට දාල මහ පාරට දැම්මම හරි කියලා උඹලා හිතනවා. රට ගද ගහන කොට රජේට බනිනවා. එහෙව් උඹලා ඇමරිකාවට වැඩියම පාරේ කුණු දාන්නේ නෑ. යන්න තියෙන පැත්තෙන්මයි යන්නේ. අල්ලස් දෙන්න හදන්නේ නෑ. ඉතිං ඔය ටික මෙහෙදිත් කරපල්ලකෝ.
මං ගැන උඹ කිව්වා නේද රට යන්න බැරි නිසා කියලා. යකෝ මං යන්න හිතන්නේ වත් නැතුව උන් පිටරටවල් වලිං  කතා කරලා එනවද කියලා අහපු වෙලාවල් තිබුනා. ඒ රටවල ග්‍රාමීය ළමයින්ට ඉංග්‍රිසි උගන්න්න. ICT උගන්න්න. ඒත් අපි ගියේ නෑ. මතක තියාගනින්. අපි මේ රට දාලයන්නේ නෑ. අපේ අනාගත පරපුරට රටේ දේ ගැන කියලා දීල මෙහෙ පසටම යට වෙනවා මිසක්. මගෙන් ඉගෙන ගන්න ළමයින්ගේ අදහස් බලපන් මෙතනින් ගිහිං.
01. පලමු කොටස
02. දෙවන කොටස

About arunasir

I am Aruna Chaminda Pushpakumara. I was born as the eldest of my family. I have one sister. we live in Galle. I was a extrovert character from my childhood. I used to be with my grandmother when I was a child. She was my first teacher. She lived in Polonnaruwa and to day I believe, the time I spent with my grandmother has made me who I am today. From the childhood I wanted to learn every thing. I didn’t want to pass the examinations. But wanted to learn how things work. I was not a tamed boy. As my grandmother most of the time had to visit my school for principals, class teacher’s messages. I did two things from the beginning. One was mathematics. The other was English.I met an English teacher who could inspire me to be a teacher one day. I got through my OL with a distinction for mathematics. Then every one in my family wanted me to learn to be an engineer. But I wanted to be a doctor. I got through the GCE AL. But couldn’t enter the university. Then I applied for national college of education. I got selected for Mahaweli National College of Education. This is the place where I became a different man. I followed the teacher training course and of course I rather followed IT over there. Most of the time I observed thing deeply and I had the ability to endure thing thoroughly. After three years of my training I came out from the college. Even to day I would like to thank full my teachers over there. Madam Rathnayake,Madam Manik wawegama. Especially Assistant Principal Mr.Premadasa of Nugawela Boys College was some people I will never forget. As a whole by Teacher training I got vast knowledge, and experiences which I absorbed through out that time period helped me to work and think not only a Teacher but a counselor, also as a matured person who can understand things and how the universe works. I got my teacher appointment in 2006. I came to Batuwangala Maha Vidyalaya as an English teacher. Batuwangala Maha Vidyalaya is a Beautiful location. I was living in busy environment before coming here. But after I came to Batuwangala I felt that I came to the place where I meant to be. So Finally I studied about the village and one day mathematics teacher Mr.Sarath brought me in to the computer lab. I saw more than 20 computers were there. Dustfull environment. Only three pcs were preferably could use. Mr.Sarath talked to me and he talked to principal and so I became the in charge of the lab. I cleaned the lab for more than 24 hours with senior students. Students were curios abut their new teacher who rarely speaks Sinhala. I finished the labs security levels and opened the lab for children. We published a website for our school. Within one month. Student became friendly and I always asked them to take me as a friend who knows more than them.I also have given them the freedom to think up to far far away so they can explore things in different ways. I asked them always to start thinking where I stopped. I taught them not to pass all that examinations but to live. One day accidentally Mr.Block Jayathissa who was the Southern province IT director for SEMP talked to me. So as we were given evillage project. From there we has come across lots of obstacles. But my students, and me was always silent but working. To day I have bough the innocent students to the global village. Batuwangala is 65km away from Galle city. But now I have made it one click to the whole world. I want to see a day where my students use computers as professionals do one day. (editing On 2015.04.04) Now I work in another school. The hydro power plant and computer Lab of Batuwangala Maha Vidyala is no more.. I don't know what happened. But surely there were ignorant fools behind my transfer. I got married and now I am working in Hiniduma Mallika maha Vidyalaya. Same role but different place. I don't feel that this school is different coz same people with same attitudes are here. So up to date my profile is this.
This entry was posted in Advices, සේවා, My own comments and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

46 Responses to හොදින් අහගනිල්ලා මේ ටික…..

  1. පාඨකයා says:

    තරුණ ගුරුතුමා බො‍හොම ආවේශීලි වෙලා තියෙන පාටයි. අර වගේ ඇමරිකන් කාරයො එක්ක නිදිවදින්න හීන දකින එවුන් කියන කතා වලට කේන්ති ගන්න එක මෝඩකමක්. රට, ජාතිය, ආගම, සංස්කෘතිය ගැන හැඟීමක් නැති, වටිනාකමක් දන්නෙ නැති එවුන් ඇමරිකාවට ම තොලොංචි වෙලා යන එකම තමා ‍හොඳ. ඒක රටට කරන උදව්වක්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. වෙලාව මදි. අනික් කාරණාව, ඔබේ දරුවන්ගේ හැකියාවන්, දක්ෂතා දිහා බැලුවම ඇත්තෙන්ම, කියන්න බැරි තරම් සතුටුයි. පරදේසක්කාරයින්ට ආවඩන, ලංකාව ඇමරිකාවක් කරන්න වලිකන සමාජයක් බිහිවෙමින් තියෙන කාලයක, පාසල් ගුරුවරයකු වශයෙන් ඔබ, ඔබේ සමාජමය වගකීම ඉටුකරන ආකාරය අතිවිශිෂ්ටයි. ඔබ වැනි ගුරුවරුන් තව තවත් බිහිවේවා! ඔබේ සමාජ මෙහෙවර තව තවත් සාර්ථකව ඉදරියට ගෙන යන්නට, ගුණදම් පිරුණු අනාගත පරපුරක් බිහි කරන්නට, ඔබ ඇතුළු ඔ‍බේ පිරිසට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා!!

  2. Malki says:

    ඇත්තෙන්ම පාඨකයා කියනවා වගේ ඇයි ඔබ මේ තරම් ආවේගශීලී උනේ..ඇයි ඔබ මේ වගේ හිතන අයට පිළිතුරු දෙන්න යන්නේ. මට නම් හිතෙන්නේ එය ඉතා නොවැදගත් කරුණක්
    ඔබෙන් ඉගන ගන්නා දරුවන් කීප දෙනෙකුම තමන්ට සිදු උනු අසාධාරණය ගැන කතා කරලා තිබුනා.එහෙම කතා කරන්න හරි ලැබුනේ ඔබ වන් ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම නිසා බව කාටත් පෙනෙනවා..ඉතිං ඔබට ඇත්තටම තමන් ගැනම සතුටු වෙන්න පුලුවන් කම තියද්දින්..මේවගේ දේවල් ගනන් ගන්න එපා..
    ඔබ දුටුවද බලන්න මේ ලිපියේ ප්‍රතිචාරයක් ලෙස KSUDD නමින් පලවී ඇති කරුණු..සහ ඔහුට ලැබී ඇති පිලිතුරු

    ඇමරිකාවෙ ජීවිතේ-3 (උයාගෙන කෑම )


    සමහරුන්ගේ හැටි මේ..අපි මේවට කලබල විය යුතු නැහැ.
    තමන්ගේ නම ‘ලංකා’ වෙලා පිටරටකදී තමන් ලංකාවේ බව කියන්නට ලැජ්ජා අයත් ඉන්නා බව ඔබ දන්නවද???
    ඔබ ඇතුළු ඔ‍බේ පිරිසට තව තවත් ඉදිරියට යන්නට, ශක්තිය, ධෛර්යය ලැබේවා!!

  3. palaamalla says:

    අරුන සර් කියන්න දෙයක් ඉතුරු කරල නැහ. කියන්න තියෙන ඔක්කොම කියලා.

    බටහිරට වදින අපේ හාල්පාරුවො කවදාවත් තේරුම් ගන්නේ නැහ රටේ වටිනකම අපි ඉන්න.

    මේ කතා කරන මම ඉන්නේත් රටින් පිට. මම අදටත් පසුතැවෙනවා ලංකාව දාල ආපු එක ගැන. ඒත් අද මට දමල ගහල යන්න බැරි තැනක ඉන්නෙ මම. ඒත් මම යනව මට පුලුවන් ඉක්මනට ආයෙමත් මගේ රටට.

    ලංකාවේ උන්ට ( මටත් ඒ කාලෙ තිබ්බා ) රට යන උනක් තියෙනවා. උන් යනකම් දන්නේ නැහ උන් යන්නේ කොහෙද කියලා.

    ඔව් සල්ලි හොයන්න පුලුවන්. ජීවත් වෙන්න ත් පුලුවන් . ඒත් පස්ස හැරිල බලද්දි ජීවත් වෙලා නැහ. ජීවිතය විදල නැහ. විදවල විතරයි.
    සල්ලි ම නෙම්යි ජීවිතය කියන එක තේරෙන්න පරක්කු වෙනවා.

    අපේ රටේ ඉන්න බැහ රස්සවල් නැහ… මිනිස්සු හොරකම් කරනවා.. දූශනය මර්දනය… ඔව් ඒව ඇත්ත.
    ඒ තත්ත්වෙට රට ගෙනාවෙ අපිමයි.

    සර් කිව්ව වගේ කන කෙහෙල් ලෙල්ල බිම දාල යන.. සිගරට් කොටේ බිම දාන.. ගේ ඉස්සරහ පාරේ කුනු ගොඩ ගහන අපේ උන් රට ගිහින් ඒව කරන්නෙ නැහ. ඇයි උන්ට ඒව අපේ රටේදි කරන්න බැරි…

    අනික් එක කලු සුද්දො.

    මට පෙන්නනම් බැරි කාලකන්නි. උන් උපන්නේ හැදුනෙ ලංකාවෙ. කතා කලේ සිංහල. ඒත් රට ගිහින් අවුරුද්දෙන් උන්ට ඒව අමතකයි. උන්ට ගහන්න ඕනි මඩු වල්ගෙන්.

    මේ ගැන දුරට කතා කරන්න අමාරු මම ත් මේ වගේම රටින් පිට ඉන්න නිසා. ඒත් එදා ඒ ගත්ත තීරනය ගැන මම අදටත් දුක් වෙනවා.

    අපේ මට වඩා ඉගෙන ගත්තු උන්ට වඩා මම හම්බ කරනවා. ඊට හොදට ඉන්නවා. මතුපිටින්. ඒත් අද මට මගේ ජීවිතය නැහ.

    මේ බ්ලොග් ලියන්නේ අහවල් කෙහෙල්මලකටද මේ රටවල් මෙච්චර හොද නම්. ඒ අපේ කම අමතක නැති නිසා.

