Search this Blog
-
Visitors
- 22,731 hits
Calendar
-
Recent Posts
- සන්ධ්‍යාලගේ අලුත් ගෙදර වැඩ අපි පටන් ගත්තා
- සන්ධ්‍යා නිරෝෂනීලාගේ අලුත් ගෙදර.
- මනුෂ්‍යත්වයේ ආශ්චර්යය
- සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව.
- බටුවංගල මහා විද්‍යාලය ITN වෙනස ඔස්සේ විකාශය
- ඔයයි….මමයි
- 7 Superb Sentences
- අප අතරින් වෙන්ව ගිය ස්ටීව් ජොබ් මහතාට උපහාර පිණිස නැවත පල කරමි…..
- අපි හෘද සාක්ෂිය උකස් කර ඇත්තෙමු.
- සැබෑවෙන්න වසර හතරක් ගිය හීනයක්.
- කොසොල් රජතුමා දුටු සිහින අද සැබෑ වී ඇත.
- අපේ අභිමානය අපට දැනෙන මොහොතක්
- Reasons Not To Mess With Children.
- A poem showing how Absurd the English Language is.
- 5 PEARLS OF WISDOM TO REMEMBER… මතක තියා ගන්න වටින දේවල් ටිකක්
Archives
- January 2012 (5)
- December 2011 (2)
- October 2011 (1)
- September 2011 (5)
- August 2011 (3)
- July 2011 (3)
- June 2011 (2)
- May 2011 (6)
- April 2011 (2)
- March 2011 (4)
- February 2011 (5)
- January 2011 (5)
- December 2010 (2)
- November 2010 (5)
- October 2010 (6)
- September 2010 (4)
- August 2010 (8)
- July 2010 (5)
- June 2010 (11)
- May 2010 (7)
- April 2010 (4)
- March 2010 (6)
- February 2010 (4)
- January 2010 (4)
- December 2009 (1)
- November 2009 (1)
- October 2009 (3)
- September 2009 (6)
- August 2009 (3)
- June 2009 (2)
- May 2009 (1)
- April 2009 (5)
- March 2009 (2)
- January 2009 (1)
Categories
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).- සන්ධ්‍යාලගේ අලුත් ගෙදර වැඩ අපි පටන් ගත්තා January 21, 2012දැන් හැමොම දන්නවානේ කතාව. අපි අපේ සන්ධ්‍යට අලුත් ගෙයක් හදලා දෙන්න සයිබර් යාළුවෝ එකතු උනා. අද තමයි පලවෙනි දවස. අපි වැඩ පටන් ගත්තේ උදේම. උදේම ගිහිං ගේ හදන්න වෙලාවක් හදලා දෙන්න කියලා ජෝතීර්වේදියෙක් මුණ ගැහුනා. ඊට පස්සේ කොල්ලෝ ටිකක් හොයලා … Continue reading → […]
- සන්ධ්‍යා නිරෝෂනීලාගේ අලුත් ගෙදර. January 20, 2012වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සකම තියෙන මින්සුන් කොතෙක් නම් මේ ගෙන්දගම් පොලවේ සිටීද??? මම සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව ලියලා පැය 48ක් ගෙවෙන්න කලිං අපි හිතපු සම්පූර්ණ මුදල අපිට දෙන්න පරිත්‍යාගශීලී උන සියළු දෙනාට මං ගොඩක් ස්තූති වන්ත වෙනවා. විශේෂයෙන්ම මාරයා අයියා ගොඩක් වෙහෙසුනා … Continue reading → […]
- මනුෂ්‍යත්වයේ ආශ්චර්යය January 20, 2012අපේ සන්ධ්‍යා නිරෝෂණී ගැන මම ලිව්ව ලිපියට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුනා. ඒ අතරිං අපේ මාර අයිය ඇත්තටම මාරයි. කියන්න වචන නෑ. කෙනෙකුගේ දුක ඉදිරියේ මේ තරම් හිත උනුවන අය අදත් ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අපි අතර සබැදිය තියා … Continue reading → […]
- සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව. January 19, 2012අලුත් අවුරුද්දක අලුත් පාසල් වාරයක් කියන්නේ ළමයින්ට අළුත් අත්දැකීමක්. ඉස්කෝලේ පටන් ගත්තම උදේට කට්ටිය එන්නේ සුදුම සුදු පාටින්. අළුත් සපත්තු, අලුත් පොත් බෑග්, අලුත් පොත්, පොලිතීන් කවර දාපු ලියන පොත් ගොඩක් ළමයින්ට තියෙනවා. අර පාසල් දාහේ ව්‍යාපෘතිය නිසා ලොකු ඉස්කෝලෙට … Continue reading → […]
- බටුවංගල මහා විද්‍යාලය ITN වෙනස ඔස්සේ විකාශය January 5, 2012පහුගිය දෙසැම්බරය ගෙවුනේ පුදුම තරම් කරදර ප්‍රශ්න ගොඩක් එක්ක. වචන වලින් කියන්න බැරි තරම් කරදර බාධක ගොඩක් එක බනිස් ගෙඩිය කාලතෛ් බොන මිනිස්සුන්ගෙන් එල්ල උනා. නමුත් ළමයින් ගේ පැත්තෙන් හිතලා හැමදාම තීරණ ගත්ත මං ප්‍රධාන තීරණ දෙකක් ගත්තා. අරං ආපහු … Continue reading → […]
- ඔයයි….මමයි December 22, 2011මේක මං ලියපුඑකක් නෙමෙයි. ඒත් බෙදාගන්න වටිනවා කියලා හිතුනා.
- 7 Superb Sentences December 12, 2011Shakespeare…. ”Never Play With The Feelings Of Others Because You May Win The Game But The Risk Is That You Will Surely Lose The Person For A Life Time”. Napoleon…. ”The world suffers a lot. Not because of the violence … Continue reading →
- අප අතරින් වෙන්ව ගිය ස්ටීව් ජොබ් මහතාට උපහාර පිණිස නැවත පල කරමි….. October 15, 2011ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල වලින් එකක් වන ඔබගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ කතා තුනක් මම අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. … Continue reading → […]
- අපි හෘද සාක්ෂිය උකස් කර ඇත්තෙමු. September 28, 2011ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිය පස් වසරක නිල කාලය අවසන් කළේය.ඒ නිමිත්තෙන් ඔහු 2006 දෙසැම්බර් මස හයිද්රාබාද් නගරයේ දී පැවැත්වු දේශනයක සිංහල පරිවර්ථනය. අපේ ශක්තිය සහ ජයග්රධහණය පිළිගැනීමට ඉන්දියානුවන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි.අපි ඉතා ශ්රේ2ෂ්ඨ … Continue reading → […]
- සැබෑවෙන්න වසර හතරක් ගිය හීනයක්. September 19, 2011පාසල් වලට දීල තියෙන අන්තර් ජාල සම්භන්ධතා වල වේගය 15KBps. ඒකත් CDMA Broad Band කියලා ලියලා තියෙනවා ඒකේ.(හිනා වෙන්න එපා). මුලින්ම වෙබ් අඩවියක් පටන් ගන්න කොට දකුණු පලාතේ පාසල් දහයකට වත් වෙබ් අඩවි තිබුනේ නෑ. අර කිව්ව ඉන්ටනෙට් කනෙක්ෂන් එකෙන් … Continue reading → […]
- සන්ධ්‍යාලගේ අලුත් ගෙදර වැඩ අපි පටන් ගත්තා January 21, 2012
තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).
සන්ධ්‍යා නිරෝෂනීලාගේ අලුත් ගෙදර.
යන්න හැරුන සන්ධ්‍යා නතර උනා. සර් පුටුවෙන් නැගිටින්න කෝ. මෙතෙන්ට එන්න.
Posted in Advices, සේවා, Internet, My own comments, News, women
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා
10 Comments
මනුෂ්‍යත්වයේ ආශ්චර්යය
අපේ සන්ධ්‍යා නිරෝෂණී ගැන මම ලිව්ව ලිපියට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුනා. ඒ අතරිං අපේ මාර අයිය ඇත්තටම මාරයි. කියන්න වචන නෑ. කෙනෙකුගේ දුක ඉදිරියේ මේ තරම් හිත උනුවන අය අදත් ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙකට තියෙන්නේ අපි අතර සබැදිය තියා ගන්න ක්‍රමයක් නැති එක. මාර අයිය කියලා තිබුනා අවශ්‍යතා ලිස්ට් එකට යන වියදමත් කියන්න කියලා. ඉතිං අපේ YK අයියාට කියලා මම එකක් හැදුවා. පහලින් තියෙන්නේ ඒක සහ දැනට සමහර දේවල් දෙන්න බාර ගත්ත අයගේ විස්තරය.
