පලමු වතාවට මේ ගැන ලියන්නේ. ලංකිවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්ඩ කරන්න පුළුවන් දේවල් අපි කරලා තියෙනවා. ඒවා කරද්දී අපි මුහුණ දුන්න දේ ඉතාම කටුකයි සහ වේදනාත්මකයි. නමුත් හැම කන්දක්ම නැග්ගම පල්ලම් නෑ. ලෝකාන්තය වගේ තැනුත් තිබෙනවා. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණයට කල දේ දහවෙනි දශම ස්ථානයට කිට්ටු දෙයක් වගේ මගේ හිතේ. ඒත් අපටත් තියෙනවා කතාවක්. ඒකතාව අපි ලිව්ව වාර අනන්තයි. නමුත් කවදාවත් ඇහුවේ නෑ කවුරුත් වගකීමක් දරන අය. ඒ දුක කොච්චරද කිව්වනම් අපි රොගලක්ෂණයි රෝගයියි දෙකම දැනගෙන බෙහෙතුත් දැනගෙන බොන්ඩ වරම් නැතුව හිටියාවගේ වැඩක්. මම මගේ ගුරු ජීවිතේ එක තැනකදී අර තරහා තරුණයා උනා. ඒ මගේ වැඩ මට අවශ්‍ය වේගෙන් සිදුඋනේ නැති කොට.
අපි එක එක වැඩසටහන් වලට ගියා. ප්‍රසන්ටේෂන් කලා. නමුත් සිද්ධඋන දෙයක් නෑ. අපේ අදහස ප්‍රධානීන්ට ගියේ තවත් කෙනෙක් හරහා. එහෙම නැත්තං කට්ටියක් හරහා. ඒ යද්දී අපි අර බිම් මට්ටමේ වින්ද දුක එඩිට් වෙලා තිබුනා. ඒ නිසා ගැටළු ගැටළු විදියටම තියෙද්දී ගැල ඉදිරියට ඇදුනා. තීරණ ගන්න අය තීරනය ගත්තේ අර වාහකයන් කියන දේ අනුව. අපේ මට්ටමට ඇවිත් අපිට කතා කරලා හරි අදහස ඔලුවට ගත්ත අය දැක්කේ අඩුවෙන්.
අද මං කලිං ලිව්ව ලිපි දෙකක් අයින් කලා. ඒ මේ නව අදහස් එක්ක ඉදිරියට යන්න. මගේ ICT ගමනේ මං දැක්ක රස්නේ ඇල්වතුර ටික එහෙමත් නැත්තං සොදුරු ආඥාදායකයා අපේ සිහි සටහන් ලියන චානුක වත්තේගම සර්ට කතා කරලා ICT සම්භන්ධ අත්දැකීම් කියන පුරුද්දක් තිබුනා. මං කතා නොකලත් මාසයකට හමාරකට සැරයක් කතා කරලා සර් අපි ගැන හෙව්වා. වැඩ කරන අපට ඒක අවශ්‍යයි මොකද විද්වතුගේ අදහස් නැතුව මේවා කොහාට යාතුද යන්න අපිට ගැටලු නිසා. පහුගිය දවස්වල අපි අහුඋන කුනාටුව ගැනත් සර්ට මං කිව්ව. ඒත් සර් කිව්වේ ඉවසන්න කියලා. ඒ ඉවසීමේ සැනසීම අපට 2012.04.19 දින දැනුනා.
අපේ ක්ෂේත්‍රෙය් තරුණ අයගේ හමුවක් එහෙමත් නැත්තං කතාබහකට ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්මා සමඟ පැවැත් උනා. චානුක සර්ගේ මැදිගත් වීමෙන් සහ ICTA ප්‍රධාන විධායක රෙශාන් දේවපුර මහතාගේත් සහභාගීත්වය වටිනා කම තවත් වැඩි උනා.
කොහොම හරි අපි ලලිත් වීරතුංග සර්ගේ පැමිණීමත් සමඟ වැඩේ පටන් ගත්තා. සර් අපිව තනි තනියෙන් අඳුරගෙන අත්දැකීම් කතා කලා. එතනදී අපේ සිදුවීම් ඒත් එක්කම දැනට තියෙන තත්වයන් ගැන සර්ව දැනුවත් කලා. විශේෂයෙන් ලංකාව තුල සිට පේපෑල් හරහා අපේ BPO කට්ටිය මූණ දෙන ප්‍රශ්න අපේ බුධාජීව මල්ලී පැහැදිලි කලා. ඒත් එක්කම අන්තර්ජාල සම්භන්ධතා ගැන සහ ඒවායේ දියුණු වියයුතු දේ අපේ මලින්ද මල්ලී විස්තරකලා. තවත් ගොඩක් අය හිටියා. ඒ අතරින් අපේ සඳරැ විශේෂයි. දන්නවනේ අපේ හිස් අහසේ කොම්පිටර් සර්. පුපුන් සූදාරක මල්ලී ඒ වගේම තවත් දක්ෂයෙක් හිටියා කුසපබා එකේ කොස්ටියුම් ඩිසයින් වලට සම්භන්ධ සහ මූණුපොතේ මාකටිං විෂය ගැන ගොඩක් කතා කරපු හා කල හැකි දේ පැහැදිලී කරපු. ඒත් එක්කම ලංකාවේ මහවිලච්චියේ ඉඳං ලොකේ ඒ වර්ගයේ එකම BPO එක කරන ඉසුරු මල්ලියාත් ඇවිත් හිටියා.