    අරුන සර් ඔයා වගේ මිනිස්සු අපේ රටට ලොකු හයියක්

  4. හෙළයා says:

    අවජාතක වුන එකෙක් දෙන්නෙක් ඉන්නත් එපැයි බන්. එහෙම වුනාමනේ අපිට මේ රට ගැන තව තව ආදරේ හිතෙන්නේ. අපිත් ලෝකෙ දැකලා තියන මිනිස්සු. ඒක නිසා තමයි මේ රටේ අගේ වැඩිපුර දැනෙන්නේ. මේකටම වෙලා, මේකටම බැන බැන, සාප කරන කුජීතයන්ට මෙහෙත් හරියන්නේ නෑ, වෙන රටකට ගියත් ඔච්චරයි. සුද්දෙක්ගේ __ ලෙවකාලා හරි ඩොලර් භාගයක් හම්බකලත් උන්ට හරි අගෙයි. ඕව ගණන් ගන්නේ මොකටද මචං. 🙂

  5. තිසර says:

    ගොඩක් එවුන් හිතන්නෙ සල්ලි නැහැමින් තිබුණම ජීවිතය සාර්ථක වෙනව කියල ඒත් උන් දන්නෙ නෑ ඔය සල්ලි තියන කෝටිපතියො ජීවිතය මොන තරම් විදවනවද කියල.. ජීවිතය කියන්නෙ මොකද්ද කියල නොදන්න එකයි ඒකට මුල. තමන් ඉපදුන ජාතියට රටට අවනම්බු කරන එවුන් රටට ජාතියට ලැදියාවක් දක්වන මිනිස්සුන්ට කියන්නෙ හාල්පාරුවො කියල… පර සුද්දන්ගෙ ලොලි පොප් එක ලෙවකාපු එවුන් ඒකට එබ්බැහි වෙලා හැබැයි කාලා ඉවරවුණාම ඉතුරුවෙන්නෙ කූර විතරක් බව උන් හිතන්නෙ නෑ… පිටරට සුද්දියො අහවල් තැන් පේන්න ඇන්දම අපේ කෙල්ලො සංවරව ඇන්දම උන් හිතන්නෙ අපේ කෙල්ලො හාල්පාරුවො කියල හැබැයි උන්ට සුද්දියො තමයි එළ! .

    ‍මේ ගෝලීය කරණ රාමුව තුල අපිට තනිවෙන්න බෑ තමයි ඒත් එහෙමයි කියල අපි උන්ගෙ අසික්කිත දේවල් ඉස්මුදුනෙන් පිළිගන්න ඕනද? ඇයි බැරි අපේම කියල ශ්‍රී ලාකේය කියල අනන්‍යතාවක් ගොඩනඟා ගන්න අපිත් විලි ලැජ්ජ නැතිව චුට්ටි ජංගි කෑලි ගහගෙන අම්මල දූල එකට පාරේ බැහැල යන සංස්කෘතියකට යන්න ඕනද? ඇමරිකාව හරි ඉහලින් හිතන් ඉන්න කට්ටිය ඇමරිකාවෙ ගිහින් උන්ගෙ කක්කුස්සි හෝදල කොපමණ විදේශ විනිමයක් මේ ලංකාවට ගෙනාවට වැඩක් තියනවද කියල මම රීඩර් වගේ හිපියන්ගෙන් අහන්නෙ? මේ රටේ හතර වටින් හමන් සුළං රොද විඳගෙන උදලුකෙටියක් අරගෙන පොළොව බිඳලා බතල අලයක් හදාගෙන කාලා හරි ආත්ම ගෞරවක් ඇතුව ජීවත් වෙන්න අපිට බැරිද?

    එහෙම යනවනම් ෂේප් එකේ ගිහින් වරෙල්ල හැබැයි රටට/ජාතියට/සංස්කෘතියට ගරහන්නෙ නැතිව.

  6. arunasir says:

    @හෙලයා, තිසර, එකගයි.මමත් කියන්නේ ඔය ටිකමයි . යනවා නම් පලයල්ලා. හැබැයි බොරුවට රට පතුරු ගහන්න එපා. අපිට මේ රටේ ප්‍රශ්න තියේ. නැත්තේ නෑ. ඒත් අපි ශ්‍රී ලාංකීය සිංහල මිනිස්සු. කලවං වෙලා නෑ කොහාටවත්. අපේ ප්‍රශ්න අපිම විසදගන්නම්.

  7. Grey says:

    (කලින් පොස්ට් එකට කරපු උත්තරේ මෙතන දාන්න හිතුවා. ඒක මෙතෙන්ට අදාලවෙන්නේ මම උත්තර දුන්නේ ඔයාගේ මේ උත්තරේට නිසා.)

    අරුණ සර් හරි කියනදේ 100% නිවැරදිනෑ. මම ලංකාවට ආදරෙයි. නමුත් මම ඉන්නේ එංගලන්තේ, මගේ රස්සාව නිසා. අපි මේහේ ඉදන් ලංකකාවේ සින්දු අහනවා. මෙහේ පන්සල් යනවා තමා. ඒ අපිට පුරුදු සන්ස්කෘතිය විදින්න, ආගම අදහන්න.
    මම මෙහේ ඉන්නෙ මුදල් නිසා තමයි. නමුත් එහෙමයි කියලා ඔයා කියන දේවල් වැරදියි. මට අමරදේවයන්ගේ සින්දු වගේම බාතිය, සන්තුශ් සිංදු අහන්නත්, ඒව රසවිදින්නත් පුලුවන්. ඒ වගේම තමා ඔය දෙන්නගේම මම කැමති නැති සින්දුත් තියෙනවා. ඒක මගේ රසවින්දනය. ඒක මම ලංකාවෙ ඉන්න කාලෙත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි.
    තමන් කැමති නෑ කියලා මිනිස්සුන්ට හිපියෝ කියන එක වැරදියි.
    ඔයාගේ තර්කවල මට නම් කිසිම තාර්කිකබවක් පේන්නේ නෑ. පාරේ මිනිස්සු කුනු දාන එකටයි, පිටරට ගස් ලංකාවේ වසන්ගත වෙලා තියෙනෑකටයි, එන්.ජි.ඕ වලට වැඩවලටයි පිටරට ඉන්න අපිට බැනලා වැඩක් නෑ මහත්තයෝ.
    ඒවට යන මිනිස්සුන්ගේ ආකල්ප තමා හොද. අපි සල්ලි දෙනවනම් සුද්දන්ගේ පස්ස ලෙවකන්න ලෑස්ති නෑ, මම මෙහේ ආවේත් මගේ ගරුත්වය තියන් ලංකවේ කරපු රැකියාව කරන්න ඉඩ නැති නිසා. මම අද ඒ රැකියාව මෙහේ කරන්නේ බොහොම සතුටින්.
    ඔබතුමාගේ ඉන්ග්‍රිසි උගන්වන එකයි, අයි.සි.ටි උගන්වන එකයි බොහොම හොදයි. ඉතාම අගය කරනවා. නමුත් විදේශ ඔබතුමා දරන ආකල්පයනම් (විදේශ සම්බන්දවා අගය කරන්නවත් පිලිගන්නවත් බෑ.

    • arunasir says:

      Grey මහත්තයා වරද්ද ගත්තා මුලින්ම. අපි මේ කතා කරන්නේ පිට රට ඉදං හෝ ලංකාවේම ඉදං පිට රටට ආවඩන අය ගැන මිසක් මහත්මයා වගේ අය ගැන නෙවේ. අනික සිංදු අහන එක වෙනස්, විදේශිය ශාක ආක්‍රමණය, ගස් ලබු කතාව මේකට කියපු උදාහරණ මිසක් ඔබලාට පහර ගැසීමට කී දේවල් නොවේ. හිත් රිදවා ගැනීමට අනවශ්‍යයි. මේ ලිපියේ කියැවෙන්නේ වෙනමම පිරිසක් ගැනයි.

      • Antiහිපියා says:

        /මිනිස්සුන්ට හිපියෝ කියන එක වැරදියි./

        හිපියට හිපිය නොකිය දෙවියන් වහන්සෙ කියන්නද? හිපියො කියන්නෙ අතපය තියාගෙන රස්සාවක් නොකර අනුන්ගෙන් යැපෙන අය ඒ වගෙම පිට රට වල ධානපතීන් හෝ රජය විසින් ඔවුන්ට පිං පඩියක් දෙනව ඒත් ඒ පිං පඩියෙන් ඒ රටේ හොඳට කාල ඇඳල ඉන්න අමාරුයි ඒ නිසා උන් ලංකාව වගේ රටවල් වලට ඒ පිං පඩිය අරන් ඇවිල්ල හොඳට කාලා බීල ජොලියෙ ඉන්නව… ඉතින් වැදගත් රැකියාවක් කරන්න පුළුවන් කම තියෙද්දිත් එහේ ගිහින් කක්කුස්සි හෝදන් හම්බකරන් කන එකාටත් කියන්නෙ හිපියාම තමයි…

      • Grey says:

        අනේ මන්දා මහත්තයෝ, ඔබතුමාගේ ලිපිය කියෙව්වමනම් මට හිතුනේ ඒරොප්පේ ඉන්න අපි ඔක්කොටම බැනලා කියලා. එහෙම නැතිව ඉතින් ඔය කියනජාතියෙ උන්ට නම් බැන්නට කමක් නෑ.
        අනිත් එක මහත්තයෝ ඔච්චර ආවේගශීලි වෙන්න එපා, හදවතට වගේම ඔබතුමාගෙන් ඉගෙන ගන්න පොඩි උන්ටත් හොද නෑ.

  8. yasela says:

    ඔබගේ ලිපිය කියවා, ඉතා ආවේග්යෙන් ලියුවක් බව සිතා කොමෙන්නටුවක් නොදා ම යැමට හැදු මුත්, ඔබගේ ශිෂ‍‍‍‍ය්‍යන්ගේ අදහස් අසා, මගේ හැගීම වෙනස් විය, ඔබගේ ඇතැම් අදහස් සමග මට එකග වීමට අපහසු නමුත්, ඔබ කරන සේවය ගැන මා හට ඇත්තේ ගෞරවයක්.
    විජාතික චින්තනයන් හිස දරා ගත්තවුන්ගේ අදහස් වලට උත්තර දිය යුත්තේ කරුණු වලිනි, බුද්ධියෙනි. ඔබගේ ලිපිය මට හිතෙන අයුරින් ඒ සදහා හොද උත්සහයක් අරගෙන තියෙනවා. එත් අවේගශිලිත්වය තුලින් ලිපියේ ගාම්භිරත්වයට හානි වේලා වගේ..අමතක කරන්න එපා අපට ලොකය දිනිය හැක්කේ බුදුදහම සමග බැදුනු දාර්ශනිකත්වයෙන් බව…මෛත්‍රිය එහි මුලික ගුණයක්..
    මගේ ඔවදන ඔබ තරහා නොගේන බාර ගනි යයි සිතනවා…ඔබට ජය,,,

    • arunasir says:

      ඇත්තටම තරහා ගියා. පිළිගන්නවා. ස්තූතියි.

    • arunasir says:

      ස්තූතියි මේ පැත්තේ ආවට. අර කරුණු ටකත් කිව්වා නං හැබැයි කතා කරන්න තිබුණා.