| Item | Price | Sponsor |
| වැලි කියුබ් 1 | Rs.3500.00 | මරණේ-1000යි/ගිම්හානි-1000යි..ජයනි -1500 |
| බ්ලොග් ගල් 600 | Rs.21000.00 | තිස්ස අයියා..16000/පිස්සා.5000 |
| සිමෙන්ති කොට්ට 10 | Rs.7650.00 | දුමී අයියා |
| දහයේ කම්බි 10 සහ ගල් කියුබ් 1 | Rs.6600.00 | බුද්ධි ප්‍රසාද් අයියා |
| දහයේ සීට් 12 | Rs.22400.00 | රුචා/දුකා |
| යටලී රියන් 12 ඒවා 3 | Rs.3600.00 | වාසල |
| අඩි අට හමාරේ පරාල 6 | Rs.5400.00 | ඉෂාර ගුණවර්ධන..3400/ප්‍රසන්න..1000/තව 1000ක් වැප්..1000 |
| 2×2 පොලු අඩි 120 | Rs.1800.00 | ඕනයා අයියා |
| මේසන් අත්තම් 5 | Rs.5000.00 | බෝධිනී |
| ගෝල අත්තම් 5 | Rs.3750.00 | කාන්චන ගයාන් |
| යකඩ ඇන | Rs.1000.00 | මාරය අයියා |
| උළු අහු 03 ජනේල 02 දොර පියං ජනෙල් පියං ග්‍රීල් වලට | Rs.20000.00 | බීටලේ..5000/ සිහින 1500/ සෝඩා ගුණේ 1000/නම කියන්න අකමැති අයියා කෙනෙක් 12500 |
| වයරින් | Rs.25000.00 | දෝන කතිරිනා |
| වඩු අත්තං 4 | Rs.5000.00 | අසේල බණ්ඩාර |
| ඇල්බීසියා ලෑලි 10” පලල | Rs.5000.00 | නදුන් උයන |
| අමතර දිමා-1000පොඩි කුමාරිහාමි-10000 ප්‍රියන්ත-1000 |
||
| හදිසියට කතා කරන්න හිතුනොත් 0718264249 | ||
ගොඩක් අය කතා කරලා කිව්වා සල්ලි දෙන හැටි කියන්න කියලා.ඉතිං ඔන්න ක්‍රමයක් අපි හැදුවා. පහල දීල තියෙන ගිණුම් අංකයට මුදල් දාන්න පුළුවන්.
සම්පත් බැංකුව:- ගාල්ල, නෙළුව ශාඛාව
ගිණුම් අංකය :- 105453456070
නම:- ඒ.ඩී.ඒ.සී. පුෂ්පකුමාර
Posted in සේවා, Internet, My own comments, News, women
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සන්ධ්‍යා නිරෝෂණීට නව නිවසක්, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා
12 Comments
සන්ධ්‍යා නිරෝෂනීලාගේ කතාව.
අලුත් අවුරුද්දක අලුත් පාසල් වාරයක් කියන්නේ ළමයින්ට අළුත් අත්දැකීමක්. ඉස්කෝලේ පටන් ගත්තම උදේට කට්ටිය එන්නේ සුදුම සුදු පාටින්. අළුත් සපත්තු, අලුත් පොත් බෑග්, අලුත් පොත්, පොලිතීන් කවර දාපු ලියන පොත් ගොඩක් ළමයින්ට තියෙනවා. අර පාසල් දාහේ ව්‍යාපෘතිය නිසා ලොකු ඉස්කෝලෙට දාන්න දතකාල බැරි උන ළමයි උදේට එක්කං එන අලුතින් දකින දෙමාපියෝ හැමදේම අලුත්. පංති වලට ගියාම හැම ළමයම හිනා වෙලා ලොකු පොත් මිටිය මේසේ උඩින් තියලා මං දිහා බලාගෙන අනේ අපිව කොහොම හරි හොද රස්සාවක් කරන්න පුවවන් තැනට උගන්නන්න සර් කියලා කියනවා වගේ මට දැනෙනවා. කොහෝම හරි ඔය විදියට අලුත් අවුරුද්දේ පලවෙනි පඩිය ගන්න දින කීපයක් තියලා හැම පංතියකටම යන්නේ හැමදේම අලුත් නම් ඒ හැඟීම ළමයින්ට ඒ විදියටම දරා ගන්න දෙන්න ඕන නිසා. ඒත් කරුමෙක මහත.
ළමයි මං කිව්ව නේද අර පොත් ටිකක් හදාගන්න කියලා?
ඹව් සර්
දැං වැඩේ හරිද?
හරි සර්
හරි පෙන්න්න මට, ගුරු දෙගුරු සම්භන්ධතා පොතයි, දවසකට එක ගානේ ඉංග්‍රීසි පිටපත් ලිවීම ලියන පොතයි, ඉංග්‍රීසි අමාරු වචන ලියන පොතයි, අත් අකුරු ලියන ඩබල් රූල් පොයි ගන්න.
පංතියේ නීති කීපයයි. පෙත් ගන්න විදියක් නැත්තං මට කිව යුතුයි. මට කියන්න බය නං ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට හෝ නායකයාට කිවහැකියි. වැඩ නොකිරීමට කිසිම සමාවක් මගෙන් නෑ.
කොහොමින් කොහොම හරි ඔක්කොමලා වැඩේ කරලා තිබුනා. නමුත් පිටිපස්සේ වාඩිවෙලා හිටපු අපේ කතා නායිකාව වැඩේ කරලා තිබුනේ නෑ. ආසන්න වශයෙන් පිටපත් ලිවීම් පහලොවක් තිබිය යුතු උනත් නෑ. විශ්වාස කරන්න මං වැඩක් කිව්වොත් ළමයි නොකර ඉන්නවා මං දැකලා නෑ. නමුත් ළමයෙක් දිහා බැලුවම මට බොහෝ දුරට කියන්න පුළුවන් මං පවරපු රාජකාරිය ඇයි මග ඇරිලා තියෙන්නේ කියලා.
මෙතනින් එහාට මං ලියන එක නොකියවා ඉන්න ඔබට පුළුවන්. මොකද ලොකේ මිනිස්සුන්ගේ දුක නොදැක අපිට ලැබිලා තියෙන දේන් සතුටුවෙලා ඉන්න කාට හෝ තියෙන අයිතියට මං ගරු කරනවා.
සන්ධ්‍යාගේ ඩෙස් එක ගාවට මං ගියාම මං දිහාම බලං හිටිය සන්ධ්‍යාගේ ඇස්වලට පොල් ගෙඩි වගේ කදුළු වලිං පිරුනා. ඔයා ගිය අවුරුද්දෙත් හත වසරේම නේද හිටියේ. මට කියා ගන්න පුළුවන් උනේ එච්චරයි. කෙල්ල හයියෙන්ම ඇඬුවා. අනික් ළමයින්ට පසුදින පිටපත් ලිවීම එවලේම ලියන්න බල කරපු මං සන්ධ්‍යාට පරිගණක විද්‍යාගාරයට එන්න කිව්වා.
ඇයි අඩන්නේ?
කෙල්ල කතා කරන්න උත්සාහ කලත් වචන පිටවෙන්නේ නෑ.
හරි හරි දැං ඇති. (පුධාන ශිෂ්‍ය නායිකාවත්. OL . විභාගය ලියපු ඔෂාන් මනෝජ් කොලුවත් ලැබ් එකේ.
ෆේල් උනේ ඇයි?
මට මාස හතරක්ම ඉස්කෝලේ එන්න බැරි උනා සර්
ඇයි ඒ?
නංගී බලාගෙන ගෙදර ඉන්න උනා.
මාස හතරක්ම??
ඔව් සර්.
මං ආපහු ආවම මං හතේම ඉන්න උනා.
ඉතිං ඔයා වරදක් කරලානේ?
අපේ තාත්ත අම්මව දාලගියේ මං දෙක වසරෙදි. මං ඉස්කෝලේ ගොඩක් ආසයි. ඒ නිසා මං මෙහෙම කැඩී කැඩී ඉස්කෝලේ ආව. අපේ ගේ ගොඩක් දුරයි ඉස්කෝලේ ඉඳලා……..
(කෙල්ල කතාවක් කියවාගෙන යයි. ඒ අතර මං සපත්තු දෙක දිහා බැලුවා. මගේ හිතට ප්‍රශ්න කෝටියයි)
අලුත් සපත්තු අම්ම අරං දුන්නද?
නෑ වඅල් විෂන් එකෙන් බෑග් එකයි, සපත්තුයි දුන්නා. ( මේ පැත්තේ තියෙන ගොඩක් මිනිස්සුන්ට උදව් කරන NGO එකක්)
පොත් ටික?
පොත් ගත්තේ නෑ සර්. අම්ම අරං දෙනවා කිව්වා.
ඔය තියන පොතේ ලියන්න තිබුනනේ?
ටිකක් ලිව්ව සර්. අම්ම දමසම ගෙදර නෑ. මං ගෙදර ගිහිං නංගිලා දෙන්නගේ වැඩත් කරලා, රෙදි ටික හෝදලා, උයන්න ගන්නවා. පහුගිය ටිකේම ගෙදර ලාම්පු තෙල් තිබුනේ නෑ.
පාඩම් කරන්නේ ලාම්පුවෙන්ද?
ඹව්
අහල පහල කරන්ට් එක තියේද?
ගේ වටේම ගෙවල් වල ලයිට් තියෙනවා සර්
ලයිට් නෙවෙයි, කරන්ට් එක.
මේ ළමයට තාම අවු.12කි. අවු26ක් වෙලා ගෙදර කුස්සිය තියෙන තැනවත් නොදන් තවත් කෙල්ලක් මම දන්මි. මේ මොතේ ඇයට සහ ඇගේ මවට නම් කිවිසුම් යනවා ඇත.
මං ආපහු කතා කරන්න ගත්තා. හරි. අද ඉදං මං තාත්ත කියලා හිතන්න. ප්‍රශ්නයක් තියෙද් දී මට කියන්න. අම්මගෙන් හැමදේම ඉල්ලන්න එපා. ඔයා ගොඩක් හොඳ ළමයෙක්. සර් අද හවස මභේෂ් සර් එක්ක ගෙවල් පැත්තේ එන්නං.
එවලේම මං ඇයට සහ නංගිට අවශ්‍ය පොත් ටික අරං දුන්නා. තඩි චොකලට් දෙකකුත් අරං දීල ගෙදර යැව්වා.