මේ පිරිස රටේ හැම තැනින්ම තෝරාගෙන තිබුනා. මාතරින්, අනුරාධපුරෙන්, කුරුණෑගලින්, අම්පාරෙන්, පොලොන්නරුවෙන්, ගාල්ලෙන් වගේ රටේ ගොඩක් පැති වල අය හිටියා. ඇත්තටම මං මෙතන හිටිය එකම පාසල් ගුරුවරයා වි දියට මගේ අදහස් දැක්වූවා. අපට උදේ හවස හම්බවෙන මිනිස්සු අපට වින කටින කොට මෙච්චර දුර ඉන්න අය අපි ගැන දරණ මතය සහ ඒ ගැන කරන අදහස් දැක්වීම කොච්චර නම් අපිව වැඩ කරන්ඩ දිරි ගන්නනනවද? ඒක හරිම සහනයක්. අපේ ජලවිදුලි බලාගාරය, ජපානය සමඟ කරපු වැඩ, බ්ලොග් අඩවි, වෙබ් අඩවි, ගැනත් මං කිව්වදේ ගැන පැහැදෙන්ඩ ඇතැයි මං හිතනවා. ඒත් එක්කම අර සතුටින් දිවි ගෙවන තැන එහෙමත් නැත්තං පාසල කියන එක ICT වලිං සවිබල කරද්දී අපේ අමල් අයියයා, ඒකනායක අයියා, වගේ ගුරුවරුන් සොයා ගෑනීම සහ ඒ අය හැමදාම ICT වැඩේ සිටිය යුතුයි විෂය අදාල නොවී කියන එකත් මං මට තේරෙන හැටියට කිව්වා.
කොහොම උනත් අපේ ලැබ් එක වසා දමා ඇති බවත්, අපේ ගමන නවතා ඇති බවත් අපි කිව්වේ නෑ. මොකද කිසිම කෙනෙක්ව අපහසුවට පත් කරන්ඩ අපිට අනවශ්‍ය නිසා. ඒත් එක්කම ගොඩක් දෙනෙක් මට කිව්ව අපි පාසලෙන් පිට පරිගණක විද්‍යාගාරයක් පටන් ගනිමු කියන අදහසත් එක්ක මං මේ දවස් ගෙවමින් ඉන්නවා. කොහොමින් කොහොම හරි වැදගත් වැඩක් නිමා කරලා අපි මෙහෙ ආපහු එන කොට රෑ දහයත් පහු වෙලා.
ඕකනේ ඒ දවස් වල අපි කොච්චරවත් කිව්වෙ… හොඳ වැඩ වලට බාධක අඩුයි! සුබ පැතුම්…!
මගෙත් සුබ පැතුම් ඔබට , …අළුත් අදහස නම් හරිම වටිනවා ….සහ කළ යුත්තේ එයයි ..“පාසලෙන් පිට පරිගණක විද්‍යාගාරයක් පටන් ගනිමු “ …එය සාර්ථක කර ගන්න , ඔබට ඉන් කළ හැකි දේ බොහොමයි ..මන්දයත් ඔබ දැනටමත් වටිනා දේ කර සහ ඊට සුබ අසුබ ප්‍රතිචාර ලබමින් “හොඳ අත්දැකීම්“ ලබා තිබීම ..ඔබේ නිර්මාණශීලිතවය නවතන්නට කාටවත් බැහැ , කළ හැක්කේ යම් තාවකාළීක බාධා පැනවීම පමණයි ..එතැනදි ජීවිතය දිනවන “සාර්ථක පසුබෑමේ“ උපක්‍රමත් අනුගමනය කරමින් ඉදිරියට එන්න …
Pingback: ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාවBudhajeewa's Blog | Budhajeew
Pingback: ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාවBudhajeewa's Blog | Budhajeew
අළුත් පාරක යන්න සුභ පැතුම් සර්!!!
අපි ගැනත් සඳහනක් දැම්මට ස්තූතියි ..!
Pingback: ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග තොරතුරු තාක්ෂණ භාවිතාව පිළිබඳව වූ සාකච්ඡාව | Budhajeewa's Blog
චානුක කියන්නේ අරුණ සර්ගේත් සර් නං, ඒ කියන්නේ චානුක (සර්)^2 ද?
එතකොට වීරතුංග කියන්නේ චානුක ගේ සර් නිහා චීරතුංග (සර්)^3 ද?
Pingback: Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals! | Malinda's Blog - මාලින්දගේ සටහන