      • තිසර says:

        බුදුදහම සමග බැදුනු දාර්ශනිකත්වයෙන් බව…මෛත්‍රිය එහි මුලික ගුණයක්../

        මෛත්‍රිය කරනව කියන්නෙ අසාධාරණය අයුක්තිය/වැරදි දෙය/ මේ ඕනම දේකට හිස පාත් කරගෙන ඉන්න එක නෙවෙයි බුදුබණ වැරදියට තේරුම් ගන්න එපා…බුදුහාමුදුරුවොත් බ්‍රාහ්මණයින්ගෙ අසාධාරණ කම් ප්‍රසිද්ධියේ විවේචනය කරපු උතුමෙක් ඉතින් අපි බුදුදහම අනුව යනව නම් අනිවාර්යයෙන්ම අකටයුතුකම් ගැන සංවාද/විසංවාද ගොඩ නැගිය යුතුයි ඒ තුලින් හරිවැරදි නිශ්චය කරගැනීම ඒ ඒ පුද්ගලයන් සතු කාර්යයක් මෛත්‍රිය කරනව කියල අත්දෙක ඔලුවයි කකුල් දෙක අස්සෙ ගහගෙන ඉන්න ඕනද?

  9. තිසර says:

    /තරුණ ගුරුතුමා බො‍හොම ආවේශීලි වෙලා තියෙන පාටයි. /
    /ඇත්තෙන්ම පාඨකයා කියනවා වගේ ඇයි ඔබ මේ තරම් ආවේගශීලී උනේ./
    /ඇත්තටම තරහා ගියා. පිළිගන්නවා./

    ඇත්තටම ගොඩක් අය ආවේගය ගැන කථා කරල තිබුණ නිසා මටත් මේකට තව පොඩි අදහසක් එකතු කරන්න හිතුණ… හැමෝම ආවේගය කියන්නෙ මොකද්ද කියල හරි වැටහීමකින් වෙවෙයි කථා කරල තියෙන්නෙ මොකද අපිට සමහර අවස්ථාවල දි ආවේගහීලීව කටයුතු කරන්නත් සිද්ධවෙනව ඒක තමයි මනුස්ස/සත්ව ගතිය. අපි හිතමු ළමයි දෙන්නෙක් හොඳටම ගුටි ඇන ගන්නවා කියලා..ඒ දෙන්නට මෙහෙම කිව්වොත්
    1) “පුතේ ආයෙ ගහගන්න රංඩුවෙන්න යන්න එපා හා දැන් දෙන්න එක්ක පංතියට යන්න”
    2) “තොපි ආයෙ රංඩුවෙලා අහුවුණොත් හම ගහණව දුවපිය පංතිවලට”

    හරි මේ දෙකෙන් අංක 1 ද නැත්නම් 2ද පොඩ්ඩක් හිතල බලන්න . ටිබෙට් ජාත්ක ඇස් මහින්ද හාමුදුරුවො අපේ එව්න්ගෙ ජාතික මමත්වය ඇති කරන්න කවි ලිව්වෙ ආවේගශීලීව නෙවෙයිද? “ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සිහළුන්නේ”. ඔන්න දැන් පටලව ගෙන කට්ටිය කියාවි ඔබ නන්දිවිසාල ජාතක කථාව වත් අහල නැද්ද කියල ඒක වෙනම කථාවක් ආවේගශිලීව වගේම ආදරයෙන් දෙයක් කියන අවස්ථාත් තියනව උදාහරණයක්- “පෙම්වතා-පෙම්වතියට”‘ අවස්ථාවෙ හැටියටයි පවසන්න ඕන මම හිතන්නෙ අරුණ සර් මේ කථාව කියපු ආකාරය 100% ම හරි කියල… (මේ මගේ මතයි)

    • arunasir says:

      ස්තූතියි තිසර. අර ළමයින්ගේ ප්‍රශ්නේදී නම් දෙන්නටම දෙකක් දීල එලවන්න ඕන අංක දෙක ක්‍රියාවට නං වන ගමන්. නැත්තං කැම්පස් ගිය ගමන් පුටුවකට රණ්ඩු වෙලා බෝම්බ ගහ ගන්න බැරි නෑ.

    • පාඨකයා says:

      පුංචි පැහැදිලි කිරිමක් කරන්න ඕන. තරුණ ගුරුතුමා ආවේගශීලි වෙලා පාටයි කියල මම කිව්වේ, අපේ ගුරුතුමා‍ගෙ පරණ ලිපි වලට වඩා මේ ලිපිය වෙනස් ශෛලියකට ලියවිලා තිබුනු නිසයි‍. ඒ වගේම, ඔබ මතුකරන කාරණා එක්ක මාත් එකඟයි.

  10. reader says:

    අරුණ, මම ගැන ගොඩක් දේවල් උපකල්පනය කරල ලියලතියෙන්නෙ. මුකුත් නොකිය ගියොත් හරි නෑනෙ.
    නැවතත් මම කියන්නෙ උඹ නිකංම නිකං සංස්කෘතික හාල්පාරුවෙක් ඇරෙන්න වෙනකවුරුවත් නෙමෙයි. කොහෙද මම කිවුවෙ මම වදින්නෙ පුදන්නෙ ඇමරිකානවට කියල මම කිවුවෙ රටයන අය හෝ ගිහින් ඉන්න අයට ඉරිසියා කරන්න එපා කියල. උඹ ඔය කියන මහා ලොකු සංස්කෘතියෙ තමයි තියෙන්නෙ ඔය කියන ඉරිසියාව, කුහකකම, මේ දේශය මෙච්චර අභාග්‍යසම්පන්න වෙලා තියෙන්නෙ ඔය කියන තුට්ටු දෙකේ සංස්කෘතියට පිංසිද්දවෙන්න තමයි. තමුසල වාගෙ එවුන් තමයි හිතන්නෙ රටයන එකාල තමයි ලොකුම බලු වැඩේ ලංකාවට කරන්නෙ කියල. එතකොට මෙහෙ ඉඳන් ඕන බලු මජර වැඩක් කරන එකා හොඳ, සිංහල සංස්කෘතියට අනුගත වෙච්ච මිනිහෙක්. රට ඉන්න එකා හිපියා.
    උඹ කියන්න ඔන නැහැ අපිට අමරදේවගෙ හරි නන්දා මාලිනීගෙ හරි සිංදු අහන්න. අපිට කැමති සිංදු අපි අහන්නම්. අපිට අමරදේවයන්ගෙ රන් දහඩිය බිංදු බින්දු වගේම Akon ගෙ Sexy Bitch උනත් රසවිඳින්න පුලුවන්. ඇයි උඹට ඒනිසා පශ්තාත් භාගය කහනවද?

    උඹ තව තකතීරු කතාවක් කිවුවා
    “ගස්ලබු වලට උන වැඩේ බලපං. ලස්සනට පාටට තියෙනවා විතරයි. අපේ රටේ තිබුන එව්වා වගේ රස නෑ. මිනිස්සු කන්නේ නෑ.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා. එවිවා උඹලට තේරෙන්නේ නෑ.”

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී…… හිඟා කෑම බැරිවුණු තැන ලගී ගයා මරගී. … කියල කිවුවෙ කුමර තුඟු මුනිදස් .

    උඹල වගෙ හැත්තක් ඉන්න තැන මරගී ගයා ලගින්න තමයි වෙන්නෙ.
    ගොවියගේ පුතා ගොවියෙක් වෙන්න කැමති නෑ. වඩුවගේ පුතා…
    ඔව් එතකොට රට එකම තැන තියෙයි හමදාටම.

    ලංකාවෙ හදන්න තිබ්බ දුම්රිය වත් ලකාවෙ හදන්න ඉද නොදුන්නෙ තොපි වගේ පොල්බූරුවො තමයි.

    මේ දේශයට අපිත් ආදරෙයි ඒත් අපි අපිට ඊට වඩා ආදරෙයි. අපි මේක කුජීත රටක් කියල කිවුවෙ උඹල වාගෙ හාල්පාරුවො සියදහස් ගනනක් මින්පෙරත් දැනුත් ඉදිරියටත් රට කුජීත කරපු කරන හා කරන්න නියමිත නිසා.

    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරෙ හිතියහම අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන එකද අපේ මහා සංස්කෘතිය. sir Ivor Jennings කිව්ව වගේ මේක සංස්කෘතික කාන්තාරයක්.

    තමන්ගෙ හා තම රැකියාවෙ ගරුත්තවය ආරක්ශා කරගෙන මේක ඇතුලෙ කරන්න බැරිනම් කරන්නපුලුවන් තැනකට ගිහිල්ලකරන එකේ ඇති වරද මොකක්ද?

    අපි අමරිකාවට වඳින්නෙ පුදන්නෙ නෑ ඇමෙරිකාවවගේ මිනීමරු රටක් වෙනව දකින්න අපි කමති නෑ.

    මේකෙ කාටත් නැමෙන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ හැමෝටම එක වගේ ඉන්න පුලුවන්නම් එච්චරයි. බලපං ස්වීඩනය දිහා ජනාධිපතිත් යන්නෙ දුම්රියෙ පත්තරයක් බල බල තමංගෙ කාර්යාලයට . අන්න රටවල්.

    මම උඹට වෙච්ච දෙයක්ම උදාහරණයකට අරගෙන අහන්නම්(උඹ කියන දේ ඇත්ත යයි උපකල්පනය කොට). උඹේ ඉස්කෝලෙ ලම්යි ටිකට උනේ මොකක්ද Mother ஸ்ரீ ලංකා පාසල් සංවාද තරඟේදී. “බෙන්ස් ප්‍රාඩෝ වල යන, හැම් බේකන් කන, ලොකු තැන්වලට කත් අදින අම්මලා තාත්තලට දාව ඉපදුනේ නැති නිසා උන්ට වෙන අසාධාරණ කම් එමටයි.”
    හරිහමං සංස්කෘතියක් තියෙන රටක මේව වෙනවද? අඩුමගානෙ උඹ ඔච්චරට බනින ඇමරිකාවෙ ඔච්චරටම දක්ශයන්ට තැනක් නැතිවෙනවද?.

    උඹ කොහොම කිවුවත් මේහක තමයි අපේ (උඹලා විසින්) කුජීත (කරන ලද) සංස්කෘතිය.

    • reader says:

      කියන්න තිබුන දේ වලින් සැලකිය යුතු ප්රමාණයක් Grey මහත්මයා විසින් කියා තිබුනා. අඩුපාඩුව මම පිරෙවුවා.