අපිට අම්ම තාත්තා ඉඳලත් අපි පිස්සු නටනවා. ඒ නංගී ගෙදර වැඩත් කරනවලු. මං ඒ නංගී තරං ගෙදර වැඩ කරන්නේ නෑ. ඒත් හෙට ඉඳං අම්මට ටිකක් වැඩිපුර උදව් කරනවා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ.
ඒක නම් සහතික ඇත්ත. එහෙම කිව්ව ඔෂාන්.
දැං සර් මොකද කරන්න යන්නේ??? උන් දෙන්නම මගෙන් ඇහුවා.
මගේ හිතේ ඒ ළමයගේ ගෙදරටත් අයේෂිකාලට වගේම විදුලිය ළබා දෙන්න ඕන කියලා හිතුනා. ඉතිං හවස් වෙලා ඉස්කෝලේම හවස් වරුවේ පංතියකුත් කරලා මං ගියා මහේෂ් මහත්තයි, අපේ වයරින් අයියා (ආදරේට කියන්නේ YK කියලා) ඒ ළමයාගේ ගෙදර. ගේ දැක්කම මට පුදුම දුකක් දැනුනා. වාව ගන්න බැරි දුක හිතේ තද කරං අපි සන්ධ්‍යාගේ අම්ම එක්ක කතා තලා.
දරුවගේ තාත්තා මාව දාල ගිය වෙන ගෑනියක් එක්ක. එතකොට පොඩි දරුවට මාස දෙකයි. මං බඩත් එක්ක මේ වතුවල වැඩ කලා. කොහොම හරි නොකා නොබී මේ ගේ කෑල්ල හදා ගත්තා. ලොකු දරුව තමයි හයිය. එයා තමයි සර් ගෙදර වැඩටික ඔකොම කරන්නේ. පහුගිය දවස් වල පොඩි දරුව අසනීප වෙලා කරාපිටියෙත් ගියා. වෙච්ච ණය නිසා මං දිගටම වැඩ කරන්න උනා. ඒ නිසා මේ කෙල්ලට ඉස්කෝලේ යන්න බැරුව ගියා සර්. සර් අරුණ සර් වෙන්න ඇති. නිතරම මෙයා කියනවා ගෙදර ඇවිත්.
මේ තමයි ඒ ගේ දැං තත්වය. ඉතිං සමහර වෙලාවට හිතට එන දේවල් කියන්න බෑ. මං ගොඩක් දේවල් හිතට ආවත් එව්ව ඒ වෙලාවේ කිව්වේ නෑ. කෙල්ලට පාඩම් කරන්න චිමිනි ලාම්පුවක් අරං දෙන්න කියලා අතට රු.300ක් දුන්න මං මහේෂ් සර්රුයි, වයි කේ අයියාත් එක්කයි එන්න ආව. ඒත් ආවේ හිතේ තියෙන දේවල් කියන්නේ නැතුව.
මට ක්ෂණිකව පොත් ටිකක් ලාම්පුවක් අරං දෙන්න පුළුවන් උනාට ගොඩක් ලොකු දේවල් කරන්න බෑ. ගෙයක් හදනවා වගේ. අපේ 12 වසරේ ළමයි ටික එයාලගේ ශ්‍රමය දෙන්න සූදානම්. ඉතිං අපි දැනට අපිට පුළුවන් හරියට හිතලා නතර උනා. ඒත් තාත්තා නැති මේ අසරණ ළමයින්ට උලා කාලා හරි, ආරක්ෂාවක් ඇතුව දොරක් වහගෙන ඉන්න හිටින්න තැනක් හදල දෙන එක ගැන හීනයක් හීතේ පැලපදියං උනා.
Posted in සේවා, My own comments, women
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා
35 Comments
බටුවංගල මහා විද්‍යාලය ITN වෙනස ඔස්සේ විකාශය
පහුගිය දෙසැම්බරය ගෙවුනේ පුදුම තරම් කරදර ප්‍රශ්න ගොඩක් එක්ක. වචන වලින් කියන්න බැරි තරම් කරදර බාධක ගොඩක් එක බනිස් ගෙඩිය කාලතෛ් බොන මිනිස්සුන්ගෙන් එල්ල උනා. නමුත් ළමයින් ගේ පැත්තෙන් හිතලා හැමදාම තීරණ ගත්ත මං ප්‍රධාන තීරණ දෙකක් ගත්තා. අරං ආපහු වැඩට බැස්සා.
ජීවිතේ එපාම වෙලා හිටපු වෙලේ නෙළුව පොලිස්සියේ ස්ථානාධිපති තුමා හොඳ අවවාදයක් දුන්නා. මිනිස්සු අපිව වට්ටන්න හදන වෙලාවට වැඩ කරන වේගය දෙගුණ තෙගුණ කරන්න කියලා. කවදාවත් බටුවංගල පාසලේ ඉතිහාසේ වර්ෂ අවසාන ත්‍යාග ප්‍රධානෝත්සවයක් තිබිලා නෑ. ඉතිං පොලිස්සියේ ස්ථානාධිපති තුමා යෝජනා කලා ත්‍යාග ප්‍රධානෝත්සවය ඉහලින් කරන්න කියලා. එතුමා එක වසරේ ඉඳං 13 වසර දක්වා ළමයින්ට ත්‍යාග ලබා දුන්නා. මේක අවස්ථාව කරගන්නවා එතුමාට ස්තූති කරන්නත් කල්‍යාන මිත්‍රයෙකු කොතරම් නම් වටිනවද ජීවිතේ වැටෙන වෙලාවට ගොඩ එන්න.

කොහොම හරි අපි කාලයක් තිස්සේ කරං ආව විදුලි බලාගාරය හා ඒ ආශ්‍රිත දේවල් වලට පිළිගැනීමක් ගම ඇතුලේ 100% නෑ. වෙන මුකුත් නෙවේ හේතුව ගුරු පත්වීම් හම්බ වෙලා ඉන්න වට්ටි අම්මලාගේ කටවල් ටිකෙන් එලියට යන අස්ථාන ගත චෝදනා. ඉතිං මේ වෙලාවේ අපිත් එක්ක එකට වැඩ කරලා දැං කොලඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ වැඩ කරන අපේ චින්තක චන්ද්‍රකුමාර මහත්තයාගේ උදව්වෙන් ITN එකේ අය අපිට මුණ ගැහුනා. හැබැයි රෙටකා්ඩින් එකේ අව්ලක් තිබිලා තියෙනවා. උඩින් තියෙන්නේ ඒ ලින්ක් එක. මේ හැමදේම කරද්දි විද්‍යාව හා තාක්ෂණය ගැන අබමල් රේණුවක තැකීමත් හෝ දැනුමත් ලබා හෝ ලබන්නට කැමැත්තක් නැති, පරිපාලනය කියන්නේ කඩේ යන අය පිනවීම සහ තමංගේ සුඛවිහරනය සලසා ගැනීමය කියලා හිතන මිනිස්සු තව තව අපිට විරුද්ධ වෙද්දී, විදුහල් පති කෙනෙක් වෙන්න සියළු සුදුසු කම් සපුරලා තියෙද්දී JVP කාරයෙක් වූ පලියට නියෝජ්‍ය විදුහල් පති කෙනෙක් වෙලා ඉඳං මට මගේ හිත හදා ගන්න ගොඩක් තර්ක ගේන සුදත් විතාණාච්චි සර්ලාටත් ස්තූති කරන්න අමතක වෙන්නේ නෑ.
Posted in About, සේවා, My own comments, News
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා
4 Comments
ඔයයි….මමයි
Posted in Advices, Internet, Smile, women
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා
Leave a comment
7 Superb Sentences
Shakespeare…. 
”Never Play With The Feelings Of Others
Because You May Win The Game
But The Risk Is That You Will Surely Lose
The Person For A Life Time”.
Napoleon….
”The world suffers a lot. Not because of the violence of bad people,
But because of the silence of good people!”
Einstein….
”I am thankful to all those who said NO to me
It’s because of them I did it myself..”
Abraham Lincoln….
”If friendship is your weakest point then you are the strongest person in the world”
Shakespeare….
”Laughing Faces Do Not Mean That There Is Absence Of Sorrow!
But It Means That They Have The Ability To Deal With It”.
William Arthur….
”Opportunities Are Like Sunrises,
If You Wait Too Long You Can Miss Them”.
Hitler….
”When You Are In The Light, Everything
Follows You,
But When You Enter Into The Dark, Even Your Own Shadow Doesn’t Follow You.”
Shakespeare….
”Coin Always Makes Sound But The Currency
Notes Are Always Silent. So When Your Value Increases
Keep Yourself Calm and Silent”
Dr Abdul Kalaam….
”It Is Very Easy To Defeat Someone, But It Is Very Hard To Win Someone” 
අප අතරින් වෙන්ව ගිය ස්ටීව් ජොබ් මහතාට උපහාර පිණිස නැවත පල කරමි…..
ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල වලින් එකක් වන ඔබගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ කතා තුනක් මම අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. කතා තුනක් විතරයි. පළවෙනි එක තිත් යා කිරීම පිළිබදවයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පලවෙනි මාස හයෙන් පස්සේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් විසි වුණා. ඇත්තටම විසි වෙලා යන්න කලින් මම තවත් මාස 18ක් විතර වැනී වැනී හිටියා. ඇයි මම විශ්වවිද්‍යාලයෙන් විසි වුණේ?
ඒක පටන් ගත්තෙත් මම උපදින්නටත් පෙර මගේ ඡීවවිද්‍යාත්මක අම්මා තරුණ කසාද නොබැදපු උපාධිධාරි ශිෂ්‍යාවක් වුණා. ඉපදුනාට පස්සේ මා හදාගන්න දෙන්න ඇය තීරණය කළා. දිනකදී මාව හදාගන්නා අය උපාධිධාරීන් විය යුතු බව ඇය තීරණය කර තිබුණා. ඉපදුනු වහාම මාව නීතීඥයන් යුවලකට හදා ගැනීමට දිමට සියළු දේ සූදානම් වී තිබුණා. නමුත් අවසාන වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ ගැහැණු ළමයෙක්. මා ඉපදුනු රාත්‍රියේ මෙන්න මෙවැනි දුරකථන ඇමතුමක් මා හදා ගත් දෙමාපියන්ට ලැබි තිබුණා. අනපේක්ෂිත විදිහට පිරිමි ළමයෙක් ලැබිලා තිබෙනවා. ඔබලාට ඔහුව ඕනද? දිනක මා විශ්වවිද්‍යාල යවන බවට දැඩි පොරොන්දුවකින් පසුව මගේ ඡීවවිද්‍යාත්මක අම්මා මාව හදාගන්න දීල තියෙනවා.
ඉතින් මං විශ්වවිද්‍යාලට ගියා. මගේ අධ්‍යාපනයට මධ්‍යම පාන්තික මගේ දෙමාපියන් ඔවුන් උපයන හැම සතයක්ම වැය කළා. විශ්වවිද්‍යාල ඡීවිතය මාස 06කට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. මේ ඡීවිතේ මං කරන්න අවශ්‍ය දේ ගැන මට අදහසක් තිබුනේ නැහැ. ඒක හොයාගන්න විශ්වවිද්‍යාලයෙන් උදව්වක් ලැබෙන බව පෙනුනෙත් නැහැ. මගේ අහිංසක දෙමාපියන් ඡීවිතයේ උපයාගත් සල්ලි මා වෙනුවෙන් වැය කරමින් හිටියා. මගේ වැඩ මංම කරගන්නවා කියලා මංම විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඒ වෙලාවේ මං ගොඩාක් බය වුණා. නමුත් අද මං ආපස්සට බලද්දි මා ගත් තීරණවලින් හොදම එකක් වන බව මට දැනෙනවා. විශ්වවිද්‍යාල අයින් වූ පසුව මා කැමති දේශන වලට සහභාගී වීමටත් අකමැති දේශන සහභාගී නොවීමටත් මට හැකි වුණා.
ඒ ඡීවිතේ සුන්දර එකක් වුනේ නැහැ. මටම කියා නේවාසික කාමරයක් තිබුනෙත් නැහැ. යාළුවෙකුගේ කාමරේ බිම තමයි නිදා ගත්තේ. පරණ කොකා කෝලා බෝතල් එකක් සත 5කට එකතු කරලා දීලා තමයි කෑම කන්න සල්ලි හොයා ගත්තේ. හැම ඉරිදම හැතැම්ම 07ක් දුර පයින් ඇවිදලා හරේ ක්‍රිෂ්ණා කෝවිලට ගිහින් තමයි හොද ආහාර වේලක් ගන්නේ. මම ගොඩාක් කැමැත්තෙන් මේක කලා. මේ දවස්වල මා දුටු දේවල් , මා කළ දේවල් මගේ කුතුහලය, මා සතුව තිබූ සහඡ බුද්ධිය පසුකාලීනව මගේ ඡීවිතයේ අමිල දේවල් බවට පත්වුණා. මම ඔබට උදාහරණයක් දෙන්නම්. රීඩ් විශ්වවිද්‍යාලය ලස්සනට අත් අකුරු ලිවිමේ කලාව ඒ දිනවල හොදින්ම ඉගැන්නුවා. සමහර විට ලෝකෙ මේ සම්බන්දව හොදම විශ්වවිද්‍යාලය රීඩ් වෙන්නත් ඉඩ තිබුණා. කැම්පස් එකපුරා අලවා තිබූ පෝස්ටර්, හැම ලාච්චුවකම ලේබලය ලස්සනට අත් අකුරු වලින් ලියලා තිබුණා. මම ඉවත් වි සිටි නිසා සාමාන්‍යල විදිහට දේශන ශාලාවට යන්න මට සිද්දවෙලා තිබුනේ නැහැ. අත් අකුරු පන්තියකට යන්න මම තීරණය කළා. විවිධ වූ අකුරු වර්ග ගැන, අකුරු අතර තිබිය යුතු පරතරය ගැන, අත් අකුරු ලස්සන වෙන්නේ කොහොමද යන්න ගැන මම ඉගෙන ගත්තා. ඒක හරිම ලස්සන ඓතිහාසික, කලාත්මක සියුම් ක්‍රමයක් වුණා. විද්‍යාවට හසුකර ගැන්මට අපහසු වූ මෙය මගේ සිත් ඇද බැද ගත්තා.
නමුත් මගේ ඡීවිතේ ප්‍රායෝගිකව මම මෙය පාවිච්චි කලේ නැහැ. නමුත් වසර 10 කට පසු අපි මැෂින්ටොෂ් පරිගණකය සැලසුම් කරන විට මේ හැමදේම මට ආයේ මතක් වුණා. ඒ ලස්සන අත් අකුරු ලිවීමේ කලාව මැක් පරිගණකයේ එසේම තිබුණා. ලෝකේ ලස්සනම අකුරු සහිත පරිගණකය මැක් වුණා. එදා මා විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලාව හදාරා නොතිබුණානම් මැක් පරිගණකයයේ ලස්සන යතුරු ලියන ක්‍රමයක් නොමැති වීමට ඉඩ තිබුණා. වින්ඩෝව්ස් මැක් වලින් කොපි කරපු නිසා ලෝකයේ කිසිම පරිගණකයක එය නොතිබීමට ඉඩ තිබුණා. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් නොවූවානම් අහම්බෙන් දුටු අත් අකුරු පන්තියට සහභාගී නූනානම් පුද්ගලික පරිගණක අද තියෙන තරම් ලස්සනට යතුරු ලේඛනය නොකිරීමට ඉඩ තිබුණා. මා විශ්වවිද්‍යාලයේ සිටියදී අනාගතය දෙස බලාගෙන තිත් යා කිරිම නොහැක්කක් වුනත් අවුරුදු 10 කට පසුව අතිතය දෙස බලාගෙන මට ඒක කරන්න පුළුවන් උනා.
ඔබට මට පැවසීමට ඇත්තේ ඉදිරිය බලාගෙන තිත් යාකළ නොහැකියි. ඔබට එය කල හැක්කේ ආපසු බලමින්මයි. එම නිසා මේ තිත් කෙදිනක හෝ ඔබේ ඡීවිතයේදී සම්බන්ධ වන බව ඔබ විශ්වාස කල යුතුයි. කිසියම්ම හෝ දෙයක් ඔබ දැඩිව විශ්වාස කළ යුතුයි. ඔබගේ ආත්මවිශ්වාසය, ධෛර්ය, කර්මය මොකක් වුනත් කමක් නැහැ. මෙලෙස සිතීම මගින් මා ඡීවිතයේ කවදාවත් නොවැටී සිටියා හා මගේ ඡීවිතයේ සියලු වෙනස්කම් උනත් මං එහෙමම ඉන්න පුවවන් උනා.
මගේ දෙවැනි කතාව ආදරය හා නැතිවීම පිළිබදවයි.
මම ගොඩාක් වාසනාවන්ත වුණා.තරුණ කාලේදීම මා කැමති දේ කිරීමට මට ලැබුණා. ඇපල් පරිගණක සමාගම මට අවුරුදු 20 දී මගේ දෙමාපියන්ට අයත් ගරාජයේ මං පටන් ගත්තා. අපි මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 10කින් ගරාජයේ වැඩකළ දෙදෙනාගෙන් පටන් ගත් සමාගම 4000 ක් දෙනා වැඩ කරන ඩොලර් බිලියන 2 ක් වටින කොම්පැණියක් බවට පත් වුණා. අපගේ පළමු නිර්මාණය මැකින්ටොෂ් අවුරුද්දකට කළින් නිකුත් වෙද්දී මට අවුරුදු 30 වුණා පමණයි. ඉන්පසු මාව අස්කළා. මා විසින්ම පටන්ගත් කම්පැණියෙන් මාව අස්කරන්නේ කොහොමද? ඇපල් පරිගණක ව්‍යාපාරය වර්ධනය වන විට දක්ෂයි කියා මා විශ්වාස කළ අයකු කම්පැණිය පවත්වාගෙන යෑම සදහා මා කුලියට ගත්තා. පළමුවැනි වසරක කාලයකදී විතර හැමදේම හොදින් සිදුවුණා. අනාගතය ගැන අපගේ දැක්මන් එකිනෙකට වෙනස් වීමට පටන්ගත්දා පටන් අපි විරසක වුණා. අධ්‍යක්ෂක මණ්ඩලය ඔහුගේ පාර්ෂවය ගත් පසු මා ඉවත් වුණා. ප්‍රසිද්ධියේ ඉවත් වුණා. වැඩිහිටියකු ලෙස මගේ ජීවිතයේ හොදම කාලය ගෙවී ගොස් තිබුණා.