      • arunasir says:

        [said]අරුණ, මම ගැන ගොඩක් දේවල් උපකල්පනය කරල ලියලතියෙන්නෙ. මුකුත් නොකිය ගියොත් හරි නෑනෙ.
        නැවතත් මම කියන්නෙ උඹ නිකංම නිකං සංස්කෘතික හාල්පාරුවෙක් ඇරෙන්න වෙනකවුරුවත් නෙමෙයි. කොහෙද මම කිවුවෙ මම වදින්නෙ පුදන්නෙ ඇමරිකානවට කියල මම කිවුවෙ රටයන අය හෝ ගිහින් ඉන්න අයට ඉරිසියා කරන්න එපා කියල. උඹ ඔය කියන මහා ලොකු සංස්කෘතියෙ තමයි තියෙන්නෙ ඔය කියන ඉරිසියාව, කුහකකම, මේ දේශය මෙච්චර අභාග්‍යසම්පන්න වෙලා තියෙන්නෙ ඔය කියන තුට්ටු දෙකේ සංස්කෘතියට පිංසිද්දවෙන්න තමයි. තමුසල වාගෙ එවුන් තමයි හිතන්නෙ රටයන එකාල තමයි ලොකුම බලු වැඩේ ලංකාවට කරන්නෙ කියල. එතකොට මෙහෙ ඉඳන් ඕන බලු මජර වැඩක් කරන එකා හොඳ, සිංහල සංස්කෘතියට අනුගත වෙච්ච මිනිහෙක්. රට ඉන්න එකා හිපියා.[/said]

        අනේ සමා වෙයං කියවන්නෝ මං දවසක්ම අන්තර්ජාලයෙන් වැලකිලා හිටියේ. ඉස්කෝලේ සිල් සමාදන් උනා ළමයි ඹක්කොම.ඉස්සර වෙලාම මතක තියා ගන්නව කියවන්නා සංස්කෘතියට පිංසිද්ධවෙන්න තමයි තමුං ඉස්කෝලේ ගිහිං ඉගෙන ගත්තේ. ලොකුමහත් වෙලත් තවම දෙමාපියන්ගේ උදව් පදව් තියෙන්නේ.(මං විශ්වාස කරනවා කවුරු හරි තමුංව වදන්න ඇති කියලා. මොක උනත් වෙන්න නං ඇත්තේ සුද්දගේ වචන‍යෙන්ම කිව්වොතින් ටොයිලට් එකක.එහෙම කට්ටියට ඔය අමාරුව තියෙනවා). සිංහල සංස්කෘතිය ඇතුලේ තමයි තියෙන්නේ ළමයි අවුරුදු 17,18 සමහර වෙලාවට ගැහැණු ළමයෙක් නම් ජීවිත කාලෙම බලාකියා ගන්නේ දෙමාපියන්.එතකොට ආයමත් කියන්න වෙන්නේ ඒ සංස්කෘතියම ඇතුලේ ලොකුමහත් වෙලා ගරහන්න එපා.දෙමාපියන් මෙහේ ලිවින් ටුගෙදර් නෑ. අම්මා අරක්කු බොන්නේ නෑ.ළමයි කූඩ වල දාලා කර් එකේ දොර වහලා දාල අම්මා බියුටි පාලර් එකේ තපින්නේ නෑ.එතකොට ළමයි අවුරුදු දහය දොලහ වෙනකොටම ශිල්ප දක්වන්නේ නෑ.තමං ගෑනියෙක් කියලා මහා ලොකු කමින් නිසි වයසට නාපු තරුණියෝ කලර්ස් පෙන්න්නේ නෑ. තව ලියනවා නං ගොඩක් ලීවැකි. ඒත් දතකට මැදගෙන,සැදී පෑදී තිසර කිව්වා වගේ ලොලි පොප් හොයන් යන්න ඉන්න තමුන්ට මෙව්වා තේරෙණ එකක් නෑ.

        [said]උඹ කියන්න ඔන නැහැ අපිට අමරදේවගෙ හරි නන්දා මාලිනීගෙ හරි සිංදු අහන්න. අපිට කැමති සිංදු අපි අහන්නම්. අපිට අමරදේවයන්ගෙ රන් දහඩිය බිංදු බින්දු වගේම Akon ගෙ Sexy Bitch උනත් රසවිඳින්න පුලුවන්. ඇයිඋඹට ඒනිසා පශ්තාත්භාගය කහනවද ?[/said]

        ඒක අපි දන්නවා.උඩ පේලියේ අමරදේව කියන උඹ පහලින් පේලියේ අමරදේවයන් කියනවා.Sexy Bitch රසවිදින්න පුළුවන් කියලා උම්බෑ කියන්න එපා. දැනටමත් කට්ටිය දන්නවා තමුං කව්ද කියලා. සද්ද දාලා ඒක කන්ෆර්ම් කරන එකයි වෙන්නේ.

        යකෝ වේදිකාවේදීම එක අවුරුදු පහලවක කෙල්ලක් අත ඇරපු නැති,ශිල්ප දක්වන එක සිංදු කියනවා කියන, කියන එකාටත් නෙකත්රෙන, එකම විදියට දෙපාරක් කියන්න කිව්වොතින් බැරි සින්දු විදින බංකොලොත් කමින් ගොඩ එන්න බිකිනි ඇන්ටිලා බුදු පිලිම වල නග්ගන මගුල් බල්න පුළුවන් සහ එව්වා විදින්න පුළුවන් කරුම මරගාත මේ රටේ තියාගෙන ඉන්නෙත් අපේ සංස්කෘතියෙ එන අනුන්ගේ මතය ඉවසන ගුනය නිසා. ඒකට වත් සන්තෝෂ වෙයං.වෘෂභ රජ්ජ්රුවො.

        [said]උඹ තව තකතීරු කතාවක් කිවුවා
        “ගස්ලබු වලට උන වැඩේ බලපං. ලස්සනට පාටට තියෙනවා විතරයි. අපේ රටේ තිබුන එව්වා වගේ රස නෑ. මිනිස්සු කන්නේ නෑ.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා. එවිවා උඹලට තේරෙන්නේ නෑ.”

        අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී…… හිඟා කෑම බැරිවුණු තැන ලගී ගයා මරගී. … කියල කිවුවෙ කුමර තුඟු මුනිදස් .

        උඹල වගෙ හැත්තක් ඉන්න තැන මරගී ගයා ලගින්න තමයි වෙන්නෙ.
        ගොවියගේ පුතා ගොවියෙක් වෙන්න කැමති නෑ. වඩුවගේ පුතා…
        ඔව් එතකොට රට එකම තැන තියෙයි හමදාටම.

        ලංකාවෙ හදන්න තිබ්බ දුම්රිය වත් ලකාවෙ හදන්න ඉද නොදුන්නෙ තොපි වගේ පොල්බූරුවො තමයි.[/said]

        තකතීරු කතා කියන්නේ මමද දැං.යකෝ හැතැම්මෙකට අගල් එකක බැස්මක් තියෙන්න ඇලවේලි කැපුවා අපේ සිංහල වීරයෝ. කවදාවත් පරිසරයට විනාශයක් වෙන දේවල් කලේ නෑ.තමුං කඩේයන සුද්දගේ තාක්ෂණයට හදපු වික්ටෝරියා අන්න තව අවුරුදු කීයදෝලු තියෙන්නේ.දැනටමත් ලීක්ලු.බතලේගොඩ, මහඉලුපුපල්ලම, හිගුරක්ගොඩ, කුණ්ඩසාලේ හදපු බීජ වර්ග අපේ පොළවට හැමදාම හරි ගියා. අද අපේ කුඹුරු ටික 5000 වාරයකට වඩා වපුරලා කපා ගත්තා. පසට කිසි හෙනයක් තිබ්බේ නෑ. ඒත් කියවන්නේ උඹේ සුද්දා හොයා ගත්ත අලුත් ( කියලා උඹ කියවන) පොහොර නිසා පහුගිය ටිකේ උනේ මොකද්ද. ගොනෝ මුණිදාසයන් කිව්‍වා තමයි. ඒත් ඒක සිහිබුද්ධියෙන් අහපන්. මැට්ටෙක් වගේ පැනගෙන යන්න එපා. අලුත් දේ මෙහෙට හරියන්න ඕන. කල් පවතින්නේ නැත්තං, මොන ඇටේ අලුතින් හොයා ගත්තත් වැඩක් නෑ.පරිසර හිතකාමී දෙවල් දහයක් කියපං සුද්දා හොයා ගත්ත??? ඊට පස්සේ තප්පුලාපන්.

        [said]මේ දේශයට අපිත් ආදරෙයි ඒත් අපි අපිට ඊට වඩා ආදරෙයි. අපි මේක කුජීත රටක් කියල කිවුවෙ උඹල වාගෙ හාල්පාරුවො සියදහස් ගනනක් මින්පෙරත් දැනුත් ඉදිරියටත් රට කුජීත කරපු කරන හා කරන්න නියමිත නිසා.

        කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරෙ හිතියහම අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන එකද අපේ මහා සංස්කෘතිය. sir Ivor Jennings කිව්ව වගේ මේක සංස්කෘතික කාන්තාරයක්.

        තමන්ගෙ හා තම රැකියාවෙ ගරුත්තවය ආරක්ශා කරගෙන මේක ඇතුලෙ කරන්න බැරිනම් කරන්නපුලුවන් තැනකට ගිහිල්ලකරන එකේ ඇති වරද මොකක්ද?

        අපි අමරිකාවට වඳින්නෙ පුදන්නෙ නෑ ඇමෙරිකාවවගේ මිනීමරු රටක් වෙනව දකින්න අපි කමති නෑ.[/said]

        අනේද කියන්නේ.අපට තේරෙනවා ලියන දෙවල් වලිං රෙද්ද පල්ලේ බේරෙන පුලං දේශප්‍රේමය. අපි නිසා තමයි පුලන්නෝ රටේ ඉදිරි ගමන අද දැක්මකින් හැඩ වෙලා තියෙන්නේ. කියව කියවා ඉන්නේ නැතුව අපි අපේ දැක්ම අපේ හදවත බදු වසර 2500කටත් එහා සංස්කෘතිය අපේ දරුවන්ට බාරදීල උන්ව ඉදිරියට ගන්න, රටට වැඩදායක ව්‍යාපෘති කරමින්ම ඉදිරියට යන්නේ.

        ඔය පුලන ඇමරිකාවේ ඉතිහාසය අවුරුදු 500ක් වත් නෑ තාම මගේ හිතේ. ඉතිං තාම තේරුං අරං නෑ නිදහස සහ වල් බූරු නිදහස අතර වෙනස. එහෙ පාරවල් වල තරුණ අය ශිල්ප දැක්වූවට පුලෝ එහෙම වෙන්නේ නෑ.තමුංගේම නංගී එහෙමත් නැත්තං අක්කා කොල්ලෙක් එක්ක ශිල්ප දක්වනවා ප්‍රසිද්ධියේ උඹේ ඇහැටම දැක්කොත් මොනා වෙයිද?????( මෝස්ට් ප්‍රොබර්බ්ලි උඹ නං ටෝර්ච් එකක් අල්ලගෙන ඉදීවි.) ස්තූති කරපන් අපේ සංස්කෘතිය තවමත් පුලන්නංවත් ආරක්ෂා කරගෙන ඉන්න නිසා. 2500 වසරක් පැරණි අපේ දේ ගැන පර සුද්දෙක් කියපු දේවල් අහන්න අපට දෙයියංගේ හාල් කැවුනා කියලා හිතනවද තමං පුලෝ.අහපන් අපේ අනගාරික ධර්ම පාලතුමා කිව්ව දේවල්.

        මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

        ඊයෙ පෙරේද අශෝභන විදියට හැසිරුනු අය කියලා පොලීසියෙන් ඇල්ලුවේ ඔන්න ඔය කිව්වා වගේ ඇටි කෙහෙල් කාපු වගේ සෙට් එකක්. ඇත්ත කතාව දැන දැනම, ඒකෙන් වෙන හානිය දැන දැනම උගුරට හොරා බෙහෙත් කන්න එපා පුලෝ.

        [said]මේකෙ කාටත් නැමෙන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ හැමෝටම එක වගේ ඉන්න පුලුවන්නම් එච්චරයි. බලපං ස්වීඩනය දිහා ජනාධිපතිත් යන්නෙ දුම්රියෙ පත්තරයක් බල බල තමංගෙ කාර්යාලයට . අන්න රටවල්.

        මම උඹට වෙච්ච දෙයක්ම උදාහරණයකට අරගෙන අහන්නම්(උඹ කියන දේ ඇත්ත යයි උපකල්පනය කොට). උඹේ ඉස්කෝලෙ ලම්යි ටිකට උනේ මොකක්ද Mother ஸ்ரீ ලංකා පාසල් සංවාද තරඟේදී. “බෙන්ස් ප්‍රාඩෝ වල යන, හැම් බේකන් කන, ලොකු තැන්වලට කත් අදින අම්මලා තාත්තලට දාව ඉපදුනේ නැති නිසා උන්ට වෙන අසාධාරණ කම් එමටයි.”
        හරිහමං සංස්කෘතියක් තියෙන රටක මේව වෙනවද? අඩුමගානෙ උඹ ඔච්චරට බනින ඇමරිකාවෙ ඔච්චරටම දක්ශයන්ට තැනක් නැතිවෙනවද?.

        උඹ කොහොම කිවුවත් මේහක තමයි අපේ (උඹලා විසින්) කුජීත (කරන ලද) සංස්කෘතිය.[/said]

        අපේ රටේ දේශපාලන තීන්දු තීරණ ගන්න එකේ දුර්වලතා තිනෙවා කියලා මං කිව්වා මුලිං.

        ඒක හදන්න තමයි අපි අපේ දරුවෝ හරියට හදන්න.ඇමරිකාවේ දේවල් මට අමුතුවෙන් ලියන්න ඕන නෑ. ගූගල් වල සර්ච් එකක් දැම්ම නම් කාටත් බලා ගන්න පුළුවන්.ළමයින්ට අසාධරණකම් උනා. ඉතින් ඒක රටම එපා වෙන්න තරං ප්‍රශ්නයක්ද???
        අවසානෙට නං නෙවෙයි මට කියන්න තියෙන්නේ උඹලා වගේ පරදේශවලට ගැති, පුලන්නෝ ඉන්න එකම තමයි උන්ගේ දිනුම. මොකද උන් දන්නවා උන් ආරක්ෂිත වෙනවා කටු කන උන් ටිකක් ඉස්සරහයින් දැම්මම.උන්ගේ රටේ ලේ හැලෙනවට අකමැති උන් පිට රටවල ලේ ගංගා ගලවවනවා. මහ ලොකුවට කට ගුහුවට හැම තාඛ්ෂණයම දාගෙන පුවවන් උනාද බින් ලාඩන් අල්ල ගන්න. නිකම්ම නිකං පතල් ඉංජිනේරුවෙක්ව අල්ල ගන්න බැරි රටක් බං.අපේ කොල්ලෝ බෑ බෑ කිව්ව ප්‍රභාත් මැරුව.අපෙන් ඉගෙන ගෙනවත් උ(ඹලා)න් හැදෙනව නං එකක්.

  11. තිසර says:

    /කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරෙ හිතියහම අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන එකද අපේ මහා සංස්කෘතිය. sir Ivor Jennings කිව්ව වගේ මේක සංස්කෘතික කාන්තාරයක්./

    බොලාට කියල වැඩනෑ අම්මලා අප්පට පේන්න කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරෙ අහල් දේවල් කර කර ඉන්න එකද තොපේ මහා සංස්කෘතිය (පරදේශක්කාර)

  12. reader says:

    මටනම් පේන්නෙ අරුණ උඹව උඹේ අම්මා වදලා නෑ උඹ රෙනකොට මේලෝකෙට පාත්වෙච්ච හාල්පාරුවෙක්. එකයි උඹේ ඔලුව අතුලෙ මොළයක් නැතුව එකේ ගූ පිරිලා තියෙන්නෙ. හරකෝ උඹට පුලුවන් අකුරක් එහෙමෙහෙ වෙච්ච එකක් අල්ලන් දඟලන්න තමයි.
    /උඩ පේලියේ අමරදේව කියන උඹ පහලින් පේලියේ අමරදේවයන් කියනවා/
    උඹ වගෙ අපි ගගෙන් එගොවෙන්න ඔනනම් තොටියගෙ කරට්ටුව හොයන්නෙ නෑ. ඔව් Akon උඹ කියනව වාගෙ වේදිකාවේදීම එක අවුරුදු පහලවක කෙල්ලක් අත ඇරපු නැති එකෙක් තමයි ඌ හිරෙත් ඉන්න ඇති අපිට මොකද ඒක උගෙ සිංදු රස විඳින්න.
    /ගස්ලබු වලට උන වැඩේ බලපං.ජාන වෙනස් කරා, අලුත් පර්යේෂණ කලා ඔව්වා වදුරු කුණුහරප. අපේ දේට කවදත් වටිනා කමක් තිබුණා.. යකෝ හැතැම්මෙකට අගල් එකක බැස්මක් තියෙන්න ඇලවේලි කැපුවා අපේ සිංහල වීරයෝ /
    ඔව් අපේ දේවල් කියකිය ගුප්ත ස්වයංවිදන්දනයක් ගනිං. අලුත් පර්යේෂණ කලා කිව්වහම අපේ දේවල් රැක ගන්න ඕන කියල මොරදෙනවා. හදුව තමයි සැතපුමට අඟලට ඒ මීට අවුරුදු දහස් ගනනකට කලින්. රේ විජයවර්ධන හදපු අත් ට්‍රැක්ටරයට මොකද උනේ තොපිවගේ හිතන දේශපාලුවො ඉන්න රටක් නිසා ඒ නිර්නමාණය අද අපිට ජපානයෙන් ආනයනය කරන්න වෙලා. ඕක ඉදිරිපත් කරාම ඔය දේශපාලුවො ඇහුවෙ මොකක්ද ඕකට පුලුවන්ද කුඹුර හාල ඉවර වෙලා ගොම දාන්න එහෙම බැරිනම් මේක මේරටට ගලපෙන්නෙ නෑ. අපරාදෙ හැබයි උඹල වගේ හරක් ගොඩක් රටේ ඉන්න නිසා ගොම එකතු කරගන්න එකනම් ඒ තරම් ප්‍රශ්නයක් වෙන්න තිබුනෙ නෑ.
    /අපි නිසා තමයි පුලන්නෝ රටේ ඉදිරි ගමන අද දැක්මකින් හැඩ වෙලා තියෙන්නේ./
    ඒක නිසාම තමයි රටට හෙනගහල තියෙන්නෙ.
    /ඊයෙ පෙරේද අශෝභන විදියට හැසිරුනු අය කියලා පොලීසියෙන් ඇල්ලුවේ ඔන්න ඔය කිව්වා වගේ ඇටි කෙහෙල් කාපු වගේ සෙට් එකක්./
    මේකට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. “නශ්ඨ කාමයෙ සෑදුනු එකා අනුන්ගේ සැපතට ඉරිසියා කරයි. සංස්කෘතිත සභ්‍යත්වය ඉන්පසු ඔහුගේ දිව්‍ය වදන් වෙයි.”
    /ළමයින්ට අසාධරණකම් උනා. ඉතින් ඒක රටම එපා වෙන්න තරං ප්‍රශ්නයක්ද???/
    උඹට ඕක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි නම්, දැන් ඔය කියන මහානර්ඝ සංස්කෘතිය රෝල්කර…..

  13. arunasir says:

    /තොපිවගේ හිතන දේශපාලුවො ඉන්න රටක් නිසා/

    දැං ඔක්කොම හරි. දේශපාලඥයා තමයි වැරදි. අබ්ලුල් කලාම් මහත්තයා කියා තියෙනවා මෙහෙමම. කියවලා බැලුව නම් හරි කියවන්නෝ.
    අපේ රජය ආකර්යක්ෂම බව ඔබ කියයි. අපේ නීති පැරණි වැඩි බව ඔබ කියයි. නගර සභාවෙන් කුණු එකතු කරගෙන යන්නේ නැති බව ඔබ කියයි. දුරකථන ක්‍රියා විරහිත වී ඇති බව, දුම්රිය සේවය විහිලුවක් වී ඇති බව ඔබ කියයි. අපේ ගුවන් සේවය ලෝකයේ නරකම ගුවන් සේවය බවත්, ලියුමක් කිසිදාක එය ළගා විය යුතු ස්ථානයට ළගා නොවන බවත් ඔබ කියයි. අපේ රට බල්ලාට ගොස් ඇති බවත්, වලට වැටී ඇති බවත් ඔබ කියයි. ඔබ දිගින් දිගටම කියයි…කියයි…කියයි..කියයි..කියයි..
    ඒ ගැන ඔබ කරන්නේ කුමක්ද?

    අනික ඔය හැම එකම දේශපාලන තීන්දු තීරණ. මම කලින් කීප පලේ කිව්වා ඒකේ ගැටලු තියෙනවා. සංස්කෘතිය කන පුලන්නෝ ඉන්න එකේ……

    • දැන් ඉතින් ඔය කියන විදියටම රට අකාර්යක්ශම කරපු ගොන් රජාට නෙමේද තෝ ඡන්දේ දුන්නේ ? තෝ වගේ හිතන උන් 64%ක් ඉන්න හින්දා තමා මේ රට වෙනස් කරන්න තිබ්බ අන්තිම චාන්ස් එකත් නැති උනේ.