මාස කිහිපයක් යන තුරු කරන්නේ කුමක්දැයි කියා මා ඇත්තටම දැන සිටියේ නෑ. ව්‍යවසායකයන් මා නිසා අපහසුතාවයට පත්වුණු බව මට දැනුණා. මට ලැබුණු යෂ්ඨිය මා බිම දමා ඇතැයි මට හිතුණා. අප සමග සම්බන්ධ වූ අය මුණගැසී මා ඔවුන්ගෙන් සමාව ගත්තා. ප්‍රසිද්ධියේ අසාර්ථක වීම නිසා ගෙවල් දොරවල් හැරදමා යන්න හිතුණා. නමුත් යමක් මගේ ජීවිතයේ සෙමින් ආලෝකමත් කරමින් තිබුණා. මම කරන දේට මම තවමත් ආදරයෙන් සිටියා. ඇපල් පරිගණක සමාගමෙන් මා අස්කිරීම මගේ ප්‍රියතම විෂය කෙරෙහි බලපෑමක් ඇති කළේ නෑ. මාව ප්‍රතික්ෂේප වී තිබුණා. නමුත් මා තවමත් ආදරයෙන් සිටියා. ඉතිං මං අලුතින්ම පටන් ගන්න තීරණය කළා.
එදා මට තේරුණේ නෑ. ඒත් ඇපල් පරිගණක සමාගමෙන් මාව අස්කිරීම මට සිද්ධ වුණු හොදම දේ කියා මට අද හිතෙනවා. සාර්ථක වී සිටීමේ බර නව ආරම්භකයකුගේ සැහැල්ලු බවින් පිරවී තිබුණා. හැමදේම ගැනම අඩුවෙන් විශ්වාසය තිබුණා. මේ මානසිකත්වය මගේ ජීව්තයේ වඩාත්ම නිර්මාණාත්මක කාලය වෙත තල්ලු කළා.
මීළග වර්ෂ පහේදී මං අලුත් කොම්පැණි දෙකක් ආරම්භ කළා. එකක් NeXT අනෙක Pixar. මං ආදරේ කරන්න පටන් ගත්තා කෙනෙක්ට. මගේ බිරිද වෙන්න සුදුසු. Pixar ලෝකයේ පළවෙනි පරිගණක සජීවිකරණ චිත්‍රපටය Toy Story නිපදවන්න සුදානම් උනා. දැන් ලෝකයේ සාර්ථකම පරිගණක සජීවීකරණ චිත්‍රාගාරය වන්නේ එයයි. දෛවයේ සරදමකින් පසුව ඇපල් පරිගණක සමාගම විසින් NeXT සමාගම මිළදී ගැනීමත් සමග මා නැවතත් ඇපල් පරිගණක සමාගම සමග එක් වුණා. අපි NeXT වලින් දියුණු කළ තාක්ෂණය අද ඇපල් පරිගණක වල හදවත බදුයි. මේ හැමදේමත් එක්ක මම සාර්ථක පවුල් ජීවිතයකට උරුමකම් කිව්වා.
මට ගෝඩාක්ම විශ්වාසයි මාව ඇපල් පරිගණක සමාගමෙන් අස් නොකළා නම් ඉහත කිසිවක් සිදු නොවීමට ඉඩ තිබුණා. ඒක හරිම අමිහිරි ඖෂධ පරීක්ෂා කිරීමක් වැනියි. නමුත් ලෙඩා සුවවීමට ඒක අත්‍යාවශ්‍ය නම් වෙන කිරීමට කිසි දෙයක් නෑ.
සමහර වෙලාවල් වලට ජීවිතය ඔබේ ඔලුවලට ගඩොලකින් ගසනවා. තමංකෙරේ විශ්වාසය නැතිකරගන්න එපා. මම විශ්වාස කරනවා මට මොන විනාශය උනත් මාව ඉදිරියට ගෙනාවේ මං කරන දේට මං ආදරේ කළ නිසා කියලා. ඔබ වඩාත්ම කැමැත්තෙන් ආදරයෙන් කරන දේ ඔබම සොයාගත යුතුයි. 100% තෘප්තිමත් වීමට නම් ඔබ වඩාත්ම කැමති දේ හොයා ගන්න වෙනවා. නවත්තන්න එපා. තව හොයන්න. ඔබට එය ලැබුණු පසු ඔබගේ හදවතට එය දැනේවි. හරියට හොද බැදීමක් වගේ කාලයක් එක්ක එය හොදින් හොදම වේවි. ඉතින් දිගටම හොයන්න. ඔබට හම්බවෙනකං. නතර වෙන්න එපා.
මගේ තුන්වෙනි කතාන්දරය මරණය ගැනයි.
අවුරුදු 17 දී මට එක කියමනක් කියවන්න ලැබුන මතකයි. “අද ඔබගේ ජීවිතය අවසාන දිනය කියා ඔබ හිතුවොත් එක් දිනක ඔබ අනිවාර්යෙන් නිවැරදි විය හැකියි”. මේ කියමන මා වෙත විශාල බලපෑමක් කළා. එදා ඉදං පසුගිය අවුරුදු 33 දීම මං හැමදාම උදේට කන්නාඩිය ඉස්සර හට ගිහිං මගෙන්ම ඇහුවා, අද මගේ ජීවිතයේ අවසාන දවස නං, මං අද කරන්න යන දේවල් කරන්න ඕනද කියලා. දින කිහිපයක්ම උත්තර “නෑ” කියන කොට මම යමක්වෙනස් කරන්න තියෙනවා කියා මම හිතුවා. මම දිනක මං මැරෙනවා කියා හිතුවා. ඒක ජීවිතයේ මට ලැබුණ වටිනාම දේ කියා මට අද හිතෙනවා. ඒ නිසාම ජීවිතයේ ගොඩාක් ලොකු තෝරා ගැනීම් කරන්න මට පුලුවන් වුනේ. මොකද කියනවා නම් සියලුම දේ, හැම බාහිර බලාපොරොත්තුවක්ම, හැම ආඩම්බරකමක්ම, හැම බයක්ම, හැම නින්දාවක්ම, අපහසයක්ම, හැම අසාර්ථක කමක්ම, මරණය අභියසදී වැදගත් කමක් නැති දේවල් වෙනවා. සත්‍ය වශයෙන්ම වැදගත් වන්නේ යමක්ද එය පමණයි ඉතිරි වෙන්නේ. දිනක ඔබ මැරෙනවා කියා හිතන සිතුවිල්ල තමයි ඔබට යමක් නැති වෙනවා කියා හිතන සිතුවිල්ලට තියෙන හොදම බෙහෙත . ඔබ දැනටමත් නිරුවත්. ඔබගේ හදවත පිළි නොපැදීමට කිසිම හේතුවක් තවත් ඉතිරි වී නෑ.
අවුරුද්දකට කළිං මට අග්න්‍යාශයේ පිලිකාවක් තියෙනවා කියා වෛද්‍යවරු නිගමනය කලා. අග්න්‍යාශය කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. මට උදේ 7.30 එක ස්කෑන් පරීක්ෂාවක් කළා. මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙනවා පැහැදිලිව පෙනුනා. පිලිකාව කියන එක ගැන මං දැනගෙන හිටියෙවත් නෑ. වෛද්‍ය වරුන්ගේ මතය උනේ ඒක මාරාන්තික පිළිකාවක් බවත් මාස 03,06 කට වඩා කාලයක් මට ජීවත් විය නොහැකි බවත්. මගේ වෛද්‍යවරැ කිව්වා ගෙදර ගිහිං මගේ සම්භන්ධ කම් පිලිවෙලට හදා ගන්න. ගෙදර ගිහිං විවේක ගන්න කියා. වෛද්‍ය භාෂාවෙන් මැරෙන්න ලෑස්ති වෙන්න කියන්නේ එහෙමයි. ඒකේ තේරුම ඉදිරි අවුරුදු දහය ඇතුලත මං මගේ ළමයින්ට කියන්න ඕන දේ මාස තුනෙන් කියන්න ඕන කියලා. එහෙම නැත්තං හැමෝටම ගුඩ්බායි කියන්න කියලා.
මම ඒ ලෙඩේ එක්ක දවසක්ම ජීවත් උනා. පසුව නැවත හවස මා විශේෂ පරීක්ෂාවක් කලා. මගේ අග්න්‍යාශයේ සෛල කීපයක් ගෙන ඒවා අන්වීක්ෂයෙන් පරීක්ෂා කරමින් තිබුනා. මම බාගෙට මැරිලයි හිටියේ. එතන හිටපු මගේ නෝනා පස්සේ මට කිව්වා ඒ ගත්තු සෛල අන්වීක්ෂයෙන් බලලා දෙස්තරලා ඇඩුවා කියලා. මොකද මට තිබිලා කියෙන්නේ ඉතාමත්ම කලාතුරකින් හමු වන අග්න්‍යාශ පිළිකාවක්. ඒක ශල්‍යකර්මයකින් සුව කල හැකියි. මම ඒක කලා. දැං 100%ක්ම සනීපයි.
මරණය සමීපයටම මා ගිය පළමු අවස්ථාව මෙයයි. තවත් දශක කීපයකට එය එසේ නොවනු ඇතැයි මම සිතනවා. මේක උනාට පස්සේ මට ඔබට වඩාත් විශ්වාසයෙන් මෙහෙම කියන්න පුවවන්. මරණය කියන්නේ සත්‍ය වශයෙන්ම බුද්ධි විෂයක කරුණක්.
කිසිම කෙනෙක්ට මැරෙන්න ඕන නෑ. දිවියලොකේ යන්න ඉන්න අයටවත් එහෙ යන්න මැරෙන්න කැමති නෑ.අපි හැමදෙනාම බෙදා හදා ගන්න නැවතුම් පළ තමයි මරණය. කාටවත් ඉන් ගැලවීමක් ලැබී නෑ. ඒක එසේම විය යුතුයි. මොකද ජීවිතේ හොදම සොයා ගැනීම මරණය නිසා. මරණය තමා ජීවිතයේ වෙනස් කරන නියෝජිතයා. පරණ දේ ඉවර කරල අලුත් දේකට පාර කපන එක මින් සිද්ධ වෙනවා. අද ඔබ අලුත්. නමුත් තව ටික කාලෙකින්, අද ඉදං බොහෝ දුර නොවේ, ඔබ පරණ වෙනවා ක්‍රමයෙන්. සහ ඉවත් වෙන්න වෙනවා. කතාව නාට්‍යයමය නම් මට කනගාටුයි. නමුත් ඇත්ත ඒකයි.
ඔබට ඇති කාලය සීමිතයි. වෙන කාගෙවත් ජීවිත ජීවත් වෙන්න ගිහිං ඔබ ඒ කාලය විනාශ කර ගන්න එපා. අනෙක් මිනිසුන් ගන්නා තීරණ අනුව වැඩකරන්න ගිහිං ජීවිතයට කොටු වෙන්න එපා. ඔබගේම හදින් හැගෙන හඬ අනෙක් මිනිසුන්ගේ හඬින් යටපත් වෙන්න දෙන්න එපා. වඩාත්ම වැදගත් දේ ඔබගේ හදවත පිළි පැදීමටත්, සහජ බුද්ධිය පාවිච්චි කිරීමටත්, ධෛර්ය තියා ගන්න. ඔබට වෙන්න ඕන කවුද කියා ඔවුන් දැනටමත් දන්නවා. අනිත් හැමදේම වැදගත් කමක් නෑ.
මගේ තරුණ කාලේ අද්විතීය පොතක් තිබුණා. මගේ පරම්පරාවේ බයිබලය උනේ මේ “The whole Earth Catalog” කියන පොත. මේක කරපු Stewart Brand කියන කෙනා කවි වලින් මේ පොත සැරසුවා. මේ 1960 දශකයේදී පරිගණක එන්න ඉස්සර වෙලා. මේකේ සියලුම දේ අතින් නිමකර තිබුණා. මේක හරියට අද Google වගේ. Google නැතිව තිබුණ අවුරුදු 35 ට පෙර මේ පොත නැවුම් අදහස් පිරුණූ, දෝරගලා යන තාක්ෂණයන්ගෙන් සමන්විත උසස් කෘතියක් උනා.
මේ පොතට අදාළ පාඨමාලාව ඉවර වෙනකොට ඔහුගේ මේ පොතේ අවසාන සංස්කරණ ඉදිරිපත් කලා. ඒ 1970 ගණන්වල මැද. මං ඔබගේ වයසෙ ඉන්න කොට. පොතේ පිටුපස කවරයේ පිංතූරයක් තිබුනා. අරුණෝදය දැක්වෙන ගමේ පාරක්. ඔබ අවදියන් නම් අදින් ඇරඹෙන ඔබගේ අනාගතයත් මෙන්න මෙ වගේ තැනක්. මේ පිංතූරයට යටින් එක කියමනක් තිබුණා. ඒක තමයි බඩගින්නෙ ඉන්න, මෝඩවෙලා ඉන්න, ( Stay hungry,Stay foolish) කියා. මම හැමදාම මගේ ජීවිතේ එහෙම කලා. අද උපාධිය ලබන ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ. ඒ නිසා මට ඔබටත් කියන්නෙ බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න. ( Stay hungry,Stay foolish)
ස්තුතිය.
ස්ටැන්ෆ්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධාන උත්සවයකදී ඇපල් පරිගණක සමාගමෙ සහ පික්සාර් පරිගණක සජීවී කරණ කලාගාරයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් මහතා විසින් කරන ලද දේශනයේ සිංහල පරිවර්ථනය තමයි උඩින් තියෙන්නේ.
ගොඩාක් මහන්සි වෙලා මේක කලේ. වැඩ දාහක් එක්ක. ස්ටීව් ජොබ්ස් මහතාගේ කතාව ඒ ආකාරයෙන්ම සිංහලයට නැගීමට අපහසු උනත් බොහෝ උත්සාහ කර මං ඒ කාර්යය උපරිමෙයෙන් සිදු කලා. ඉතිරි සියලුම දේ කමෙන්ට් වලදි කතා කරමු.
Posted in Advices, Internet, My own comments
Tagged Advices, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අරුණ චමින්ද, අරුණ සර්, අවවාදයක්, ඇපල් පරිගණකය, ඇපල් පරිගනක සමාගම, කැමති දේවල්, ජීවිතය, තීරණ ගැනීම, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, මරණය, මැසින්ටොෂ්, ස්ටීව් ජොබ්ස්, සේවා, Batuwangala, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, My own comments, News and tagged Aruna
8 Comments
අපි හෘද සාක්ෂිය උකස් කර ඇත්තෙමු.
ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිය පස් වසරක නිල කාලය අවසන් කළේය.ඒ නිමිත්තෙන් ඔහු 2006 දෙසැම්බර් මස හයිද්රාබාද් නගරයේ දී පැවැත්වු දේශනයක සිංහල පරිවර්ථනය.
අපේ ශක්තිය සහ ජයග්රධහණය පිළිගැනීමට ඉන්දියානුවන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි.අපි ඉතා ශ්රේ2ෂ්ඨ ජාතියක් වෙමු.පුදුමාකාර ජයග්රළහණ රැසක් අප සතුව තිබුණත් ඒවා ඇති බව පිළිගැනීම අපි ප්ර තික්ෂේප කරමු. ඒ ඇයි? අපි ලොව විශාලතම කිරි නිෂ්පාදකයෝ වෙමු. පුරස්ථ සන්නිවේදන චන්ද්රිෝකා පිළිබදව පළමුවැන්නෝ අපිය. ලොව දෙවන විශාලතම තිරිගු නිෂ්පාදකයෝ අපිය. ලොව දෙවන විශාලතම සහල් නිෂ්පාදකයෝ අපිය. ආචාර්ය සුදර්ශන් දෙස බලන්න.ග්රෝයත්රිළක ජන කොටසක් ස්වාධීනව ඉදිරියට යන, ස්වයංපෝෂිත ඒකකයක් බලයට පත් කිරිමට ඔහුට හැකිවිය.එවැනි ජයග්රනහණ මිලියන ගණනක් ඇත.එහෙත් අපේ ජනමාධ්යේ උනන්දු වන්නේ නරක ආරංචි ,පරාජය වීම් සහ විනාශයන් ගැන පමණි.එකවරක් මම ටෙල් අවීවි නගරයේදී ඊශ්රාෙයල පුවත් පතක් කියෙව්වේමි.ඊට පෙර දින එහි ප්රවහාර,බොම්බ පිපිරවීම් සහ මරණ රැසක් සිදු වී තිබුණි.හමාස් සංවිධානය විසින් ප්රකහාර එල්ල කර තිබුණි.එහෙත් පුවත් පතේ මුල පිටුවේ ඡයාරූපයෙහි දැක්වුණේ වසර පහකට කලින් කාන්තාරයක් වු තම ගෙවත්ත උයනක් සහ ධාන්යාවගාරයක් බවට හැරවූ යුදෙව්වෙකු පිළිබදවය.එදින උදෑසන සෑම කෙනෙකුම දුටුවේ මේ ප්ර බෝධමත් ඡායාරූපයයි.මිනීමැරුම්,බෝම්බ පිපිරීම්,මරණ ආදීය පිළිබද ලේ වැගිරෙන විස්තර තිබුණේ ඇතුළු පිටු තුල.සෙසු පුවත් අතර සැගවය.ඉන්දියාවේ අප කියවන්නේ මරණ,ලෙඩරෝග,ත්රනස්තවාදය,අපරාධ ආදිය ගැනයි. අප මෙතරම් සෘණාත්මක ඇයි? තවත් ප්ර්ශ්නයක්:ජාතියක් ලෙස අප මෙතරම් විදේශීය දේ වැළදගන්නේ ඇයි? අපට ඕනෑ විදේශීය රූපවාහිණී,විදේශ කමිස,විදේශ තාක්ෂණයයි,ආනයනය කරන ඕනෑම දෙයක් කෙරෙහි ඇති මේ ඇල්ම කුමක්ද?ආත්ම ගෞරවය පැමිණෙන්නේ ආත්ම විශ්වාසය සමග බව අපට වැටහෙන්නේ නැතිද? දිනක් මම හයිද්රාආබාදයේ දේශනයක් කරමින් සිටියෙමි.එහිදී අවුරුදු 14 දැරියක් මගෙන් සමරු අත්සනක් ඉල්ලුවාය.ඇගේ ජිවිත ඉලක්කය කුමක්දැයි මම ඇයගෙන් ඇසුවෙමි.මට සංවර්ධිත ඉන්දියාවක ජීවත් වෙන්න ඕනෑ යැයි ඇය පිළිතුරු දුන්නාය.ඈ වෙනුවෙන් ඒ සංවර්ධිත ඉන්දියාව ගොඩනැගිය යුත්තේ ඔබ සහ මමයි. ඔබ මෙසේ ප්රසකාශයට පත් කල යුතුයි.ඉන්දියාව ඌණ සංවර්ධිත රටක් නොවේ.එය ඉතාම සංවර්ධිත රටකි.ඔබට මිනිත්තු 10 ක් වෙන් කළ හැකිද? මට බොහෝ උනන්දුවෙන් නැවත එය අසන්නට ඉඩ දෙන්න.ඔබට රට වෙනුවෙන් මිනිත්තු 10 ක් වෙන් කළ හැකිද?එසේ නම් මෙය කියවන්න.නැතිනම් තෝරගැනීම ඔබ සතුය. අපේ රජය ආකර්යක්ෂම බව ඔබ කියයි.අපේ නීති පැරණි වැඩි බව ඔබ කියයි.නගර සභාවෙන් කුණු එකතු කරගෙන යන්නේ නැති බව ඔබ කියයි.