  14. Grey says:

    @අරුණ සර්,
    මුලින්ම සන්ස්කෘතිය කියන්නේ සදාකල් වෙනස් වෙන දෙයක්. ඒක මීට අවුරුදු දාස් ගානකට කලින් විජයාගමනයේ ඉදන්ම ලංකාවේ වෙනස් වෙනවා. ((http://en.wikipedia.org/wiki/Culture))
    ඔබතුමා රීඩර්ට දීලා තියෙන පිලිතුරුවල තියෙන්නේ වයිරය, කරුනු දැක්වීමට වඩා. ඔය කියන සන්ස්කෘතියේ යහපත්දේ මෙන්ම අයහපත් දේවලුත් තියෙනවා. අර රීඩර් කිව්වා වගේ අපිට ගායකයන්ගේ පවුද්ගලික ජීවිත වැඩක් නෑ. බොබ් මාලේ ගන්ජා ගැහුවයි කියලවත්, විජය කුමාරනතුන්ග දේශපාලනේ කරයි කියලවත් අපිට වැඩක් නෑ. ඒ නිසා තමයි අපිට ‘ගෙට් අප්, ස්ටැන්ඩ් අප්’ වගේම ‘ගග අද්දර’ත් එකවගේ රසවිදින්න පුලුවන්.
    රීඩර් අන්තිමට දීලා තියෙන දේශපාලන කතාව අල්ලගෙන ඔබතුමා කතාවෙන් ලස්සනට ලෙස්සලා ගිහින් තියෙනවා. 😉
    ලොකේ කොහේවත් අතිශයින්ම නිවැරදි පුද්ගලයෝ නෑ. පුද්ගලයෙක් හැඩ ගැහෙන්නේ අත්දැකීම් සහ මග පෙන්වීමෙන්. ඒකට යම් කිසි දෙයක් වැරදියි කියන්න ක්‍රම තියෙනවා. මම කියන්නෙ නෑ, මහපාරේ ඉදන් අහවල්දේ කරන්න ඕනේ ඒක තමා හරි දේ, එහෙම කරාම අපි පොරවල් කියලා, නමුත් ඕනෙම සන්ස්කෘතික රාමුවක් ඇතුලේ, විචාර බුධ්දියක් තියෙන මනුස්සයෙකුට තේරෙනවා ඒක ගොන් වැඩක් කියලා. එහෙම උන් ඒවා කරන්නේ නෑ. නමුත් ඒත් එක්කම තියෙනවා එක්තරා දුරකට ගිය පුද්ගල නිදහසක්. මනුස්සයෙක් පාරේ කිස් කරා කියන එක වරදක් විදිහට මම දකින්නේ නෑ.
    ඒ වගේ දෙයක් දරාගන්න බැරිකම කියන්නේ මම දකින විදිහට ලිංගික ආතතිය. තමුන් ආදරය කරන පුද්ගලයට ඒබව පෙන්වන්න දෙන කිස් එකක සුන්දරත්වයක් මිසක් ඊට එහා ගිය සන්ස්කෘතිය විනාස කරන හැගීමක් නෑ.
    ඔබතුමා මොනවා කිව්වත් ඔය එලියට එන්නේ වික්ටෝරියානු චින්තනය.
    ඔබතුමා පොඩ්ඩක් ඉතිහාසයට ගිහින් බැලුවොත් පෙනෙයි, අපේ රටේ ඔයිට වඩා පුලුල් මනසක් තිබ්බ අය කියලා හිටියේ. අපේ කාන්තාවො උඩුකය නිරුවත්ව හිටියේ, රජවරුන්ට අන්තපුර තිබ්බා. නමුත් එහෙම කොහෙවත් යන්න එපා කියලවත්, එහෙම ගියා කියලා කරදරයක්වත් තිබ්බේ නෑ.
    හේතුවම මිනිස්සු සෙක්ශුවලි ඩෙස්පරේට් නොවීම. ඔය මුලු ඇගම වහන්න අදින්න ඔනේ, ප්‍රසිද්දියේ කිස් කරන්න හොද නෑ, ඕවා කෙලින්ම එන්නේ වික්ටොරියන් ක්‍රමයෙන්. ඔබතුමා මොනවා කිව්වත් මානසිකව තාම ඉන්නේ යටත් විජිත යුගයේ.
    හරිහමන් තාර්කික සන්වාදයකට ඔබතුමා ලෑස්තිනම් අපි කතා කරමු මේගැන.

    • arunasir says:

      Grey ‍මහත්තයෝ මං මුලින්ම කියන්න ඕන මං ලිස්සලා යන ජාතියේ නම් නෙවේ. අපි තර්ක කරමු.ඔබ තුමා ඔය කියන්න හදන්නේ කිස් කලාට කමක් නෑ කියලා නම් ඹහොම කියලා පටන් ගත්ත ගොඩක් දේවල් අද නතර වෙලා තියෙන තැන් කීපයක් මං කියන්නං.

      අපේ රට පාන් කාපු රටක් නෙවේ.සුද්ද ඉස්සර වෙලා මෙහෙ වයින් බිබී පාන් කනකොට මිනිස්සු කීවලු ලේ බිබී තිරිවානා ගල් කනවා කියලා. ඒත් අපේ තිබුන ස්වයං පෝෂිත ආර්ථිකය ඇතුළට පාන් කවපු සුද්දා අද උගේ පිටි වලින් අපිට පාලනය කරන්න සමත්.

      බියර් ලංකාවේ පටන් ගන්නකොට කිව්වේ වරදක් නෑ මේක පුංචි දෙයක්. අරක්කු තමයි නරක කියලා.අන්තිමට බියර් බීලා වෙරි මදි වෙනකොට අපේ අය අරක්කු බොන්න ගත්තා. අද බියර් වලට වඩා අරක්කු විකිනෙනවා.

      කිස් එක කමන්නේ නෑ. එහෙම කියලා පටන් අරං අවසානෙට නතර වෙන්නේ තිසර කිව්ව තැන තමයි.

      සංස්කෘතිය දියුණු වෙනවා. අලුත් දේවල් එකතු වෙනවා. හරි. මං එකගයි. හැබැයි අපි ආපස්සට හැරිලා බැලුවොත් සිංහල ආර්ය සංස්කෘතියට එකතු වෙන්නේම මං කලිං කිව්වා වගේ සාදනීය දේවල් නෙවේ. මේකත් ඇමරිකාවේ එක කොලනියක් බවට පත් කරණ දේවල් තමයි එකතු වෙලා තියෙන්නේ. අපි අපට අවංකයි නං ඇත්ත ඒකයි.

      සිංදුව කියන මිනිහාගෙන් වැඩක් නෑ කියලා කියන්නේ අර කන්න ඕන උනාම කබරගොයා තළගොයා කරගන්න කතාවක්. sexy bitch විෂුවල් එකේ බුදු පිළිමයක් පසුතලයේ තියෙනවා. ගැනු හෙලුවෙනුත් එකේ නැග නැග නටනවා. මන්ද මට නං ඒක විදින්න බෑ. බොබ් මාලි රසිකයෝ කී දෙනෙක් ගංජා බොනවද????? ඒ වගේම තමයි අර හෙළුවැලි නැටිල්ලත්. ඔව්වා දියුණු වෙමින් පවතින අපි වගේ රටවල් වලට වහ කදුරු මහත්තයෝ. පුංචි උන් ගොඩාක් ඉගෙන ගන්නේ වැඩිහිටියෝ අනුකරණය කරලා. මං විරුද්ධ අන්න ඒ පාපෙට. දවසක ජීවිතේ විනාශ වෙලා යනවා.

      නිදහසෙන් පස්සේ අපේ රටේ නයිට් ක්ලබ්,බාර්,කැසිනෝ ආවේ කාගේ උවමනාවටද??? ඒ එපා අපේ රටේ යුද්දෙට කොටින්ට සල්ලි දුන්නේ කව්ද??? රටක සංස්කෘතිය තමයි ඒ රටේ කොදු නාරටිය. අනාගත මිනිසුන් තැනෙන්නේ අන්න ඒ අත්තිවරම උඩ. අද දවසේ අපි නියෝජනය කරන්නේ අන්න ඒ අනාගතය. ආසියාවෙන් යුරෝපයට තියෙන ලොකුම තර්ජනය ඒක.ඒක නිසයි විච්චූර්ණ කවලා අපේ සංස්කෘතිය විකෘති කරන්න සුද්ද බලන්නේ. අද ඇමරිකාවේ, එංගලන්තේ ඉන්න බහුතරයක් උගතුන් ආසියාවෙන් ගිය අයයි. ඔය කියන නිදහස් සහ හිපි සංස්කෘතිය ඇතුලේ ඇති දෙයක් නෑ. අද උන්ගේ බාල පරම්පරාව හැම දේම පරිගණක වලට බාර දීල බලං ඉන්නවා. හැබැයි උන් දන්නවා ගැත්තෝ හදන්න. මල්ලක් දීලා කඩේ යවන්නේ, අන්න ඒ මිනිස්සු ලවා උන් තමයි පොරවල්, උන්ගේ සංස්කෘතිය තමයි බෙස්ට්, අපෝ උබලට කිස් එකත් ඉෂූ එකක්ද කියලා කියවන්නේ. අපේ උන්ම අපේදේට විරුද්ධ වෙච්ච එකයි කරුමේ. අද අපේ තරුණයෙක් අනාගතේ ගැන ඌ දකින හීනය ගැන ඇහුවොත් අපිට වෙලා තියෙන වුඩේ පේනවා. ගෙට ටයිල් ඉතාලියෙන්, වාහනය ජපානෙන්,රෙදි ඉන්දියාවෙන්,ෆොන් එක හංග්‍රි. අපේ දෙයක් ගැන උන්ට මෙලෝ සිහියක් නෑ. සුද්දටත් ඹ්න එලොවටත් නැති, මෙලොවටත් නැති ජාතියක් හදන්න.
      /ලොකේ කොහේවත් අතිශයින්ම නිවැරදි පුද්ගලයෝ නෑ. පුද්ගලයෙක් හැඩ ගැහෙන්නේ අත්දැකීම් සහ මග පෙන්වීමෙන්. ඒකට යම් කිසි දෙයක් වැරදියි කියන්න ක්‍රම තියෙනවා./
      මට පුදුමයි මීට කලින් සංස්කෘතියට ගරහන මිනිස්සු විවේචනය හරි කියා පිලි ගත් ඔබ දැං මෙහෙම කියන්නේ ඇයි කියලා.කියන්න බලන්න අපේ ළමා පරපුර අර වගේ පාරෙදි කිස් කරණ එකයි,ස්ටේජ් එකේම පුංචි ගෑනු ළමයින්ව හම්ප් කරන එකයි එක්ක ලොකු වෙන කොට උන්ට හරි වරද කියා දෙන ක්‍රමයක්. ටී වී එකයි, රේඩියෝ එකයි, පාරයි, පත්තරෙයි, රීඩර් වගේ දෙමාපියෝයි ලැබුනම ඒකද හරි ක්‍රමේ.

      • අන්තිමට බියර් බීලා වෙරි මදි වෙනකොට අපේ අය අරක්කු බොන්න ගත්තා. අද බියර් වලට වඩා අරක්කු විකිනෙනවා

        මහත්තයෝ ඕකට තමයි ජාතියේ වැරැද්ද කියලා කියන්නේ. ලංකාවට එන ඕන වැරදි වැඩක් මුලින්ම අල්ල ගන්නේ මහා සිංහල බෞද්ධයෝ ඉන්න නුගේගොඩයි මහරගමයි. ඕක වෙනස් කරන්නේ නැතුව රට වෙනස් කරන්න බෑ
        අද ඇමරිකාවේ, එංගලන්තේ ඉන්න බහුතරයක් උගතුන් ආසියාවෙන් ගිය අයයි.
        ඇයි අපිට ඒ කට්ටිය තියා ගන්න බැරි උනේ ? බොහෝ විට සුදුස්සාට සුදුසු තැන නොලැබීම හින්දා.

  15. Grey says:

    බොහොම සතුටුයි ඔබතුමා ලිස්සලා යන පුද්ගලයෙක් නොවෙන එක ගැන.
    ඔබතුමා ඔය සුද්දා අදුන්වලා දුන්න කියන දේවල් ඇත්තටම ඔහොමද උනේ කියලා පොඩි ගැටලුවක් තියෙනවා. සුද්දා අරක්කු හදුන්වා දුන්නයි කියමුකෝ. මොකෝ ඉතින් අපේ තිබ්බේ නෑනේ අරක්කු. ගැටලුව එතන නෙවෙයි. යමක් දෙන පලියට ඒක හරිය හොදයිය කියලා බෝතලේ කටට හලා ගන්න අපේ උන්ගේ කියලා හිතුනේ නැත්ද කවදාවත්. ඔතන තියෙන්නේ වෙන මුකුත් නෙවෙයි නූගත්කම. පොල්ගෙඩියක් විතර තියෙන ඔලුව ඇතුලේ අබ ඇටයක මොලයක් තිබ්බනම් බොන්න කලින් පොඩ්ඩක් නහයට ලංකරලා අඩුගානේ සුවද බලනවා.ඒවට ඉතින් බනින්න ඔනේ හොද නරක කියලා දීල නැති දෙමවුපියන්ටයි, ගුරුවරුන්ටයි. මනුස්සයෙක්ට මොලේ නැහැ කියලා ඒකට සුද්දට බැනලා වැඩක් නෑ.
    අනික ඔබතුමා ඔය සිංදු ගායකයෝ ගැන හිතන විදිහ අරිම පුදුමයි. බොබ් මාලේ ගන්ජා ගැහුවා කියලා අපිත් ගන්ජා ගහන්න ඕනෙද? එහෙමනම් ඉතින් ඔය අපේ සරච්චන්ද්‍ර මහත්තයා දෙපාරක් බැන්දා කියලා අපිටත් පුලුවන්නේ එහෙම කරන්න. ලතා වල්පොල නෝනා වගේ තමන්ගේ ස්වාමිපුරුශයා දාල වෙන ගායකයෙක් එක්ක ලිවින් ටුගෙතර් පාරකුත් දාගන්න තිබ්බා. ඒක මහත්තයෝ මනුසයින්ගේ බුද්දි මට්ටම මිසක් සන්ස්කෘතිය නෙවෙයි.
    ගන්ජා, අරක්කු කොහෙටත් හොදක් කරන්නේ නෑ. නමුත් ඒවා සන්ස්කෘතියක කොටසක් නෙවෙයි. සෙක්සි බිච් රූපරාමුවල තියෙන්නේ ගෑනු බිකිනි ඇදන් නටනවා මිසක් හෙලුවෙන් නටනවා නෙවෙයි. හෙලුවෙන් නටනවා බලන්න ඕනේ නම් ඔය ස්ට්‍රිප් ක්ලබ් එකකට යන්න පුලුවන්. මම දන්නේ නෑ ලංකාවේ තියෙනවද නැත්ද කියලා, මෙහෙනම් තියෙනවා. ලස්සන කෙල්ලෝ අපි වාඩිවෙලා ඉන්න පුටුව ඉස්සරහ තියෙන මේසෙ උඩ නැගලා හෙලුවෙන් නටනවා. ඒක එයාලගේ රක්ශාව. ඒක ඉවර වෙලා එතනම තියෙන කාමරේකට ගිහින් ඇදුම් ඇදගෙන රෑ 12ට විතර තනියෙන් ගෙදර යනවා. කවුරුත් මුකුත් කියන්නේ නෑ.
    අපේ ඔය කියන ආර්ය සිංහල සන්ස්කෘතියතුල ඔය වගේ දෙයක් කරොත් මොකෝ වෙන්නේ. රටේ ලෝකේ කතා කෝටියක් අහගන්න පුලුවන්. කොට ගවුමක් ඇදගෙන කෙල්ලෙක්ට පාරේ යන්න බැරි තරම් සන්ස්කෘතික හෝදා පාලුවක් අපේ රටේ තියෙන්නේ. ඒකට හේතු හොයන්නේ නැතුව කෙල්ලන්ට කොට ගවුන් අදින එක හොද නෑ කියන එක කෙලින්ම තලිබාන් වැඩක්. අපේ සන්ස්කෘතිය මම දන්න තරමින් නිදහස අගය කරපු එකක්. ඒක ඔය ඔබතුමා අපේ කියල කියවන වික්ටෝරියන් චින්තනේ නෙවෙයි. නගර සෝබිනියෝ හිටපු ඒ අයට බොහොම ගරු සරු ඇතිව සලකපු සන්ස්කෘතියක් අපිට තිබ්බේ.
    කොටින්ට සල්ලි දුන්නේ සුද්දොද?? හරි දුන්නයි කියමුකෝ. මමනම් දන්නේ නෑ, ඔබතුමාට පුලුවන්නම් ඔප්පු කරන්න එක්සත් ජාතින්ගේ සන්ගමේ ලංකාවේ නිත්ය නියෝජිතයා කරලා යවන්න වටිනවා. කොහොමහරි ඒකෙන් කොහොමද රටේ සන්ස්කෘතියට කෙලවෙන්නේ. අපේ ඔය ගම්පලාත් වල අම්මන්ඩිලා පැල ඉනි වැටට ගහමරාගන්නේත් අපේ ඔය සන්ස්කෘතිය නිසාම වෙන්න ඇති. ආහ්..ඔය අයම තමා අපේ පන්සල්වල හතර පෝයටම සිල් ගන්නෙත් ගොඩක් වෙලාවට. ඕවා කොහොමද සුද්දට සම්බන්ද කරන්නේ.එකක් වටහාගන්න…අර ජෙප්පොවගේ හැමදේම අදිරාජ්යවාදී කුමන්ත්‍රන කියන සිතුවිල්ලෙන් ඉන්න එපා.තමන්ගේ පැත්තේ ඊට වඩා ප්‍රශ්න තියෙන්න පුලුවන්.
    ඔබතුමා මොන පදනමකින් උගතුන් ආසියාවේ වැඩියි කියනවද දන්නේ නෑ. නමුත් මම ඉන්න එංගලන්තේ නම් තාම උගත් සුද්දෝ වැඩියි උගත් ආසියාතිකයන්ට වඩා. ඒ වගේම හිපි සංස්කෘතිය ගැන ඔබතුමාගේ දැනීම සහ පිලිගැනීම හොදට පේනවා ඒකේ ඇති දෙයක් නෑ කියන එකෙන්. යමක් ගැන කතාකරන්න කලින් හොදට හොයලා බලලා කතාකරන්න ඕනෙනේ ගුරුතුමෙක් උනාම. ඉතින් මේ ලින්ක් එක කියවන්න හොදට හිපි සන්ස්කෘතිය ගැන. http://en.wikipedia.org/wiki/Hippie
    අනික තමා බාල පරම්පරාව හැමදේම පරිගනකෙට දීල බලන් ඉන්නේ අපේ රටේ. තරහ වෙන්න එපා ඒකයි ඇත්ත. සුද්දො උන්ගේ ඉස්කෝලවල විශ්ව විද්යාලවල මිනිස්සුන්ට හිතන්න උගන්වනවා…අපේ උන් ගිරවා දාන්න උගන්වනවා. අපේ බාල පරම්පරාවට තනියෙන් හිතන්න හැකියාව නෑ. කවුරු හරි කියන දෙයක් පස්සේ යන එක තමා කරන්නේ. විමල් වීරවන්ශ වගේ චරිත සවයිව්වෙන්නේ ඒක නිසා. මේ කියන්නේ ඔය අද්යාපනක්‍රම දෙකෙන්ම ඉගෙන ගෙන. ඒ දෙකේ වෙනස දකින්න පුලුවන් තරම් මැදහත් මානසික තත්වයක් තියන් ඉන්න නිසා. සුද්දා වෙනස් වෙනවා. ඔබතුමාල තාම ඉන්නේ යටත් විජිත මානසිකත්වයේ. ඒකේ අපේ අනන්යතාවයක් කොහෙත්ම නෑ.
    එහෙම ඉන්නවා විතරක් නෙවෙයි. අනිත් අයට පෙන්නනවා මහ ලොකුවට අපේ ලමයි මහ පාරේ කිස් කරන්නේ නෑ කියලා, උන් කොච්චර අසහනෙන්ද ඉන්නේ කියලා දන්නේ දකුනු අත විතරයි. මොකෝ කටක් ඇරලා ඕවා කතා කරන්න බෑනේ අපේ සන්ස්කෘතියේ නේද?
    අපේ තරුනයන්ගේ එකම හීනය මුදල් වෙලා තියෙන්නේ සුද්දගේ වරදින්ද? සුද්දගේ තේ වත්තක වැඩක් කරලා කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වෙන්න තිබ්බ 1800 ගනන්වලම. අපේ සන්ස්කෘතියයි අපේ උන්ගේ ආඩම්බරකමයි නිසා මොකෝ උනේ…සුද්දා දෙමල්ලු ගෙන්නුවා. උන් අපේ රටේ පදින්චි උනා.ඒක අපේ සන්ස්කෘතියේ විශිශ්ටත්වයද? කාටවත් හානියක් නැතුව සල්ලි හොයාගන්න තිබ්බනේද? අපේ උන් ඉතාලියෙන් ටයිල් ගේන්නේ….දුරකතනය හන්ගේරියාවෙන් ගේන්නේ අපේ රටේ ඒවා නැති නිසා සහ ඒව තත්වයෙන් උසස් නිසා. අපේ ඒවත් ඒ ලෙවල් එකට ආවම අපේ උන් ඒව ගැන හිතයි, කවුරුත් හිතන්නේ තමන්ගේ මුදලට හොදම දේ ගන්න.
    ඒකට සුද්දට බැනල හරියන්නේ නෑ. හොද උසස් තත්වේ බඩු ලංකාවේ හැදෙන්න ඕනේ. ඊට පස්සෙ ඒව අපේ අයට ගන්න පුලුවන් තත්වෙට එන්න ඕනේ. අඩුගානේ තරගයක් දෙන්න පුලුවන් දෙයක් හැදෙන්න ඔනේ. ඕවට සුද්දට බැනල හරියන්නෑ. අනික ඔය වගේ සිහින හැමොටම නෑ. මගේ සිහිනය ඔයිට වඩා ගොඩක් වෙනස්. මම කැමති දලදා මාලිගාවේ අතුරල තියෙන කලුගල් ටයිල් තියෙන ගෙදරකට, ජපන් කාර් එකක් වෙනුවට බි.එම්.ඩබ්ලිව්. එකක්, ජගුවර් එකක් වාහනේට, ඉන්දියන් රෙදි වලට වඩා ලංකාවේ ඇදුම් හොදයි.
    ඔබතුමා හයිලයිට් කරල තියෙන මගේ කියවිම නිවැරදියි. ලෝකේ හොද නරක කියලා මිනිස්සු දෙකට බෙදන්න බෑ. බොබ් මාලේ කුඩුකාරයෙක්, දක්ශ සන්ගීතවේදියෙක්..ඊටත් එහා ගියොත් පවතින සමාජ ක්‍රමයට විරුද්දව කතා කරපු කෙනෙක් ගීත තුලින්.. (buffalo soldier, getup stand up etc..)
    අකොන්ගේ සින්දුව ගත්තත් ඔබතුමා රුපරච්නයට එහා ගිය දෙයක් එතන දකිනවනම්….අර්ත රසය වගේ, ඒක සුන්දරයි කියලා තේරෙයි. තමන්ට තේරුම් ගන්න බැහැ කියන එක, ලැජ්ජාවට කාරනාවක් නෙවෙයි…ඒ වගේම ඒකට ගරහන්න හේතුවකුත් නෙවෙයි. “I’m tryna find the words to describe this girl without being disrespectful”
    ඔය පදය සෙක්සි බිච් වලින් කියලා ඔබතුමා දන්නවද?
    ළමා පරපුරට හරි වරද කියලා දෙන එක කරන්න ඕනේ ඔහොම නෙවෙයි. මම ගුරුවරයෙක් නෙවෙයි අද්යාපන විශ්ශ්ක්න්යෙකුත් නෙවේයි…නමුත් මම කොහෙත්ම විස්වාස කරන්නේ නෑ, පාරේ කිස් කරන එක වැරදියි කියලා. ඒක නිසා මට ඒ වගේ දෙයක් පොඩි උන්ට කවදාවත් උගන්වන්න ඕනේ කියල හිතිලත් නෑ. (මම තාම බැදලත් නෑ) පොඩි උන්ට හම්පින් නම් හොදනෑනේ ඉතින්. ඒව මගේ හිතේ තාම ලංකාවේ ඉස්කොල වල වගේම මෙහෙ ඉස්කොල වලත් උගන්වනවා.ඉතින් ගුරුතුමෙක් වන ඔබතුමා හොදට දන්නවා ඇතිනේ.
    කොහොම හරි මට කියන්න ඔනේ මෙච්චරයි. හැම දේටම සුද්දටයි උගේ සන්ස්කෘතියටයි බනින්න එපා. අනික ඔබතුමා ඔය ඉන්නේ නියම ආරිය සිංහල සංස්කෘතියේ නෙවෙයි. සුද්දා පුරුදු කරපු යටත් විජිත කාලේ ආපු වික්ටෝරියන් මෙන්ටැලිටි එකේ. අනුන්ට චොදනා කරන්න කලින් තමන්ගේ ඉන්න තැන බලාගන්න හරියට. ඒක ඉතාම වැදගත්. ඊට පස්සේ අපේ රටේ සන්ස්කෘතිය පහුගිය අවුරුදු දාස් ගානක් තිස්සේ විකාශනය වුනු හැටි බලන්න. ඊට පස්සේ ඔබතුමා ගැලපෙන්නේ මොන කාලෙටද කියලා බලන්නකෝ. ඊට පස්සේ ඔබතුමාට තේරෙයි ඔබතුමා ඔය කියන්නේ අනුරාධපුර යුගයේ තිබ්බ සන්ස්කෘතියවත්, දඹදෙනි යුගයේ එකවත් නෙවෙයි මීට වසර සියගානකට කලින් සුද්දා පුරුදු කරපු එකක් කියලා.

    • reader says:

      Mr. Grey හොඳටම කියන්න ඕන දේවල් කියල තියෙනවා. මට මීට වඩා හොඳට අරුණට උත්තර දෙන්න බෑ, /මනුස්සයෙක්ට මොලේ නැහැ කියලා ඒකට සුද්දට බැනලා වැඩක් නෑ./ඇත්තටම මෙතන මනුස්සයෙක්ට කියල නෙමෙයි අරුණට කියලයි කියම්න්න ඕනා. මේ මෝඩය එක්ක වාදකරල වඩක් නෑ කියල හිතන්නෙ නැද්ද?

      @අරුණ
      අපිත් Lancer car කෙහෙල් ගස්වල හප්පල ආපු අය නෙමෙයි. ඒත් මුලින් කිව්වා වගේ තමුසෙල වාගෙ සංස්කෘතික හාල්පාරුවොත්නෙමෙයි. කමක් නෑ. හොඳටම අහගත්තනෙ දන් සනීපද?…

      • arunasir says:

        දැනෙන සනීපේ හරිම ඉහලයි කියවන්නෝ. බුදු හාමුදුරුවො මීට සෑහෙන කාලෙකට කලිං කොසොල් රජතුමා දැක්ක හීන වගයකට තේරුම කියලා දීල තියෙනවා. ඉතිං අපි ඔය දේවල් ඔච්චරටම ගනන් ගන්නේ නෑ. සුද්දගේ අගේ තව ලියන්න ඔබ තුමා. අපේ වටිනාකම අපිට දැනෙනවා ඔබ ලියන එක වැඩි තරමට.

    • arunasir says:

      /හෙලුවෙන් නටනවා බලන්න ඕනේ නම් ඔය ස්ට්‍රිප් ක්ලබ් එකකට යන්න පුලුවන්. මම දන්නේ නෑ ලංකාවේ තියෙනවද නැත්ද කියලා, මෙහෙනම් තියෙනවා. ලස්සන කෙල්ලෝ අපි වාඩිවෙලා ඉන්න පුටුව ඉස්සරහ තියෙන මේසෙ උඩ නැගලා හෙලුවෙන් නටනවා./

      එතකොට ඒ නටන ගෑනිගේ මිනිහත් අනිත් උන් එක්ක බලන් ඉන්නවද??? 18 ට වැඩි පුතාල ටිකටන් එන්ට්‍රන්ස් ඕ කේ ද??? මට හිතා ගන්න අමාරු ‍මොනවද මේ කියන අපබ්‍රංශ.
      අමුතුවෙන් කියන්න දෙයක් මෙතන ඉතුරු නෑ. ඔබතුමාලා මෙතන මේ කරන්නේ සුද්දට ආවැඩීම මිස වෙන යමක් නෙමෙයි.
      මගේ අවබොධයේ හැටියට මං ලෝකය හොදින් අවබොධ කරගෙන තියෙනවා. ඹබතුමාලා සහ අපි අතර සැබෑ වෙනසක් තියෙනවා. මිනිස්සු එක වගේ නෑ හැම තැනම. දියුණු (කියලා කියන) රටවල ඔබතුමා ඔය කියන දේවල් නිසා ගැටලු නැතුව නෙවෙයි.
      http://www.paralumun.com/issuesrapestats.htm

      http://en.wikipedia.org/wiki/Rape_in_the_United_States
      ඹබ තුමාට ඒව නොපෙනෙන එකයි වරද??? මෙතන පැහැදිලිවම අපි හිතාමතාම සිංහලයන් හා අපේ සංස්කෘතික වටිනාකම් අමතක කිරීම නිසා අපේ සමාජයේ සිද්ධ වෙන දේවල් ඔබ තුමාට කන්දක් වන අතර ඔබ වටිනාකමක් දකින දේ කෙන්දක් වෙලා තියෙනවා. ආපහු ආපහු දේශපාලනය ගාව ගන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ.මං කලිනුත් කිව්වා ඒක. සුද්ද තමයි මහත්තයෝ දෙමල මිනිස්සු මෙහෙට ගෙනාවේ.අපට කරපු හැම විපතක්ම ඌ කොනකින් ඉදලා උන දේවල් තමයි.

  16. ඉහත දිවයන විවාදය සම්භන්දයේන් මයියා ගේ අදහස් යමක් ලියන්නට සිතුනා..මේ විවාදයේ යෙදෙන කවුරු කවුරුත් මහත්මා ගාන්ධි ගේ ඉන්දියානු නිදහස් අරගලය හා ඔහු ඉOග්‍රීසීන් ගැන හිතපු විදිහ කියවා දැන ගන්නවානම් හොදයි. ඒමගින් විවාදයට සම්බන්ධ දේපාර්ශවයම යමක් ඉගෙන ගන්නා බව මයියා ගේ විශ්වාසයයි.

    • Grey says:

      I totally agree with Maiya. We don’t have to kick everything came from Suddas.
      I feel sorry about Mr. Aruna, since now he is just blabbing without giving points and repeat same old thing.
      I’m not gonna continue this argument here any longer, since I have more important things to do. But once I got little bit of free time I’ll write a new article on this regard on my blog. (http://mage-katha.blogspot.com/)
      Cheers,
      /G

      • arunasir says:

        where did I say that every thing is Black. I told you every thing has its own black and of course a white side?? In this case what you say is almost black accept few white spots. but what i say holds White every where and of course few black spots. Don’t be hurt that even finally I did not agree.I still hold my idea and I will teach my students as well.Thank you for commenting so long and learnt that i have to accelerate my teaching. So that one day there will less be “readers”.

      • reader says:

        A wise choice Grey

  17. සිoහල බෞද්ධයා says:

    මමත් මේ ලිපි ඔක්කොම වගේ කියෙව්වා. මේ දේවල් වලට වාද කරලා වැඩක් නෑ. මේ රට ගොඩගන්න බෑ. සුද්දා මොනවා කලත්, නැතත් අපි ඒවා ගත්තත් නැතත්, මිනිසාගේ ආයුෂ අඩු වෙනවා. අධර්ම රාගය වැඩි වෙනවා, මිථ්‍යා දෘෂ්ඨිය වැඩිවෙනවා. ඒක නවත්තන්න බෑ. බේරන්න පුළුවන් අයව බේරන්න. අනිත් අය ගැන උපේක්ෂාවෙන් ඉන්න. හැබැයි ඉතින් පිට රටකට ගියොත් නම් බේරෙන්න තියෙන අවස්ථාව ටිකක් අඩුවෙනවා. මොකද ඒ රටවල් වල තථාගත ධර්මය ඇහෙන්නේ නැති තරම්………….!

    • lawa lawaris says:

      Google images ගිහින් rodiya කියලා කරලා බලන්න. ලන්කාවෙ ඉස්සර ගෑනු සුද්දො එනකොට හිටපු හැටි

  18. මාත් මේ සංවාදය කියෙව්වා. ඒ වගේම අරුණ කියන තරුණ ගුරුතුමා ගැනත් යම් තරමකට දැන ගත්තා.
    ඔබතුමා භෞතික ලෝකයෙදි කරල තියෙන දේවල් ඇත්තටම ප්‍රශංසනීයයි. එයට මාගේ ගෞරවය හා ප්‍රණාමය.
    නමුත් ඔබතුමා මීට වඩා විවෘතව දේවල් දිහා බලන කෙනෙක් වෙනවා නම් සතුටුයි. මේ සටහන බැලුවාම පෙනෙන්නෙ නොස්ටැලිජියාවත් එක්ක මිශ්‍රවුණු ආවේගශීලී බවක්.
    ඔබතුමා බ්ලොග් අවකාශයෙ පෙනී සිටින්නෙ දුයිෂෙන් (ගුරු ගීතය), මාක් තැකරේ ( ආදරණීය ගුරුතුමනි – To sir with love) වැනි අයගෙ කුලකයේ අයෙක් විදිහට. ඒ නිසා ඒ නම්බුව, ගෞරවය එහෙමම ලබාගන්න දිරිය හා වෙර ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම්.

  19. arunasir says:

    Give me some time.I am too busy now and I will write a descriptive answer for you. For the time being I don’t want to be the so called teacher. I will explain Later. Is sri lanka I believe tit for tat and some times somethings must be told and demo in its most natural way. Not all the matters. I will explain. KIT. Thanks for the comment.

  20. Kaluwa says:

    @lawa lawaris
    Google gihin “ponnaya” kiyala gahala balapan. Ube image eka udinma ey… ha ha ha… Thope ammath suddo ena kaale inna aththe ohoma thamai bola… Mula amathaka ponziya

    • lawa lawaris says:

      ane pako thoge amma ohoma hitala suddo gahapu photo thamai oyathiyenne. Suddo ehema innakota gahala ne tho wage wanda ponnayek hadine. owa thamai suddo karapu wada ape lankawata.

Leave a comment