දුරකථන ක්රිමයා විරහිත වී ඇති බව,දුම්රිය සේවය විහිලුවක් වී ඇති බව ඔබ කියයි.අපේ ගුවන් සේවය ලෝකයේ නරකම ගුවන් සේවය බවත්,ලියුමක් කිසිදාක එය ළගා විය යුතු ස්ථානයට ළගා නොවන බවත් ඔබ කියයි.අපේ රට බල්ලාට ගොස් ඇති බවත්,වලට වැටී ඇති බවත් ඔබ කියයි.ඔබ දිගින් දිගටම කියයි…කියයි…කියයි.. ඒ ගැන ඔබ කරන්නේ කුමක්ද? පුද්ගලයෙකු සිංගප්පුරුවට ගෙන යන්න,ඔහුට ඔබේ නම දෙන්න.ඔබේ මුහුණ දෙන්න.ගුවන් තොටුපොලින් පිටතට යන විට ඔබ හැද සිටින්නේ පිටරට යන විට අදින ඔබේ හොදම ඇදුමයි.සිංගප්පූරුවේදි ඔබ සිගරට් කොට පාරේ හැම තැනම විසි කරන්නේ නැත.වෙළද සැල් වලදී ආහාර ගන්නේ නැත. ඔබද ඔවුන් තරම්ම ඔවුන්ගේ උමං මාර්ග ගැන ආඩම්බරය,සවස 5 සිට8 දක්වා ඔඩ්වර්ඩ් පාර දිගේ වාහනය පැදවීම සදහා ඔබ ඩොලර් 5 ක් ගෙවයි.ඔබ කුමන තරාතිරමක කෙනෙකු වුවත් ආපන ශාලාවක හෝ සාප්පු සංකීර්ණයක වැඩි වේලාවක් ගත කරයි නම් රථ ගාල වෙත පැමිණ වාහන ගාල් කිරීමේ අවසර පතේ කාලය දීර්ඝ කර ගනී.සිංගප්පූරුවේදී ඔබ ඊට කිසිවක් කියන්නේ නැත.එහෙම නේද? ඩුබායිහිදී ඔබ රාමසාන් උපවාස කාලය තුළ ප්රිසිද්ධියේ කෑම ගැනීමට තරම් නිර්භීත වන්නේ නැත.ජෙඩ්ඩාහිදී ඔබ හිස ආවරණය කර නොගෙන පිටතට යෑමට තරම් නිර්භීත වන්නේ නැත.ඔබ තමන්ගේ දුරකථන වියදම් වෙනත් කෙනෙකුගේ බිල්පතට හැරවීම සදහා දුරකථන හුවමාරු මධ්ය ස්ථානයේ නිලධාරීන් මසකට පවුම් 10 ක මුදලකට මිලදී ගැනීමට ලන්ඩනයේදී නිර්භීත වන්නේ නැත.වොෂින්ටනයේදී ඔබ පැයට සැතපුම් 55 කට වඩා වේගයෙන් රිය පදවා මම කවුද කියලා දන්නවද? මම අහවලාගේ පුතා මේ සල්ලි අරන් යනවා යන්නයි පොලිස් නිලධාරියාට කීමට තරම් නිර්භීත වන්නේ නැත.ඕස්ට්රේ ලියාවේදී හෝ නවසීලන්තයේ මුහුදු වෙරලකදී ඔබ ඉවත දමන දෙයක් කුණු බාල්දියකට හැර වෙනත් තැනකට දමන්නේ නැත.ඔබ ටෝකියෝවේදී පාරේ කෙල ගසන්නේ නැත.බොස්ටන් නුවරදී ඔබ තමන් වෙනුවෙන් විභාග ලිවීමට වෙනත් කෙනෙකු නොයොදවන්නේ හෝ හොර සහතික මිලදී නොගන්නේ ඇයි තවම අපි කතා කරන්නේ එකම ඔබ ගැනයි වෙන රටවල ඇති විදේශීය ක්ර ම වේදයන්ගරු කරන සහ අනුගත විය හැකි එහෙත් තම රටේදී එසේ කළ නොහැකි ඔබ ගැනමය.ඉන්දියානු භූමියට පය තැබූ හැටියේ පාර පුරා කඩදාසි කැබලි සහ සිගරට්කොට විසි කරන ඔබ ගැනය.වෙනත් රටකදී සංවර්ධන ක්රිුයාවලියට සම්බන්ධ සියලු දේ අගය කරන පුරවැසියෙකු වීමට ඔබට හැකි නම් ඉන්දියාවේදී ඔබට එසේ කළ නොහැක්කේ ඇයි? මුම්බායිහි හිටපු නගරාධි කොමසාරිස් වරයෙක් වන තිනායකර් මහතා වරක් සම්මුක සාකච්ඡාවකදී වැදගත් කරුනක් ඉස්මතු කලේය.පොෙහාසත් මිනිසුන්ගේ බල්ලන්ට ශරීර කෘත්යක කරවීමට පාර දිගේ ඇවිද්දවනවා.ඉන්පසු ඒ පොෙහාසතුන්ට අනෙක් අතට අපිරිසිදු පදික වේදිකා සහ අකාර්්යගක්ෂමතාව ගැන බලධාරීන්ට චෝදනා කරමින් ඔවුන් විවේචනය කරනවා.එවුන් කියන්නේ නිලධාරීන් කුමක් කළ යුතුයි කියාද? ඔවුන්ගේ බල්ලන්ට අවශ්යදතාව ඇතිවන සෑම වරකම ඉදලක් ගෙන ඔවුන් පසු පස යන්නද? ඇමරිකාවේ නම් තම සුරතලා පාරේ කැත කළ විට ස්වාමියා විසින් එය අනිවාර්යෙන්ම එය පිරිසිදු කළ යුතුයි.ජපානයේදී එසේමයි.ඉන්දියානු පුරවැසියෙකු තම රටේදී එසේ කරයිද? ඔහු නිවැරදිය අපි ආණ්ඩුවක් තෝරා ගැනීම සදහා ඡන්දය දැමීමට යමු.ඉන්පසු අපි අපේ වගකීම් සියල්ල අත හරිමු. අපෙන් සම්පූර්නයෙන්ම සෘනාත්මක දායකත්වයක් ලබා දෙන අතරම අප සැප පහසුවට තබා ආණ්ඩුව අප වෙනුවෙන් සෑම දෙයක්ම කරණු ඇතැයි අපි අපේක්ෂා කරමු.එහෙත් හැම තැනම කුණු දැමීම නැවැත්වීම හෝ මදකට නැවත්වීම හෝ මදකට නැවතී බිම බිම වැටී ඇති කඩදාසි කැබැල්ලක් අහුලා එය කුණු බක්කියට දැමීම අප කරන්නේ නැත.දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු වැසිකිලි ලබා දිය යුතු බව අපි අපේක්ෂා කරමු.එහෙත් වැසිකිලියක් නියම ලෙස පාවිච්චි කරන අයුරු ඉගෙන ගැනීමට අපට උනන්දුවක් නැත.ඉන්දීය ගුවන් සේවය හොදම ආහාර සහ සනීපාරක්ෂක ද්රකව්යා සැපයිය යුතු යැයි අපි කියමු.එහෙත් ලැබෙන සුළු අවස්ථාවකදී වුවත් සුළු හොරකමක් කිරීම අප නවත්වන්නේ නැත.මහජනතාවට සේවා සපයන සේවක මණ්ඩල වලටද මෙය අදාල වේ.කනේතාවන් දෑවැද්ද ගැහැණු ළමයින් සහ වෙනත් දැවෙන සමාජ ගැවළු වලට එරෙහිව පුසිද්ධිවය් මහා හයියෙන් විරෝධය පල කරන අප අපේ ගෙවල් වලදී ඊට හාත් පසින්ම වෙනස් දේවල් කරගෙන යමු.අපේ නිදහසට කරුණ කුමක්ද? වෙනස් විය යුත්තේ සමස්ථ ක්රලමයයි.මා පමණක් මගේ පුතුට දෑවැද්ද සදහා ඇති අයිතිය අත්හැරිය පමණින් එය වැදගත් වන්නේ කෙසේද? එසේනම් ෙම් ක්රලමය වෙනස් කරන්නේ කවුද?සමාජ ක්ර්මය සෑදී ඇත්තේ මොනවායින්ද? අපේ පහසුවට අප කියන්නේ එය අලප් අසල්වැසියන් අනෙකුත් නිවාස අෙනකුත්නගර අනෙකුත් ප්රසජාවන් සහ ආණ්ඩුව යන කොටස් වලින් සමන්විත වන බවයි. අප කියන ලෙසට අනිවාර්යෙන්ම ඒ ඔබ සහ මම අයිති නොවෙමු.අප කරන්නේ අපේ පවුලේ අයත් සමග ආරක්ෂක කෝෂයක් තුළට වැදීමයි.අප එසේ කර මිස්ටර් ක්ලීන් කෙනෙකු පැමිණ ඔහු මේ ක්රපමය අතුගා දමා අප වෙනුවෙන් ආස්චර්යයක් කරනු ඇතැයි අපි දුර ඈත රටවල් දෙස බලා සිටිමු.එසේ නැතිනම් අප රට හැර දමා පලා යමු.අපි විසින්ම ඇති කරගත් බියක් අප පසු පස හඹා එන විට කම්මැලි බයගොළු මෙන් ඇමරිකාවට දුවන අපි ඔවුන්ගේ යස ඉසුරු වල පහස ලබමින් ඔවුන්ගේ ක්රවමය අගය කරමින් නිව්යෝක් නගරය අනාරක්ෂිත වූ විට අපි එන්ගලන්තයට දුවමු.එන්ගලන්තයේ රැකියා විරහිත බව වැඩිවන විට මීලග ගුවන්යානයෙන් ගල්ෆ් කලාපය බලා යමු.ගල්ෆ් කලාපයේ යුද්ධය ඇරඹුන වට අපි අප බේරාගෙන නැවත මව් රටට ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය රජයට බල කර සිටිමු.හැම කෙනෙක්ම රට අපයෝජනය කිරීමට සහ දූෂණය කිරීමට සැදී පැහැදී සිටිති.නිවැරදි කලමනාකරනය ක්රටමවේද පෝෂණය කල යුතු බව කිසිවෙක් නොසිතයි.අපේ හෘද සාක්ෂිය මුදලට උකස් කර ඇත. ආදරණීය ඉන්දියානුවනි,මෙම ලිපිය බොහෝ සිතිවිලි උත්පාදනය කරවයි.ඒ ආත්ම පරික්ෂාවකට ආරාධනා කිරීමකි.එය කෙනෙකුගේ හෘද සාක්ෂිය රිදවයි.ජෝන්එෆ් .කෙනඩ් ඇමරිකාණුවන්ට කී වචන මම මෙහිදී ඉන්දියානුවන්ට අදාළ කර කියමි. ඉන්දියාව වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්දැයි අසන්න.ඇමරිකාව සහ සෙසු බටහිර රටවල් අද සිටින තත්වයට ඉන්දියාව ගෙන ඒම සදහා කළ යුතු දේ කරන්න.ඉන්දියාවට අපෙන් අවශ්යම දේ අපි කරමු.
Posted in Advices, සේවා, Internet, News
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, Video Conference
1 Comment
සැබෑවෙන්න වසර හතරක් ගිය හීනයක්.
පාසල් වලට දීල තියෙන අන්තර් ජාල සම්භන්ධතා වල වේගය 15KBps. ඒකත් CDMA Broad Band කියලා ලියලා තියෙනවා ඒකේ.(හිනා වෙන්න එපා). මුලින්ම වෙබ් අඩවියක් පටන් ගන්න කොට දකුණු පලාතේ පාසල් දහයකට වත් වෙබ් අඩවි තිබුනේ නෑ. අර කිව්ව ඉන්ටනෙට් කනෙක්ෂන් එකෙන් වෙබ් අඩවිය පාසල් ජාලයට අප්ලොඩ් කරන්න හරියට වරුවක් ගියා මුලින්ම. මට මතකයි index.html කියන එකට untitled document කියලා නම දීල තිබුනේ දන්නේ නැතුව. පස්සේ කරලා කරලම ඉගෙන ගත්තා. අපි ආපු ගමනේ අපිව තේරුම් ගත්ත අය ගොඩක් හිටියා. ටික දෙනෙක් වපර ඇහෙන් බැලුවා.
කොහොම හරි Dreamviewer සූප්පු කරලා අවසානෙට ජූම්ලා කෑවා. (මතක් කරන්නම ඕන දෙනුවන් සර්ව. දෙනුවන් සර් තමයි චානුක සර්ව අපිට ගොඩක් හිතවත් කලේ. දෙනුවන් සර් ඕවද ෆොන් ජූම්ලා ඉගැන්නුවේ ඉස්සරම වෙලා. අද ලංකාවේ විද්‍යුත් ගම්මාන වල වැඩිම දෙනෙක් නරඹන වෙබ් අඩවියවෙලා තියෙන්නේ ඒක.) එන්න එන්න අපි වැඩුනා. ළමයින්ට ලැබ්එක ඇතුලේ තිබුන ලොකුම අඩුව තමයි අර කලිං කිව්ව CDMA අන්තර් ජාල සම්භන්ධ තාවය. අපි ඉගෙන ගන්න කාලේ බලං ඉන්නත්, ඉවසන්නත් අපට පුළුවන් උනාට දැන් ඉන්න ළමයි එහෙම නෑ. එයාලට පටස් ගානකොට හැමදේම තියෙන්න ඕන. කොහොම හරි මුලදී 3G තිබුනේ නෑ මෙහේ. පස්සේ 3G ආවා. අපිට තුසිත කියලා මහත්තයෙක් HSDPA ඩොංගලයක් අරං දුන්නා. ඒක අරං වැඩ කරං යනකොට ළමයින්ටත් ඒ වේගයෙන් අන්තර් ජාලය ලබා දෙන්න මං හීන දැක්කා. මේ ලිපිය ලිව්වේ ඒ නිසා.
නමුත් අපිට තව කල් බලං ඉන්න වෙන ලකුණූ තමයි තිබුනේ. කොහෙම හරි පහුගිය ඉරිදා ඉදං අපි අපේ LAN එකට 1MBps වේගයක් සම්භන්ධ කලා. ළමයි යූ ටියුබ් එකෙන් වීඩියෝ බලන ගමන් ගොඩක් දේවල් කිව්වා. ඒ වචන ගුරුවරයකුටම සතුට දනවන එව්ව. මෙතන ඉඩ නෑ. සමහරුන්ට හවස තිබුන පොලිටිකල් ක්ලාස් අමතක වෙලා තිබුනා.
මේ හැමදේම අපිට ලැබුනේ චානුක සර් නිසා. චානුක වත්තේගම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. අපේ ළමයින්ට නම් දෙවි කෙනෙක්. මොකද අද කව්රුත් කම්මැලි නැතුව වැඩ කරනවා ඉන්ටනෙට්. චානුක සර් ලංකාවේ තොරතුරු තාක්ෂණය ට කරලා තියෙන්නේ ලොකු සේවයක්. අපි සර්ට ණයයි.
ග්‍රාමීය තොරතුරු තාක්ෂණය නගා සිටුවන්න නම් ප්‍රතිපත්ති හද්දී මීට වඩා සැලකිලිමත් වය යුතුයි. මේ පාසල සතුව ආදීසිසුන්, දෙමාපියන් නෑ මේ වගේ දේවල් පාසලට දෙන්න. මංද මං ඇවිත් ඉන්න අවුරුදු හතර හමාරට තාම දැක්කේ නෑ. කරන්ට් බිල, අන්තර් ජාල බිල ගෙවන්න මේ අහිංසක ළමයි ලඟ සල්ලි නෑ. ඒ ආශ්‍රිතව සකස් කරන්න ක්‍රම වේදෙකුත් නෑ. මං එදා තීරණයක් ගත්තා අපි වැඩ කරමු අපට උදව් කරන්න අය ඉදියි කියලා. අද බටුවංගල මහා විද්‍යාලය අන්තර්ජාලයේ ඉන්න තැන බැලුවම රජයේ පාසලකට යා හැකි දුරු සීමාවන් ඇතුලේ උනත් අපි ඉන්න තැන ඔය ලොකු ලොකු ජාතක පාසල් නෑ. ආ මග කෙටියි. යා යුතු මඟ දුරයි. ඉතිං අපි යනවා. කෙම් බිම් බලා පොරොත්තුවෙන්.
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේව තාවුන් වැනි මිනිසුන් ඇත………
Posted in About, සේවා, My own comments, News, Smile
Tagged Aruna, Aruna chaminda, Aruna chaminda pushpakumara, Aruna Sir, අපි, අම්මා, අරුණ චමින්ද, අරුණ සර්, අවවාද, අවවාදයක්, ආකල්ප, ඉංග්‍රීසි, ඉගෙන ගැනීම, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජංගම දුරකථනය, ජපානය, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, පාඩම, පාඩම්, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සිංහල බ්ලොග්, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, Batuwangala evillage, Batuwangala Maha Vidyalaya, BMV, Evillage, Mother ஸ்ரீ ලංකා, Video Conference
3 Comments













සන්ධ්‍යාලගේ අලුත් ගෙදර වැඩ අපි පටන් ගත්තා
දැන් හැමොම දන්නවානේ කතාව. අපි අපේ සන්ධ්‍යට අලුත් ගෙයක් හදලා දෙන්න සයිබර් යාළුවෝ එකතු උනා. අද තමයි පලවෙනි දවස. අපි වැඩ පටන් ගත්තේ උදේම. උදේම ගිහිං ගේ හදන්න වෙලාවක් හදලා දෙන්න කියලා ජෝතීර්වේදියෙක් මුණ ගැහුනා. ඊට පස්සේ කොල්ලෝ ටිකක් හොයලා එක්ක එන්න ගොඩක් වෙලා ගියා. කොහොම හරි සල්ලි දෙනවා කිව්ව නිසා කට්ටිය හොයා ගන්න පුළුවන් උනා.
පස්සේදි හවස් වරුවේ අපේ 12 පංතියේ කොල්ලෝ ටික ආව. බ්ලොග් ගල් ටික ගෙනත් දැම්ම. අද දවසේ අපි කරපු වැඩ ටික මෙතනින් ගියාම බලන්න පුළුවන්. මූණුපොතේ ඉන්න අයට මෙතනින් ගියාම බලන්න පුළුවන්.
Share this: